සෙක්ස් කරන්න ඇඳට ගියහම අපි අපි ගැනම ලැජ්ජාවෙන් ඉන්න දේවල් කීපයක්

සාමාන්‍යයෙන් සෙක්ෂුවල් ඉන්සෙකියුරිටීස්, එහෙම නැතිනම් සෙක්ස් කරන්න ඇඳට ගියහම මිනිස්සු තමන් ගැනම ලැජ්ජාවෙන් ඉන්න, චකිතයෙන් ඉන්න කාරණා කියන්නේ දුර්ලභ දෙයක් නෙවෙයි. මිනිස්සු හැමෝටම වගේ තියෙන දෙයක්. හැබැයි ඉතින් මේ සෙක්ෂුවල් ඉන්සෙකියුරිටීස් නැතිනම් ලිංගිකත්වය හෝ ඊට අදාළ දේවල් සම්බන්ධයෙන් වෙන අනාරක්ෂිත හැඟීම් කියන්නේ ජීවිතේ අත් විඳින වෙනත් ඕනෑම අනාරක්ෂිත හැඟීමක් වගේ තමයි. නැති කර ගන්න පුළුවන්, හැබැයි නැති කර නොගත්තොත් ජීවිතේට ඒවෑයින් අනිටු බලපෑම් එල්ල වෙන්න තියෙන ඉඩ වැඩියි. ආන්න ඒ නිසා අපි හිතුවා මේ ගොඩක් දෙනෙක් දන්න සහ නොදන්න ලිංගිකත්වයත් එක්ක සම්බන්ධ වුණු මිනිස්සුන්ට තියෙන අනාරක්ෂිත හැඟීම්, කොටින්ම කියනවා නම් සෙක්ස් කරන්න ඇඳට යන්න ලැජ්ජ වෙන හෝ චකිතයෙන් ඉන්න කාරණා ගැන කතා කරන්න. ඒවා දැනගත්තට පස්සේ පුළුවන් මේවා අපි දුරස් කරගත යුතු කාරණාය, ලැජ්ජ වෙන්න ඕන දේවල් නෙවෙයිය කියන එක තේරුම් ගන්න.

 

1. හැමෝම දන්න කාරණා

සාමාන්‍යයෙන් පුරුෂ පක්ෂයේ සෙක්ස් සම්බන්ධයෙන් වෙන අනාරක්ෂිත හැඟීම් වල ප්‍රධානතම තැනක් ගන්නේ “සයිස් එක”. හැබැයි ඉතින් සමහර කාන්තා පාර්ශවයත් මේ පිරිමියාගේ සයිස් එක ගැන උනන්දු වුනත්, සෙක්ස් සම්බන්ධයෙන් විශේෂඥයෝ කියන්නේ, සාමාන්‍යයෙන් ලිංගික කර්තව්‍යය කරගන්න පුළුවන් සයිස් එකකින් තියෙනවා නම්, ඇත්තටම සයිස් එක ප්‍රශ්නයක් නෙවෙයි කියලා තමයි.

 

දැන් මේකම අනික් පැත්තට කාන්තාවන්ටත් තියෙනවා. ඒ තමන්ගේ අඟ පසඟ වල සයිස් එක ගැන. එක්කෝ තමන්ගේ පියයුරු පොඩි වැඩියි කියලා සමහර කාන්තාවෝ කණස්සලු වෙනවා. එහෙම නැතිනම් පියයුරු ලොකු වැඩියි කියලා කණස්සලු වෙනවා. එතකොට තමන්ගේ පශ්චාත් භාගය ගැනත් ඒ විදියටම ලොකු පොඩි කම් හිතලා කණස්සලු වෙනවා.

 

ඉතින් මේ දේවල් ඇත්තටම ප්‍රශ්න නෙවෙයි. මිනිහෙක් කියනවා නම් ඔයාගේ බූබ්ස් මදි කියලා, ඒ මිනිහට වෙන අතක් බලාගන්න කියන්න ගෑණියෙක්ට පුළුවන් වෙන්න ඕන. ගෑණියෙක් කියනවා නම් ඔයාගේ පෙනිස් එක සයිස් මදි කියලා, මේක තමයි පැකේජ් එකට ආවේ, ඉට්ස් ඕකේ බේබි, දැං පලයං කියන්න මිනිහෙක්ට පුළුවන් වෙන්න ඕන. කතාව එච්චරයි.

 

2. ස්මෙලි කැට් ස්මෙලි කැට්!

ස්මෙලි කැට් කියන්නේ අර ෆ්‍රෙන්ඩ්ස් එකේ ෆීබි කියන ප්‍රසිද්ධ සිංදුවනේ. හැබැයි මේ ඉන්සෙකියුරිටි එක වෙන්නේ තමන්ගේ යූනික ප්‍රදේශයෙන් නැතිනම් ලිංගේන්ද්‍රියන් වලින් මොන වගේ ගන්ධයක්ද එන්නේ කියන අවුල. හරි, අපි දන්නවා සෙක්ස් කරන්න යනකොට සෑමවිටම වගේ ප්‍රධානතම කොන්දේසියක් තමයි පිරිසිදුකම කියන එක. ඔය පිරිසිදුකම කියන කාරණාව හරියට තියාගන්නවා නම්, එතනින් එහාට තමන්ගේ ලිංගේන්ද්‍රියෙන් එන්නේ මොන වගේ ගන්ධයක්ද, ලිංගේන්ද්‍රියෙන් එන්නේ මොන වගේ රසයක්ද කියන එක ගැන වොරි වෙන්න අවශ්‍ය නෑ. පිරිසිදුකමෙන් ඉන්නකොටත් මොකක් හරි අසාමාන්‍ය ගන්ධයක් එනවා කියලා පාට්නර් කියනවා නම්, පොඩ්ඩක් වෛද්‍යවරයෙක් මුණගැහිලා බලලා, එතන තියෙන ගැටළුවක් නිරාකරණය කරගන්න පුළුවන්. එතනින් මෙහාට නම් ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනැම නෑ.

 

3. එක්කෝ පරක්කුයි, එක්කෝ වේලාසන වැඩියි!

ගොඩක් දෙනෙක් හිතන්නේ මේක ඇත්‍තටම පුරුෂ පාර්ශවයට විතරක් බලපාන ප්‍රශ්නයක් කියලා. ඒ කියන්නේ ක්ෂණික මෝචනය හෝ ප්‍රමාද මෝචනය. ක්ෂණික මෝචනයෙදී පිරිමියාට ඉක්මනට ශුක්‍ර ධාතු පිටවෙන්න පුළුවන්. එතකොට පාට්නර්ගේ සුරතාන්තය හිතලවත් නැති වෙන්න පුළුවන්. එතකොට යම් කිසි ආකාරයක ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා තමයි, එතකොට ප්‍රමාද මෝචනය කියන්නෙත් ඒ වගේ ප්‍රශ්නයක් නිර්මාණය කරන දෙයක්. ඒ නිසාම ගොඩක් පිරිමි මේ දෙකෙන් එකක් සිද්ධ වුනොත්, ඊට පස්සේ ලිංගික එක්වීමකට ඇඳට නගින එක ගැන බොහොම අනාරක්ෂිත හැඟීමක් හිත ඇතුළේ නිර්මාණය කරගන්නවා. හැබැයි ඇත්ත කතාව මේකයි. මේ කරුණු දෙකම ස්වභාවික වෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් දෙකෙන්ම ප්‍රශ්නයක් නිර්මාණය නොවී ලිංගික කර්තව්‍යය හොඳින් කරගන්න ක්‍රම සහ විධි තියෙනවා. හරියන්නෙම නැතිනම් වෛද්‍ය උපදෙස් ලබාගන්නත් පුළුවන්.

සාමාන්‍යයෙන් කාන්තාවකට ඉක්මන් සුරතාන්තය ආවා කියලා ප්‍රශ්නයක් ඇති කරගන්න අවස්ථා බොහොම අඩුයි. ඒත් කාන්තාවකට සුරතාන්තය ප්‍රමාදයි කියන එක ගැන කාන්තාවක් අනවශ්‍ය අනාරක්ෂිත හැඟීමක් ඇති කරගන්න අවස්ථා බොහොමයි. එතනදීත් දෙන්න තියෙන්නේ උඩ උපදෙසම තමයි. ක්‍රම සහ විධි තියෙනවා. නැතිනම් වෛද්‍ය උපදෙස් තියෙනවා.

 

4. සද්දේ!

මේ කියන්නේ ලිංගිකව එක් වෙනකොට ලිංගික ප්‍රමෝදය නිසා එක් එක් පුද්ගලයා නිකුත් කරන ශබ්ද ගැන. ඔව්, ඒවා නිසාත් අනාරක්ෂිත හැඟීම් ඇතිකරගන්න අය ඉන්නවා. හැබැයි මේක වෙන්නේ මෙහෙමයි. දැන් ඔන්න අපි කියමු කාන්තාවක් ඉන්නවා, ලිංගික එක් වීමේදී සෑහෙන්න සද්දෙන් කෙඳිරි ගාන. එතකොට එයාගේ පාට්නර් කියන්න පුළුවන් සද්දේ වැඩියි කියලා. අන්න එතකොට එතනින් එහාට කාන්තාවගේ හිතේ නිර්මාණය වෙන්නේ තමන්ගේ ලිංගික එක්වීම ගැන, ලිංගික එක් වීමේදී තමන්ගේ කටින් පිටවෙන ශබ්දය ගැන අනාරක්ෂිත හැඟීමක්. සමහර වෙලාවට ඒක හිතලම පාලනය කරන්න ගිහිල්ලා අන්තිමට ලිංගික කර්තව්‍යය කරගන්නත් බැරි වෙනවා. මෙතනදී තේරුම් ගන්න ඕන, ලිංගික එක්වීමකදී තමන්ගේ ප්‍රහර්ෂය දක්වන්න හඬ පිට කිරීම හෝ පිට නොකිරීම හෝ ස්වභාවිකයි කියන එක. ප්‍රායෝගිකව සමහර විට යම් යම් දේවල් වලින් පෞද්ගලිකත්වය රැක ගන්න වෙයි. හැබැයි මේක ලැජ්ජාවට කාරණයක් කියලා නොහිතන එකයි වැදගත්.

 

සද්ද කිව්වහම විශේෂයෙන්ම කාන්තාවෝ ලැජ්ජ වෙන්න පුළුවන්, සෙක්ස් කරනකොට තමන්ගේ ලිංගේන්ද්‍රියන්ගෙන් එහෙම එන සද්ද බද්ද වලටත්. ඒවා ගැනත් අනාරක්ෂිත වෙන්න ඕන නෑ. සෙක්ස් කරනකොට ඔය ඕන එකක් ඔට්ටුයි!

 

5. ඇඟේ හැටි!

ඇත්තටම ඉතින් අපි ගොඩක් දෙනෙක් ජෝන් ඒබ්‍රහම් වගේ වත්, කත්‍රිනා කායිෆ් වගේ වත් ඇඟවල් තියෙන අය නෙවෙයි. සමහරු ඉන්නවා බොහොම ලස්සන ඇඟවල් තියෙන. හැබැයි ඉතින් කොහොම ඇඟක් වුණත් අපිට ආදරය කිරීමේදී පිළිගන්න බැරිකමක් නැහැනේ. එතකොට සෙක්ස් කරන්න ගියහමත් ඒ වැඩේ දෙන්නම තෘප්තිමත් වෙන විදියට කරගන්න හැකියාව තියෙනවා නම් ඇඟේ හැඩේ හෝ සයිස් එක ප්‍රශ්නයක් වෙන්න ඕන නෑ.

හැබැයි ඉතින් ඇත්ත කතාව තමයි, මේකත් ගොඩක් දෙනෙක් සෙක්ස් කරන්න ලැජ්ජ වෙන, බය වෙන අනාරක්ෂිත හැඟීමක්ය කියන එක. හැබැයි මේ කාරණාව පදනම් වෙන්නේත් දෙන්නා මත තමයි. දෙන්නට දෙන්නා තමන්ගේ නිරුවත් ශරීර සම්බන්ධයෙන් සුවපහසුවෙන් හිතනවා නම්, මේ අනාරක්ෂිත හැඟීම නැතිකරගන්න පුළුවන්.

 

6. ඊයා, එහෙම එව්වත් කරනවද?

මේක නම් ඇත්තටම නොදැනුවත් කමත් එක්ක වෙන්න පුළුවන් දේවල්. ඔන්න දැන් එක් එක් පුද්ගලයෝ ගත්තහම, ලිංගික කාර්යයේදී ආස කරන දේවල් වෙනස් වෙන්න පුළුවන්. සමහරුන්ට වෙනස් වෙනස් ෆැන්ටසි තියෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් දෙන්නටම පොදු නොවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, එක්කෙනෙක් ආසයි ගුද සංසර්ගයට. හැබැයි ඒකට පාට්නර් අකමැති වෙයි කියලා හිතලා හෝ, අකමැත්ත පෙන්නලා තියෙන නිසා, ඒක කියන්න අප්සට්. එතකොට තමන් ඒ වගේ දේකට ආස වීමම අප්සට් දෙයක් කියලා හිතලා, ලිංගිකව අනාරක්ෂිත හැඟීම් ඇතිකරගන්න පුළුවන්.

හැබැයි ඇත්ත කතන්දරේ මේකයි. එක් එක්කෙනාගේ ආසාවල්, ෆැන්ටසීස් විවිධාකාරයි. මේ එක දෙයක්වත් හොඳයි නරකයි කියලා නෑ. දෙන්නට දෙන්නා හොඳ සන්නිවේදනයකින් තමන් කැමති අකමැති දේවල් ගැන එකඟතාවයකට ආවා නම්, එතනින් එහාට මේවා ගැන අනාරක්ෂිත හැඟීම් ඇතිකරගන්න අවශ්‍යත් නෑ.

 

7. සෙක්ස් හොඳයිද?

මෙන්න මේක ඇත්තටම සමහර වෙලාවට උඩ කියන ඔක්කොම කාරණාවන්ගේ, නැතිනම් උඩ කියන සමහර කාරණාවන්ගේ එකතුවක්. ඒ තමයි තමන් සෙක්ස් වලදී හොඳයිද කියන කාරණාව. මේ ගැන සමහරුන්ට අනාරක්ෂිත හැඟීම් ඇතිවෙන්නේ එක්කෝ තමන්ගේ පාට්නර්ට සුරතාන්තයක් ලබාදෙන්න බැරි වීම නිසා. සමහර වෙලාවට පාට්නර් කියන කතන්දර නිසාත් එහෙම වෙන්න පුළුවන්. ඒ නිසාම, තමන් සෙක්ස් වලදී හොඳ නෑ කියලා, එහෙම නැතිනම් තමන් ඇඳේදී හොඳ නෑ කියලා ලැජ්ජාවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම සෙක්ස් කිරීම ගැන චකිතයක් ඇතිවෙන්න පුළුවන්. මෙතනදී තේරුම් ගන්න ඕන කාරණාව සරලයි. සුරතාන්තය කියන්නේ අනිවාර්යයෙන්ම සෑම ලිංගික එක්වීමකදීම ලැබිය යුතුයි කියන දෙයක් නෙවෙයි. ඒක වෙනස් වෙන්න පුළුවන්. ප්‍රැක්ටිස් එකත් එක්ක දෙන්නටම සුරතාන්තයක් ලබාගන්න හැටි ඉගෙන ගන්න පුළුවන්. ආන්න ඒ නිසා, ඒක ඉන්සෙකියුරිටි එකක් කරගන්න නරකයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *