සැරට කන්න ආස අයට සේවරි වොෆල්ස් රෙසිපීස් 7ක්

කවුරුත් ආසාවෙන් කන වොෆල්ස් එක එක රසින් හදාගන්න හැටි ඔන්න අපි ගෙනාවා. මේවා එක එක රසින් හදාගන්න පුළුවන්. වොෆල්ස් පැණි රසට වගේම සැරටත් හදනවා. අද අපි ගෙනාවෙ පැණි රසට අකමැති අයට කන්න සේවරි වොෆල්ස් රෙසිපි ටිකක්. සමහර අය හරියටම වොෆල්ස් හදන විදිය දන්නෙ නැත්තන් අපි ඒකත් කියලා දෙන්නම්. එහෙනම් අහගන්නකෝ. 

 

1. බේසික් වොෆල් (Basic Waffles)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි ග්‍රෑම් 250
  2. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1 1/2
  3. බිත්තර 2
  4. බේකින් පවුඩර් තේ හැඳි 2
  5. ලුණු ස්වල්පයක් 
  6. වැනිලා ස්වල්පයක් 
  7. මෙල්ට් කරගත් බටර් කෝප්ප 1/4

 

  • ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට් වෙනම කලවම් කරගන්න. ෆ්‍රෙශ් මිල්ක් වලට බිත්තර, වැනිලා හා මෙල්ටඩ් බටර් දාලා කලවම් කරගන්න. 
  • මේකට පිටි මිශ්‍රණය ටික ටික දාලා විස්ක් කරගන්න. වොෆල්ස් පෑන් එකකට බටර් ටිකක් ගාලා මිශ්‍රණය දාලා වොෆල්ස් හදාගන්න. 

 

 

2. සේවරි පම්කින් වොෆල්ස් (Savoury Pumpkin Waffles)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි කෝප්ප 1
  2. කුරුඳු කුඩු පින්ච් එකක්
  3. කරදමුංගු කුඩු පින්ච් එකක්
  4. ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
  5. බේකින් පවුඩර් තේ හැඳි 1/2
  6. බේකින් සෝඩා තේ හැඳි 1/4
  7. වට්ටක්කා පියුරී කෝප්ප 1
  8. චොප්කරගත් ළූණු මේස හැඳි 2
  9. චොප්කරගත් රෙඩ් බෙල්පෙපර් ටිකක්
  10. කිරි කෝප්ප 3/4

 

  • පාන්පිටි වලට කුරුඳු කුඩු, කරදමුංගු කුඩු, බේකින් පවුඩර්, ගම්මිරිස් හා බේකින් සෝඩා දාලා කලවම් කරගන්න. 
  • වට්ටක්කා පියුරි වලට කිරි, බෙල්පෙපර්, ළූණු දාලා විස්ක් කරගන්න. දැන් මේකට පිටි ටික ටික දාලා කලවම් කරගන්න. වොෆල්ස් අයන් එක හීට් කරලා මේ මිශ්‍රණයෙන් ටික ටික දාලා වොෆල්ස් හදාගන්න. 

 

3. චිකන් වොෆල්ස් (Chicken Waffles)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බේසික් වොෆල් මික්ස් එක (පළවෙනි රෙසිපි එකේ පරිදි)
  2. තම්බා පොඩි කරගත් චිකන් කෝප්ප 1
  3. චොප්කරගත් ළූණු ගෙඩියක්
  4. ගම්මිරිස්කුඩු කුඩු
  5. ලුණු
  6. චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
  7. ගාලික් පවුඩර් තේ හැඳි 1/3
  8. තෙල්

 

  • තෙල් ටික රත්වෙන්න තියලා ඒකට චොප්කරගත් ළූණු, ලුණු දාලා තෙම්පරාදු කරගන්න. 
  • ළූණු මැලවීගෙන එනකොට ඒකට චිකන් ටික එක්කම ගාලික් පවුඩර් දාලා කලවම් කරගන්න. හොඳට කලවම් වුණාම රස අනුව ගම්මිරිස්කුඩු දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න.
  • වොෆල් මික්ස් එක වොෆල් අයන් එකට දාලා ඒ මැදට හදාගත්ත චිකන් මික්ස් එක දාලා වොෆල් එක හදාගන්න.

 

4. චීස් වොෆල්ස් (Cheese Waffles)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිරි කෝප්ප 1
  2. ග්‍රේට් කරගත් ච්‍ර්ඩාර් චීස් කෝප්ප 1
  3. බිත්තර 2
  4. පාන්පිටි කෝප්ප 1
  5. බේකින් පවුඩර් තේ හැඳි 1/2
  6. මෙල්ටඩ් බටර් කෝප්ප 1/4
  7. ලුණු හා ගම්මිරිස්කුඩු 

 

  • කිරි හා බිත්තර හොඳට බීට් කරගන්න. පාන්පිටි හා බේකින් පවුඩර් කලවම් කරලා මේ මිශ්‍රණයට එකතු කරන්න.
  • ග්‍රේට්කරගත් චෙඩාර් චීස් ටිකත් දාලා කලවම් කරලා ආයෙ හොඳට බීට් කරන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න. 
  • මෙල්ටඩ් බටර් දාලා හොඳට බීට් කරගන්න. වොෆල්ස් අයන් එක හීට් කරලා මිශ්‍රණයෙන් ටිකක් දාලා වොෆල්ස් හදාගන්න. 

 

5. කොච්චි වොෆල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන්පිටි කෝප්ප 1
  2. කිරි කෝප්ප 1
  3. චොප්කරගත් කොච්චි ටිකක් 
  4. මෙල්ටඩ් බටර් කෝප්ප 1/4
  5. බේකින් පවුඩර් තේ හැඳි 1/2
  6. මිරිස්කුඩු තේ හැඳි 1/2
  7. ලුණු හා ගම්මිරිස්කුඩු 
  8. බිත්තර 2
  • පාන්පිටි, බේකින් පවුඩර් හා මිරිස්කුඩු දාලා හලාගන්න. වෙට් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික වෙනම හොඳට බීට් කරගන්න. 
  • මේකට පාන්පිටි මිශ්‍රණය ටික ටික දාලා කලවම් කරගන්න. චොප්කරගත් කොච්චි ටිකත් දාලා හැඳිගාන්න. 
  • දැන් වොෆල්ස් අයන් එක රත්වෙනකොට මිශ්‍රණයෙන් ටිකක් දාලා වොෆල්ස් හදාගන්න. 

 

 

6. බේකන් සවර් ක්‍රීම් වොෆල් (Bacon Sour Cream Waffle)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි කෝප්ප 1
  2. සවර් ක්‍රීම් කෝප්ප 1/2
  3. බිත්තර 2
  4. බේකින් සෝඩා පින්ච් එකක්
  5. බේකින් පවුඩර් තේ හැඳි 1/2
  6. බැද චොප්කරගත් බේකන් කෝප්ප 1/2

 

  • පාන්පිටි වලට බේකින් පවුඩර් හා බේකින් සෝඩා දාලා හලාගන්න. මේකට සවර් ක්‍රීම් දාලා කලවම් කරගන්න. 
  • බිත්තර කහමද වෙන් කරලා සුදුමද ටික ස්ටිෆ් වෙනකල් බීට් කරන්න. කහමද ටිකත් බීට් කරගන්න. දැන් බිත්තර සුදුමද ටික ස්පැතූලා එකෙන් කලවම් කරගන්න.
  • කහමද ටිකත් දාලා කලවම් කරලා චොප්කරගත් බේකන් එකතු කරන්න. වොෆල් අයන් එක රත් උනාම මිශ්‍රණයෙන් ටිකක් දාලා වොෆල්ස් හදාගන්න. 

 

7. පොටැටෝ වොෆල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් අල ගෙඩි 5
  2. තෙල් ස්වල්පයක්
  3. සූදුරු තේ හැඳි 1
  4. චොප්කරගත් අමුමිරිස් ටිකක්
  5. චොප්කරගත් කරපිංචා ටිකක්
  6. චොප්කරගත් ළූණු ගෙඩි 
  7. ලුණු හා ගම්මිරිස්කුඩු
  8. කහකුඩු තේ හැඳි 1/4
  9. මිරිස්කුඩු තේ හැඳි 1/2
  10. ලෙනන් යුෂ තේ හැඳි 2
  11. චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්

 

වොෆල් එකට

 

  1. පාන්පිටි කෝප්ප 
  2. බේකින් පවුඩර් තේ හැඳි 1
  3. බේකින් සෝඩා තේ හැඳි 1/2
  4. ලුණු ස්වල්පයක්
  5. බටර්මිල්ක් කෝප්ප 1 1/2

 

  • පෑන් එකකට තෙල් ටිකක් දාලා ලිපේ තියන්න. මේකට සූදුරු ටික දාලා බැදෙනකොට චොප්කරගත් අමුමිරිස්, කරපිංචා හා ළූණු දාලා තෙම්පරාදු කරගන්න. රස අනුව ලුණු, කහකුඩු හා මිරිස්කුඩු දාගන්න. 
  • ටිකකින් ලෙමන් යුෂ ටික එකතු කරන්න. ගම්මිරිස්කුඩු ටිකක් ඉහගන්න. ළූණු ටික හොඳට තෙම්පරාදු උනාම පොඩි කරගත් අල ටික දාන්න. චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකකුත් දාලා කලවම් කරගන්න. 
  • වෙනම බෝල් එකකට පාන්පිටි, බේකින් පවුඩර්, බේකින් සෝඩා හලලා දාලා ලුණු එකතු කරන්න. මේකට බටර්මිල්ක් කෝප්ප 1ක් ටික ටික එකතු කරමින් ලම්ප්ස් නැති බැටර් එකක් හදාගන්න. 
  • දැන් සාදාගත් අල මිශ්‍රණය මේකට ටික ටික දාලා කලවම් කරන්න. මේකට ඉතිරි බටර්මිල්ක් කෝප්ප1/2 දාලා තවත් හොඳට කලවම් කරන්න. 
  • දැන් බටර් ස්ප්‍රේ කරපු වොෆල් අයන් එකට මේ මිශ්‍රණයෙන් ටිකක් දාලා වොෆල්ස් හදාගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *