කැරට් වලින් ඔයාලා මීට කලින් හදල නැති කෑම 5ක​ට රෙසිපි

තම්බලා, උයලා සම්බෝල හදලා කන කැරට් ඔන්න අද වෙනස්ම විදි වලට හදාගන්න හැටි කියන්නයි යන්නෙ. මේවා බොහොම ලේසී රෙසිපි. හැබැයි රස නම් ගොඩක් වැඩියි. හැමදාම එකම විදියට කාලා එපා වෙලා ඉන්න අය මේ රෙසිපි ට්‍රයි කරලා බලන්න. 

 

1. කැරට් ෆ්‍රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. දික් අතට කපාගත් කැරට් අල 4
  2. පාන්පිටි කෝප්ප 1/4
  3. ගාලික් පව්ඩර් තේ හැඳි 1/4
  4. ජින්ජර් පව්ඩර් තේ හැඳි 1/4
  5. මිරිස්කුඩු තේ හැඳි 1/4
  6. තුනපහකුඩු තේ හැඳි 1/4
  7. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/4
  8. ලුණු ස්වල්පයක් 
  9. බිස්කට් කුඩු කෝප්ප 1

 

  • කැරට් ටික භාගෙට තම්බගන්න. වෙනම බෝල් එකකට පාන්පිටි ටික දාලා ගාලික් පව්ඩර්, ජින්ජර්, මිරිස්කුඩු, තුනපහකුඩු, කොත්තමල්ලි කුඩු හා රස අනුව ලුණු දාගන්න. 
  • මේකට වතුර ටිකක් දාලා තික් බැටර් එකක් හදාගන්න. දැන් කැරට් ටික මේකට දාලා බිස්කට් කුඩු වල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න. 

 

2. කැරට් පරාතා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි කෝප්ප 1
  2. ග්‍රේට්කරගත් කැරට් කෝප්ප 1
  3. චොප්කරගත් කොත්තමල්ලි කොළ කෝප්ප 1/2
  4. ගරම් මසාලා තේ හැඳි 1
  5. ලුණු ස්වල්පයක් 
  6. කහකුඩු තේ හැඳි 1/4
  7. මිරිස්කුඩු තේ හැඳි 1/2
  8. සූදුරු තේ හැඳි 1/2
  9. චොප්කරගත් ළූණු ගෙඩි 1
  10. චොප්කරගත් ඉඟුරු සුදුළූණු තේ හැඳි 1

 

  • බෝල් එකකට පාන්පිටි ටික දාලා ළූණු, කොත්තමල්ලි කොළ හා චොප්කරගත් ඉඟුරු සුදුළූණු එකතු කරන් කලවම් කරන්න. 
  • මේකට අනික් සියල්ලමත් දාලා හොඳට අනල අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. 
  • දැන් මේකෙන් පොඩි බෝල හදලා තුනීකරලා තෙල් ගාගත් පෑන් එකක දාලා දෙපැත්ත පුළුස්සගන්න. 

 

3. කැරට් හල්වා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ග්‍රේට්කරගත් කැරට් ග්‍රෑම් 500
  2. කිරි කෝප්ප 2
  3. සීනි ග්‍රෑම් 100
  4. කරදමුංගු කුඩු ස්වල්පයක්
  5. කජු ස්වල්පයක් 
  6. ගී මේස හැඳි 4

 

  • කිරි ටික ලිපේ තියලා කැරට් ටික එකතු කරන්න. විනාඩි 30ක් විතර මදගින්නෙ පිසගන්න.
  • කිරි ටික හිඳෙනකොට සීනි ටික දාගන්න. රස අනුව ලුණු, කරදමුංගු කුඩු හා කජු ටික දාගන්න.
  • කලවම් කරලා ගී ඔයිල් ටික එකතු කරන්න. වතුර ගතිය අඩු උනාම ලිපෙන් බාගන්න. 

 

4. කැරට් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ග්‍රේට්කරගත් කැරට් අල 3
  2. පාන්පිටි කෝප්ප 1
  3. බේකින් පව්ඩර් තේ හැඳි 2
  4. ලුණු ස්වල්පයක් 
  5. බිත්තර 2
  6. සීනි කෝප්ප 1
  7. වැනිලා ස්වල්පයක් 
  8. එළවළු තෙල් කෝප්ප 1/2
  • පාන්පිටි වලට බේකින් පව්ඩර් හා ලුණු දාලා හලාගන්න. 
  • බිත්තර හොඳට බීට් කරගන්න. මේකට සීනි දාලා දියවෙනකල් බීට් කරගන්න. වැනිලා එකතු කරන්න. එළවළු තෙල් ටික දාගන්න. 
  • දැන් පාන්පිටි ටික ටික දාලා ස්පැතූලා එකකින් එකම අතට කලවම් කරගන්න. ලම්ප්ස් නැති බැටර් එකක් ආවට පස්සෙ ග්‍රේට්කරගත් කැරට් ටික දාලා නැවත හොඳට කලවම් කරගන්න. 
  • බටර් ගාගත් කේක් ට්‍රේ එකකට මිශ්‍රණය දාලා සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 40- 45ක් බේක් කරගන්න. 

 

5. කැරට් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තෙල් ස්වල්පයක් 
  2. සුදුළූණු බික් 2-3
  3. පොඩි ඉඟුරු කෑල්ලක්
  4. ලියාගත් ළූණු ගෙඩි 1
  5. තරමක කෑලි කපාගත් කැරට් කෝප්ප 1
  6. කපාගත් අල ගෙඩි 1

 

  • භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න. මේකට ඉඟුරු සුදුළූණු ටික එකතු කරන්න. ඊඟට ළූණු ටික දාලා කැරට් ටික එකතුකරන්න. ඊලඟට අල ටික දාගන්න. රස අනුව ලුණු දාලා කලවම් කරගන්න. වතුර කෝප්ප 2ක් දාලා තැම්බෙන්න තියන්න.
  • මේක හොඳට තැම්බුනාම එළවළු ටික අරන් ග්‍රයින්ඩ් කරගන්න. දැන් ඒ පේස්ට් එක වෙනම පෑන් එකකට දාලා තම්බාගත් වතුර ටිකත් දාලා ලිපේ තියන්න. තික් වෙනකල් හැඳිගාන්න. ඒ අතරට රස අනුව ගම්මිරිස්කුඩු දාගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *