අපෙන් සමුගත් හැරී පොටර් නළු නිළියෝ

හැරී පොටර් කතා මාලාව කියන්නේ ලෝකයේ එක් පරම්පරාවක් විස්මයෙන් විස්මයට පත් කරන්න සමත් වෙච්ච නිර්මාණයක්. මුලින්ම එම නවකතාව ලෝකය පුරා උන්මාදයක් විදිහට පැතිර ගිය අතර එහි ප්රතිඵලය වුණේ එම නවකතා මාලාවේ සෑම නවකතාවක්ම ආදායම් වාර්තා තැබීමයි. පසු කලෙක හැරී පොටර් චිත්රපටයක් බවට පත් වන විටත් ප්රතිඵලය වෙනස් වුණේ නැහැ. ඇතැම් අය නවකතාව චිත්රපටිය තුළ වෙනස් වීමට ලක්වීම පිළිබඳව දෝෂදර්ශනයට ලක් කළත් චිත්රපටි මාලාව කෘතියටත් වඩා ජනප්රිය වූ බව හැමෝටම පිළිගන්න වෙනවා. අපි අද ඔබට කියන්න යන්නේ මේ චිත්රපටි මාලාවේ රංගනයෙන් දායකත්වය ලබාදුන් නළු නිළි පිරිස අතරින් අද වෙනකොට ජීවිතෙන් සමු අරන් තියෙන පිරිස පිළිබඳවයි. 

 

 

1. රිචර්ඩ් හැරිස් (Richard Harris)

හැරි පොටර් චිත්රපටි මාලාවේ පළමු චිත්රපටි දෙකේම මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝගේ චරිතය රඟපෑ මෙම සුවිශේෂී නළුවා වයස අවුරුදු හැත්තෑ දෙකේ දී ජීවිතයෙන් සමුගත්තේ කිසිවෙකුත් නොසිතූ විරූ නිමේශයකදීයි. චිත්රපටි මාලාවේ අධ්යක්ෂවරයා හෙළි කර තිබෙන පරිදි කෙතරම් රෝගාබාධ මධ්යයේ වුවත් ඔහුගේ බලාපොරොත්තුව වී ඇත්තේ තුන්වෙනි චිත්රපටියෙත් රඟපෑමයි. කෙසේ නමුත් ඔහුගේ එම අදහස ඉෂ්ට කර ගැනීමට මරණය ඉඩ දුන්නේ නැහැ.

 

 

2. රොබ් නොක්ස් (Rob Knox)

Harry Potter and the Half-Blood Prince හි හොග්වර්ට්ස් මායා පාසලේ ඉගෙනුම ලැබූ මාකස් බෙල්බි නම් රේවන්ක්ලෝ නිවාසයේ ශිෂ්යයෙකුගේ චරිතය රඟ පෑ  රොබ් නොක්ස් අවසාන හැරීපොටර් චිත්රපටයේ රඟපෑමට ගිවිසුම් අත්සන් කර සිටියා. නමුත් අවාසනාවන්ත ලෙස සමාජශාලාවක පිටත දී සිදු වූ ගැටුමක් අතරතුර අනින ලද පිහි පහරක් නිසා ඔහු ජීවිතයෙන් සමුගත්තා. අවසාන චිත්රපටය තිරගත වන අවස්ථාවේදී ඔහුට ගෞරවයක් ලෙස නළු නිළියන් සියළුම දෙනාම සුදු පැහැති රිබන් පටි පැළඳ සිටියා.

 

 

3. රිචඩ් ග්රිෆිත්ස් (Richard Griffiths)

හැරී පොටර් හට නිතරම සතුරුකම් කරන වර්නන් මාමාගේ චරිතය ඔබට කිසිදා අමතක නොවනු ඇතැයි අපි සිතනවා. එම චරිතය රඟපෑම නිසා ලෝකයේම ළමයින්ගේ වෛරය ඔහු වෙත ගොනු වුණා. කෙසේ නමුත් හැරී පොටර් නළු නිළි කැලගේ ආදරය දිනූ රිචඩ්, හැරී පොටර් ගේ චරිතය රඟපෑ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් ගේ සමීපතමයෙක්. පිළිකා රෝගයෙන් පෙළුණු ඔහු මිය යෑම සියළු දෙනාම කම්පනයකට ලක් කළා.

 

 

4. රොබට් හාඩි (Robert Hardy)

මායා කටයුතු පිළිබඳ අමාත්යවරයා ලෙස කටයුතු කළ  කෝනේලියස් ෆජ් කාලයක් හැරී පෝටර් ආරක්ෂා කිරීමට කටයුතු කළත් පසුව ඔහුට දැඩි ප්රතිරෝධයක් එල්ල කළා. ඊට හේතු වූයේ වොල්ඩමෝට්ගේ නැවත පැමිණීමත් සමග තමාගේ තනතුර තර්ජනයට ලක් වනු ඇතැයි ඔහු සිතීම නිසයි. එම චරිතය රඟපෑ රොබට් හාඩි ගේ රංගන ජීවිතය වසර හැත්තෑවකට ආසන්න කාලයක් පුරා විහිදී තිබුණු අතර මිය යන විට ඔහු අනූ එක් හැවිරිදි වියේ පසුවුණා.

 

 

5. ජෝන් හර්ට් (John Hurt)

මායා යෂ්ටි විකිණීම සඳහා නම් දරා තිබෙන ඔලියැන්ඩර් මහතාද මියගියේ පිළිකා රෝගය  හේතුවෙනුයි. එවකට හැත්තෑ හත් වැනි වියේ පසුවූ ඔහු මිය යෑම බොහෝ දෙනා සංවේගයට ලක් කිරීමට හේතුවක් වුණා.

 

 

6. හෙලන් මැක්රෝරි (Helen McCrory)

හැරී පොටර් හට නිතරම සතුරුකම් කරන මැල්ෆෝයි පවුලේ මවගේ භූමිකාව රඟපෑ හෙලන් මැක්රෝයි පසුගිය වසරේදී මිය ගියේ පිළිකාවක් හේතුවෙන්. වන විට ඇයගේ වයස අවුරුදු පනස් දෙකක් පමණයි. හැරී පොටර් කතා මාලාවට අමතරව සුප්රකට පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ ඇය චරිත නිරූපණය කිරීම මගින් ජනාදරය දිනා ගෙන සිටියා.

 

 

7. ඇලන් රික්මන් (Alan Rickman)

සියළුම හැරී පොටර් කතා මාලාවල දුෂ්ටයකු බවට පත්ව සිටි මහාචාර්ය  ස්නේප් අවසාන කතා මාලාවේ දී සියළු දෙනාම පුදුමයට පත්කරමින් සැමගේ ආදරය දිනා ගනු ලබනවා. මේ චරිතය රඟපෑ  ඇලන්රික්මන් සැලකෙන්නේ දක්ෂතම හොලිවුඩ් නළුවෙකු ලෙසටයි. ඔහුගෙන් ලද උපදෙස් සහ ඔහු ලබා දුන් සහයෝගය පිළිබඳව සියළුම දෙනා පාහේ ඉතා ඉහළින් තම අදහස් පළ කර තිබෙනවා. එසේම හැරී පොටර් කතා මාලාවේ රචිකා ජේ. කේ. රෝලින්ග් පවා ඔහු හොඳ මිත්රයෙකු ලෙස අදහස් දක්වා තිබුණාපිළිකාවක් හේතුවෙන් ඇලන්ගේ සමුගැනීම සියළු දෙනාම කම්පනයට ලක් කිරීමට සමත් වුණා

 

 එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *