අලුත් අවුරුදු කාලෙට අපි ඒ කාලෙ ඒ තරමටම ආස ඇයි?

Aluth Awurudu Nostalgia

අපිට තාමත් අලුත් අවුරුද්ද කිවුවම ඇඟට අමුතු කික් එකක් එන එක නවත්තන්න බෑ. මොකද කියනවනං අපි ඒ ආතල් එකට ඒ කාලෙ ඉඳන්ම හුරු වෙලා හිටපු හින්දා. දැන් වෙද්දි අපේ ආතල් වෙනස් වෙලා තිබුනත් අපිට තාමත් ඒ කාලෙ ආතල් අමතක නෑ. කොටිම්ම කිවුවොත් තාමත් අවුරුද්දට කට්ටිය සෙට් වුනාම මුලින්ම කතාවෙන්නෙ ඒ කාලෙ අපි ගත්තු ආතල් ගැන කියන අතීත කාමෙ. මේ කියන්න යන්නෙ අපි ඒ කාලෙ අලුත් අවුරුදු කාලෙට ගත්තු ආතල් ගැන.

 

1. නිදහස

Aluth Awurudu Nostalgia

Source – cms.lk

මාස ගානක් සෙනසුරාදට ඉරිදට පෝයට ඇරෙන්න ගෙදර ඉන්න නැති වෙච්ච අපිට අලුත් අවුරුද්ද කියන්නෙ ඒ කාලෙ පුදුම ආතල් එකක්. දැන් මට්ටමෙන් හිතන්න එපා. ඒක වෙනම ආතල් එකක්. ඒකෙ තිබ්බ ලොකු නිදහසක්. ආයෙ අපි කවදාවත් ඉගෙන ගන්න ඕන නෑ වගේ නිදහසක් ඒ නිවාඩුව ඇතුළෙ තිබුනා. කරන්න තිබ්බ බකට් ලිස්ට් එක පිරිලා තිබුනෙ ආතල් දේවල් වලින්ම විතරයි. ගමේ යන්න, ටීවී එකේ ෆිල්ම් බලන්න, සෙල්ලං කරන්න, නිදාගන්න වගේ ආතල්ම දේවල් විතරක් කරන්න ඉතුරු වෙලා තියෙද්දි ඒකෙ සැප කියල වැඩක් නෑ.

 

2. ගම සහ ප්ලේස් එක

Aluth Awurudu Nostalgia

Source – blogger.com

ගම කියන්නෙ අලුත් අවුරුද්දට යන තැන්වලින් ප්‍රධානම තැනක්. ට්‍රිප් එකක් යනවට වඩා ආතල් එකක් ගමේ යන එකේ තියෙනවා. ගමේ තියෙන ආතල් කන්ද කියල නිම කරන්න බෑ. ඔක්කොම සොමි ටික තියෙන්නෙ ගමේ. ගමේ ඉන්න සෙට් එකත් අපි අලුත් අවුරුද්දට ගමේ එනකං බලං ඉන්න නිසා ගමේ ගියාම අපිට තියෙන ප්ලේස් එකත් වැඩියි. ඒ නිසා අපිට තවත් ආතල් වැඩියි.

 

3. අම්මලා කෙයා නොකිරීම

Aluth Awurudu Nostalgia

Source – youtube.com

ගෙදරදි සෙනසුරාදා ඉරිදාව වගේම පෝය දවස් අපිට නිවාඩුවක් වුනාට ඒකෙ එච්චර ලොකු ආතල් එකක් තිබුනෙ නෑ. හේතුව තමයි අම්මල හැම තිස්සෙම අපිට වාත වෙවී පාඩං කරපං කියල කියපු එක. නිදාගන්න නෑ, කාටූන් බලන්න නෑ,‍ සෙල්ලං කරන්න නෑ හැම වෙලේම තොට අනාගතේ කෙළ වෙන්නෙ හොඳම එකෙන් කිය කිය අම්මල අපිව බය කරනවා(දැන් ඉතිං ඒවයෙ ඇත්ත නැත්ත තේරෙනවා). ඒත් ගමේදි ඔය සෙල්ලං නෑ. අම්ම සද්දයක් දාපු ගමන් ආත්තම්ම අම්මට සද්දයක් දානව අවුරුදු නිවාඩුවෙවත් කොල්ලට නිදහසේ ඉන්න දීපං කියල. ඉතිං ආතල් දෙගුණයයි.

 

4. නෑදෑ පොඩි උන්

Aluth Awurudu Nostalgia

Source – Blogger.com

අවුරුද්දෙ ආතල් දෙගුණ තෙගුණ වෙන්නෙ ඒකට හරියන්න සෙට් එකක් ඉන්න නිසා. නෑදෑ කොල්ලො කු‍රුට්ටො ටික එකතු වුනාම දෙපැත්ත බෙදිලා ෆුට්බෝල් ගහන්න තරං සෙට් එකක් ඉන්නව. ඒ වගේම හැමෝටම මාස ගානක් එකතු වෙච්ච කතා ගොන්නක් තියෙනව. ඒ ටික කිය කිය සෙල්ලං කරනකොට අවුරුදු නිවාඩුවෙ කන්න මතක් වෙන්නෙත් නෑ.

 

5. රස ආකරේ

Aluth Awurudu Nostalgia

Source – knowsl.com

කන්න මතක් වෙන්නෙ නෑ කිවුවෙ බත්. හැබැයි කන්න නිතරම මතක් වෙන ජාති ටිකක් අවුරුදු කාලෙට තියෙනව. ආස්මී, කොකිස්, පැණි වළලු, කොණ්ඩෙ දිගම කැවුම් වගේ ආතල් කෑම ගොන්නක් පෙට්ටිවල දාලා සාලෙන්ම තියලා තියෙන්නෙ ඕන වේලක් කන්න. පුංචිම කාලෙ හැංගි මුත්තං කරන්නෙත් සාක්කු වල කොකිස් පුරවගෙන. කරස් ගාන සද්දෙට දොර මුළු අස්සෙ හැංගිලා ඉන්න උන් හොයාගන්න පුළුවන්.

 

6. සල්ලි

Aluth Awurudu Nostalgia

Source – medium.com

පුංචි කාලෙ ඉඳන්ම අපිට සල්ලි ප්‍රශ්න තිබුණා. ආර්ථිකේ මේ මට්ටමට අවුල් යන විත්තිය අපි ඒ කාලෙම දැනගෙන තිබ්බෙ. ඒකට ඉතිං බිස්නස් මයින්ඩඩ් අපේ තිබ්බ පොඩි පොඩි ඇජෙන්ඩාස්. අවුරුදු ඉවර වෙලා ගෙදර යද්දි ආතල් එක වගේම ඉස්කෝලෙ ගිහින් මිස්ටර් පොප් අරගන්න සල්ලිත් පොදි ගහගෙන යන්නම කියල දෙයියො දීපු නැකතක් තිබ්බ. ඒකට කියන්නෙ ගනුදෙනු කිරීම කියල.

 

7. ඔන්චිලි/ කැට/ ගං මූදු

Aluth Awurudu Nostalgia

Source – serendib.btoptions.com

අමතර ආතල් ලෙස දැක්විය හැකි කිහිපයක් තියෙනවා. කැට ගැහිල්ල සමහර ගංවල ලොකුවටම යනවා. ඒ ආතල් එක එසේ මෙසේ එකක් නෙවෙයි. ඊට හපං ඔංචිලි පැදිල්ල. ඔංචිල්ලාවෙන් හදාගත්තු සයිඩ් ගේම්ස් ටිකකුත් තිබුබ. කරකෝල අතාරින්න, කරේ නැගල පදින්න වගේ එවුව. අනික ඉතිං ගඟක් මූදක් නං පේන්නම බෑ. අම්මල එහාට මෙහාට ඩිස්මිස් වෙනකං ඉඳලා ගඟකින් මූදකින් ගන්න සැප. දැන් අරගෙන වැඩක් නෑ. ඒ කාලෙ තමයි ඒවා ගන්න තිබ්බෙ.

 
Cover Image Source – blogspot.com / facebook.com / youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *