ඉස්කෝලේ පන්තියේ හිටපු ගෑනු ළමයි වර්ග 7ක්

ඉස්කෝලේ කාලෙට අපි ඔය තරම් ම කැමති වෙන්න හේතුව ඒ කාලෙ අපිට හම්බ වුණ යාළුවෝ, එයාලා එක්ක හදාගත්තු මතක සහ විහිළු තහළු කියන දේවල්. හැම පන්තියක් ම ගත්තොත් තනිකර ම විවිධත්වයෙන් පිරුණු ෆෘට් සැලඩ් එකක් වගේ. සමහරු අන්නාසි වගේ. සමහරු අඹ කෑලි වගෙ. තව ඉන්නවා අයිස්ක්‍රීම් වගේ කට්ටියත්. ඕක සෑහෙන දුරට දකින්න පුළුවන්කම ලැබුණේ ආදරණීය ගෑල්ලමයින්ගේ පැත්තෙන්. ඒ මෙහෙමයි.



1. මීටරී


හැම පන්තියක ම හැම ගුරුවරයෙක්ගේ ම හිත දිනාගත්තු මීටරියක් හිටියා. මීටරි උදෙන් ම ඉස්කෝලෙට එනවා. ඒ ආපු වෙලේ ඉඳන් නිකමට වගේ පොතක් අතේ තිබුණා. ගාථා කියන්නෙත් පොත දිහා බලාගෙන. ලොකු ලයින් නම් නෑ හැබැයි. දෙයක් අහ​ගන්න වුණත් හිටියේ ඔච්චරයි. ලොස් නැතුව කියා දෙනවා. අනික් උන්ට තේරෙන නොතේරෙන එක උන්ගේ වැඩක්. බලාපොරොත්තු වෙච්චි ලකුණට වඩා අඩු ලකුණක් ලැබුණම හරියට දුක හිතෙනවා. හැබැයි පන්තියේ එක ම තමයි කොහොම ලකුණු අඩු වුණත්.


2. විලාසිතා


විලාසිතාට විලාසිතා කිරීමේ උණ ආවේ පොඩි කාලෙමයි. ඇහි බැමි උගුල්ලන් එන්නේ. ගවුම ඉතින් දණහිසට වඩා ෂේප් එකේ උඩට වෙන්න සහ ගවුමේ ඉන ඇත්ත ඉනට වඩා සෑහෙන්න පහළට වෙන්නයි ඇන්දේ. ටීචර්ලා සැප සේ කටේ හිරි ඇරගන්නවා විලාසිතා ව දැක්කම. නියපොතු බලන දවසට විලාසිතාගේ පටි බලන් ඉද්දී රෝල් වෙනවා. අනික් ළමයින්ටත් බියුටි ටිප්ස් දෙනවා. හරි හොඳයි ඉතින්.



3. කොල්ලා

ඔව්. කොල්ලා. ඇවතුම් පැවතුම් ඔක්කෝ ම හරියන්නේ සමාජය විසින් පිළිගන්න කෙලිකම කියලා කියන එකට වඩා කොලුකම කියන එකට. බොක්ක හොඳයි උපරිමේට. මිනිස්සු ආශ්‍රය කරනකොට ගෑනු පිරිමි භේද නෑ. බහුතරයක් ගෑල්ලමයින්ගේ තියෙන ඩ්‍රාමා සහ මායම් නැති නිසා කොල්ලොත් බඩේ තියෙන ​බත් ටික හරි උන්දැට දෙන්න ලෑස්ති පිට ඉන්නේ. වැඩේ කියන්නේ ඉතින් මෙයාටත් සමහර ගෑල්ලමයින්ගේ නරිනාඩගම් පෙන්වන්න බෑ. කාටත් වඩා හොඳ මෙයා තමයි.



4. මල්කුමාරි


මලෙන් තොර ජීවයක් නැති මල්කුමාරිව ටීචර්ලා දැක්කේ ඇටෙන් පොත්තෙන් එද්දී ම ලව් කරන ජීවියෙක් හැටියට. සැන්ට් පවුඩර් හලාගෙන, නාගෙන බැරි නම් බීගෙන තමයි ඉස්කෝලේට එන්නේ. වැඩි හරියක් හිටියේ ගස් යට, කැන්ටිම පිටිපස්සේ වගේ තැන්වල මල්කුමාරයෙක් එක්ක. වෙලාවකට ඩෙස්ක් එකට ඔලුව ගහගෙන අඬන සීන් එකකුත් යනවා. ඒක සනසන්නත් පිරිවරක් ඉන්නවා. දැන් නම් අම්මලා කාට හරි බන්දලා දීලා ඇත්තේ.



5. බතලි


බතලි නැති පන්තියක් කිසිදාක පන්තියක් වෙන්නෙ නැහැ. ශරීර ප්‍රමාණයෙන් අනෙක් කෝටු කෑලිවලට වඩා සයිස් වුණ නිසා බතලි කියලා ආදරෙන් කිව්වා මිසක් කාගෙවත් හිතේ අහිතක් කියලා නාමයක් නෑ. බතලිත් කැමති තමාට ඒක කියනවට. හැබැයි ඉතින් කොල්ලෝ බතලි කියලා දුවනකොට නාලාගිරි රා බීලා ආවා පරාදයි.

 

6. ගොට්ටි


ටීචර් කෙනෙක්ට දරුවෙක් මල්ලෙක් ඉස්කෝලෙට ගේන්න බෑ ගොට්ටි කර උඩ තියන් ඉන්නේ. මල වදේ ඒ පොඩි එකාට. උගේ කම්මුල් මිරිකනවා ඉස්ම බහිනකන්. ටීචර්ගේ සාරිය පොට අස්සේ බල්ටි ගහනවා. පණ දෙන්න එවරෙඩි ඉතින්. හිමීට එහෙන් මෙහෙන් කතා මාරු කරලා ගින්නක් දෙකක් දෙනවා. එක අතකට මේ වර්ගේ නැත්තම් මේ ලිස්ට් එකටත් අඩුවක් වෙනවනේ.


7. ජෝකරී


මුන්දැ ගාව ඉද්දි හොටු පනිනකන් හිනා වෙත හැකි. ගොන් නැති පිරිසිදු ජෝක් සපයපු ජෝකරී ජාතික වස්තුවක් වෙන්න ඕනි ඩයල් එකක්. වෙලාවකට මූණ දැක්කත් හිනා යනවා. ලේ පිරිසිදු කිරීම උපරිමයි. කොල්ලෝ වුණත් කටගහන් එන්න කලින් දෙපාරක් හිතනවා නෝන්ඩි කාලා රෙදි ඔලුවෙන් ගලවගෙන එන්න වෙයි ද කියලා. විහිළුවලටත් වඩා හිනාව තමයි මරු.

ඔයා අයිති මොන කාණ්ඩේට ද? එතකොට යාළුවා? එයා ගැනත් කියන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *