උදෑසන ආහාරයට ෆ්‍රෙන්ච් ටෝස්ට් රෙසිපි 5ක්

බ්‍රෙක්ෆස්ට් එකට ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමක් තමයි ෆ්‍රෙන්ච් ටෝස්ට්. හැබැයි ඉතින් හැමදාම එකම විදියට කනකොටත් එපා වෙනවනේ. ඉතින් අද අපි ගෙනාවෙ ෆ්‍රෙන්ච් ටෝස්ට් හදන්න පුළුවන් රසම රස විදි කීපයක්. ට්‍රයි කරලා බලන්න. මේවා ඇත්තටම ලේසි රෙසිපි

 

1. කැරමලයිස්ඩ් ෆ්‍රෙන්ච් ටෝස්ට්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බටර් මේස හැඳි 4
  2. බිත්තර 6
  3. කිරි කෝප්ප 1/2
  4. පාන් පෙති කිහිපයක්
  5. සීනි කෝප්ප 
  6. වතුර කෝප්ප 1/2

 

  • බිත්තර, කිරි ලුණු දාලා බීට් කරගන්න. බටර් මේස හැඳි 2ක් පෑන් එකට දාලා රත්වෙන්න තියන්න. 
  • පාන්පෙති බිත්තර මිශ්‍රණයේ පොඟවලා පෑන් එකේ දාලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න. මේ වගේ පාන්පෙති සියල්ලම බිත්තර වල පොඟවලා බටර් මෙල්ට් කරගත් පෑන් එකේ දාලා දෙපැත්ත බැදගන්න. 
  • පාන්පෙති බැදගත්තට පස්සෙ ඒ පෑන් එකටම සීනි ටික දාගන්න. සීනි දුඹුරු පාටට උණු වෙනකොට වතුර ටිකක් දාලා කලවම් කරලා කැරමල් එක හදාගන්න. දැන් පාන්පෙති ටික මේකට එකින් එක දාලා කැරමල් එක පාන්පෙති දෙපැත්තෙම තවරගන්න. 

 

2. ජෙලි ඩෝනට් ෆ්‍රෙන්ච් ටෝස්ට්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තරමක් මහතට කපාගත් පාන්පෙති කිහිපයක් 
  2. බිත්තර 2
  3. කිරි කෝප්ප 1
  4. වැනිලා ටිකක් 
  5. ස්ට්‍රෝබෙරි ජෑම් කෝප්ප 1
  6. බටර් ටිකක් 
  7. අයිසින් ෂුගර් කෝප්ප 1/2

 

  • පාන් පෙත්තක් අරන් ඒකෙ එක පැත්තකින් පොකට් එක වගේ වෙන්න කැපුමක් දාගන්න හරස් අතට. ඒ පොකට් එකට ජෑම් පුරවගන්න. 
  • බිත්තර, කිරි හා වැනිලා දාලා විස්ක් කරගන්න. දැන් පාන්පෙත්ත අරගෙන මේ කිරි මිශ්‍රණයෙන් පොඟවලා බටර් මෙල්ට් කරගත් පෑන් එකකට දාලා දෙපැත්ත බැදගන්න. 

 

3. පම්කින් ෆ්‍රෙන්ච් ටෝස්ට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 4
  2. කිරි කෝප්ප 1
  3. වැනිලා ටිකක් 
  4. වට්ටක්කා පියුරි කෝප්ප 1/2
  5. ලුණු ටිකක්
  6. බටර් ටිකක් 
  7. පාන්පෙති කිහිපයක් 

 

පම්කින් බටර් එක සඳහා

 

  1. පම්කින් පියුරි කෝප්ප 1/2
  2. බටර් මේස හැඳි 3 
  3. මේපල් සිරප් මේස හැඳි 2
  4. ලුණු
  5. අයිසින් ෂුගර් හා මේපල් සිරප් ටිකක් සැරසීම සඳහා

 

  • බිත්තර, කිරි, ලුණු හා වැනිලා දාලා බීට් කරගන්න. මේකට වට්ටක්කා පියුරි එකත් දාලා හොඳට කලවම් කරලා පාන්පෙති ටික දාලා පොඟවගන්න. දැන් බටර් මෙල්ට් කරගත් පෑන් එකකට දාල දෙපැත්ත බැදගන්න. 
  • පම්කින් බටර් එක හදන්න බටර්, පම්කින් පියුරී, මේපල් සිරප් හා ලුණු දාලා කලවම් කරලා බටර් එක හදාගන්න. දැන් මේක පාන්පෙති වල ගාලා අයිසින් ෂුගර් ඉහලා උඩින් මේපල් සිරප් ටිකක් වක්කරගන්න. 

 

4. ක්ලැසික් ෆ්‍රෙන්ච් ටෝස්ට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පෙති කිහිපයක් 
  2. බිත්තර 5
  3. කිරි කෝප්ප 2
  4. සීනි කෝප්ප 1/2
  5. වැනිලා ටිකක් 
  6. ලුණු ටිකක් 

 

  • පාන්පෙති ටික පොඩි කෑලි වලට කපාගන්න. බිත්තර, කිරි, වැනිලා හා සීනි දාලා බීට් කරගන්න. රස අනුව ලුණු දාගන්න. 
  • දැන් පාන් කෑලි වලට මේ බිත්තර මිශ්‍රණය දාලා කලවම් කරගන්න. පොඩි කරගන්න එපා. පරිස්සමට කලවම් කරන්න. මෆින් ට්‍රේ එකකට බටර් ටිකක් ගාලා මේ මිශ්‍රණය දාලා සෙල්සියස් 180°ට විනාඩි15ක් බේක් කරගන්න. අයිසින් ෂුගර් ටිකක් උඩින් ඉහගන්න. 

 

5. පීනට් බටර් බනානා ෆ්‍රෙන්ච් ටෝස්ට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 2
  2. කිරි කෝප්ප 1
  3. වැනිලා ටිකක්
  4. ලුණු
  5. පෙති කපාගත් කෙසෙල් ගෙඩි 4
  6. පාන්පෙති කිහිපයක් 

 

  • බිත්තර, කිරි වැනිලා හා ලුණු දාලා විස්ක් කරගන්න. පාන්පෙති වල පීනට් බටර් ගාගන්න. ඒක මත කපාගත් කෙසෙල් අතුරලා තව පාන් පෙත්තකින් වහගන්න.
  • දැන් මේ පාන්පෙති දෙකම එකට අල්ලලා බිත්තර මිශ්‍රණයෙන් පොඟවගන්න. බටර් මෙල්ට් කරගත් පෑන් එකකට දාලා දෙපැත්ත බැදගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *