ආයෙමත් දවසක – 26 කොටස

පළවෙනි කොටස මෙතනින් කියවන්න

25 වෙනි කොටස මෙතනින් කියවන්න

සියුමි ඇඳුමක් දාගන්න ගිහින්. තාමත් ඒ සීතල නදික ගාව රැඳිලා තිබුනා. සියුමි රෑට අඳින ලස්සන ඇඳුමකින් සැරසිලා හිටියා. ඒ වෙද්දි කුස්සියෙන් කෑම සුවඳ දෝරෙ ගලනවා. ඒ ගෙදර රෑට කන්න උයන වෙලාව. නදිකට ආයෙත් අද දවසට කන්න බෑ කියල හිතුනා. නදික සියුමි දිහා බලාගෙන හිටියෙ කතාව කියන විදිය පටන් ගන්න හිතාගන්න බැරුව. සියුමි නදිකගෙ මූණ දිහා බලාගෙන ඉන්නෙ එයාට කියන්නං කිවුව කතාව හිතුවට වඩා තරමක් බැරෑරුම් කියලා නදිකගෙ මූණෙන් පෙනිච්ච නිසායි. සියුමි ඒ වෙනුවෙන් හිත කොච්චර කුතුහලෙන් පිරිලා තිබුනත් ඒකට බල කළේ නැහැ. ඔහොම දේවල් ස්වභාවික විදියට ගලාගෙන එන්න උවමනායි. ඒකට සියුමි ඉඩ දීලා බලාගෙන හිටියා.

“මං..‍.”

“කියන්න නදී”

“මං මෙහෙම දෙයක් කියන පළවෙනි පාර”

“ඔවු ඔයා පළවෙනි පාරටනෙ කෙල්ලෙක්ව කසාද බඳින්න හිතුවෙ”

“ඔවු”

“ඉතිං කියන්න”

“මං චුට්ටක් විතර අවුල් ඩයල් එකක් සියුමි”

“ඇයි ඒ?”

“මගෙ ජීවිතේ ඒ තරං හොඳ විදියට ගෙවිලා නැහැ.”

“අන්තිම කාලෙම අංකලුයි ආන්ටියි නැතුව හිටපු නිසාද?”

“නෑ. මේක ඊට කලින් ඉඳන්ම එහෙමයි”

“දැන් මොකද වුනේ කියන්නකො”

“මට කෙල්ලො ගොඩක් ඉඳලා තියෙනවා”

“ඒකට මට කමක් නෑ”

“ඒත් ඒක මගේ හිතට අවුල්”

“ඔයාගෙ අතීතෙ මට ප්‍රශ්නයක්ම නෙමෙයි”

“එහෙනං අපි මේ කතාව නවත්තමු”

“හා. හැබැයි එකක්”

“මට කියන්න ඕන ඔයාට හිටපු කෙල්ලො ගැන”

“ඒ ගැන තමයි කියන්න ගියේ”

“ඔයා නිකං වරදක් කියන්න යනව වගේනෙ කියන්න ගියේ”

“හ්ම්ම්ම්…”

“මං කියන්න කියන්නෙ ඕක වරදක් විදියට නෙමෙයි”

“එහෙනං?”

“මට විස්තර කියන්න. මං ආසයි අහන්න”

“මොනවද?”

“කෙල්ලො ගැන විස්තර? ඇයි එයාලට කැමති කියල.. මොනවද එයාලා එක්ක කළේ?”

“කරේ ලවු කරපු එක. කැමති එයාලා ෂෝක් නිසා. විස්තර නං ගොඩක් ඒවා මටත් මතක නෑ සියුමි”

“කාවද හොඳටම මතක?”

“හෂිනි!”

“එයාව විතරද?”

“තව අය මතකයි. ඒත් එයා තමයි හොඳම”

“හ්ම්ම්ම්…”

“මටත් වඩා?”

“ඇත්තම කිවුවොත් ඔවු”

“ඇයි එයාව අතෑරියෙ?”

“ඒ දවස්වල මගේ විකාරනෙ”

“ඇයි?”

“අපි පස්සෙ කතා කරමුද?”

සියුමියි නදිකයි දෙන්න ඩිමෙල් අංකල් පල්ලෙහා ටීවී එ​කේ නිවුස් බලන අතරෙ උඩට ඇවිත් ෆිල්ම් යන චැනල් එකක් දාගෙන ටීවී එකේ එ​හා මෙහා වෙන රූප දිහා බලාගෙන හිටියා. සියුමිගෙ පියයුරක් නදිකගෙ අතට තද වෙලා තිබුනත් නදික හිටියෙ උදාසීන හැඟීමකින්. තවත් කෙල්ලෙක් ගැන කෙල්ලෙකුගෙ හිතේ හටගන්න ඉරිසියාවක් කොයිතරං දේවල් වෙනස් කරන්න පුළුවන්ද කියල නදිකට හිතුනෙ, සියුමි නදිකට අද රෑත් ඉමු කියලා නොකියා කියන්න පටන් අරගෙන නිසා. සියුමි නදිකගෙ දණිස්ස දිගේ අත එහාට මෙහාට ගෙනියන ගමන් හිටියෙ. නදිකට ටීවී එකේ යන්නෙ මොකද්ද කියලවත් මතකයේ තිබුනෙ නෑ. රාගාධික හැඟීමකින් නදිකගෙ ඇඟ රත්වේගන එනකොට නදික ඒක යටපත් කරගෙන සියුමිට ඉතුරු කතාව කියන්න හිතුවෙ ආන්ටි උඩට ගෙනත් දීපු පේර ජූස් එක තොළ ගාන ගමන්.

“මං ඔයාට හෂිනි ගැන කියන්නද?”

“කියන්න”

“මං එයාට ගොඩක් ආදරේ කළා”

“තාමත්?”

“දැන් එහෙම එකක් නෑ”

“ඇයි?”

“දැන් මං එයාව අතෑරලා ඉවරනෙ”

“ඔයාද අතෑරියෙ?”

“ඔවු”

“ඇයි?”

“එයාගෙම හොඳට”

“මොකද්ද හොඳේ”

“මං නරක මිනිහෙක් සියුමි”

“ඉතිං?”

“ඉතිං මං හිතුවා මට වෙනස් වෙන්න බැරි වෙයි කියලා”

“ඉතිං?”

“ඉතිං ඒක එයාගෙ ජීවිතේට හොඳ නැති නිසා මං එයාගෙ ජීවිතෙන් අයින් වුනා”

“එතකොට එයා?”

“ඇඬුවා”

“පවු”

“හොඳටම ඇඬුවා සියුමි”

“පවු අනේ…”

“තාමත් මතක් වෙනවා.”

“එතකොට ඔයා මට ආදරේ කරන්නෙ නරකයෙක් විදියටමද?”

“ඔයා ගාවදි මට හිතෙනව මට ඒ අවුලෙන් ගැලවෙන්න පුළුවන් කියල”

“ඇයි?”
“ඔයා ස්ට්‍රෝන්ග් කෙල්ලෙක්”

“ඒ කොහොමද?”

“මට හිතෙන විදිය”

“මොකෝ ඇස් බාගෙට පියවෙලා?”

“ඈනුමක් යන්න එනව”

“බඩගිනිද? නිදිමතද?”

“දන්නෑ”

“ඇයි?”

“හොඳට කාලා ඉන්නෙ. හොඳට නිදාගෙනත් තියෙන්නෙ. ඉතිං තේරෙන්නෙ නෑ.”

“අද මෙහෙ ඉන්න නිසා අපි අද ඩ්‍රින්ක් එකක් දාමුද?”

“මොනවද?”

“ජින් බොට්ල් එකක් ඇති ගෙදර. කොක්ටේල් හදමු”

“මම කොක්ටේල් බොන්න කැමති නෑ”

“මං බොන්නං. ඔයා ඔයා කැමති විදියට බොන්න”

“හා”

“බයිට් එකක්”

“අම්මි රෑට බීෆ් උයනව කිවුව”

“බීෆ් උයලා හරියන්නෙ නැහැනෙ”

“එහෙනං”

“ස්ටූ එකක් තමයි හරියන්නෙ”

“මං හදන්නං ස්ටූ එකක්”

“හා”

“ඔයා එහෙනං ටීවී එක බල බල ඉන්න”

“හ්ම්ම්ම්”

සියුමි නැගිටලා ගියා.

“:පොඩ්ඩක් එනවද?”

“ඇයි?”

“මට අද රෑ ඔයා එක්ක සෙක්ස් ගේම් එකක් කරන්න ඕන”

“හ්ම්ම්ම්… අම්මිලට සද්දෙ ආවොත්”

“කරන්න දෙයක් නෑ”

“මොකද කරන්නෙ ඒකට?”

“සින්දු දාමු සද්දෙන්”

“හා”

නදික සියුමිගෙ ඇඟ හරිම කෑදර කමකින් ඇල්ලුවා. සියුමි ඒකෙන් මිදෙන්න හැදුවත් කෙල්ලෙක්ව අල්ලන හොඳම නිල ටික නදික දන්න නිසාම හිරි ගඩු පිපීගෙන තියෙන සියුමිගෙ ඇඟ නදික කරන දේකට අවනත වුනා. ටික වෙලාවකින් සියුමිගෙන් හීනි කෙඳිරියක් පිට වෙන හින්දා නදික සියුමිගෙ කට වැහුවා කටින්ම. අම්මලා යට තට්ටුවේ ඉඳිද්දි, දෙන්නාම නිරුවත් නොවීම සියුමි සුරතාන්තයට පත්වුනා. නදික සියුමිව ඒත් අතෑරියෙ නෑ. සියුමි නැගිටලා යන්න හැදුවෙත් නෑ. නදික තෙත් වුනු අත් සියුමිගෙ ඇඟ පුරා යැවුවා. සියුමි නැගිටිද්දි නදික රහසක් කිවුවා

“මම එකයි ඔයා බින්දුවයි”

“ඕකද ​ගේම් එක”

“නෑ”

“එහෙනං”

“ඒක රෑට කියන්නං”

“ඒ ගේම් එක මොකක් වුනත් මම අද රෑට ඔයාට ගෝල් ගහන්න නොදී මම ගෝල් දෙකක් ගහනවා”

සියුමි වෙනිං ඇඳුමක් දාගෙන පහළට ගියා. නදික ටීවී දිහාවට බාගෙට පියවුණු ඇස් හැරෙවුවා.

Leave a Reply

Your email address will not be published.