ඉතිහාසය තුළ නම රැන්දූ ක්ලියෝපැට්‍රා

ක්ලියෝපැට්‍රා කියන්නේ අදටත් අපි හැමෝම අතර ප්‍රසිද්ධ චරිතයක් කිව්වොත් හරි. අපි හැබැහින් දැකලා නැති වුණත් අපි අහල තියනවා ඇය ඉතාම සුන්දර කාන්තාවක්ය කියලා. ලෝකයේ එතෙක් මෙතෙක් ජීවත් වූ ලස්සනම කාන්තාවක් හැටියටත් ඇය ගැන සඳහන් වෙනවා. ඉතින් අපි අද ඇගේ ජීවිතය ගැන කතාකරමු…

 

1. උපත

ක්‍රි. පූ හැටනවයෙදී ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නුවරදී ඇය ඉපදුණා කියලායි ඉතිහාස පොත්වල සඳහන් වෙන්නේ. ඒ වගේම ඇය ඒ කාලේ ඊජිත්තුව පාලනය කරමින් හිටපු දොළොස්වන ටොලමි රජුගේ දියණිය කියලත් සඳහන් වෙනවා. ඒ වුණත් ඇගේ මව ගැන පැහැදිළි සඳහනක් හමුවන්නේ නැහැ. දොළොස්වන ටොලමි රජුගේ බිසවක වූ 5 වැනි ක්ලියෝපැට්රා ඇයගේ මව විය හැකි බවට තමයි වැඩි දෙනෙක් විශ්වාස කරන්නේ. 

 

2. වංශය

ඊජිප්තුවට ආසන්න මැසිඩෝනියා රාජ්‍යයේ බලවත් රජකෙනෙකු වුණු මහා ඇලෙක්සැන්ඩර් රජතුමා ඊජිප්තුවත් යටත් කරගන්නවා. ඊට පස්සේ ඔහු මියයනවා. ඔහු මියගියාට පස්සේ ඔහුගේ රාජ්‍යයන් ප්‍රධාන සෙන්පතියන් විසින් බෙදාගනු ලබනවා. ඉතින් මේ ඊජිප්තුව හිමි වෙන්නේ පළමුවන ටොලමිට. ඇලෙක්සැන්ඩර් රජුට පෙර මේ ඊජිප්තුව පාලනය කළේ පාරාවෝ වංශය. නමුත් ඔහුගේ පාලනයෙන් පසු මෙය හිමිවන ටොලමි අලුත් වංශයක් හදාගන්නවා ටොලමි නමින්. මේ වංශයේ අවසාන පාලිකාව තමයි මේ ක්ලියෝපැට්‍රා. ඒ වගේම ඇය විතරයි ඊජිප්තු භාෂාව ඉගෙනගත් ප්‍රථම පාලිකාව. වෙනත් කිසිම පාලකයෙක් ඊජිප්තු භාෂාව දැනන් හිටියේ නෑ. ඒ වගේම ටොලමි වංශිකයින් අනුගමනය කළ පියවරක් තමයි රාජ්‍ය උරුමය පිට යන එක වළක්වන්න සහෝදර සහෝදරියෝ අතර විවාහ සිදුකරන එක… 

 

3. රූප ස්වභාවය

 

ක්ලියෝපැට්‍රා කියපු ගමන් අපි හැමෝගෙම ඔළුවට එන්නේ රූප ස්වභාවයෙන් පිරිපුන් කාන්තාවකගේ රූපයක්. පුරාණ ජනප්‍රවාද වලට අනුව ක්ලියෝපැට්‍රා ඇගේ රූපය ලස්සන කරගන්න ලොකු සැළකිල්ලක් දැක්වුව බව සඳහන් වෙනවා. ඇය අනුගමනය කරපු එක ක්‍රමයක් තමයි බූරු දෙනුන් හත්සීයකගෙන් විතර දොවාගත් කිරිවලින් ස්නානය කරන එක. ඒ වගේම ඇය ගොඩාක් සුවඳ විලවුනුත් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මළ මුහුදට ආසන්නයේ තිබුණු සුවඳ විලවුන් කම්හලක් ඇයට හිමිව තිබුණා කියලාත්  ජනප්‍රවාදවල තියෙනවා…

 

4. සීසර්

ක්ලියෝපැට්‍රා ඇගේ සහෝදරයා වුණු 13 වන ටොලමි රජු සමග ඔවුන්ගේ සම්ප්‍රදාය අනුව විවාහ වෙනවා. ඊට පස්සේ ඇය 13 වන ටොලමි රජු සමඟ සම පාලනයක් ගෙනිච්චා වුණත් පස්සේ ඔහු බලයට තියෙන කෑදරකම හින්දා ක්ලියෝපැට්‍රාව පන්නවලා තනිව රාජ්‍යය පාලනය කරන්න ගන්නවා. ඔය අතරේ රෝමයේ තිබිච්චි අර්බුදයකුත් එක්ක ඇය සිරියාවට පැන යනවා. කොහොමහරි මේ කාලයේදී ජුලියස් සීසර් ඇයත් එක්ක සමීප වෙනවා. ප්ලූටාර්ක් කියන ඉතිහාසඥයා කියන විදියට සීසර් ඊජිප්තුවේ ඉන්න අවස්ථාවේ ක්ලියෝපැට්රා පාපිස්සක හැංගිලා ගිහින් සීසර්ගෙන් පාලනය ගන්න උදවු ඉල්ලා තිබෙනවා. ඔය අතරේ ඔවුන් දෙන්නා ආදරය කරන්න පටන් ගන්නවා. ඒ වෙනකොට ක්ලියෝපැට්‍රා 21 වන වියෙත් සීසර් 52 වන වියෙත් පසුවෙලා තියෙනවා. සීසර් 13 වන ටොලමිව පරාජය කරලා ක්ලියෝපැට්‍රාට රාජ්‍ය උරුමය ලබා දෙනවා. ඔය අතරේ ඇය සීසර්ට දාව සිසේරියන් නමින් පුතෙකු බිහිකරනවා. ක්‍රි. පූ 44 දී පමණ එක්තරා කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදියට සීසර් ඝාතනය වෙනවා. 13 වන ටොලමිගෙන් පස්සේ ඇය 14 වන ටොලමිවත් විවාහ කරගන්නවා පසුව ඔහුත් මියගිය නිසා ඇය ඒ වෙනකොට අවුරුදු 3ක වයසේ පසුවූ තම පුතුණුවන්ව විවාහ කරගත්ත බවටත් සමහර ඉතිහාස කතාවල සඳහන් වෙනවා. කොහොම නමුත් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳවනම් පවතින්නේ සැකයක්. 

 

5. මාර්ක් ඇන්තනි 

සීසර්ගේ මුණුබුරෙක් වුණු ඔක්ටේවියන්, ඔහුගේ සහයට සිටි මාර්ක් ඇන්ටනි සහ ලෙපිඩුස් නමින් නායකයින් දෙදෙනෙක්ද සමගින් රෝම අධිරාජ්‍යය කොටස් තුනකට බෙදාගෙන පාලනය කරනවා. මාර්ක් ඇන්ටනී පාලනය කරන්නේ නැගෙනහිර ප්‍රදේශයයි. ඔහු ක්ලියෝපැට්‍රාව තුර්කියේ නගරයට කැඳවනවා. ඒ මොහොතේ ඇයව දැකපු ඔහු ආදරයෙන් උමතු වෙනවා. මේ ආදර කතාවේ අග්‍රඵලයක් විදියට හෙලියෝස් හා සෙලේන් නමින් නිවුන් දරුවන් දෙදෙනෙක් ක්ලියෝපැට්‍රාට හිමි වෙනවා. හැබැයි ඒ වෙනකොටත් මාර්ක් ඇන්ටනී විවාහකයෙක්…

 

 

6. මරණය

කලින් සඳහන් කරපු ඔක්ටේවියන් රජතුමා මාර්ක් ඇන්ටනිට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. ඒ යුද්ධය ජේසු තුමන් ඉපදෙන්න කලින් සිද්ධ වුණු දරුණුතම යුද්ධය විදියටයි සැළකෙන්නේ. මේ භයානක යුද්ධයෙන් මාර්ක් ඇන්ටනීට හිමි වෙන්නේ පරාජයයි. ඉතින් මේ පරාජයත් එක්ක මාර්ක් ඇන්ටනී තමාගේ ජීවිතේ නැති කරගන්න තරම් මෝඩ වෙනවා. මේ තමන්ගේ ආදරවන්තයාගේ මරණයේ වේදනාව නිසා ක්ලියෝපැට්‍රා ඊජිප්තු නාගයෙක් හරහා විෂ එන්නත් කරගනිමින් සිය දිවි නසාගත් බවටත් සමහර ඉතිහාස කතාවල සඳහන් වෙනවා. ඊජිප්තුවේ අවසාන ටොලමි පාලකයා විදියට ඉතිහාසයට එක් වන්නේත් ඇයයි…

 

7. මූලාශ්‍ර 

ක්ලියෝපැට්‍රා ජීවත් වුණේ ගොඩාක් ඈත අතීතයකනේ. ඉතින් ඇය ගැන තොරතුරු ලබා ගන්න මූලාශ්‍ර කිහිපයක් හම්බවෙලා තියෙනවා. ප්ලූටාර්ක් නම් ඉතිහාසඥයා විසින් රචනා කරපු මාර්ක් ඇන්ටනිගේ ජීවිත කතාව නම් කෘතියේ ක්ලියෝපැට්‍රා ගැන ගොඩාක් තොරතුරු සඳහන් වෙනවා. ඒ වුණත් ඒක ලියවෙන්නේ ඇය මියගිහින් අවූරුදු සීයක විතර කාලෙකට පස්සේ. තව රෝම කවියෙක් වුණ හෝරස් රචනා කළ කාව්‍ය වලත් මේ ක්ලියෝපැට්‍රා ගැන සඳහන් කරලා තියෙනව. තව කැසියස් ඩියෝගේ රෝම ඉතිහාසය , සිසරෝගේ කෘති සහ ප්ලේවියස් රචනා කළ යුදෙව් යුද්ධය යන කෘති වලත් මේ ක්ලියෝපැට්‍රා ගැන සඳහන් වෙනවා… 

 

අදත් ඔයාලා වැදගත් දෙයක් දැනගත්තා කියලා අපි  හිතනවා. ඒ වගේම මේක යාළුවොත් එක්ක බෙදා ගන්නත්, ඔයාලගේ අදහස් අපිට කියන්නත් අමතක කරන්න එපා…

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *