ආයතනයක් එක්කෝ යම්කිසි නිෂ්පාදනයක් කරනවා. නැතිනම් සේවාවක් දෙනවා. ඔය විදියට යම් වැඩක් වෙනුවෙන් සංවිධානය වුණු ආයතනයක හුවමාරු වෙන තොරතුරු ගොඩයි. ඉස්සර නම් ඔය තොරතුරු පොත්වල ලිව්වා, කොළ විදියට ෆයිල් වල තිබුණා. ඊට පස්සේ කොම්පියුටර ආවා. කොම්පියුටර යුගේදි ආයතනයක සියලුම ගනුදෙනු ආදිය කම්පියුටරය හරහා කරන්න හුරු වුනා. කොටින්ම දැන් කාලේ ආයතනයකට රස්සාවකට ඇප්ලයි කරන්න තියෙන්නෙත් ඊමේල් හරහා. ඉතින් කම්පියුටරය ආ නිසා එක්සෙල්, වර්ඩ්, වර්ක්ෂීට්, මෙමෝ විදියට වැඩ කම්පියුටර් වල සේව් වෙන්න ගත්තා. ඉන් පස්සේ කාලෙක ලොකු සොෆ්ට්වෙයාර් ආවා. ඒවයින් එච් ආර් වැඩ පහසුකරගන්න, කස්ටමර් රිලේශන්ෂිප් වැඩිදියුණු කරගන්න, ඔඩිට් වැඩ කරගන්න, එකවුන්ට් ෆයිනෑන්ස් වැඩ කරගන්න, වැඩ ප්ලෑන් කරන්න ලැබුනා. ඊ ආර් පී (ERP) ඊට වඩා වෙනස්.
1. මොකද්ද හැබෑට ERP කියන්නේ?
අපි හිතමු මොනාහරි නිපදවන තැනක්ය කියලා. එතකොට නිපදවන දේවල් කස්ටමර්ගේ අවශ්‍යතාවයට අනුව නිපදවන්නට ඕනා. ඒ වගේම ඒ එක්කම මාකටින් වැඩ ආදිය පැරලල් වෙන්නට ඕනා. බඩු නිපදවනකොට ඒකට අවශ්‍ය සේවක පිරිස නියමාකාරව ඉන්න ඕනා. සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් නිපදවන්න ඉන්නවා නම් ඒකට අමතර සේවකයින් ගන්නට ඕනා. ඒ වගේම යමක් නිපදවනකොට ඒ අදාළ යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය ආදිය නිසි ආකාරයෙන් කලට වෙලාවට ලැබුනොත් තමයි අවසාන නිෂ්පාදනය අපිට වෙලාවට දෙන්නට ලැබෙන්නේ. මෙතන සරලව පේන විදියට ආයතනයක අවසාන ප්‍රතිඵලය සාර්ථක වෙන්න හැම අංශයක්ම නිවැරදි රාමුවකට වැඩකරන්නට ඕනා. මේ හැම අංශයකම තියෙන දත්ත කරන වැඩ ආදිය එකතුකරන ලොකු සොෆ්ට්වෙයා එකට ERP කියලා කියනවා. Enterprise Resource Planning එහෙමත් නැත්නම් ව්‍යවසාය සම්පත් සැලසුම් කිරීම කියන එක තමයි ERP කියන එකේ තේරුම.
2. ERP එකෙන් වෙනස් වෙන දේවල්
පරණ ඔෆිස් වල ෆයිල් තිබුණා වගේ එක එක අංශ වල ඒ ඒ අංශ හෝ ඩිවිශන් වලට අදාළ තොරතුරු කම්පියුටර් වල තිබුණා. උදාහරණ විදියට අපි හිතමු නිෂ්පාදන ආයතනයක අමුද්‍රව්‍ය ආදිය තියෙන ඉන්වෙන්ට්‍රි එක. ඒක ඕනෑම පොඩි නිෂ්පාදන ආයතනයකත් තියෙනවා. එතකොට ආයතනයට නව ඇනවුමක් එද්දි එකී ඇනවුම ඉක්මනින් නිපදවන්න අපිට අමුද්‍රව්‍ය තියෙනවාද? කොච්චර කාලෙකින් අලුතින් මිලදී ගන්න පුළුවන්ද? කලින් අමුද්‍රව්‍ය අරන් තියෙන්නේ කාගෙන්ද? ඒ වගේම අපිට සේවකයින්ට අතිකාල ගෙවලා වැඩේ කරගන්න පුළුවන්ද ආදී කාරණා ඉක්මනින්ම සැලසුම් කරගන්නට ඕනි. පරණ ක්‍රමේදි ඔය හැම දෙයක්ම ඒ ඒ සෙක්ශන් වලින් අහන්නට ඕනා. ඒත් ERP එකකදි ඒ හැම දත්තයක්ම ඉහළ කළමනාකාරිත්වයට බලාගන්නට හැකියාව තියෙනවා. සමාගමේම විවිධ අංශවල තියෙන ආයතනයට අදාළ වැදගත් දත්ත ERP පද්ධතිය තුළ තියෙන නිසා අවශ්‍ය ඕනෑම වෙලාවක පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයන්ට අනුව අපිට වෙනස් වෙන්න පුළුවන්ද? අලුත් නිෂ්පාදනයක් කොපමණ කාලෙකින් එළියට දාන්න පුළුවන්ද? වැඩියෙන් කාලෙ ගන්න ප්‍රොසෙස් මොනවාද කියල ලේසියෙන්ම සොයාගන්නට හැකියාව ලැබෙනවා.
3. ERP රිපෝට්ස්
ERP එකකින් සමස්ථ ආයතනයේම, ව්‍යාපාරයේම වැදගත් දත්ත හසුරුවන විට ඒ හරහා සැණින් රිපෝට්ස් ලබාගන්න පුළුවන්කම ලැබෙනවා. යම් සේල්ස් අයිතමයක සේලස් වේගය අඩු වෙලා නම් ඒ අනුව ගතයුතු පියවර ආදිය සාකච්ඡා කරන්න දත්ත අවශ්‍ය වෙනවා. ERP සිස්ටම් එකකදි ඒ වගේ අවස්ථාවක අවශ්‍ය දත්ත ඉතාම කෙටිකලකින් ලබාගන්නට හැකියාව ලැබෙනවා.
4. කාර්යක්ෂමතාවය වැඩිවීම
සාමාන්‍යයෙන් ඉස්සර අපි තොග කඩේකින් බඩු ගනිද්දි කඩේ ඉන්න අය කිහිප දෙනෙක් සෑම බඩුවකම මිල මතක තියන් ඉන්නවා. යම් ලෙසකින් ඒ කෙනෙක් වැඩට ආපු නැති දවසට බඩු ගන්න ටික වෙලාවක් යනවා. ඒත් දැන් මුලු සුපිරි වෙළඳසැල් ජාලාවක ඕනැම තැනකින් බඩුවක් ගත්තොත් ඒ මිල අදාළ සොෆ්ට්වෙයා එක මතක තියාගන්නවා. ERP කියන්නේ ඊටත් උඩ ලේයර් එකක්. එතනදි වැදගත් දත්ත හරි ගාණට ෆිල්ටර් කරලා ඕනි අයට ලබා දෙනවා. එතකොට කාර්යක්ෂමතාවය වැඩිවෙනවා. සරලවම එක්සෙල් ෂීට්ස් වල ඩුප්ලිකේට් වෙවී තියාගෙන උන්නු දත්ත වලින් අවශ්‍ය කෑලි අවශ්‍ය වෙලාවට ලබාගන්න අපිට ERP එක සහාය දෙනවා. එතකොට කාර්යක්ෂමතාවය ඉබේම වැඩි වෙනවා.
5. දත්ත වල ආරක්ෂාව
ERP එකක තියෙන දත්ත සර්වර් එකක හෝ ක්ලවුඩ් ස්පේස් එකක තියාගන්නට පුළුවන්කම අද ලැබිලා තියෙනවා. එතකොට මේ දත්ත නිසි පරිදි ගබඩාකරලා තියෙනවා නම් ඒ තැන්වලදි අදාළ බැකප්ස් තියෙනවා. ඉතින් අපේ යම් ආයතනයක කොටසක් ගින්නකින් විනාශ වුනත් ඒ දේපළ ටික අපිට අහිමි වෙනවා විතරයි. දත්ත වලින් සෑහෙන කොටසක් අපිට ක්ලවුඩ් එකක හෝ සර්වර් එකක ආරක්ෂා කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඒත් පැරණි ක්‍රමයට එක් එක් කම්පියුටරයේ හෝ ෆයිල් වල දත්ත තිබුණානම් අපිට සමහර විට කොපමණ අලාබහානියක් වුනාද කියලා ගණනය කරගන්නත් ලොකු කාලයක් යනවා.
6. එක් එක් අංශ අතර ගනුදෙනු වැඩිවීම
සාමාන්‍ය ආයතනයක මාර්කටින්, මානව සම්පත්, නිෂ්පාදන, කළමනාකරණ ආදී අංශ තියෙනවා. එතනදි සාමාන්‍ය පහළ මට්ටමේ සේවකයින් සෑමවිටම තමුන් වැඩ කරන ස්ථානයේ රාජකාරිය ආයතනයට වඩා වැදගත් යැයි සිතනවා. එහෙත් ආයතනයක් සාර්ථක වෙන්න ඒ සෑම සියලු අංශයකම සන්නිවේදනය නිසි පරිදි සිදුවිය යුතුයි. ආයතනයේ වැඩ කටයුතු ERP එකක් හරහා සැලසුම් කරලා තිබුනොත් ඒ ඒ අංශ වලට බෝල පාස් කර කර ඉන්න ටිකක් අමාරු වෙනවා. දත්ත වල සටහන් වෙන නිසා තමුන්ගේ අංශයේ වැඩ කටයුතු අනිවාර්යෙන්ම නිම කරන්නට සිදු වෙනවා.
7. වෙනස් වීමට හැකි වීම
ඉක්මනින් වෙනස් වෙන්න ඕනි තැන් ගොඩකට තරගකාරී වෙළඳපොලේදි ආයතනයකට මුහුණදෙන්නට වෙනවා. තමුන්ට ලැබෙන පැමිණිලි අනුව, නීතිමය තත්ත්වයන් අනුව, අලුත් අලුත් රෙගුලාසි අනුව, සේවකයින්ගේ පැමිණිලි අනුව ආයතනයේ ක්‍රියාවලීන් වෙනස් කරගන්නට ඕනා වෙනවා. ඒ වගේ අවස්ථාවක එක් එක් තැන්වල විවිධාකාර දත්ත තියාගෙන හිටිය පරණ ක්‍රමේදි සෑම වෙනස් වීමක්ම කරන්න සෑහෙන කාලයක් යනවා. ඒත් ERP එකකදි එහෙම වෙනස් වීමක් බොහොම අඩු කාලයකදී කරන්න අවස්ථාව ලැබෙනවා.
ERP මෘදුකාංගයක් ආයතනයට දා ගැනීම හොඳට හිතලා බලලා කරන්න ඕනි වැඩක්. ඒ වගේම හොඳ ERP එකක් තරමක් මිල අධිකයි. ඉතින් ආයතනයක ERP හරහා වැඩ කරන අයත් ඇති. ඒ වගේම ආයතනයට අලුත් ERP එකක් එනවා කියලා ඒකට බයවෙන අයත් ඇති. කොහොම වුනත් තාක්ෂණය කියන්නේ පරිපූර්ණ දෙයක් නෙමෙයි. ඒත් තාක්ශණය කියන්නේ ආයුධයක්. අපිට හරියට මුවහත් තියලා නිවැරදි වෙලාවට නිවැරදි අවස්ථාවට තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් නම් ලොකු වාසියක් ඒ හරහා ගන්නට හැකියාව ලැබෙනවා.
Leave a Reply