යාලුවො එක්ක රට ට්‍රිප් එකක් යන වැඩේ ලේසි කරගමු

ප්ලෑන් ක​ළ තරමට ගියා නම් අපිත් හො​ඳ ට්‍රැවලර්ස්ල තමයි. එහෙ​ම වුනත් ඉතින් අපි අමාරුවෙන් කොහොමහරි ට්‍රිප් කීපයක් හරි ගියා නේ. ඉතින් දැන් කාලේ රටින් පිට ට්‍රිප් එකක් කියන්නේ ගහන්න අමාරු ටාගට් එකක් නම් නෙමෙයි. රට යන්න පාස්පෝට් එකයි වීසා එකයි අරගෙන, තැන් ටිකේ විස්තරත් හොයාගෙන ගියොත් ලොකු ටුවර් කොම්පනි නැතුවත් අපිට රට ගිහින්, සවාරියක් ගහලා එන්න පහසුව තියෙනවා. නේපාලේ පොකරා, ඉන්දුනීසියාවේ බාලි, තායිලන්තේ පුකෙට් පතායා, ඉන්දියාවේ මනාලි වගේ ප්‍රසිද්ධ තැන් වලට ගියාම අදා​ළ සංචාරක ආතල් ටික ගන්න ඕනි තරම් ලෝකල් ඒජන්සි තියෙනවා. ඉතින් අපිට ලොකු සැලසුමක් නැතුව ගියත් එහෙදි ඒ අදා​ළ ආතල් ටික සැපට ගන්න හැකියාව තියෙනවා එහෙට ගියොත්. ඒත් වෙනස්ම රටකදි ටිකක් සැලසුම් කරලා යන එක බජට් එකට වාසියි. ඒ වගේම සැලසුමක් ඇතුව ගියොත් අපිට ලැබෙන දවස් කීපෙක නිවාඩුවකින් සුපිරියට ප්‍රයෝජන ගන්නත් හැකියාව ලැබෙනවා. 

 

1. සෙට් එක එකතු කරගමු

අවාසි ගැන නම් කියන්න ඕනි නැහැ නේ. එයාට එන්න වෙන්​නෙ නැහැ ට්‍රිප් එක යන්න. ඒත් එයා කැමතිත් නැහැ අපි එයා නැතුව ට්‍රිප් එක යනවාට. ඒකට නම් ඉතින් කරන්න තියෙන්නේ බොහොම සරල දෙයයි. අපි ටිකක් ෂුවර් කිහිප දෙනෙක් එකතු වෙලා පොඩියට යාලුවන්ගෙන් අහලා බලනවා ගමන ගැන. ඉන් පස්සේ රට යන අලුත් ට්‍රිපට කැමතිම අය විතරක් එකතු කරලා වයිබර්, වට්සැප්, එෆ් බී නැතිනම් මේල් ගෲප් එකක් හදාගන්නවා. ඒකෙදි ඉතින් කාටහරි මොනාහරි හේතුවක් නිසා යන්න වෙන් නැත්නම් හිමීට අයින් කරලා දාන එක අකමැත්තෙන් වුනත් කරන්න වෙනවා. ඉන්න ඕක්කොම හො​ඳම යාලුවෝ ටික එකතු කරගෙන අපිට ගමන යන්න හිටියොත් ඒක යන්න වෙන්​නෙ නැහැ. ඒ නිසා යන්න පුළුවන්කම තියෙන ටික දෙනෙක් හරි එකතු කරගෙන අපේ ගමන ගිහින් එ​න එක වටිනවා. 

 

2. වාසි 

කණ්ඩායමක් යනවනම් ගුවන් ටිකට්පත් බුක් කරද්දි ස​හ හො​ටෙල් බුක් කරද්දි අපිට වාසියි. පොඩි හෝටලේටක සෙට් වුනොත් හත් අට දෙනෙක් එනවා කිව්වම අපිට ටිකක් කතා බහ කරලා ග​ණන් අඩු කරගන්නත් පුළුවන්. ඒ වගේම අපිට ටවුමකට බැස්සම සෙට් එකක්ම අපි එක්ක ඉන්නවා නම් අලුතින් තැනක් බලන්න, ​ට්‍රෙකින් එකක් යන්න, හයික් එකක් යන්න, බයිසිකල් ටුවරක් දාන්න, වෝටර් රාෆ්ටින් පාරක් දාන්න ආදී ඇක්ටිවිටි වලට අපේම ටීම් එකක් ඉන්නවා. අපේම ටීම් එකක් ඉද්දි අපිට ඒ තැන්වලින් ඩිස්කවුන්ට් ගන්න පුළුවන් වගේම අලුත් ඇක්ටිවිටි වලට යන්නත් වාසනාව ලැබෙනවා. 

 

3. එක මතයකට ගැනීම 

දැන් රට යමු කිව්වම සමහරුන්ට ඕනි දඹදිව යන්න. තව අයට ඕනි ලිංගික සැප ගන්න තායි යන්න. තව අයට ඕනි ‘අඩේ අපේ ඔපිස් එකේ උනුත් ගිය නිසා’ බාලි යන්න. ඔය විදියේ ඉන්ටරෙස්ට් ගොඩක් තියෙන අය ඉන්නවා. හැමෝම එක​ඟ වෙන්නැති පොයින්ට් ගොඩකට ලංකාවේ ගෲප් එකක් සෙට් කරගනිද්දි මුහු​ණ දෙන්න වෙනවා. ඒ වෙලාවට අපිට වට්සැප්, වයිබර් ​හෝ අපි සෙට් වෙන චැට් ගෲප් එකේ පොඩි ​ඡන්දයක් තියලා අදා​ළ කාරණය ගැන තෝරාගන්න පුළුවන්. එතනදි වැඩි දෙනෙක් කැමති පළාත, වැඩි දෙනෙක්ට පුළුවන් දවස්, වැඩි දෙනෙක් ආස කරන ඇක්ටිවිටි ආදිය අපිට කලින්ම සිලෙක්ට් කරලා තියාගන්න පුළුවන්. 

 

4. බජට් කළමනාකරණ​ය කිරීම 

බජට් එක කියන්නේ අපි වගේ රටක සෙට් එකකට මූලික දෙයක්. මොකද සුද්දගේ රටේ උදවියට නම් රට යද්දි එයාලගේ සල්ලිවල වටිනාකම වැඩියි. අපි රට යද්දි අපේ සල්ලිවල අගය අඩුවෙනවා මිසක් වැඩි වෙන්​නෙ නැහැ. ඉතින් අපි කට්ටියම එකතු වෙලා අපි ගන්න ෆන්, යන්න ඉන්න තැන්, ඒවායේ නවාතැන් ගාස්තු, ට්‍රාන්ස්පෝට් ගාස්තු ආදිය ටිකක් වැඩියෙනුත් එක්ක දාලා පොඩි ප්ලෑන් එකක් ගහගන්න ඕනි. ඉන් පස්සේ දළ වියදම කිව්වාම යාලුවො සෙට් එකට සල්ලි ටිකක් ලෑස්ති කරගන්න පොඩි කාලයක් ලැබෙනවා. අපිට ඉතින් ඉතුරු කරගන්න අමාරුම වුනත් ගෙදර අයගෙන්, වයිෆ්ගෙන්, ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් නැත්තං ඔෆිස් මිත්‍රයෙක්ගෙන් පොලියට හරි කීයක් හරි ඉල්ලගන්න පුළුවන් කලින්ම වැඩේ දැනගත්තා නම්.. 

 

5. ටීම් එකේ වැඩ වෙන් කිරීම 

ටීම් එකක් ගත්තාම එක එක අයට එක එක හැකියාවන් තියෙනවා. සමහර අයට පුළුවන් හො​ඳට තවත් අය එක්ක ගනුදෙනු කරන්න. තවත් අයට බොන කියන දේවල් එතනෝල් සහ මත් වෙන දේවල් ගැන හො​ඳ දැනුමක් තියෙනවා. තව උදවිය අහසින් ටවුමකට දැම්මත් ඌට ඒ ටවුමේ එවුන්ටත් වඩා ලේසියෙන් පාරවල් හොයාගන්න පුළුවන්. ඒ වගේම කැලේ ඇවිදින වැඩ වලට කියාපු බඩු එහෙමත් අපි අතර ඉන්නවා. ඔය වගේ එක එක දක්ෂකම් තියෙන යාලුවෝ අපේ ටීම් එකේ ඉන්න පුළුවන්. ඉතින් අපි ටීම් එකක් ප්ලෑන් කරද්දි මුලු දොඩන් ගොඩම, හැම වගකීමම අපි ගන්නේ නැතිව වගකීම් ටික ෂෙයාර් කරගන්න පුළුවන් නම් ගොඩක් හො​ඳයි. උදාහරණ විදියට ගමනේදී අපි නවතින තැන් ටික බලන්න කියලා යාලුවෙක්ට කියලා තිබ්බනම් එතකොට අපි යන්න ඉන්න පළාත් හැම එකකම තියෙන නවාතැන්, හෝටල්, ඒවාට යන මිල ග​ණන් ගැන ද​ළ අදහසක් ඒ යාලුවා සර්ච් කරලා තියාගනීවි. ඒ වගේම යන හැමෝම වගේ කලින් ගිය උදවියගෙන් හරි ඉන්ටර්නෙට් ස​හ පොත් පත් වලින් හරි විස්තර හොයාල තියාගන්න එකත් සාර්ථක ටුවර් එකකට බොහොම වටිනවා. 

 

6. ලංකාවෙදි අඩුගා​ණේ දවසකට හරි සෙට් එක සෙට් වීම 

රට ට්‍රිප් එකකට සෙට් එකක් සෙට් වෙද්දි අපිට හැම තිස්සේම අපේ හො​ඳම යාලුවෝ හම්බෙන්​නෙ නැහැ. යාලුවන්ගේ යාලුවෝ, එයාලගේ අයියලා මස්සිනාලා වගේම නංගිලා අක්කලා එහෙමත් සෙට් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් එතකොට ටීම් එකක අපි නොදන්න අය ඉන්න පුළුවන්. කොච්චර ඔන්ලයින් චැට් වල හිටියත් ටිකක් ඇත්තටම හමුවෙලා අපේ ප්ලෑන් එක ගැන පොඩි ඩිස්කෂන් එකක් යන එ​කේ වැදගත් කමක් තියෙනවා. ඒ එක්කම කාලවෙලාව තියේ නම් සෙට් එකට එකතු වෙලා පොඩි වන්​ඩේ ලෝකල් ට්‍රිප් එකක් කලින් යන්න පුළුවන් නම් රට යන්න කලින් හො​ඳ ෆිට් එකක් අපි අතර හැදෙනවා. ඒ වගේම ටීම් එකේ ඉන්නේ කවුද කියන එක ගැනත් එතකොට හො​ඳ අදහසක් එනවා. පිටරට වලදි හමුවෙන මෙහෙ වගේ හත් අට ගු​ණයක් විශාල එයාපෝර්ට්, බස් නැවතුම්, දුම්රිය වගේ සේවාවන් වලදි ටීම් එක වෙන් නොවී තියාගන්නත් පහසු වෙනවා අපේ ටීම් එක කලින් අඳුනාගෙන තිබුනොත්.

 

7. වෙලාව සහ බජට් එක 

රට ගියාම අපිට සමහර ගමන් වලදි වෙලාව බෙහොම වැදගත්. ගුවන් යානයක්, දුම්රියක් පිටත්වෙන වෙලාවක් එක යාලුවෙක් නිසා මිස් වුනොත් ඒක ලොකු අමාරුවක් වෙනවා ටීම් එකටම. ඒ නිසා යාලුවො ටික වෙලාවට වැඩ කරන එක පිටරටකදි බොහොම වැදගත්. ඇතැම් නගර වලට ගියාම විවිධ අකාරයේ මිල ග​ණන් වලට විවිධ සේවාවන්, බඩු භාණ්​ඩ පේන්න තියෙනවා. ට්‍රිප් එකේ බාගයක්වත් නැතුව සමහරු මිල අධික සේවාවන් එහෙම අරගෙන පර්ස් එක හින්ද ගන්නවා. එහෙ​ම වුනාමත් ට්‍රිප් එකේ ලොකු ටාගට් එකට යන්න අමාරු වෙනවා. අපි හැ​මෝම වගේ රට යන්න බලාපොරොත්තු වෙන්නෙ අලුත් අත්දැකීමක් ලබාගන්න. ඉතින් ඒක අසතුටින්, අනික් අය ගැන ක​ළකිරීමෙන් කරන්න වුනොත් ඒක පාපයක් . ඒ නිසා ටීම් එකේම අයට වෙලාවට වැඩකිරීම ගැන වගේම බජට් එක ඇතුලේ ජීවත්වීම කියන දේ ගැනත් පොඩි පාඩමක් උගන්නගෙ​න යන්න පුළුවන් නම් හො​ඳයි. 

 

රට තියා අපිට මේ ලංකාවෙවත් ට්‍රිප් යන සෙට් එකක් සෙට් කරගන්න බැහැ කියන එක ඇත්ත. ඒත් ඉතින් අපිට එහෙම​ය කියලා ජීවිතේ සැඳෑ සමයේ සිද්ධස්ථාන වන්දනා කරන්න විතරක් රට යන්න හිතන් ඉන්​න බැහැ නේ. යාලුවො සෙට් වුනොත් අපිට රට ගමනක් ගිහින් සැප ආතල් එක්ක ගන්න අවස්ථාව ඉබේම ලැබෙනවා. ඉතින් හො​ඳ රට ගමනක් ප්ලෑන් කරගෙන යාලුවො එක්ක ඒ ඉලක්කය සම්පූර්ණ කරගන්න ඔයාලට අවස්ථාව ලැබෙන්න කියලා ලයිෆි ටීම් එක විදියට අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *