හරියට සර්ච් කරන්න දන්නවද? එහෙම දන්නෙ නැතිනම් හරියට ඉන්ටර්නෙට් සර්ච් කරන විදිය ඉගෙන ගමු!

දැන් ඉස්සර නම් අපිට ඉන්ටර්නෙට් තියා කම්පියුටර් වත් තිබුණෙ නෑනේ. එතකොට අපිට මොකක් හරි ගැන දැනගන්න ඕනෑ වුණහම කොහොමද දැනගත්තේ? පොත පත කියෝලා තමයි. සමහර වෙලාවට සඟරා වලින් දැනුම ගත්තා. එතකොට විශ්වකෝෂ තිබුණා. ඒවෑයින් දේවල් හොයලා බලන්න පුළුවන් වුනා. හැබැයි දැන් වෙනකොට ඕනම කෙනෙක්ට තමන්ගේ ස්මාට්ෆෝන් එක හරි අතේ තියෙනවා නම් ඕනම දෙයක් ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න පුළුවන්. හැබැයි එකක්: හැමෝම හරි විදියට ඉන්ටර්නෙට් සර්ච් කරන්න දන්නෙ නෑ. ඒ කියන්නේ ඔය සර්ච් එන්ජින් වල එහෙම උපරිම හැකියාවන්ගෙන් ප්‍රයෝජනය ගන්න දන්නෙ නෑ. අන්න ඒ නිසා අපි හිතුවා, ඔය ඉන්ටර්නෙට් සර්ච් කරන එකේ තියෙන පොඩි පොඩි ට්‍රික්ස් ඇන්ඩ් ටිප්ස් ටිකක් කියලා දෙන්න.

 

1. පොඩි පොඩි ට්‍රික්ස්

අපි දැන් විශේෂයෙන්ම ගූග්ල් සර්ච් ගත්තොත්. අපිට හරිම රිසල්ට්, අපිට වුවමනාම රිසල්ට් සර්ච් එකකින් ලබාගන්න භාවිතා කරන්න පුළුවන් පොඩි පොඩි ට්‍රික්ස් තියෙනවා. එකක් තමයි quotes පාවිච්චි කිරීම. උදාහරණයක් විදියට “my fair lady” කියලා උදෘත ලකුණු යටතේ සර්ච් කළොත්, අපිට එන්නේ හරියටම ඒ සම්පූර්ණ වාක්‍යාංශයට අදාළ රිසල්ට්ස්. එහෙම නැතුව ඒකට ලඟින් යන දේවල් වල අනුමාන කරපු රිසල්ට්ස් එන්නෙ නෑ.

සමහර සර්ච් කරන වචන විවිධ දේවල් වලට සම්බන්ධ වෙනවනේ. උදාහරණයක් විදියට ගත්තොත්, නිකම්ම Mustang කියලා සර්ච් කළොත් මස්ටෑන්ග් කාර් එක ගැන රිසල්ට්‍ වගේම මස්ටෑන්ග් කියලා කියන අස්ස වර්ගේ ගැනත් රිසල්ට්ස් එනවා. හැබැයි Mustang -cars කියලා හයිෆන් එක නැතිනම් ඉරක් එක්ක සර්ච් කළොත් එන්නේ මස්ටෑන්ග් කාර් ගැන තොරතුරු විතරයි.

එතකොට අපිට යම් කිසි සයිට් එකක් ඇතුළේ විතරක් මොනවා හරි සර්ච් කරන්න ඕනෑ වුණොත් කරන්නේ මෙහෙමයි. Covid-19:who.int. ආන්න එතකොට ලැබෙන්නේ WHO සයිට් එක ඇතුළේ Covid-19 ගැන තියෙන තොරතුරු විතරයි.

අපි හිතමු කවුරුහරි කියපු පාඨයක අපිට මතක එහෙන් මෙහෙන් කෑලි කියලා. අන්න එතකොට ඒක සර්ච් කරන්න ඕන විදියක් තියෙනවා. life*theater*actors. අන්න එතකොට ගූග්ල් මේක සර්ච් කරනකොට ඔලුවේ තියාගන්නවා මේ තරු ලකුණු තියෙන තැන් වලට ඕනම වචන ටිකක් එන්න පුළුවන් කියලා. එහෙම සර්ච් කරලා මේකට ආසන්නවම යන පාඨ ටික හෝ ලින්ක්ස් ලබාදෙනවා. සිංදු කෑලි විතරක් මතක වෙලාවට සර්ච් කරන්න මේ ක්‍රමේ වටිනවා.

 

2. කොයි කාලේ රිසල්ට්ස්ද?

දැන් ගූග්ල් වලින් සර්ච් කරනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස් කීපයක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන එකක් තමයි කොයි කාලයේ රිසල්ට්ස්ද අපිට ඕන කියන එක. උදාහරණයකින් දක්වනවා නම්, අපිට කොවිඩ්-19 ගැන නවතම තොරතුරු ඕන නම්, අපිට පුළුවන් කොවිඩ්-19 කියලා ටයිප් කරලා, ඊට පස්සේ Tools වලට ගිහින් ඒකේ කාල පරාසය සෙට් කරන්න. Past 24 hours කියලා දුන්නොත් අපිට පෙන්නන්නේ පහුගිය පැය විසිහතර ඇතුළත රිසල්ට්ස් විතරයි. ඒකෙන් එතකොට නවතම විස්තර ටික එනවා. ඒ වගේම අර Verbatim කියලා තියෙන එක සිලෙක්ට් කළොත්, අපි ඇතුළු කරන කීවර්ඩ් එකට හරියටම අදාළ වෙන, ඒ කීවර්ඩ් එක හරියටම ඇතුළත් වෙන රිසල්ට්ස් තමයි එන්නේ. ඕන නම් තව එහාට ගිහින් setiings වල තියෙන Advance search එක පාවිච්චි කරලා තව ටාගට් කරපු සර්ච් රිසල්ට්ස් ලබාගන්න පුළුවන්. 

 

3. මොන මූලාශ්‍රද ගන්නේ?

දැන් ඔය ෆේස් බුක් එකේ එහෙම අපි හෙන වාදවිවාද, තර්ක විතර්ක වල එහෙම පැටලෙනවනේ. අන්න එහෙම පැටලුනාට පස්සේ සමහර වෙලාවට අපිට මොනවා හරි අපි කියන දෙයක් ඩිෆෙන්ඩ් කරන්න මූලාශ්‍ර දෙන්න වෙනවා. එතකොට අර ආධුනික ලෙවල් එකේ උන්දැලා කරන්නේ නිකම්ම ඒ අදාළ කාරණාව සර්ච් කරලා, උඩින්ම එන විකිපීඩියා ලින්ක් එක මූලාශ්‍රයක් විදියට අලෝන එක. හැබැයි සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් ගැන දන්න කෙනෙකුත් දන්නවා, විකිපීඩියා කියන්නේ විශ්වසනීය මූලාශ්‍රයක් විදියට අඳුනගන්නෙ නැති එකක් කියලා. ඒ නිසා, හැම වෙලේම විශ්වසනීය සහ සුජාතභාවයක් තියෙන මූලාශ්‍ර සර්ච් රිසල්ට් වලින් වෙන් කරගන්න හැකියාවක් ඕන. ඒකට බලන්න පුළුවන් ඒ වෙබ් අඩවියට ඇත්ත ඇඩ්‍රස් එකක් තියෙනවද, ඒකට හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවද, දාලා තියෙන කන්ටෙන්ට් වල ස්පෙලින්ග්, ග්‍රැමර් මිස්ටේක් බහුලද, ප්‍රයිවසි පොලිසි එහෙම කොහොමද, URL එක බැලුවහම ෂුවර් කියලා පේනවද වගේ කාරණා. ඕන නම් ඒ වෙබ්සයිට් එකේ නමත් ආයෙමත් ගූග්ල් කරලා බලන්න පුළුවන් පිළිගත් එකක්ද, කවුරුත් දන්නෙ නැති එකක්ද, ෂුවර් නැති එකක්ද කියලා.

 

4. සිංහලෙන් නං සිංහලෙන්

සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකේ අපි වැඩ කරන්නේ ඉංග්‍රීසියෙන් වුනාට, සිංහලෙන් ඉන්‍ටර්නෙට් එකේ තියෙන අන්තර්ගතයන් ප්‍රමාණය සුළු පටු නෑ. ඉතින් දැන් මොකක් හරි සිංහල නාමයක් අපිට හොයන්න වුණා කියමු. උදාහරණයක් විදියට ගත්තොත් “සාගර ජලය මදි හැඬුවා නුඹ හන්දා” කියන පොත. දැන් ඕක අපිට ඉංග්‍රීසියෙන් නම ගහලා ඕන නම් sinhala novel කියලත් ගහලා සර්ච් කරන්න පුළුවන් ‍. එහෙම නැතිනම් සිංහලෙන්ම කෙලින්ම ගූග්ල් එකේ ටයිප් කරලා සර්ච් කරන්නත් පුළුවන්. නිකමට කරලා බැලුවොත් තේරෙයි, සිංහලෙන් නම ටයිප් කරලා සර්ච් කළහම ඒ පොත ගැන සිංහලෙන් තියෙන අන්තර්ගතයන් විශාල ප්‍රමාණයක් අපිට ලබාගන්න පුළුවන් කියන එක. ආන්න ඒකයි කතන්දරේ. සිංහලෙන් තියෙන එව්වා පුළුවන් තරම් සිංහලෙන්ම සර්ච් කරන්න. ඒකෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

 

5. ගූග්ල් ස්කොලර්

අපි අර උඩින් කිවුවනේ මොනවා හරි වලියක් යනකොට ඒකට හරිම මූලාශ්‍ර දෙන්න බඩු හොයාගන්න ක්‍රමේ. මේකත් ඒකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඇත්තටම මේකේ වැඩි ප්‍රයෝජන තියෙන්නේ ඔය ඇකඩමික දේවල් සර්ච් කරන අයට. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට ගෝලීයකරණය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය ගැන සර්ච් කරන්න පුළුවන් Google Scholar වල. එතකොට අපිට සර්ච් රිසල්ට්ස් විදියට හැම දේම එන්නෙ නෑ. මෙතනදී එන්නේ ඒ කාරණාව ගැන ලියවුණු රිසර්ච් පේපර්ස්, රිසර්ච් පොත් වගේ ඒවා විතරයි. ඒ කියන්නේ අපි Scholarly literature නැතිනම් විද්වත් අන්තර්ගතයන්  කියලා කියන එව්වා.

 

6. ඉන්කොග්නිටෝ

ඔක්කොම කියලා මේ ගැන නොකියන එක අපරාදෙනේ. ඇත්තටම මේක බ්‍රවුසර් එකේ තියෙන විශේෂාංගයක්. සමහර සංවේදී අන්තර්ගතයන් ගැන සර්ච් කරනකොට මේ Incognito mode ගැන සඳහන් කරන එක වටිනවා. මොකද්ද මේකෙන් වෙන්නේ? ඇත්තටම මේක ප්‍රයිවට් බ්‍රවුසින්ග් කියලත් කියන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, අපි ගූග්ල් ක්‍රෝම් බ්‍රවුසර් එකේ Incognito mode ඔන් කරලා මොනවා හරි සර්ච් කළොත්, ඒ සර්ච් කරපු හිස්ට්‍රි එක හෝ සයිට් ඩේටා හෝ කුකීස් හෝ අඩු තරමින් ඔය ඔන්ලයින් ෆෝම් වල ෆිල් කරපු තොරතුරුවත් කිසිම තැනක සේව් වෙන්නෙ නෑ. තව ඇඩ්වාන්ස් ලෙවල් එකෙන් අනික් අයට අපේ IP එකවත් හොයාගන්න බැරි වෙන්න සර්ච් කරන්න නම් මේක මදි. ඒකට ඉතින් ප්‍රොක්සි වලට, VPN වලට වගේ විකල්ප වලට යන්න වෙනවා.

 

7. සෙක්ස් සර්ච් කරමුද?

ආන්න කතන්දරේ. සාමාන්‍යයෙන් හැමෝම වගේ ඔය කතාවෙදි කියන එකක් තමයි අපි සෙක්ස් සර්ච් කරලා ලෝකෙන්ම කප් ගහලා තියෙන්නේ කියන එක. හැබැයි මෙතන ඇත්ත සීන් එක මේකයි. අපි වැල වුනත් හරියට සර්ච් කරන්න දන්නෙ නැති නිසා ඒ කප් එක හම්බවුනා මිසක්, අපි වල් කමෙන් උපරිම නිසා ඒ කප් එක හම්බුණා නෙවෙයි. හරි, ඒකෙන් වැඩක් නෑ. කතාවට එන්ටර් වුණොත්, සාමාන්‍යයෙන් දැන් වෙනකොට ඔය වැල, නැතිනම් බ්ලූ නැතිනම් හරියට කියනවා නම් පෝර්නොග්‍රෆි වල එක එක කැටගරි තියෙනවා. එතකොට අපිට කෙලින්ම ඒ කැටගරියෙන් සර්ච් කළහම හොඳ රිසල්ට් පහසුවෙන් ලබාගන්න පුළුවන් ‍. උදාහරණයක් විදියට ගත්තොත් 3some, bukkake, Milf, Office, BBW, Ebony, Casting, Pov, Creampie වගේ නොයෙකුත් ඒවා හඳුන්වන්න පුළුවන්. ඇත්තටම දැන් තියෙන පෝර්න් කැටගරි සාගරෙන් මේ වතුර පනිට්ටුවක් විතරයි. අනික් එව්වා ගැන අපි පස්සේ කියන්නං.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *