බිත්තර කහමද වලින් හදන්න පුළුවන් කෑ​ම ජාති 7ක්

කලින් දවසක අපි බිත්තර සුදුමද වලින් හදන කෑම ගෙනාවනේ. ඔන්න අද අපි බිත්තර කහමද වලින් හදාගන්න පුළුවන් රසවත් ආහාර ටිකක් ගෙනාවා. හරිම ලේසියි. අනිවාර්යයෙන් හදලා බලන්න. ඒ වගේම මේ හදන කෑම වල ෆොටෝ අපේ පේජ් එකට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. 

 

1. කස්ටර්ඩ් (Custard) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර කහමද 2
  2. සීනි මේස හැඳි 2
  3. කෝන්ෆ්ලා මේස හැඳි 2
  4. කිරි කෝප්ප 1
  5. වැනිලා ස්වල්පයක් 

 

  • බිත්තර කහමද වලට සීනි හා කෝන්ෆ්ලා දාලා හොඳට විස්ක් කරගන්න. 
  • භාජනයකට කිරි ටික දාලා වැනිලා එකතු කරලා ලිපේ තියන්න. බුබුළු දාගෙන එනකොට සාදාගත් කහමද මිශ්‍රණය දාලා හොඳට විස්ක් කරගන්න. 
  • මේක තික් වෙනකල් හැඳිගාන්න. අඩිය අල්ලන්න නොදී ලිපෙන් බාගන්න. නිවෙන්න තියලා ෆ්‍රිජ් එකට දාල සෙට් වෙන්න තියන්න. 

 

2. ස්පොන්ජ් කේක් (Sponge Cake) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර කහමද 8
  2. සීනි කෝප්ප 1/2
  3. වැනිලා තේ හැඳි 1
  4. පාන්පිටි කෝප්ප 1/2
  5. කෝන්ෆ්ලා මේස හැඳි 1
  6. බේකින් පව්ඩර් තේ හැඳි 1
  7. ලුණු පින්ච් එකක්
  8. ලෙමන් යුෂ මේස හැඳි 1
  9. එළවළු තෙල් මේස හැඳි 1
  10. උණුවතුර කෝප්ප 1/4

 

  • බිත්තර වලට සීනි දාලා හොඳට බීට් කරගන්න. වැනිලා එකතු කරන්න. හයිස්පීඩ් බීට් කරන්න. 
  • පාන්පිටි කෝප්ප 1/2කට කෝන්ෆ්ලා, බේකින් පව්ඩර්, ලුණු දාලා හලාගන්න. මේකට දෙහි යුෂ හා එළවළු තෙල් දාලා විස්ක් කරගන්න. 
  • උණුවතුර දාලා තවත් හොඳට විස්ක් කරගන්න. මේක අඟල් 7ක ට්‍රේ එකකට දාලා සෙල්සියස් 180°ට විනාඩි 30ක් බේක් කරගන්න. 

 

3. බිත්තර කහමද මසාලා (Egg Yolk Masala) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. දෙකට කපාගත් තැම්බූ බිත්තර කහමද 10
  2. ලුණු හා ගම්මිරිස්කුඩු 
  3. අමුමිරිස් කරල් 2
  4. කහකුඩු තේ හැඳි 1/4
  5. මිරිස්කුඩු තේ හැඳි 2
  6. චොප්කරගත් ළූණු ගෙඩි 1

 

  • බිත්තර වලට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා සීසන් කරගන්න. පෑන් එකකට තෙල් ටිකක් දාලා ලිපේ තියලා රත්වෙනකොට කපාගත් අමුමිරිස්, කරපිංචා දාගන්න.
  • ඊළඟට කහකුඩු, මිරිස්කුඩු දාලා රස අනුව ලුණු එකතු කරගන්න. හොඳට කලවම් කරන්න. ඒකට චොප්කරගත් ළූණු ටික දාගන්න. විනාඩි 5ක් විතර පිසගෙන බිත්තර කහමද ටික දාගන්න. 
  • හොඳට කලවම් කරලා උඩින් ගම්මිරිස්කුඩු ටිකක් ඉහළා ලිපෙන් බාගන්න. 

 

4. මයෝනේස් (Mayonnaise) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර කහමද 2
  2. අබ පේස්ට් තේ හැඳි 1
  3. ලුණු පින්ච් එකක්
  4. සීනි තේ හැඳි 1/2
  5. ගම්මිරිස්කුඩු තේ හැඳි 1
  6. ගාලික් පව්ඩර් තේ හැඳි 1
  7. විනාකිරි හෝ ලෙමන් යුෂ මේස හැඳි 1
  8. තෙල් කෝප්ප 1

 

  • තෙල් හැර ඉතිරි සියල්ලම දාලා පොඩ්ඩක් බීට් කරන්න. ඊළඟට තෙල් ටික ටික දාලා ලා කහ වර්ණයක් එනකල් හොඳට බීට් කරගන්න. 
  • අවම විනාඩි 10-15ක්වත් බීට් වෙන්න ඕනේ. හොඳටම බීට් වෙලා මික්ස් වුණාම ෆ්‍රිජ් එකේ තියල කූල් කරගන්න. 

 

5. බටර් කුකීස් (Butter Cookies) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි ග්‍රෑම් 500
  2. කුඩුකරගත් සීනි ග්‍රෑම් 100
  3. බිත්තර කහමද 4
  4. මෙල්ට් කරගත් බටර් ග්‍රෑම් 200
  5. ලුණු පින්ච් එකක
  6. බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  7. වැනිලා ස්වල්පයක් 

 

  • පාන්පිටි වලට සීනි, ලුණු හා බේකින් පව්ඩර් දාලා හලාගන්න. මේකට මෙල්ට් කරගත් බටර්, වැනිලා හා බිත්තර කහමද ටික දාගන්න. 
  • අවශ්‍ය නම් තව පිටි ටිකක් දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. මේක පැය 1/2ක් ෆ්‍රිජ් එකේ තියලා අරන් ආයෙ හොඳට නීඩ් කරන්න. 
  • දැන් පොඩි බෝල හදලා අතින් තුනී කරලා කැමති ඩිසයින් එකක් දාලා සෙල්සියස් 180°ට විනාඩි 15ක් බේක් කරගන්න. 

 

 

6. කේක් බෝල්ස් (Egg Yolk Rice Flour Cake Balls) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර කහමද 3
  2. සීනි මේස හැඳි 2
  3. කිරි කෝප්ප 1/2
  4. හාල්පිටි කෝප්ප 1/2
  5. ලුණු පින්ච් එකක්
  6. මෙල්ට් කරගත් බටර් මේස හැඳි 1

 

  • බිත්තර කහමද, සීනි හා කිරි දාලා හොඳට විස්ක් කරගන්න. ඒකට හාල්පිටි ටික දාගන්න. ලුණු ටිකක් දාලා හොඳට කලවම් කරගන්න. ඊළඟට බටර් ටික දාගන්න. හොඳට විස්ක් කරගන්න.
  • දැන් මේක ලිපේ තියලා මද ගින්නෙ හැඳි ගාන්න. ලම්ප්ස් නැතිවෙනකල් හොඳට හැඳිගාන්න. දැන් මේක ටිකෙන් ටික හිඳිලා එක ගුලියක් වගේ වෙනකල් අඩිය අල්ලන්න නොදී හැඳිගාන්න.
  • අවසානෙට ස්මූත් ඩෝ එකක් ලැබෙයි. දැන් මේකෙන් පොඩි බෝල හදාගන්න. තේ වෙලාවට නියමයි.

 

7. බිත්තර කහමද සලාද (Egg Yolk Salad) 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. දෙහි යුෂ මේස හැඳි 2
  2. සීනි තේ හැඳි 1
  3. චොප්කරගත් අමුමිරිස්/ කොච්චි කරල් 4-5
  4. තම්බාගත් බිත්තර කහමද 6
  5. චොප්කරගත් ළූණු ගෙඩි 1
  6. කපාගත් තක්කාලි ගෙඩි 2
  7. චොප්කරගත් සැල්දිරි ස්වල්පයක් 

 

  • බෝල් එකකට දෙහි යුෂ හා සීනි දාලා කොච්චි ටික දාල කලවම් කරගන්න. 
  • මේකට දෙකට කපාගත් බිත්තර කහමද ටික දාලා ළූණු හා තක්කාලි ටික දාගන්න. මේකටම සැල්දිරි හා ළූණු කොළ දාලා හොඳට කලවම් කරගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *