පීසා ඩෝ එක තියෙන්නෙ පීසා හදන්නම විතරද? නෑ නෑ ඒකෙන් තව කෑම ජාති ගොඩක් හදන්න පුළුවන්. කෑම ජාති හදනකොට සාම්ප්‍රදායෙන් පොඩ්ඩක් පිට පැනලා තමන්ගෙ ටේස්ට් එක අනුව රෙසිපි ට්‍රයි කළාට කවුරුත් මොකුත්ම කියන්නෙ නෑ. මේ තියෙන්නෙ එහෙම හදන්න පුළුවන් රෙසිපි ටිකක්. කට්ටිය ට්‍රයි කරලා බලමු. පීසා ඩෝ එක හදන හැටි අපි කලින් කියල දීල තියෙනවනෙ. ඒකත් හදාගෙනම වැඩේට බහිමු.
1. ස්ටික් පීසා
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් මශෲම් කෝප්ප 2
- චෙරි තක්කාලි කෝප්ප 2
- ලියාගත් ළූණු ගෙඩි 1
- කොටු කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
- පීසා ඩෝ ග්‍රෑම් 500
- ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1
- සොසේජස් කරල් කිහිපයක්
- පීසා සෝස් කෝප්ප 1
- සොසේජස් ටික පෙති කපලා බැදගන්න. මශෲම් ටික උණු වතුර ටිකක් දාල භාගෙට තම්බගන්න. තක්කාලි දෙකට කපාගන්න. පීසා ඩෝ එක තූනී කරලා තරමක තීරු කපාගන්න.
- දැන් කෙබාබ් ස්ටික් එකක් අරගෙන පීසා ඩෝ තීරුවේ එක කෙළවරක් ස්ටික් එකේ යටටම වෙන්න ගහන්න.
- ඊටපස්සෙ සොසේජස්, බෙල්පෙපර්, මශෲම්, තක්කාලි ගහලා පීසා තීරුව එළවළු වටේ ඔතාගෙන උඩින් ස්ටික් එකට සම්බන්ධ කරන්න. (පින්තූරය බැලුවම පැහැදිලි වෙයි)
- මොසරැල්ලා චීස් උඩින් දාලා 180°ට විනාඩි 10ක් වගේ බේක් කරගන්න. පීසා සෝස් එක්ක කෑමට ගන්න.
2. Herbed cheese sticks
අවශ්‍ය ද්‍රව්‍ය
- පීසා ඩෝ ග්‍රෑම් 500
- ගාලික් පව්ඩර් තේ හැඳි 1
- ඔලිව්තෙල් ස්වල්පයක්
- ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1
- පාමසාන් චීස් කෝප්ප 1
- පීසා සෝස්
- වියළි ඔරිගානෝ තේ හැඳි 1
- අවන් එක සෙල්සියස් 200°ට ප්‍රීහීට් කරගන්න. පීසා ඩෝ එක තුනී කරගන්න.
- මේකෙන් අඟල් 6ක් දිග අඟලක් පළල කෑලි කපලා ඔයිල් බ්‍රශ් කරගත් බේකින් ශීට් එකක් උඩ තියාගන්න.
- චීස් වර්ග දෙක, ගාලික් පවුඩර් සහ ඔරිගානෝ එකට කලවම් කරගන්න.
- පීසා ඩෝ උඩ ඔලිව් තෙල් ටිකක් ගාලා හදාගත්ත චීස් මිශ්‍රණය ලේයර් එකක් දාගෙන සෙල්සියස් 180°ට විනාඩි 10ක් බේක් කරගන්න.
- පීසා සෝස් සමඟ පිළිගන්වන්න.
3. මෆින් ටින් පීසා
අවශ්‍ය ද්‍රව්‍ය
- තක්කාලි සෝස් කෝප්ප 1
- තක්කාලි පේස්ට් කෝප්ප 1
- වියළි බේසිල් තේ හැඳි 1
- චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
- සීනි තේ හැඳි 1/4
- පීසා ඩෝ ග්‍රෑම් 500
- ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1
- චොප්කරගත් මශෲම් කෝප්ප 1
- චොප්කරගත් බ්‍රෝකොලි කෝප්ප 1
- අවන් එක සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගන්න.
- තක්කාලි සෝස්, පේස්ට්, බේසිල්, සුදුළූණු එකට දාලා කලවම් කරගන්න. පීසා ඩෝ එක තුනී කරලා තරමක කොටු කෑලි කපාගන්න. මේක මෆින් ට්‍රේ එකේ බස්සන්න පුළුවන් සයිස් එකට කපාගන්න ඕන.
- බටර් ගාගත් මෆින් ට්‍රේ එකකට මේ ඩෝ ටික දාලා හදාගත්තු සෝස් මිශ්‍රණයෙන් හැන්ද බැඟින් දාලා චීස්, මශෲම් හා බ්‍රෝකොලි පුරවලා උඩින් තවත් චීස් ටිකක් දාලා ක්‍රස්ට් එක ගෝල්ඩන් බ්‍රවුන් වෙනකල් බේක් කරගන්න. විනාඩි 20ක් වගේ ඇතිවෙයි. අවන් එකෙන් අවන් එකට උෂ්ණත්වය වෙනස් නිසා කාලය අඩු වැඩි වෙන්න පුළුවන්.
4. Pull Apart Pizza
අවශ්‍ය ද්‍රව්‍ය
- පීසා ඩෝ ග්‍රෑම් 500
- කපාගත් පෙපරෝනි හෝ හැම් කෝප්ප 3
- ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1
- පාමසාන් චීස් කෝප්ප 1
- චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
- ඔලිව්තෙල් කෝප්ප 1/4
- චොප්කරගත් සුදුළූණු ස්වල්පයක්
- ඩෝ එක පොඩි පොඩි කෑලි වලට කඩාගන්න. ඒකට චොප්කරගත් පාස්ලි, සුදුළූණු, තෙල්, චීස් හා කපාගත් පෙපරෝනි දාලා හොඳට කලවම් කරන්න.
- දැන් මේක තෙල් ගාගත් රවුම් ට්‍රේ එකකට දාලා ප්‍රෙස් කරගෙන 180°ට විනාඩි 35ක් බේක් කරගන්න. මැද බේක් වෙලාද බලලා අවන් එකෙන් බාගන්න.
5. Italian Meat Stromboli
අවශ්‍ය ද්‍රව්‍ය
- පීසා ඩෝ ග්‍රෑම් 500
- පීසා සෝස් කෝප්ප 1
- ගාලික් පව්ඩර් තේ හැඳි 1/4
- ඔරිගානෝ තේ හැඳි 1/4
- චීස් ස්ලයිසස් ටිකක්
- ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1
- කපාගත් බෙල්පෙපර් කෝප්ප 1
- චොප්කරගත් ළූණු ගෙඩි 1/2
- කපාගත් මශෲම් කෝප්ප 1
- පාමසාන් චීස් ස්වල්පයක්
- හැම් පෙති කිහිපයක්
- ඩෝ එක නීඩ් කරලා ඔයිල් ගාපු භාජනයකට දාලා පැයක් වහලා තියාගන්න. අවන් එක සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගන්න. පීසා සෝස් එකට ඔරිගානෝ හා ගාලික් පව්ඩර් වලින් භාගයක් මික්ස් කරගන්න. ඩෝ එක හොඳට නීඩ් කරලා කොටු හැඩයට තුනී කරගන්න.
- සෝස් එක ඩෝ එකේ වටෙන් අඟලක් ඉතුරු වෙන්න ඩෝ එක පුරාම ගාගන්න. ඒකට උඩින් හැම්, චීස්, මශෲම්, ළූණු, හා බෙල්පෙපර් අතුරල ස්විස් රෝල් එක වගේ කොණක ඉඳලා රෝල් කරගන්න.
- මේකට උඩින් ඉතිරි ගාලික් පව්ඩර් හා ඔරිගානෝ ඉහලා පරිස්සමට ලෙහෙන්නෙ නැතිවෙන්න ඔයිල් බ්‍රශ් කරපු ට්‍රේ එකකට දාලා 180°ට විනාඩි 20ක් බේක් කරගන්න. පෙති කපලා පිළිගන්වන්න.
6. Triple tomato Flatbread
අවශ්‍ය ද්‍රව්‍ය
- පීසා ඩෝ ග්‍රෑම් 500
- ඔලිව්තෙල් ස්වල්පයක්
- චොප්කරගත් තක්කාලි ගෙඩි 3-4
- චොප්කරගත් බේසිල් කොළ ටිකක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස්
- තක්කාලි පෙති කිහිපයක්
- පීසා ඩෝ එක තුනී කරලා සාමාන්‍ය කොටු කපාගන්න. මේක ග්‍රිල් ට්‍රේ එක උඩ තියලා විනාඩි 4ක් ග්‍රිල් කරගන්න.
- ඊළඟට චොප්කරගත් තක්කාලි වලට ලුණු, ගම්මිරිස්කුඩු, බේසිල්, ඔලිව්තෙල් ටිකක් දාලා කලවම් කරගන්න. හොඳට කලවම් කරගෙන මේක පීසා ඩෝ උඩින් දාගන්න.
- ඊළඟට චීස් දාලා උඩින් තක්කාලි පෙති ටිකක් අතුරලා 180°ට තවත් විනාඩි 4ක් 5ක් බේක් කරගන්න.
7. Caramelized Onion Calzone
අවශ්‍ය ද්‍රව්‍ය
- චොප්කරගත් ළූණු ගෙඩි 2
- බටර් මේස හැඳි 3
- සීසනින් පව්ඩර් තේ හැඳි 2
- රතු සීනි තේ හැඳි 2
- ග්‍රේට්කරගත් චෙඩාර් චීස් ස්වල්පයක්
- ග්‍රේට්කරගත් පාමසාන් චීස් ස්වල්පයක්
- පීසා ඩෝ ග්‍රෑම් 500
- චොප්කරගත් සුදුළූණු බික් 3-4
- බටර් හා ළූණු කලවම් කරලා. පෑන් එකකට දාලා ලිපේ තියන්න. මේකට චොප්කරගත් සුදුළූණු, සීසනින් පව්ඩර් හා රතු සීනි දාලා විනාඩි 2ක් තෙම්පරාදු කරගන්න.
- පීසා ඩෝ එක රවුමට තුනී කරල සාදාගත් ළූණු මිශ්‍රණය මේකට දාලා රවුමෙන් භාගෙකට ස්ප්‍රෙඩ් කරලා උඩින් චීස් ටික දාලා දෙකට නවාගෙන උඩින් ඔලිව් ඔයිල් ටිකක් බ්‍රශ් කරගෙන සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 20-25ක් බේක් කරගන්න.
Leave a Reply