ලෝකය වෙනස් කළ කාන්තා​වෝ

අද වෙනකොට තත්ත්ව​ය වෙනස් වෙලා තිබ්බත් අතීතයේදී ඉතිහාසය ලියා තැබීමේ වගකීම වැඩි වශයෙන් භාර ගත්තේ පිරිමි විසින්. මේ නිසාම ඉතිහාසය තුළ කාන්තාවන්ට හිමි තැන පිළිබඳව සෑහීමකට පත් වෙන්න බැහැ. කාලයේ වෙනසත් සමග මෙම තත්ත්ව​ය යම්තාක් දුරකට වෙනස් වුණත් තවමත් සීයට සීයක වෙනසක් වෙලා කියලා හිතන්න බැහැ. අපි කිව්වේ මොකක්ද කියලා ඔබට මේ ලිපිය කියවද්දී ඔබට තේරෙයි. මොකද මෙහි සඳහන් වෙන කාන්තාවන් ගැන ඔබ දන්නේ නැහැයි කියන එක අපිට විශ්වාසයි. ඔබ අහලා නැති වුණාට මේ අය ලෝකය වෙනස් කරන්න දායක වුණු කාන්තාවන්.

 

 

1. මේරි ස්ටෝප්ස්  (Marie Stopes) 

එවකට දරුවන් හැදීමේ මැෂින් බවට පත් කරගෙන තිබූ කාන්තාවන්ට සහ බ්රිතාන් සමාජයට උපත් පාලනයේ ඇති වැදගත්කම පිළිබඳව පළමු වරට ප්රසිද්ධියේ අදහස් පළ කිරීමට මේරි ස්ටෝප්ස් කටයුතු කළා. විශේෂයෙන්ම කම්කරු පන්තියට අදාළ අධ්යාපනය සහ උපත් පාලනයට අවශ් විවිධ ක්රම  පිළිබඳව දැනුවත් කිරීම ඇය සිදු කළා. ඇගේ මෙම මැදිහත්වීම හරහා කාන්තාවන්ට පමණක් නොව සමස්ත ලෝකයේ ජනතාවටම සුවිශේෂී සේවයක් වූ බව සඳහන් කරන්න පුළුවන්.

 

2. කැතරීන් ග්රැහැම් (Katharine Graham)

ඇමරිකා එක්සත් ජනපදයේ  ජනාධිපතිවරයෙකුට ධූරය හැර යෑමට පසුබිම සකස් කළ කාන්තාවක් විදිහට   කැතරීන් ග්රැහැම්ගේ නම ඉතිහාසගත වනවා. වෝටර්ගේට් සිද්ධියට අදාළ තොරතුරු පුවත්පතක පළ කිරීමට කටයුතු කිරීම මගින්සුප්රකට “Washington Post” පුවත්පතේ ප්රධාන කතුවරිය ලෙස ඇය දශක තුනකට ආසන්න කාලයක් කටයුතු කළ අතර සමස්ත ඇමරිකා එක්සත් ජනපදයේ ප්රධාන පුවත්පතක ප්රධාන  කතුවරිය බවට පත්වූ දෙවන කාන්තාව වන්නේ ඇයයි. ඇය නිසා ජනමාධ්ය ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ගේ දායකත්වය ශීඝ්රයෙන් ඉහළ ගිය අතර කාන්තාවන්ට ක්ෂේත්රය තුළ ලැබෙමින් තිබූ අඩු සැළකිලි පහව ගියා.

 

3. රොසලින් ෆ්රැන්ක්ලින් (Rosalind Franklin)

ඩී එන් ඒ (DNA) ව්යුහය සොයාගැනීම පිළිබඳව විද්‍යාඥයන් තිදෙනෙකුට නොබෙල් ත්යාගය ලැබුණු බව අප දන්නවා. නමුත් අපි නොදන්න කතාව තමයි ඔවුන්ගේ එම සොයා ගැනීමට අදාළ පසුබිම සකස් කර තිබුණේ කාන්තාවක් බව. අවාසනාවකට එම ප්රතිඵල සමාජගත වීමට පෙර ඇය මියගියා. මේ නිසා ඇගේ මරණයෙන් පසුව බොහෝ සංවිධාන ඇයට විවිධ ගෞරව පිරිනමනු ලැබුවා. නමුත් නොබෙල් කමිටුවේ තිබෙන නීති රීති නිසා මියගිය අයට නොබෙල් ත්යාග පිරිනැමීමේ ඉඩකඩ ඇහිරුණා.

 

4. මරී වෑන් බ්රිටන් බ්රවුන්  (Marie Van Brittan Brown)

ලෝකයේ පළමු  සීසීටීවී රූපවාහිනී පද්ධතිය නිර්මාණය ක​ළේ කාන්තාවක් විසින් බ​ව ඔබ දැන සිටියා ? මෙම ප්රකාශය ඇතැම්විට ඔබට සිනාවක් ගෙන දුන්නත් අපරාධ මර්දනය කිරීමට සීසීටීවී දක්වන දායකත්වය පිළිබඳව අමුතුවෙන් විශේෂ හැඳින්වීමක් කළ යුතු නැහැ කියලා අපි හිතනවා. එවකට නිව්යෝර්ක් නගරයේ අපරාධ බහුල වීම නිසා තම පවුලේ ආරක්ෂාව උදෙසා ඇය විසින් මෙම පද්ධතිය නිර්මාණය කොට තිබෙනවා.

 

5. ජුන්කෝ ටබෙයි (Junko Tabei)

එවරස්ට් කන්ද මුදුනට පිවිසුණු පළමු කාන්තාව වීමේ වාර්තාව පමණක් නොව ලෝකයේ මහද්වීප හතේම උසම ගිරි ශිඛර 7 නැගී පළමු කාන්තාව වීමේ වාර්තාවද ඇය විසින් හිමිකර ගනු ලැබුවා. ශරීර ශක්තිය දරා ගැනීම අතින් ගැහැණිය කිසිදිනෙක පිරිමියෙකු හට දෙවැනි නොවන බව ඇය විසින් ඔප්පු කරනු ලැබුවා. එසේම තම ඉලක්ක ඉදිරියේ අනෙකුත් බාධා  බිඳ දැමීමට හැකියාව ගැහැණිය සතු විය යුතු බවත් ඇය ලොවට ප්රකාශ කළා. එසේම ගිරි ශිඛර වල කසළ කළමනාකරණය පිළිබඳවද ඇය සිය හඬ අවදි කළා.

 

6. වන්ගාරි මතායි (Wangari Maathai)

වන්ගාරි මතායි පරිසරය පිළිබඳව හඬ නැගීම ආරම්භ කළේ කෙන්යාවෙන්. විශේෂයෙන්ම greenbelt ව්යාපාරය හරහා කෙන්යාවේ වනාන්තර ආරක්ෂා කර ගැනීමට සාධනීය මෙහෙවරක් ඇය විසින් සිදු කළා. පසු කලෙක ඇය දේශපාලනයට සම්බන්ධ වුණත් ඇය තම  ප්රධාන අරමුණ කිසිවිටෙකත් අමතක කළේ නැහැ. ඇගේ ආදර්ශයෙන් පන්නරය ලැබූ ස්වෙච්ඡා සංවිධාන ගණනාවක් විවිධ රටවල පරිසරය ආරක්ෂා කර ගැනීමට අදටත් මෙහෙයුම් වල නිරත වනවා. 

 

7. Katia Krafft (කාටියා ක්රාෆ්ට්)

ඇයගේ නම අමරණීයත්වයට පත් වෙන්නේ ගිනිකඳු පිපිරීම් ආශ්රිතව ඇය සිදු කරනු ලැබූ පර්යේෂණ නිසයි. තම ජීවිතය පවා අනතුරේ හෙලා ගනිමින් ඇය සහ ඇගේ සැමියා දිගින් දිගටම ගිනිකඳු පිපිරීම් නිරීක්ෂණය කර පිළිබඳව වාර්තා සකස් කිරීම සිදුකළා. ඇය විසින් එක්රැස් කරනු ලැබූ පර්යේෂණ දත්ත සහ ඇගේ නිරීක්ෂණ මත පදනම්ව ගිනිකඳු පිපිරීමකදී පිරිස් ඉවත් කිරීම සඳහා වන සැලසුම් සකස් කිරීම ඉතාම පහසු කටයුත්තක් බවට පත් වුණා. ඇය සහ ඇගේ සැමියා මිය ගියේ ගිනි කඳු විදාරණයක ප්රතිඵලයක් ලෙසයි

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *