මේක හුඟක් දෙනෙකුට ඇතිවෙන ප්‍රශ්නයක්. හැබැයි කතා කරන්න, කෙනෙකුගෙන් අහල දැනගන්න තියෙන ලැජ්ජාව නිසාම හිතේම තියාගෙන ඉන්න කාරණාවක්. ඇත්තටම දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් ලිංගික ක්‍රියාවකට යොමුවෙන්න, යොමුකරවාගන්න හොඳයිද කියන කුතුහලය නොදන්න ඕනම කෙනෙකුගෙ හිතේ ඇතිවෙන එක සාධාරණයි. මොකද අපි වැඩිදුර නොහිතා කරන ඕනම දේකින් ලැබෙන්න ඉන්න දරුවට අනතුරක් වෙන්න පුළුවන්ද කියන බය ඇතිවෙනවනේ. ඉතින් අපි කතා කරමු මේ ගර්භණී කාලයේදි ලිංගික කටයුතු වල නිරත වෙන එක ගැන, ඒ ගැන තියෙන මිත්‍යා මත ගැන එහෙම.
1. Pregnant කාලේ Sex වලට ඇති කැමැත්ත
වැඩිපුරම වැදගත්, මූලිකම කාරණාව මේකයි. කොයි කාලෙත් sex කරන්න දෙන්නම කැමති වෙන්න ඕන තමයි. නැත්තම් ඉතින් ඒක බලහත්කාරකමක් වෙනවනෙ. හැබැයි ඉතින් මේ ප්‍රෙග්නන්ට් කාලෙදි මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. ගැහැණු කෙනාට අපහසුවක්, බබාට අනතුරක් වෙයි කියල බය නිසා සමහර පිරිමි අය මේ වැඩේට ටිකක් පසුබහින්න පුළුවන්. හැබැයි කරුණු පැහැදිලි කරලා දීල ඒ ගැටළුවනම් විසඳගන්න පුළුවන්. හැබැයි ගැහැණු කෙනාට, ඒ කිව්වේ මේ දරුවා ලැබෙන්න ඉන්න අම්මට ඔය කාලෙට කොන්දෙ අමාරු, කකුල් කැක්කුම් වගේ ඇඟේ එක එක අපහසුතා තියෙන්න පුළුවන්. ඒ වගේම හෝර්මෝන ක්‍රියාකාරීත්වය නිසා නිතර නිතර මූඩ් වෙනස් වෙන්න පුළුවන්. ඔය කිසිම හේතුවක් නැතත් sex එපාවෙන්නත් පුළුවන්. ඉතින් මානුෂීයව හිතල බලල, දෙන්නම සාකච්ඡා කරල දෙන්නම කැමතිනම් තමයි මේ වැඩේට මුල පුරන්න ඕන. අන්න එහෙම දෙන්නම කැමතිනම් තමයි මෙතනින් එහාට කියවන්නත් ඕනෙ ඔන්න.
2. ගර්භණී කාලේ Sex කළාට කමක් නැද්ද?
ඔන්න ප්‍රධානම ප්‍රශ්නෙ. ගර්භණී කාලෙ sex කළාට කමක් නැද්ද? සරලම උත්තරේ කමක් නැහැ කියන එකයි. ගර්භණී කාලෙදිත් අනිත් හැම කාලෙදි වගේම sex කියන්නෙ හරිම ස්වභාවික සංසිද්ධියක්. Sex කිව්වම ඉතින් ලොකු මාතෘකාවක්නෙ. යුවළක් අතරෙ සාමන්‍ය ලිංගික කාර්යයකදී සිද්ධවෙන ඕනම දෙයක්, ඒ කිව්වේ සංසර්ගය උනත් කිසිම විදිහකින් හානිදායක වෙන්නෙ නැහැ. බබා ලැබෙන්න කිට්ටුම අවසාන සති කිහිපය හැරුනම අනෙක් මුළු කාලසිමාවේම sex කියන්නේ බබාට කොහොමටත්ම ගැටළුවක් නෙමෙයි.
හැබැයි ඔන්න මෙතනට වෙනකම් කියවල “හරි එහෙනම්” කියල වැඩේට බහින්න බැහැ. මෙතැනදී දැනගන්න ඕන තවත් කාරණා කිහිපයක්ම තියෙනවා. ඒ ඔක්කොමත් කියවලම ඉමු.
3. Miscarriage වෙන්න පුළුවන්ද?
Sex නිසා මේ miscarriage, ඒ කියන්නෙ ගබ්සාවීම් වෙන්නෙ නැහැ. ගබ්සාවීම් කියල කියන්නෙ මොකක් හෝ හේතුවකට කළලය හරියට වර්ධනය නොවීම නිසා සිද්ධ වෙන දෙයක්. ඒ කාරණාවට sex කියන දේ එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ගර්භාෂය ඇතුලෙ ඉන්න බබා උදරයේ සහ ගර්භාෂයේ බිත්තිවලින් ආරක්ෂාව ලබනව වගේම බබාගෙ වටේට අපි water bag එක කියලා හඳුන්වන amniotic fluid කියන තරලය තියෙන නිසා බබා කොහොමත් ආරක්ෂිතයි. ඒ වගේම ලිංගික කාර්යය අතරතුරේ නිකුත් වෙන හෝර්මෝන වල බලපෑම නිසා කිසිම විදිහකින් කලින් බබා ලැබෙන්න පුළුවන් කමක් නැහැ. ඒවා ඔක්කොම මිත්‍යා මත විතරමයි.
4. අවදානම් තත්ත්ව
හැබැයි මේ ගර්භණී කාලෙදි sex කරන්න හොඳ නැති, එහෙම එපා කියල වෛද්‍යවරු විශේෂයෙන්ම උපදෙස් දෙන අවස්ථා කිහිපයක් තියෙනව.
- ගබ්සාවීමේ අවදානමක් ඇති හෝ පෙර ගබ්සාවීමකට ලක්වුණ අයෙකුට.
- නියමිත කාලයට පෙර දරුවා ලැබීමේ අවදානමක් ඇති, සති 37ට පෙර ගර්භාශයේ සංකෝචන ඇතිවුන අයෙකුට.
- නිශ්චිත හේතුවක් නොමැතිව යෝනි මාර්ගයෙන් රුධිරය පිටවෙන ගැටළුවක් ඇතිනම්.
- Water Bag එකෙන් ගර්භාෂයික තරලය (amniotic fluid) කාන්දු වෙන අවස්ථාවක.
- ගැබ්ගෙල කලින් විවෘත වුණු අවස්ථාවක.
- වැදෑමහ පහලින් පිහිටා තිබීම නිසා ගැබ්ගෙල ආවරණය වී ඇති අවස්ථාවක.
- නිවුන් දරුවන් ලැබීමට ඇති අවස්ථාවක.
5. ගර්භණී කාලේ Sex කරන එකේ වාසි
හුඟක් අය බය නිසාම නොකර හිටියට මේ ගර්භණී කාලෙදි sex කරන එකෙන් ලැබෙන වාසිත් ගොඩක් තියෙනව.
- දෙදෙනා අතර සම්බන්ධය ශක්තිමත් වෙනව. දෙන්නම ටිකක් බයෙන් කුතුහලයෙන් ඉන්න කාලසීමාවක් නිසා පොඩ්ඩක් සම්බන්ධතාවය refresh කරගන්න හොඳම විදිහක් තමයි මේක.
- මේ කාලෙදි ශරීරයේ හෝර්මෝන ක්‍රියාකාරීත්වය, රුධිර සංසරණය ඉහළ නිසා කලින්ටත් වඩා හොඳ වින්දනයක් sex වලින් ලබාගන්න පුළුවන් කාන්තාවගේ පැත්තෙන් ගත්තොත්.
- අනවශ්‍ය කැලරි දහනය කියන්නෙ sex වලින් කවදත් ලැබෙන ලොකු ප්‍රයෝජනයක්. ඉතින් ප්‍රෙග්නන්ට් කාලෙට වෙනත් ව්‍යායාම එහෙම කෙරෙනවා හුඟක් අඩු නිසා ඒක තවත් වැදගත්.
- ලිංගික ක්‍රියාවලියෙදී නිකුත් වෙන endorphins කියන හෝර්මෝනය නිසා අම්මා සතුටු වෙනවා වගේම ඒක බබාටත් හොඳ පැත්තට බලපාන කාරණාවක්.
6. සුදුසු ඉරියව්
නෑ නෑ… මේ අපි ඉරියව් ගැන කියල දෙන්නනම් නෙමයි හදන්නෙ. ඒක ඉතින් වෙනමම පාඩමක් නේ. මෙන්න මේකයි කතාව. ඔන්න අපි කලින් ඔක්කොම කියවල තීරණය කළා කියමුකෝ දැන් ප්‍රෙග්නන්ට් කාලෙදි sex කියන මාතෘකාවට බහිනව කියල. හැබැයි පුතෝ ඉස්සර දාපු සෙල්ලම් ඔක්කොමනම් දාන්න බැහැ. ඒ නිසා ඒ ගැන ටිකක් විතර අධ්‍යයනය කරල, තමන්ගේ සහකාරිය/සහකාරයා එක්ක කතා කරල ඉන්න ඕන. ගැහැණු කෙනා යටින් ඉන්න මිෂනරි පොසිෂන් එක එහෙමනම් මේ කාලෙදි කාන්තාවට අපහසු වෙන්න පුළුවන් වගේම ගර්භණි තත්ත්වයටත් අවදානමක් වෙන්න පුළුවන්. ඒ නිසා බඩ තද නොවෙන, බඩට රුධිරය සැපයෙන එකට බාධාවක් නොවෙන, දෙන්නම කැමති වෙනත් ඉරියව් තෝරගන්න පුළුවන්.
7. කැමැත්ත අනුව වෙනස් දේවල්
මුලින්ම කිව්ව වගේ විවිධ හේතු නිසා මේ කාලෙදි sex කරන්න අකමැත්තක් ඇතිවෙන්න පුළුවන්. එහෙමමත් නැතත් සංසර්ගයට අකමැති හෝ බය වෙන්නත් පුළුවන්. අපි කොච්චර හොඳයි කියල කිව්වත් එපාමයි කියල හිතෙන යුවළකට කරන්න දෙයක් තමයි මේ කියන්නෙ. Sex කරන්නේ නැහැ කියන්නෙ අතින්වත් නොඅල්ලා ඉන්න එකට නෙමෙයිනෙ. එහෙම මුළු ගර්භණි කාලය පුරාවටම බ්‍රහ්මචාරී වෙන එක දෙන්නගෙ සම්බන්ධතාවයටත් එච්චර ගුණදායී වෙන එකක් නැහැ. ඒ නිසා ප්‍රධාන සංසර්ගයට අකමැති අයට සිප වැළඳ ගැනීම්, මුඛ සංසර්ගය වගේ වෙනත් ක්‍රියාවල කිසිම ගැටළුවක් නැතුව නිරත වෙන්න පුළුවන්.
Leave a Reply