කන්න ආස හිතෙන ඉතාලි අතුරුපස 7ක්

එක එක රටවල කෑම අත්හදා බලන්න අපි හරි ආසයිනේ. ඉතින් වෙනසකටත් එක්ක අද අපි ඉතාලිය පැත්තෙ යන්න හිතුවා. ඉතාලියේ රසම රස අතුරුපස ටිකක් හොයාගෙන තමයි ගියේ. මේවයින් සමහරක් නම් ඔයා කාලත් ඇති. ඒ වගේම කන්න හිතාගෙන ඇති. එහෙනම් කියවලා බලලා හදන්නකෝ අපිටත් එක්කම….

01. Italian Lemon Ricotta Cake

අවශ්‍ය ද්‍රව්‍ය:-
බිත්තර 3
සීනි කෝප්ප 1
Ricotta cheese කෝප්ප 1
ඔලිව්තෙල් කෝප්ප 1/2
පාන්පිටි කෝප්ප 1 1/2
බේකින් පව්ඩර් තේහැඳි 1/2
ලුණු පින්චක්
ග්‍රේට්කරගත් ලෙමන් පොතු ස්වල්පයක්
ලෙමන් යුෂ මේසහැඳි 2

  • බිත්තර හා සීනි හොඳට බීට් කරගන්න.
  • විනාඩි 20ක් විතර හොඳටම බීට් උනාම චීස් ටික පෙරලා එකතු කරන්න.
  • හොඳට බීට්කරගන්න.ඔලිව්තෙල් ටික දාගන්න.
  • නැවත විනාඩි 5ක් වගේ බීට් කරලා පාන්පිටි ටික එකතු කරන්න.
  • මේකට බේකින් පව්ඩර් හා ලුණුටික දාගන්න.
  • ලෙමන් පොතු ටික දාලා ලෙමන් යුෂ එකතු කරන්න.
  • හොඳට විස්ක් කරගන්න.
  • කැට නැති වෙනකල් විස්ක් කරලා බටර් ගාගත් ට්‍රේ එකකට දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 40ක් බේක් කරගන්න.

02. Boccone Dolce

අවශ්‍ය ද්‍රව්‍ය:-
බිත්තර සුදුමද 3
සීනි කෝප්ප 1/2
වැනිලා ස්වල්පයක්
ක්‍රීම් ඔෆ් ටාටාර් තේහැඳි 1
ස්ට්‍රෝබෙරි ගෙඩි7-8
බ්ලූබෙරි ස්වල්පයක්
හෙවි ක්‍රීම් කෝප්ප 1
චොක්ලට් සෝස් හෝ මෙල්ට් කරගත් චොක්ලට්

  • බිත්තර සුදුමද ටික හොඳට බීට් කරගන්න.
  • මේකට ක්‍රීම් ඔෆ් ටාටාර් හා සීනි ටික ටික දාලා ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න.
  • මේක ස්ටිෆ් උනාට පස්සෙ වැනිලා ටිකක් දාලා ස්පැචූලා එකෙන් පොඩ්ඩක් කලවම් කරගන්න.
  • දැන් මේක පයිපින් බෑග් එකකට දාලා පාච්මන්ට් පේපර් එකකට රවුමට පයිප් කරගන්න.
  • රවුම ඇතුලත් ෆිල් කරගන්න.මේ වගේ රවුම් 3ක් හදාගන්න.
  • දැන් මේක සෙල්සියස් අංශක 160ට පැය 2 1/2ක් බේක් කරගන්න.
  • පළතුරු ටික කපාගන්න.
  • හෙවි ක්‍රීම් එකත් ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න.
  • බේක් කරගත් මරැන්ග් ලේයර් එකක් උඩට හෙවි ක්‍රීම් ලේයර් එකක් දාගන්න.
  • ඊලඟට චොක්ලට් සෝස් ටිකක් දාලා පළතුරු ටික තියාගන්න.
  • මේ වගේ තව මරැන්ග් ලේයර් එකක් දාලා ක්‍රීම් හා චොක්ලට් සෝස් දාලා පළතුරු දාගන්න.
  • මේ විදියට ඔයාට කැමති ලේයර් ගානක් හදාගන්න පුලුවන්.උඩින් චොක්ලට් ඉහලා කෑමට ගන්න.

 

03. Cannoli

අවශ්‍ය ද්‍රව්‍ය:-
පාන්පිටි කෝප්ප 1
සීනි මේසහැඳි 2
ලුණු ස්වල්පයක්
බටර් තේහැඳි 1
බිත්තර කහමද 1

ෆිලින් එකට:-
Ricotta cheese කෝප්ප 1
වැනිලා ස්වල්පයක්
අයිසින් ශුගර් කෝප්ප 1/4
චොක්ලට් චිප්ස් ස්වල්පයක්

  • බෝල් එකකට පාන්පිටි, සීනි හා ලුණු දාලා කලවම් කරගන්න.
  • මේකට බටර් ටිකත් දාගන්න.
  • බිත්තර කහමදයක් විස්ක් කරලා එකතු කරන්න.
  • දැන් වතුර ටිකක් දාලා අතේ නොඇලෙන සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
  • මේක රැප් කරලා පැය 4ක් ෆ්‍රිජ් එකේ තියන්න.
  • පැය 4කින් එලියට අරන් ඩෝ එක පොඩ්ඩක් නීඩ් කරලා කොටස් 4කට කඩාගන්න.
  • දැන් මේ එක කොටසක් අරන් හොඳට තුනී කරගන්න.මේක හොඳටම තුනී වෙන්න ඕනේ.
  • ඊලඟට පොඩි රවුම් කපාගන්න.
  • ටිකක් මහත ස්ටික් එකක වටේ මේ රවුම ඔතලා කොන් දෙක වතුර ටිකක් ගාලා සීල් කරගන්න.
  • ස්ටික් එකක් නැත්තන් ෆොයිල් එකක් ඝනකමට ඔතලා අරන් ඒක වටේ ඔතාගන්න.
  • මේ ටික සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් වගේ බේක් කරගන්න.
  • දැන් හෙමින් ෆොයිල් එක හෝ මහත ස්ටික් එක ගලවගන්න.
  • බෝල් එකකට පෙරාගත් චීස් ටික දාගන්න.වැනිලා හා අයිසින් ශුගර් ටික දාගන්න.
  • මේ ටික හොඳට බීට් කරගන්න.
  • දැන් පයිපින් බෑග් එකකට මේ ෆ්‍රෝස්ටින් එක දාලා බේක් කරගත් කැනෝලි වලට පුරවගන්න.
  • චොක්ලට් චිප්ස් ටිකක් උඩින් ඉහගන්න.

 

04. Mango Panna Cotta

අවශ්‍ය ද්‍රව්‍ය:-
හොඳට ඉදුණු අඹ ගෙඩි 2
ජෙලටින්
කිරි කෝප්ප 1/2
අයිසින් ශුගර් කෝප්ප 1/2
වැනිලා ස්වල්පයක්
ලුණු
ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1

  • අඹ ටික පොඩි කෑලි වලට කපලා බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් ජෙලටින් තේ හැඳි 2ක් වතුර තේ හැඳි 2ක් එක්ක ඩබල් බොයිල් කරලා අඹ මිශ්‍රණයට දාලා කලවම් කරගන්න.
  • ඩෙසර්ට් ග්ලාස් කිහිපයක් ඇලේට වෙන්න නවලා සෙට් කරගෙන මේ අඹ පල්ප් එක දාගන්න.
  • පැය 2ක් ෆ්‍රිජ් එකේ සෙට්වෙන්න තියන්න.
  • ඒ අතරෙ කිරි මිශ්‍රණය හදාගමු.
  • කිරි ටික භාජනයකට දාලා රත් කරන ගමන් ජෙලටින් තේ හැඳි 2ක් දාලා කලවම් කරගන්න.
  • වැනිලා ටිකක් දාගන්න.
  • ලුණු ටිකකුත් දාලා කලවම් කරන ගමන් අයිසින් ශුගර් ටික එකතු කරගන්න.
  • අන්තිමට ෆ්‍රෙශ් ක්‍රීම් ටික දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න.
  • දැන් ෆ්‍රිජ් දාපු ඩෙසර්ට් ග්ලාස් ටික කෙලින් කරලා කිරි මිශ්‍රණය දාලා කූල් කරලා කෑමට ගන්න.

 

05. Tiramisu

අවශ්‍ය ද්‍රව්‍ය:-
ෆින්ගර් බිස්කට් 10 පමණ
සීනි ග්‍රෑම් 120
කොකෝවා පව්ඩර් මේසහැඳි 3
චොප්කරගත් චොක්ලට් මේසහැඳි 3
බිත්තර සුදුමද 3
බිත්තර කහමද 3
mascarpone cheese ග්‍රෑම් 500
කොෆී තේහැඳි 3
විප්ක්‍රීම් කෝප්ප 1
රම් ස්වල්පයක්
වැනිලා ස්වල්පයක්

  • බිත්තර කහමද හා සීනි ක්‍රීම් එකක් වෙනකල් බීට් කරගන්න.
  • මේකට චීස් ටිකත් දාලා හොඳට බීට් කරගන්න.
  • බිත්තර සුදුමද වෙනම ස්ටිෆ් වෙනකල් බීට් කරලා මේකට එකතු කරන්න.
  • විප්ක්‍රීම් වලට වැනිලා හා රම් දාලා බීට් කරගන්න.
  • මේ ඔක්කොම එකට කලවම් කරලා ෆෝල්ඩ් කරගන්න.
  • දැන් උණුවතුර වලට කොෆී දාලා දියකරගන්න.
  • ලේඩීස් ෆින්ගර් බිස්කට් මේ කොෆී වල පොඟවලා ග්ලාස් ට්‍රේ එකක අතුරගන්න.
  • දැන් උඩින් සාදාගත් ක්‍රීම් ලේයර් එකක් දාලා චොක්ලට් ටිකක් අතුරගන්න.
  • ඊලඟට උඩින් කොකෝවා පව්ඩර් ඉසගන්න.
  • මේ වගේ ලේයර්ස් 2-3ක් දාලා උඩින් කොකෝවා පව්ඩර් ඉහලා පැය 2ක් ෆ්‍රිජ් එකේ දාලා කෑමට ගන්න.

 

06. Affogato

අවශ්‍ය ද්‍රව්‍ය:-
විප්ක්‍රීම් මිලිලීටර් 250
වැනිලා ස්වල්පයක්
ටින්කිරි මිලිලීටර් 180
කොෆී පව්ඩර් තේහැඳි 2
චොක්ලට් චිප්ස් ස්වල්පයක්

  • විප්ක්‍රීම් ටික බීට් කරගන්න.
  • මේකට වැනිලා හා ටින්කිරි ටික දාලා ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න.
  • දැන් මේක ප්ලාස්ටික් කන්ටේනර් එකක දාලා පැය 8ක් ෆ්‍රීස් කරගන්න.
  • උණුවතුර කෝප්ප 1 1/2කට කොෆී පව්ඩර් දාලා දියකරගන්න.
  • කොෆී එක පෙන එනකල් පොඩ්ඩක් විස්ක් කරගන්න.
  • ඩෙසර්ට් ග්ලාස් එකකට සාදාගත් අයිස්ක්‍රීම් එකෙන් ස්කූප් දෙකක් දාලා රස්නෙ තියෙද්දිම කොෆී ටික ග්ලාස් එකෙන් භාගයක් පිරෙන්න දාගන්න.
  • උඩින් කොෆී වල පෙන ටිකක් දාලා චොක්ලට් චිප්ස් ඉසගන්න.

 

07. Italian Bread Pudding

අවශ්‍ය ද්‍රව්‍ය:-
කෑලි කපාගත් පාන් කෝප්ප 1
කිරි කෝප්ප 1
සීනි කෝප්ප 1/2
රේසින් මේසහැඳි 2
බිත්තර 2

වැනිලා සෝස් එකට:-

ටින්කිරි කෝප්ප 1/2
කිරි මේසහැඳි 2
බටර් මේසහැඳි 1
වැනිලා ස්වල්පයක්

  • කිරි ටික ලිපේ තියලා සීනි දාලා හැඳිගාන්න.
  • සීනි දියවුනාම මේක පාන් වලට වත්කරගන්න.
  • රේසින් ටික උණුවතුර භාජනයකට දාලාවිනාඩි 20ක් තියන්න.
  • පාන් වල වැඩි කිරි ටික පෙරලා භාජනයකට දාගන්න.
  • රේසින් ටිකත් පෙරලා දාගන්න.
  • මේකට බිත්තර 2 විස්ක් කරලා දාලා කෑලි හිටින්න කලවම් කරගන්න.
  • දැන් බටර් ගාගත් බේකින් ට්‍රේ එකකකට දාලා සෙල්සියස් අංශක180ට විනාඩි 25ක්බේක් කරගන්න.
  • ඒ අතරට වැනිලා සෝස් එක හදාගන්න.
  • පෑන් එකක් ලිපේ තියලා ටින්කිරි, කිරි, වැනිලා හා බටර් දාලා හැඳිගාන්න.
  • දැන් මේ සෝස් එක බේක් කරගත් බ්‍රෙඩ් පුඩින් එක උඩින් වත්කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *