සෙක්ස් කරමින් ඉන්න අතරවාරයේදී වැඩේ කරගන්න බැරුව ගියොත් මොකද කරන්නේ?

දැන් ඔය අපි සෙක්ස් කරනවනේ. ඒක ඉතින් මහා අරුම පුදුම දෙයක් නෙවෙයි කියන එක අපි කලින් ඉඳලම කියලත් තියෙනවනේ. සෙක්ස් කරනවා කියන්නේ ආතල් එකේ කරන්න පුළුවන්, ජීවිතේට අත්‍යාවශ්‍ය දෙයක්. හැබැයි සෙක්ස් කිරීමේ ප්‍රායෝගිකත්වය ගැන එහෙමත් අපිට පොඩ්ඩක් අවබෝධයෙන් ඉන්න වෙනවා, සාර්ථක සෙක්ස් ලයිෆ් එකක් ගෙනියන්න නම්. ඒ කියන්නේ ඔය වැඩිහිටියන්ට පමණයි සෙක්ස් පිචර් වල වගේ හරිම ලස්සනට, ගාණට, රූලට හැමදෙයක්ම වෙන්නෙ නෑ. ප්‍රායෝගික ලෝකෙදී සෙක්ස් කරන්න ගියත් ඔය ඩාම් වෙන ඩූම් වෙන තැන් තියෙනවා. අන්න එහෙම සෙක්ස් කරනකොට ඇතිවෙන්න පුළුවන් ප්‍රායෝගික ප්‍රශ්න වලින් එකක් ගමු. ඔන්න අපි ෆන් එකේ සෙක්ස් කර කර ඉන්නවා. හැබැයි සෙක්ස් කරනකොට මැද්දෙදී අපිට ලිංගික අප්‍රාණිකත්වය එනවා. ඒ කියන්නේ අපිට සෙක්ස් කරන එක එපා වෙලාමත් නෙවෙයි. ඒත් පුරුෂ ලිංගයේ ප්‍රාණවත් කම නැතිවෙලා ගිහිල්ලා. කොච්චර ආයෙ සෙක්සි දේවල් හිතුවත් ප්‍රාණවත් වෙන්නෙත් නෑ! දැන් මොකදැයි කරන්නේ?

 

ඇත්තටම සෙක්ස් කරන මැද්දෙදී පුරුෂ ලිංගයේ ප්‍රාණවත්කම නැතිවෙනවා කියන එක පිරිමියෙක් ලොකු ප්‍රශ්නයක් විදියට සලකන දෙයක්. එක පාරක් ඔහොම දෙයක් වුණාට පස්සේ මනුස්සයා ආයෙ ආයෙත් සෙක්ස් කරන එක මගාරින්න පවා ඉඩ තියෙනවා. හැබැයි ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක්ද? ඒකට කරන්න පුළුවන් දේවල් මොනවද? ඒ තත්ත්වය හැන්ඩ්ල් කරගන්නේ කොහොමද? ආන්න ඒ ගැන තමයි මේ කතා කරන්න යන්නේ!

 

1. කලබල නොවෙන්න

මේක ඇත්තටම පිරිමියෙක් ටිකක් කලබල වෙන අවස්ථාවක්. ආන්න ඒ නිසා, කලබල නොවෙන එක ප්‍රධානතම කාරණාව. කලබල වුණොත් කොරොස් කටෙත් අතදාගන්න බැහැනේ. ඒ නිසා, පොඩ්ඩක් කලබල නොවී, හිතලා බලන එක තමයි මුලින්ම කරන්න තියෙන්නේ. සෙක්ස් කරන අතරවාරයෙදී ලිංගික අප්‍රාණීකත්වයක් ආවට, සමහර වෙලාවට ඒක අතිශයින්ම තාවකාලික තත්ත්වයක් වෙන්න පුළුවන්. බොහොම ලේසියෙන් ඒ වෙලාවෙම ආයෙමත් නිවැරදි කරගන්න පුළුවන් තත්ත්වයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවෙදී කලබල වුණොත් එහෙම, එහෙම නිවැරදි කරගන්න තියෙන ඉඩ තමයි නැතුව යන්නේ. අන්න ඒ නිසා තමයි කලබල නොවෙන්න කියලා කියන්නේ.

 

2. ඊගෝ හර්ට් කර නොගන්න

මෙන්න මේක නම් ඉතාම වැදගත් කාරණයක්. ගොඩක් වෙලාවට පිරිමියෙක් තමන්ගේ පුරුෂ ලිංගය පදනම් කරගෙන තමයි ලිංගික පෞරුෂත්වය ගොඩනගා ගන්නේ. අන්න එතකොට සෙක්ස් කරනකොට පුරුෂ ලිංගය අප්‍රාණික වුණොත්, ගොඩක් වෙලාවට පිරිමියෙක්ගේ ඊගෝ එකට තමයි රිදෙන්නේ. අපි කියන්නේ එහෙම හිතන්න එපා කියලා. ඊගෝ එක පුරුෂ ලිංගයෙන් වෙන් කරගන්න. සෙක්ස් කරනකොට ලිංගික අප්‍රාණිකත්වය ආවා කියලා තමන්ගේ පුරුෂත්වය නැතිවෙන්නෙ නෑ. තමන්ගේ තත්ත්වය හෑල්ලු වෙන්නෙත් නෑ. අන්න ඒක තේරුම් ගන්න. ඒ වගේම, ඒ ඊගෝ එක නිසා සිද්ධ වෙච්ච දේට පාට්නර්ට වැරැද්ද පටවන්න, පාට්නර්ව පහළට දාන්න එහෙම යන්නත් එපා.

 

 

3. ආයෙත් වැඩේට සෙට් වෙන්න පාට්නර්ගේ උදව්ව ගමුද?

අර වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ කරන්න පුළුවන් ඊලඟ දේ තමයි, ආයෙමත් වැඩේට සෙට් වෙන එක. එතකොට ආයෙමත් උත්තේජනයන් ලැබෙනකොට ලිංගික අප්‍රාණිකත්වය නැති වෙන්න හොඳ ඉඩක් තියෙනවා. ඒ නිසා ඒකට පාට්නර්ගේ උදව්ව ගන්න. ඕන නම් අපිට පුළුවන් පාට්නර්ව සතුටු කරන්න ටික වෙලාවක් යොදාගන්න. ඊට පස්සේ පාට්නර්ට පුළුවන් ආයෙමත් අපිට උත්තේජනය ලබාදෙන්න දේවල් කරන්න. අන්න එහෙම ගාණට වැඩේ ගලාගෙන යනකොට දන්නෙම නැතුව ලිංගික අප්‍රාණිකත්වය නැතිවෙලා යන්න හොඳ ඉඩක් තියෙනවා.

 

ඒ වගේම, තමන් සෙක්ස් කරද්දී කරමින් හිටි දේට වඩා වෙනස් දෙයක් කරන්න, වෙනත් විදියක සෙක්ස් ඇක්ට් එකකට යන්න එහෙමත් පුළුවන් මෙතනදී. උදාහරණයක් විදියට අපි සාමාන්‍ය රොමැන්ටික් විදියට නම් සෙක්ස් කරමින් හිටියේ, රෝල් ප්ලේ එකකට යන්න පුළුවන්. ටෝයිස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ වෙනස් දෙයක් කරලා බලන එකත් මෙතනදී සාර්ථක වෙන්න පුළුවන්!

 

4. මූඩ් එකට ඇවිත් බලමු 

ලිංගික අප්‍රාණිකත්වය ඇතිවෙන්න බලපාන්න පුළුවන් ප්‍රධාන හේතුවක් තමයි හරියට මූඩ් එකක් නැතිවීම. ඒ කියන්නේ, සෙක්ස් කරන්න ගියාට, ඒක කරන්නේ ඔළුවේ මොනවා හරි ප්‍රශ්න තියාගෙන වෙන්න පුළුවන්. එක්කෝ පාට්නර්ට ඕන නිසා වැඩේට බැස්සට අපේ අවධානය තියෙන්නේ වෙන අතක වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අපි ඉන්නේ මහන්සියෙන් වෙන්න පුළුවන්. ආන්න ඒ වගේ අවස්ථා වලදිත් ඔය ලිංගික අප්‍රාණිකත්වය ඇතිවෙන්න ඉහළ ඉඩක් තියෙනවා. දැන් මහන්සියෙන් නම් ඉන්නේ කරන්න දෙයක් නෑ. හැබැයි අපිට පුළුවන් පාට්නර් එක්ක ආයෙමත් මුල ඉඳලම හෙමිහෙමිහිට මූඩ් එකට එන්න. කොහොමත් සෙක්ස් කියන්නේ පැන්න ගමන් ඇතුළට දාගන්න ටයිප් එකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඒ නිසා ආදර කතා, සිපවැළඳගැනීම් වගේ දේවල් වලට වැඩි කාලයක් දීලා හෙමිහෙමිහිට මූඩ් එකට ගාණට එනකොට ටූල් එක ගාණට වැඩ කරයි!

 

 

5. ටූල් එක ප්‍රාණවත් නැතත් සෙක්ස් කරන්න බැරි නෑ

 

ඇත්තටම සෙක්ස් කරන්න තමන්ගේ ලිංගේන්ද්‍රිය අත්‍යාවශ්‍යද? උත්තරේ නැහැයි කියන එක තමයි. අපි කියමු මොකක් හරි නිසා ආයෙමත් ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වෙන්නෙ නැහැ කියලා. හැබැයි අපිට සෙක්ස් කරන්නත් ඕන කියලා. ඉතින් එතකොට ලිංගේන්ද්‍රිය ගැන නොහිතා, වෙනත් දේවල් වලින් සෙක්ස් කරන එක දිගටම කරගෙන යන්න. සමහර වෙලාවට එහෙම කරලා තමන්ට සුරතාන්තයකට යන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් පාට්නර්ව සතුටු කරන්න පුළුවනිනේ. ආන්න එහෙම හිතුවම ඇත්තටම හිතනවට වැඩියෙන් පාට්නර්ව සතුටු කරන්නත් පුළුවන්. සෙක්ස් ගැන වෙනම මානයක් සමහර වෙලාවට අහුවෙන්නත් පුළුවන්. ලිංගේන්ද්‍රිය කේන්ද්‍ර කරගෙන සෙක්ස් කරනවට වඩා තව කරන්න සෑහෙන්න දේවල් තියෙනවා කියන එක අහුවෙන්න පුළුවන්.

 

6. ආදරෙන් වෙලාවක් ගත කරන්න ටූල් අදාළ නෑ

හරි, අපි කියමු දැන් ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වෙන්නෙත් නෑ. ආයෙ සෙක්ස් කරන්න මූඩ් එකක් එන්නෙත් නෑ කියලා. එහෙමයි කියලා දෙන්නා වැඩේ එපා වෙලා නැගිටලා යන්න ඕනෙද? කොහෙත්ම නෑ. ඇයි දෙන්නට එතනින් එහාට තුරුල් වෙලා ආදරෙන් වෙලාවක් ගත කරන්න බැරි? සෙක්ස් කරන්න මූඩ් එක නැති වුණාට ආදරෙන් වෙලාව ගත කරන්න මූඩ් එක නැතිවෙන්න විදියක් නැහැනේ. අන්න ඒ නිසා, එතනින් එහාට පොඩ්ඩක් දෙන්නා තුරුල් වෙලා ඉන්න, ආදරෙන් කතාබහ කරන්න, ආදරෙන් සිපවැළඳ ගන්න වගේ දේවල් වලට ඉඩ දෙන්න. සමහර වෙලාවට දන්නෙම නැතුව ආයෙමත් මූඩ් එකත් ඇවිල්ලා, අප්‍රාණික වුණු ඒවා ප්‍රාණවත් වෙන්නත් ඉඩ තියෙනවා එතකොට!

 

7. සන්නිවේදනය අවශ්‍යයි

අපි හැමදාමත් කියන දෙයක් තමයි සෙක්ස් කියන දේට සන්නිවේදනය අත්‍යාවශ්‍යයි කියන එක. මේක දෙන්නෙක් අතර සිද්ධවෙන දෙයක්නේ. අන්න එතකොට ඒක අනික් කෙනා එක්ක කතාබහ නොකර, අනික් කෙනාගේ අදහස් දැනගන්නේ නැතුව කරන්න බැහැ. අන්න ඒ නිසා, සෙක්ස් කරන අතරතුරේදී මේ වගේ අබග්ගයක් වුණු වෙලාවටත් තමන්ගේ පාට්නර් එක්ක හරියට සන්නිවේදනය කිරීම අත්‍යාවශ්‍යයි. එතනදී අර උඩ මුලින් කියපු කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම ඊගෝ එකෙන් අත්මිදිලා සන්නිවේදනය කරන්න ඕන. පාට්නර්ට පැහැදිලිව සන්නිවේදනය කරන්න ඕන තමන් මේක ලොකු ඩීල් එකක් විදියට ගන්නෙ නැහැයි කියන එක. ඒ නිසා එයාටත් ඒක ලොකු අවුලක් කරගන්න අවශ්‍ය නෑ කියන එක කියන්න ඕන. ඒක අපිට ඊගෝ ප්‍රශ්නයක් නෙවෙයි කියන එක පැහැදිළිවම සන්නිවේදනය කරන්න අවශ්‍යයි.

 

ඒ එක්කම අවසාන වශයෙන් කියන්න දේකුත් තියෙනවා. මේ අපි කිව්වේ සෙක්ස් කරමින් ඉන්න අතරතුරදී ලිංගික අප්‍රාණිකත්වයක් ආවොත් කරන්න පුළුවන් දේවල් ගැනනේ. හැබැයි ඒක එක පාරක් විතරක් වෙන දෙයක් නෙවෙයි නම්, දිගින් දිගටමත් වෙන්න පුළුවන් දෙයක් නම් එක්කෝ වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවෙන්න ඕන. ඒ කියන්නේ ඔය පත්තර වල රහස් අත්බේත් කිය කියා ඇඩ්වර්ටයිස් කරන හොර බෙහෙත් වලට යොමු වෙන එක නෙවෙයි. නියම වෛද්‍යවරයෙක්ව මුණගැහිලා තත්ත්වය සාකච්ඡා කිරීම. හැබැයි එතනට යන්න කලින්, ගොඩක් දුරට තමන්ගේ ලයිෆ්ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් කරලා බලන එකත් ප්‍රතිඵලදායකයි. මත්පැන්, සිගරට් වගේ දේවල් අඩු කිරීම, තමන්ගේ එකතැන ඉන්න කම්මැලි ලයිෆ් එක වෙනස් කරලා හරි කෑම බීම සහ නිරන්තර ව්‍යායාම එක්ක ලයිෆ්ස්ටයිල් එක ඇක්ටිව් කරගත්තොත්, ඒත් ඔය ප්‍රශ්නේ ලේසියෙන්ම විසඳෙන්න තියෙන ඉඩ ඉතාම වැඩියි!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *