ලංකාවේ අපේ ආහාර සංස්කෘතිය ගොඩක් ඈතට දිවෙනවා. ඒ කාලේ අපේ ගැමියන් ගත්තෙ ගොඩක් ගුණ ආහාර. ඒ වගේම පොඩි ප්‍රමාණයකින් දවසේ වැඩ කටයුතු කරගන්න හොඳ ශක්තියක් ලැබෙන ආහාර. මේ වෙනකොට ඒ ආහාර රටාව ටිකක් මඟහැරිලා ක්ෂණික ආහාර වලට පුරුදු වෙලා තියනවා. ඒත් ඉතින් අපිට අමතක කරන්න බැරි ගුණදායක කෑම තියනවනේ. අද අපි ඒවයින් කීපයක් ඔයාලට ගෙනාවා.
1. කුරක්කන් තලප
අවශ්‍ය ද්‍රව්‍ය
- කුරක්කන් පිටි ග්‍රෑම් 500
- වතුර කෝප්ප 5
- භාජනයකට වතුර දාලා ලිපේ තියන්න. මේකට ලුණු දාගන්න. වතුර නටනකොට මේකෙන් වතුර කෝප්ප 2ක් වගේ අයින් කරලා මේකට කුරක්කන් පිටි ටික ටික දාගන්න.
- හැන්දෙන් හොඳට කලවම් කරගන්න. වතුර මදිනම් අරන් තියපු එකෙන් ටික ටික දාගන්න. ගුලියක් වගේ වෙනකල් හැඳිගාලා තලපෙ හදාගන්න.
2. මුං ආනම
අවශ්‍ය ද්‍රව්‍ය
- මුං ඇට ග්‍රෑම් 500ක්
- කුකුළු මස් හෝ කැමති මස් වර්ගයක් ග්‍රෑම් 100ක්
- චොප්කරගත් ඉඟුරු සුදුළූණු තේ හැඳි 1
- ලියාගත් කරපිංචා ටිකක්
- රම්පේ කෑල්ලක්
- ලියාගත් රතුළූණු 2
- උළුහාල්/කුරුඳුපොතු
- මිරිස්කුඩු තේ හැඳි 1
- කහකුඩු තේ හැඳි 1/4
- තුනපහකුඩු තේ හැඳි 1/2
- මුං ඇට සෝදලා කබලෙ බැදලා ග්‍රයින්ඩ් කරගන්න. මස්ටික පොඩියට කපලා චොප්කරගත් ළූණු, ගම්මිරිස්කුඩු, ලුණු, කහකුඩු, විනාකිරි දාලා අතගාලා පැයක් තියන්න.
- පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා මස් ටික දාන්න. මේක තෙම්පරාදු වේගෙන එනකොට මස් ටික හට්ටියේම පැත්තකට කරලා ඉඟුරු සුදුළූණු, රම්පේ කරපිංචා, ළූණු, උළුහාල් හා කුරුඳුපොතු ටික දාගන්න.
- ටිකකින් මුං ඇට ටික දාලා වතුර කෝප්ප 2ක් දාගන්න. මේකට මිරිස් තුනපහකුඩු ටික දාලා හැඳිගාමින් උයාගන්න. රස අනුව ලුණු දාගන්න. නටනකල් අඩිය අල්ලන්න නොදී පිසගන්න.
3. කුරහන් රොටී
අවශ්‍ය ද්‍රව්‍ය
- කුරක්කන් පිටි කෝප්ප 1
- හාල්පිටි කෝප්ප 1
- රස අනුව ලුණු
- ගාගත් පොල් කෝප්ප 1/2
- මද රස්නෙ වතුර ටිකක්
- පොල් වලට ලුණු දාලා කලවම් කරගන්න. මේකට පිටිත් දාලා වතුර ටික ටික දාලා කලවම් කරලා ගුලි හදාගන්න.
- කැන්ද කොළ උඩ රොටි තුනී කරගෙන රොටි තැටියක පුළුස්සා ගන්න.
4. කොල්ලු ආනම
අවශ්‍ය ද්‍රව්‍ය
- කොල්ලු කෝප්ප 1/2
- ලියාගත් ළූණු ගෙඩි 1
- කපාගත් තක්කාලි ගෙඩි 1
- රම්පේ හා කරපිංචා
- පොල්කිරි කෝප්ප 1
- මිරිස්කුඩු තේ හැඳි 1
- තුනපහකුඩු තේ හැඳි 1/2
- කහකුඩු තේ හැඳි 1/4
- කුරුඳුපොතු කෑල්ලක්
- රස අනුව ලුණු
- අබ තේ හැඳි 1/2
- තෙල් ටිකක්
- කොල්ලු සෝදලා ගරලා වතුර පෙරලා කබලෙ බැදගන්න. මේක පොඩි කෑලි යන්තම් හිටින්න ග්‍රයින්ඩ් කරගන්න.
- භාජනයකට කොල්ලු ටික දාලා මිරිස් තුනපහකුඩු සියල්ල දාගන්න. රම්පේ කරපිංචා, කුරුඳුපොතු, තක්කාලි ටික දාලා කොල්ලු වැහෙන්න වතුර දාලා හොඳට තම්බගන්න.
- කොල්ලු තැම්බුණාම පොල්කිරි ටික දාලා නටවන්න. වෙන භාජනයකට තෙල් ටිකක් දාලා අබ ටික දාගන්න. අබ පුපුරනකොට ළූණු, කරපිංචා ටිකක් තෙම්පරාදු කරලා කොල්ලු ව්‍යංජනයට දාගන්න.
5. තක්කඩි කරිය
අවශ්‍ය ද්‍රව්‍ය
තක්කඩි බෝල වලට
- හාල්පිටි කෝප්ප 1
- ලියාගත් ළූණු ගෙඩියක්
- ලියාගත් කරපිංචා ටිකක්
- ග්‍රේට්කරගත් කැරට් කෝප්ප 1/4
- ලුණු ටිකක්
කරි එකට
- රම්පේ හා කරපිංචා
- පොල්කිරි කෝප්ප 1
- මිරිස්කුඩු තේ හැඳි 1
- කහකුඩු තේ හැඳි 1/4
- තුනපහකුඩු තේ හැඳි 1/2
- ගම්මිරිස්කුඩු ටිකක්
- හාල්පිටි වලට අනික් සියල්ලම දාලා වතුර ටික ටික දාලා රොටි පදමට අතින් අනලා පොඩි පොඩි බෝල හදාගන්න.
- ඇතිලියකට පොල්කිරි දාලා පහේ සියල්ලම දාගන්න. මේකට සාදාගත් තකක්ඩි බෝල දාලා නොකැඩෙන සේ හෙමින් හැඳිගාන්න. හොඳට උතුරවගන්න. රස අනුව ලුණු එකතු කරන්න.
- තක්කඩි බෝල මස් කරියක් හදලා දාගන්නත් පුළුවන්.
Leave a Reply