මල් බොකේ එකක් ඔන්ලයින් ඕඩර් කරලා ඩිලිවර් කරගන්න ෂුවර් තැන් කීපයක්

මල් කළඹක් තෑගි විදියට යවන එක වෙනම ආට් එකක්! යවන්න කලින් හරි යන තෑග්ගක් එක්ක හරියන මල් ඇරේන්ජ්මන්ට් එකක් මික්ස් ඇන්ඩ් මැච් කරන එකත් ඒ වගේම ආට්‍ එකක්. සාමාන්‍යයෙන් අපි දැන් වැඩිහරියක් බඩු ගන්නේ, ඕඩර් කරන්නේ, තෑගි පවා යවන්නේ ඔන්ලයින්නේ. ඒකට මේ කොවිඩ්-19 තත්ත්වයත් එක හේතුවක්නේ. ආන්න ඒක නිසා අපිට ලව් කරන කෙල්ලට හරි කොල්ලට හරි වුණත්, අම්මට හරි තාත්තට හරි වුණත්, යාළුවෙක්ට වුණත්, කෝපරේට් ක්ලයන්ට් කෙනෙක්ට වුණත් ඔන්ලයින්ම මල් ඇරේන්ජ්මන්ට් එකක් සිලෙක්ට් කරලා හරියට ඩිලිවර් කරගන්න ෂුවර් තැනක් තියෙනවා නම් ලොකු දෙයක්. විශේෂයෙන්ම අපි ඔය මල් ඇරේන්ජ්මන්ට් එහෙම තෑග්ගක් විදියට වෙන කෙනෙක්ටනේ යවන්නේ. අන්න එතකොට හරියට, පරිස්සමට, කලට වෙලාවට ඩිලිවරි එක සිද්ධ වෙන එකත් අත්‍යාවශ්‍යයි.

 

කොහොම හරි, මේ හැමදේම හිතලා බලලා මල් ඇරේන්ජ්මන්ට්ස් ඩිලිවර් කරන්න පුළුවන්, අපිට ඔන්ලයින් වෙබ්සයිට් එකට ගිහින් මල් ඇරේන්ජ්මන්ට් සිලෙක්ට් කරලා ඕඩර් කරන්න පුළුවන් තැන් කීපයක ලිස්ට් එකක් හදන්න අපි හිතුවා. කියන්න බෑනේ, මේ යන විදියට ඊලඟ වැලන්ටයින් එකටත් ගෙදර ඉන්න වුණොත්, ඔන්ලයින් හරි මල් බොකේ එකක් කෙල්ලට හරි කොල්ලට හරි යවන්න එපැයි!

 

1. Lassana Flora

දැන් ඔය වෙඩිම ගන්නකොට ඒක සරසන්න හොඳ මල් සැරසිලිකරුවෝ එහෙම හොයපු අයට ඉතින් මල් කියපු ගමන් මතක් වෙන්නේ ලස්සන ෆ්ලෝරා තමයි. ඉතින් වෙඩින් වලට විතරක් නෙවෙයි, ගෑණු ළමයව සර්ප්‍රයිස් කරන්න තෑග්ගක් දෙන්න වුණත් ලස්සන ෆ්ලෝරා මරු. මේ අයගේ වෙබ්සයිට් එකට ගියහම විවිධාකාරයේ මල් වර්ග දකින්න තියෙනවා. ඒ වගේම ඇනිවසරි එකකටද, බර්ත්ඩේ එකකටද, ලව් මෙසේජ් එකකටද, අලුත උපන් බිළිඳෙක් වෙනුවෙන්ද වගේ දේවලින් අවශ්‍ය කාණ්ඩයන් තෝරගෙන ගැලපෙනම මල් කළඹක් සෙට් කරගන්නත් හැකියාව තියෙනවා. මේ අයගේ මිල ගණන් අඩු තැනක ඉඳන් සෑහෙන්න වැඩි පරාසයක් වෙනකල් යනවා. උදාහරණ විදියට, make a wish කියලා නම් කරපු පාට කීපෙක ක්‍රිසන්තමම් මල් බොකේ එකක් රුපියල් 1,575 ක් වගේ වෙනකොට, ප්‍රීමියම් ක්‍රිම්සන් රෝස මල් 60 කින් නිර්මාණය වුණු මල් බොකේ එක රුපියල් 25,000 ක් වෙනවා!

 

2. Wisque

ඔයාට ඕන කන්න පුළුවන් විදියට මෙසේජ් එකක් ප්‍රින්ට් කරපු කේක්ද? ගිෆ්ට් එකක් විදියට දෙන්න පුළුවන් පර්ෆියුම්ද? එහෙම නැතිනම් හොඳ වොච් එකක්ද? ග්‍රොසරි බඩු භාණ්ඩ එකතු කරපු හැම්පර් එකක්ද? එහෙම නැතිනම් ලස්සනම ලස්සන මල් බොකේ එකක්ද? ආන්න ඔය ඕන දේකට Wisque තමයි තැන. Wisque වෙබ්සයිට් එකෙත් විවිධාකාරයේ අවස්ථාවන් සඳහා කාණ්ඩ වලට බෙදලා මල් බොකේස්, මල් බාස්කට් සහ මල් ලැයිස්තුගත කරලා තියෙනවා. මෙතනත් විවිධ මිල ගණන් වලට මල් තියෙනවා. උදාහරණයක් විදියට ඩේසි මල් බොකේ එකක් රුපියල් 1,950 ක් වෙනකොට, පාට දෙකක රෝස මල් වාස් ඇරේන්ජම්න්ට් එකක් රුපියල් 7,950 කට ගන්න පුළුවන්. Wisque එකේ සාපේක්ෂව ගණන් අඩු ගතියකුත් තියෙනවා. තනි රෝස මලක් එක්ක හදපු ඇරේන්ජ්මන්ට් එකක් රුපියල් 500 කට වැඩි නෑ!

 

3. Shirohana

Shirohana කියන්නේ ටිකක් මිල ගණන් වලින් වැඩි, ලක්ෂරි මට්ටමේ මල් ඇරේන්ජ්මන්ට්ස් තියෙන තැනක්. ඒ අයගේ මල් සැරසිලි වල ඒ ලක්ෂරි ගතිය සෑහෙන්න පේන්න තියෙනවා. මේ අයගේ මිල ගණන් ගත්තත් පටන් ගන්නේම රුපියල් 4,500 කින් වගේ. ඒ රෝස මල් කීපෙක පුංචි ඇරේන්ජ්මන්ට් එකක්. ඒ වගේම හාට් ෂේප් එකට හදපු සුදු රෝස මල් බාස්කට් එකක් රුපියල් 13,000 ක් වෙනවා. අත මිට හිඟ නැතිනම් මේ මල් ඇරේන්ජ්මන්ට් එකකටම හැම්පර් එකක් හරි ගිෆ්ට් බාස්කට් එකක් හරි, කේක් එකක් හරි එහෙමත් මේ අයගෙන්ම අරගෙන එකතු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ අයගේ නැවුම් එළවළු පළතුරු හැම්පර් එක ගාණෙන් වැඩි වුණාට බොහොම ක්ලැසික් වැඩක්.

 

4. Kapruka

කප්රුක කියන්නේ ගොඩක් දෙනෙක් දන්න කියන තෑගි යවන්න පුළුවන් සේවාවක්නේ. තෑගි වගේම පීසා වල ඉඳන් ඔය ජුවලරි අයිටම්ස් දක්වා, කොස්මැටික්ස් වල ඉඳන් පොත් පත් දක්වාත් සෑහෙන්න දේවල් කප්රුක හරහා යවන්න පුළුවන්. ඔය අතරේ කප්රුක එකෙන් ඕඩරයක් දාලා මල් යවන්නත් පුළුවන්. ආතල් වැඩේ කියන්නේ මල් එක්ක සෙට් වෙන ගිෆ්ට් එකකුත් ඔය තියෙන පතරංග අයිටම් ලිස්ට් එකෙන් තෝරලා යවන්න පුළුවන්. කප්රුක මල් බොකේ වගේම මල් පැළ එහෙමත් තියෙනවා. එතකොට ඔය මදර්’ස් ඩේ වගේ විශේෂ දවස් වෙනුවෙන් නිර්මාණය කරපු විශේෂ බොකේස් එහෙමත් තියෙනවා. මිල ගණන් ඉතින් රුපියල් 2,000 වගේ ඉඳන් ඉහළට තමයි.

 

5. Sterling Flowers

කොළඹ ඉඳන් මල් ඩිලිවර් කරන තවත් ප්‍රීමියම් මට්ටමේ තැනක තිබුණු සේවාවක් තමයි Sterling Flowers කියන්නේ. මේ අය කරමින් හිටියේ මල් විතරයි. හැබැයි දැන් නම් මේ කට්ටිය මල් වලට අමතරව කේක් වර්ගත් කරනවා. මල් කළඹක් එක්ක කේක් එකකුත් එකම තැනකින් අරගෙන යවන්න පුළුවන් නම් ආයෙ අමුතුවෙන් තෑගි ඕන නැහැනේ. ඉස්සරහට Sterling Flowers කට්ටිය චොක්ලටුත් එකතු කරන්න තමයි ඉන්නේ. Sterling Flowers කට්ටිය ගාවත් බොහොම අඩු ගාණකට දරන්න පුළුවන් විදියට හදපු බොකේස් වල ඉඳලා ටිකක් වැඩි ගණන් වෙනකල් හොඳ රේන්ජ් එකක් තියෙනවා. විශේෂයෙන්ම රතු රෝස මල් 6 ක් එකතු කරලා හදපු හුරුබුහුටි මල් බොකේ එක රුපියල් 1,300 ට දෙන එකම ලොකු දෙයක්. ඒ වගේම රෝස මල් 3 ක ඇරේන්ජ්මන්ට් එකක් රුපියල් 850 කට ගන්න පුළුවන්. කොළඹ සහ අවට ඩිලිවරි නොමිලේ!

 

6. Flower book

ටිකක් අලුත් සේවාවක් වෙන Flower book විශේෂයෙන්ම සඳහන් කරන දෙයක් තමයි, ඒ අය නෝ කොන්ටැක්ට් ඩිලිවරි සිද්ධ කරනවා කියන එක. ඒ කියන්නේ ගෙදරටම ඩිලිවර් කළත්, ඩිලිවරි කරන කෙනා එක්ක සම්බන්ධ නොවී මල් ටික ලබාගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කාලේ ගොඩක් දෙනෙක් ඒ ක්‍රමේට කැමතියි. Flower book කට්ටිය ගාව තියෙන මල් වර්ග ගැන සඳහන් කරනවා නම්, වැලන්ටයින් වල ඉඳලා ඇනිවර්සරි එකක් දක්වා විවිධ කාණ්ඩ ගණනාවක් තියෙනවා. මේ කට්ටියගේ කැටලොග් එකේ ඒ තරම් විශාල මල් ඇරේන්ජ්මන්ට් පරාසයක් නම් නෑ. මධ්‍යම මිල ගණන් වලට විවිධ මල් සැරසිලි සහ, මල් එක්කම යවන්න පුළුවන් තෑගි වර්ග එහෙමත් තියෙනවා. උදාහරණයක් විදියට ගර්ත්තොත්, රුපියල් 3,900 ක ලස්සන රතු රෝස බොකේ එකක් එක්ක රුපියල් 4,000 ක පින්ක් ටෙඩියෙක්ව යවන්න් පුළුවන්! 

 

7. Blooms

මල් යවන එක සම්බන්ධයෙන් උනන්දු වෙන අයට පහසුවෙන්ම අහන්න ලැබෙන තවත් නමක් තමයි Blooms කියන්නේ. Blooms කරන්නේ දිල්ශාරා පෙරේරා. මේ කට්ටිය දවස් 365 ම මල් ඩිලිවර් කරනවා. විශේෂයෙන්ම හරි වෙලාවට ඩිලිවරි එක සිද්ධ කිරීම ගැනත් Blooms ප්‍රසිද්ධයි. Blooms වෙබ් සයිට් එකේ ලොකු කැටගරි ප්‍රමාණයක් නම් නෑ. Thinking of you, Sympothy, New born සහ Birthday flowers කියන කාණ්ඩ හතර යටතේ තමයි මල් තියෙන්නේ. ඩොලර් වලින් මිල දාලා තියෙන Blooms වල මේසන් බෝතලේක ලස්සනට ඇරේන්ජ් කරපු මල් කීපයක් ඩොලර් 9 කට ගන්න පුළුවන්. මල් ඇඑරෙන්ජ් කරපු ඇසෝටඩ් ෆ්ලවර් බෑග් එකක් ඩොලර් 39 ක් වගේ වෙනකොට ගන්න පුළුවන්. අනික් ගොඩක් මල් ඇරේන්ජ්මන්ට්ස් Blooms එකේ තියෙන්නේ ඩොලර් 20, 25 වගේ ගණන් වලට තමයි. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *