මේ කියන්න යන්නේ ත්‍රිකුණාමලයේ සංචාරය කරන්න ඉන්න ඔබ, ත්‍රිකුණාමලයේ ගිහින් යා යුතුම ස්ථාන පිළිබඳවයි. ඉතා ඉහල වැදගත්කමක් ඇති ඓතිහාසික ස්ථාන රැසක් ත්‍රිකුණාමලය සතුයි.
1. ෆෙඩ්රික් බලකොටුව
ෆෙඩ්රික් බලකොටුව 1623 වසරේ පෘතුගීසින් විසින් ඉදිකරන ලද බලකොටුවක්. ත්‍රිකුණාමලය ලෙස වර්තමාණයේ හදුන්වන එකල ගෝකණ්ණ ලෙස හැදින්වු මෙම වරාය ඇතුලත් ප්‍රදේශය චීන, අරාබි, ග්‍රීක, ඊජිප්තු වැනි වෙළෙඳුන්ගේ වෙළද මධ්‍යස්ථානයක් බවට පත්වෙලා තිබුණා. ක්‍රි.ව 1624 වන විට ත්‍රිකුණාමලයේ බලය අල්ලාගත් පෘතුගීසීන් එහි බලකොටුවක් තැනුවා. ක්‍රි.ව 1639 ත්‍රිකුණාමලයේ බලය ලන්දේසීන් අතට පත් වුණා. ඉන්පසු ලන්දේසීන් විසින් මෙම බලකොටුව තවත් පැතුරුන භූමි භාගයක ශක්තිමත්ව ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා. බලකොටුව පාමුල පිහිටි මුහුද ලන්දේසි වරාය ලන්දේසි බොක්ක නමින් ද හදුන්වනවා. ලන්දේසිගෙන් පසුව 1782 දී මේ බලකොටුව ඉංග්‍රීසීන්ගේ පාලනයට යටක් වනවා .
මෙන්න මෙතැන තමා ෆෙඩ්රික් බලකොටුව පිහිටා තියෙන්නේ ~
2. ගෝකන්න රජ මහා විහාරය
ගෝකන්න විහාරය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයකි.මහාවංශය, චූලවංශය වැනි පුරාණ මූලාශ්රයන්ට අනූව මහසෙන් රජ විසින් තුන්වන සියවසේදී ගෝකන්න විහාරය කරවා තිබේ.
මෙන්න මෙතැන තමා ගෝකන්න රජ මහා විහාරය පිහිටා තියෙන්නේ ~
3. කොනේශ්වරම් කෝවිල
ත්‍රිකුණාමලයට එන සංචාරකයින් අනිවාර්ය්යයෙන් යන තැනක් තමයි කෝනේශ්වරම් කෝවිල.
මෙන්න මෙතැන තමා කොනේශ්වරම් කෝවිල පිහිටා තියෙන්නේ ~
4. රාවණා කැපුම
පූජාවකින් අනතුරුව දෙවියන් විද්‍යාමන නොවීම හේතුවෙන් රාවණා රජු කඳු මුදුනේ දේවාලය ඉවත් කිරීම සඳහා කෝනේෂ්වර කන්ද සොලවා ඇති බවත්, එහිදී කන්ද මදක් හෝ නොසෙල්වීම හේතුවෙන් කෝපවූ රජු අත රැඳි කඩුවෙන් කැපුමක් සිදුකොට ඇති බවත් ජනප්රවාදයේ සඳහන්ය. එම ස්ථානය රාවණා කැපුම ලෙස හැඳින්වේ.
මෙන්න මෙතැන තමා රාවණා කැපුම පිහිටා තියෙන්නේ ~
5. සමුද්‍ර සහ නාවික ඉතිහාස කෞතුකාගාරය
ශ්‍රී ලංකාවේ සමුද්‍ර හා නාවික ඉතිහාස කෞතුකාගාරය ත්‍රිකුණාමලයේ ස්ථාපනය කොට තිබේ. එය 16 වන ශතවර්ශයෙහි ලන්දේසීන් මෙරටට පළමුව ගොඩබෑ ස්ථානය සේ සැළකෙන ත්‍රිකුණාමලය බලකොටුවට ආසන්නව ඉදි කොට ඇත.ශ්‍රී ලංකාවේ 65වන නිදහස් සැමරුම් වලට සමගාමීව 2013 වර්ෂයේ පෙබරවාරි 3 වන දිනදී මෙම කෞතුකාගාරය එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලදී. රටෙහි සමුද්‍රීය ඉතිහාසය, ජෙෙවවිවිධත්වය හා නාවුක සම්බන්ධතා පිළිබදවත්, වෙනත් නාවුක ක්ෂේත්රය හා සබැදි වස්තූන් ආදියත් මෙම කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනයට තබා තිබේ.
මෙන්න මෙතැන තමා සමුද්‍ර සහ නාවික ඉතිහාස කෞතුකාගාරය පිහිටා තියෙන්නේ ~
6. නාවික කෞතුකාගාරය
ත්‍රිකුණාමලය නාවික කෞතුකාගාරය (හුඩ්ස් ටවර් කෞතුකාගාරය ලෙසින්ද හැඳින්වේ) යනු, ත්‍රිකුණාමලයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික කෞතුකාගාරයකි. ත්‍රිකුණාමල අර්ධද්වීපයෙහි, ශ්‍රී ලංකා තටාකාංගනය අභ්‍යන්තරයෙහි, ත්‍රිකුණාමල ඇතුලත වරායට පිවිසුම අබියස උස් කඳුවැටියක, ඔස්ටන්බර්ග්හී මෙය පිහිටා ඇත. හුඩ්ස් ටවර් යනු කෞතුකාගාර භූමියේ පිහිටි නිරීක්ෂණ කුළුණක් වන අතර, නැගෙනහිර ඉන්දීය සේවා ස්ථානයෙහි හිටපු අණදෙන නිලධාරීයෙකුව සිටි වයිස්-අද්මිරාල් ශ්‍රීමත් සැමුවෙල් හුඩ් සිහිවීම පිණිස එම ගොඩනැගිල්ලට එම නම ලබා දී ඇත.
මෙන්න මෙතැන තමා නාවික කෞතුකාගාරය පිහිටා තියෙන්නේ ~
7. ඔරස් හිල් යුද හමුදා කෞතුකාගාරය
මෙම ස්ථානයට හිරු බැසයන වේලාවේදි දැකුම්කලු ත්‍රිකුණාමල වරාය ඉතාමත් සුන්දර දර්ශණයක් ගෙනෙන අතර, නිල් මුහුදෙන් වටවු ඉතා දුර්ලභ ස්වාභාවික දර්ශණයක් මවා පායි. විශේෂිත වු වෙන්කල ප්‍රදර්ශණ ප්‍රදේශවල පාබල අවි, සන්නාහ සන්නද්ධ රථ, කාලතුවක්කු ප්‍රදර්ශණය කර ඇති අතර, සම්පත් දායකයෙකු සහිත ශ්‍රව්‍ය දෘෂ්‍ය කුටිය මගින් සංචාරකයින් හට ප්‍රදර්ශණ භාණ්ඩ පිළිබදව දැනුමක් ලබාදෙයි. මෙහි පිහිටා ඇති සමහර කෞතුක භාණ්ඩ යටත් විජිත සමයට අයත් වන අතර එමෙන්ම 2009 දි නිමාවට පත් වු මානුෂිය මෙහෙයුමේදි ත්‍රස්ථවාදින් හට විරුද්ධව යොදා ගත් අවි ආයුධ ද ප්‍රදර්ශණය කර ඇත.
මෙන්න මෙතැන තමා ඔරස් හිල් යුද හමුදා කෞතුකාගාරය පිහිටා තියෙන්නේ ~
8. කොඩ් – බේ ධීවර වරාය
කොඩ්-බේ යනු ත්‍රිකුණාමල ප්‍රධාන ධීවර වරායයි. චීන වරායට යාබදවයි මෙය පිහිටා තිබෙන්නේ.
මෙන්න මෙතැන තමා කොඩ් – බේ ධීවර වරාය පිහිටා තියෙන්නේ ~
9. මාබල් බීච්
ඇත්තටම “මාබල් බීච්” කියන්නේ ක්‍රිකුණාමල බොක්කේම (වරායේම) එක වෙරළ තීරයක්. මෙතැන ජල තටාකයක් වගේ. ගැඹුරු නැහැ. වැලිතලාව හා ගල්පර වගේ තමයි තියෙන්නේ. හිරු එළියට ජල තලය මතින් වැටෙන රැස්දහරා අපූරු රටාවන් මේ නොගැඹුරු ජලතලයේ සිත්තම් කරනවා. “හරියට මාබල් ඇල්ලුවා වගේ” ඒ හින්ද තමයිලු මේක “මාබල් බීච්” වෙලා තියෙන්නේ.
මෙන්න මෙතැන තමා මාබල් බීච් පිහිටා තියෙන්නේ ~
10. නිලාවේලි වෙරළ
ලොව සතරඅත ප්‍රකටම වෙරළ තීරයක් වූ මෙම වෙරළ එදාමෙදාතුර දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක්ම විය. නැඟෙනහිර පළාතට අයත් ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කය ඇතුළත ලංකාවේ ස්වභාව සෞන්දර්යයේ විස්මිත තැන් සහ පෞරාණික වශයෙන් විශාල වැදගත්කමක් ඇති ඉපැරැණි ස්ථාන රැසක් ද පවතියි. නිරතුරු දෙස් විදෙස් සංචාරකයන්ගේ සුවිශේෂී අවධානයට පාත්රව වූ එම ස්ථාන අතර ගිම් නිවන සුදුමුදු වෙරළ සමඟ නිසසල මුහුදු තීරය නෙතට රසදුනක්න ගෙන එන සිත්තමක් වැනිය. විශාල ජල තටාකයක් වැනි නිලාවේලි මුහුදු තීරය ඉතාම චිත්තාකර්ෂණීය මන බඳිනා වෙරළ තීරයකි.
මෙන්න මෙතැන තමා නිලාවේලි වෙරළ පිහිටා තියෙන්නේ ~
11. පරෙවි දූපත ජාතික උද්‍යානය
පරෙවි දූපත ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ දෙකක් ජාතික සාගර උද්‍යාන වලින් එකකි. මෙම ජාතික වනෝද්‍යානය නිලාවැලි වෙරළට කිලෝමීටර් 1 පිහිටා ඇත. පරෙවි දූපත එය ජාතික උද්‍යානයක් ලෙස පිහිටුවන වුණේ 2003 දී 1963 දී අභය භූමියක් ලෙස නම් කරන ලදී.
මෙන්න මෙතැන තමා පරෙවි දූපත ජාතික උද්‍යානය පිහිටා තියෙන්නේ ~
12. කන්නියා උණු වතුර ළිං
අතීතයේදී මෙම ස්ථානයෙහි පැරණි බෞද්ධ විහාරයක් තිබූ බවට සාධක පවතියි. ඇතුළුවන ස්ථානයෙහි බෞද්ධ ආරාමයක නටඹුන් දැකගත හැකි වන අතර මෙම උණුදිය උල්පත් එම බෞද්ධ ආරාම සංකීර්ණයෙහි කොටසක් හා එකල භික්ෂූන් වහන්සේලා විසින් පරිහරණය කරනු ලැබ තිබෙන බැව්ද පැවසෙයි. එසේම බෞද්ධ ගොඩනැගිලි වල ශේෂ වූ නටඹුන් රැසක් මේ ප්‍රදේශය ආශ්‍රිතව විසිර පවතින අතර, ඉන් බොහොමයක් එල්ටීටීඊ යුධ සමයේදී විනාශයට පත්ව ඇති ආකාරයක් දැකගත හැකි වේ.
මෙන්න මෙතැන තමා කන්නියා උණු වතුර ළිං පිහිටා තියෙන්නේ ~
13. පොදු රාජ්‍ය මණ්ඩලීය යුධ සුසාන භූමිය
දෙවෙනි ලෝක මහා යුද්ධයේදී සටන් වැදී දිවිදුන් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල යුධ විරුවන්ගේ සිරුරු මෙහි තැම්පත් කර තිබෙනවා.
මෙන්න මෙතැන තමා පොදු රාජ්‍ය මණ්ඩලීය යුධ සුසාන භූමිය පිහිටා තියෙන්නේ ~
14. මනයවේලි වෙරළ
ත්‍රිකුණාමලයේ ඇති තවත් සුන්දර වෙරළ තීරයක් වන මෙහි කුඩා ධීවර ගම්මානයක්ද ඇත.
මෙන්න මෙතැන තමා මනයවේලි වෙරළ පිහිටා තියෙන්නේ ~
15. සේරුවිල මංගල රජ මහා විහාරය
සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත් වූ ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන අතර ඓතිහාසික සේරුවාවිල මංගල රජ මහා විහාරය සුවිශේෂී ස්ථානයක් හිමිවේ. මහා සෑයේ සම්බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර තිබීමත්. තපස්සු බල්ලුක වෙළෙඳ දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ලබා දුන් කේස ධාතූන් ගෙන් කොටසක් ද මෙහි තැන්පත් කර ඇති බව ධාතු වංසයේ සඳහන්ය. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම ඵෙතිහාසික විහාරස්ථානය වන්දනාමාන කිරීම සඳහා මුහුද හරහා මෙන්ම ගොඩබිම මතින් ද ගමන් කළ හැකි මාර්ග දෙකකි.
මෙන්න මෙතැන තමා සේරුවිල මංගල රජ මහා විහාරය පිහිටා තියෙන්නේ ~
16. වෙල්ගම් වෙහෙර
වෙල්ගම් වෙහෙර ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයට අයත් කට්ටුකුලම්පත්තුව, පෙරියකුලම ගම්මානයේ පෙරියකුලම වැව බටහිර අයිනට වන්නට පිහිටි ක්‍රි.ව පළමු සියවසයේදී පමණ කරවන ලද ඓතිහාසික බෞද්ධ පන්සලකි. දෙමළ බසින් ලියවුනු ශිලාලේඛන දැකගත හැකි ස්ථාන සුළු ප්‍රමාණයෙන් එකක් වන මෙය අතීතයේ දෙමළ බෞද්ධයන් වෙනුවෙන් ඇරඹූ පන්සලක් බවට සැලකේ
මෙන්න මෙතැන තමා වෙල්ගම් වෙහෙර පිහිටා තියෙන්නේ ~
17. ගිරිහඬු සෑය
ත්‍රිකුණාමලය-පුල්මුඩේ පාරේ විසි හත්වන හා විසි අටවන සැතපුම් කණු දෙක අතරින් හැරී සැතපුමක් පමණ දුර ගිය විට හමුවන තිරියාය නැමැති ගමට බටහිරින් මෙම මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇත. කඳුගැටයක් මුදුනේ පිහිටා ඇති දාගැබ තිරියායේ ගිරිහඬු වෙහෙර නමින් ප්රකටය. මෙහි විවිද යුගයන්ට අයත් විහාර ආරම හා පිළිම ගෙවල් රැසක් දැකිය හැකිය. මෙම කඳුගැටයට නැගීම පිණිස දකුණු පැත්තෙන් පඩිපෙලක් තිබේ. කන්දේ මුදුන සමතලා කිරීමෙන් පසුව මෙම කුඩා දාගැබ නිර්මාණය කර ඇත. පසුව එම දාගැබ විශාල කර ඇතිබවට දක්නට ලැබේ. එම දාගැබ වට කර ක්‍රිස්තු වර්ෂ අටවන සියවසෙදී පමණ වටදාගෙයක් සාදා ඇත.
මෙන්න මෙතැන තමා ගිරිහඬු සෑය පිහිටා තියෙන්නේ ~
18. ත්‍රිකුණාමල වරාය
ත්‍රිකුණාමලයේ භූ දේශපාලනික වැදගත්කම ඉහළ නංවන ප්‍රධානතම කාරණය වනුයේ, එහි ඇති වරාය ය. කිලෝමීටර් 56ක් පුරා පැතිරුණු වෙරළ තීරයක් සහිත ත්‍රිකුණාමල වරාය, ලොව හොඳම හා විශාලතම ස්වාභාවික වරායන් අතරින් එකක් ලෙස සැලකෙයි.
මෙන්න මෙතැන තමා ත්‍රිකුණාමල වරාය පිහිටා තියෙන්නේ ~
19. ලංකා පටුන සමුද්‍රගිරි විහාරය
සුප්‍රකට ලංකා පටුන ශ්‍රී සමුද්‍රගිරි රජමහා විහාරය අපට හමුවන්නෙ පාෂාණ පබ්බත විහාරය පසුකර මුහුදු අද්දරින් ඉදරියට ඇදෙන විට. මේ මාර්ගය එතරම් යහපත් තත්ත්වයක නැතත්, මුහුද බඩින් මුතූර් දක්වා ගමන් ගත හැකියි. තවත් කිලෝමීටර් 7-8 ක් ගියවිට අප බලාපොරොත්තුව පැමිණි ලංකා පටුන සමුද්‍රගිරි විහාරය අපට මුණගැහෙනවා. මෙය අන්කිසිවක් නොව හේමමාලා- දන්ත කුමරුන් විසින් කළිඟු රට සිට මෙහි වඩමවාගෙන පැමිණි ශ්‍රී දළදා වහන්සේ මෙම පුණ්යභූමියට රැගෙන ආ ස්ථානයයි.
මෙන්න මෙතැන තමා ලංකා පටුන සමුද්‍රගිරි විහාරය පිහිටා තියෙන්නේ ~
Cover Image Source – likethewheels.files.wordpress.com
Leave a Reply