ලේසියෙන් පහසුවෙන් හදන ක්‍රේප්ස් ෆිලින්ග්ස් 7ක්

උදේ ආහාරයට, බබාලගෙ ලන්ච් බොක්ස් එකට දාන්න එයාලා ආසම විදියට ක්‍රේප්ස් හදමුද?
මේක හරිම රස වගේම ලේසියෙන් රස ගොඩකින් හදාගන්න පුලුවන් කෑමක්. මේ ෆිලින්ස් ටික අනිවාර්යෙන්ම ට්‍රයි කරලා බලන්න එහෙනම්…..

මුලින්ම බේසික් ක්‍රේප්ස් හදන හැටි බලමු

බේසික් ක්‍රේප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය :-
බිත්තර 3
මෙල්ටඩ් බටර් මේසහැඳි 2
වතුර කෝප්ප 1
වැනිලා ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
සීනි කෝප්ප 1/2
පාන්පිටි කෝප්ප 1

  • බෝල් එකකට බිත්තර, මෙල්ටඩ් බටර්, වැනිලා හා වතුර දාලා හොඳට විස්ක් කරගන්න.
  • සීනි ටික දාලා රස අනුව ලුණු දාලා හොඳට විස්ක් කරගන්න.
  • අන්තිමට පාන්පිටි ටික දාලා කැට නැතිවෙනකල් විස්ක් කරගන්න.
  • දැන් පෑන් එකට මේ බැටර් එකෙන් ටිකක් දාලා දෙපැත්ත ෆ්‍රයි කරලා තුනී ක්‍රේප්ස් හදාගන්න.

01. Banana Filling

අවශ්‍ය ද්‍රව්‍ය:-
පොඩි කෑලි කපාගත් කෙසෙල් ගෙඩි 2
පෙති කැපූ කෙසෙල් 1/2
හෙවික්‍රීම් කෝප්ප 1
දෙහි යුෂ ස්වල්පයක්
මී පැණි ස්වල්පයක්
චොක්ලට් සෝස් ස්වල්පයක්

  • හෙවික්‍රීම් ටික ස්ටිෆ් පීක් වෙනකල් බීට් කරගන්න.
  • කෙසෙල් වලට දෙහි යුෂ දාගන්න.
  • දැන් මේකට ක්‍රීම් ටික දාලා කලවම් කරලා ක්‍රෙප්ස් වල අතුරගන්න.
  • මී පැණි ටිකක් වක්කරලා දික් අතට රෝල් කරගන්න.
  • උඩින් කෙසෙල් කෑලි තියලා චොක්ලට් සෝස් වත්කරගන්න.

02. Strawberry and Cream Filling

අවශ්‍ය ද්‍රව්‍ය :-
කපාගත් ස්ට්‍රෝබෙරි ගෙඩි 5
හෙවි ක්‍රීම් කෝප්ප 1
කුඩුකරගත් සීනි මේසහැඳි 2

  • හෙවික්‍රීම් වලට කුඩුකරගත් සීනි දාලා ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න.
  • මේකට කපාගත් ස්ට්‍රෝබෙරි ටික දාලා කලවම් කරන්න.
  • දැන්මේක ක්‍රේප් එකේ එක් කාලක් වැහෙන්න දාලා දික් අතට නවාගන්න.
  • උඩිනුත් කපාගත් ස්ට්‍රෝබෙරි ටිකක් දාලා අයිසින් සුගර් ටිකක් ඉහගන්න.

03. Caramel Banana Filling

අවශ්‍ය ද්‍රව්‍ය:-
පෙති කපාගත් කෙසෙල් ගෙඩි 2
බටර් කෝප්ප 1/2
රතු සීනි කෝප්ප 1
කුරුඳු කුඩු ස්වල්පයක්
අයිසින් ශුගර් ස්වල්පයක්

  • පෑන් එකකට බටර් දාලා මෙල්ට් වෙනකොට රතුසීනි ටික දාන්න.
  • සීනි මෙල්ට් වෙනකොට කුරුඳු කුඩු දාලා කලවම් කරලා කැරමල් එක හදාගන්න.
  • මේකට කෙසෙල් පෙති ටික දාලා කලවම් කරගන්න.
  • දැන් කේප් එකක් අරන් මේ ෆිලින් එක කාලක් වැහෙන්න දාලානවාගන්න.
  • උඩින් අයිසින් ශුගර් ටිකක් ඉසගන්න.

04. Chicken Cheese Crepes

අවශ්‍ය ද්‍රව්‍ය:-
අඹරාගත් මස් කෝප්ප 1
මිරිස්කුඩු තේහැඳි 1
තුනපහකුඩු තේහැඳි 1/2
කහකුඩු තේහැඳි 1/2
ලුණු ස්වල්පයක්
චොප්කරගත් ළූණු ගෙඩි 1
චොප්කරගත් සුදුළූණු ස්වල්පයක්
තෙල් ස්වල්පයක්
ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් ස්වල්පයක්

  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට සුදුළූණු හා ළූණු දාලා තෙම්පරාදු කරගන්න.
  • මේකට මිරිස් තුනපහ සියල්ලම දාලා හැඳිගාලා රස අනුව ලුණු දාගන්න.
  • ටිකකින් චිකන් ටික දාලා හොඳට කලවම් කරගන්න.
  • චිකන් ටික තැම්බෙනකල් වහලා පිසගන්න.
  • දැන් මේක ලිපෙන් බාලා ක්‍රේප්ස් මැදට තියලා ග්‍රේට්කරගත් චීස් ටිකක් දාගන්න.
  • දැන් මේක කැමති විදියකට නවලාවිනාඩියක් මයික්‍රොවේව් කරගන්න.

05. Egg Filling

අවශ්‍ය ද්‍රව්‍ය:-
බිත්තර 3
චාට් මසාලා තේහැඳි 2
කහකුඩු තේහැඳි 1/2
ලුණු හා ගම්මිරිස්කුඩු
චොප්කරගත් ළූණු ගෙඩියක්
චොප්කරගත් ළූණුකොළ ස්වල්පයක්
තෙල් ස්වල්පයක්

  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් ළූණු ටික දාගන්න.
  • ටිකකින් චාට් මසාලා, කහකුඩු හා රස අනුව ලුණු හාගම්මිරිස්කුඩු දාගන්න.
  • මේ ටික හොඳට තෙම්පරාදු උනාම බිත්තර ටික දාලා කලවම් කරගන්න.
  • පොඩි කෑලි වෙනකල් හොඳට මෑශ්කරගන්න.
  • බාන්න කිට්ටුව ළූණුකොළ ටික දාලා කලවම් කරගන්න.
  • දැන් ක්‍රේප් එකක් අරන් මිශ්‍රණය දාලා කැමති විදියකටනවාගන්න.

06. Mushroom Filling

අවශ්‍ය ද්‍රව්‍ය:-
කපාගත් මශෲම් කෝප්ප 1
කපාගත් ළූණු ගෙඩි 1
තෙල් ස්වල්පයක්
ලුණු හා ගම්මිරිස්කුඩු
මිරිස්කුඩු තේහැඳි 1/2
කහකුඩු තේහැඳි 1/4
තක්කාලි සෝස් ස්වල්පයක්

  • පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න.
  • ටිකකින් කපාගත් මශෲම් ටිකත් දාගන්න.‍
  • මිරිස්කුඩු, කහකුඩු හා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු ඉසගන්න.
  • මශෲම් ටික හොඳට තැම්බෙනකල් වහලා පිසගන්න.
  • ඊළඟට ක්‍රේප්ස් අරන් මැදට ෆිලින් එකෙන් තියලා වහලා උඩින් ටොමැටෝ සෝස් ටිකක් වක්කරගන්න.

07. Berry Filling

අවශ්‍ය ද්‍රව්‍ය:-
රාස්බෙරි කෝප්ප 1
බ්ලූබෙරි කෝප්ප 1
බ්ලැක්බෙරි කෝප්ප 1
සීනි කෝප්ප 1/2
ලෙමන් යුෂ ස්වල්පයක්
ක්‍රීම්චීස් කෝප්ප 1
සීනි කෝප්ප 1/4

  • භාජනයකට රාස්බෙරි, බ්ලූබෙරි, බ්ලැක්බෙර, සීනි හා ලෙමන් යුෂ දාලා ලිපේ තියන්න.
  • සීනි දිය වෙලා පළතුරු ටික ස්ටූ වෙනකොටලිපෙන් බාගන්න.
  • ක්‍රීම්චීස් වලට සීනි දාලා බීට් කරන්න.
  • දැන් කේප්ස් අරන් මුලින්ම ක්‍රීම්චීස් වලින් භාගයක් ස්ප්‍රෙඩ් කරලා ඒක උඩින්බෙරි ස්ප්‍රෙඩ් එක දාගන්න.
  • දැන් කැමති විදියකට නවාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *