එයාට ඕන සෙක්ස් විතරයි, හැබැයි මට ආදරෙත් ඕන. එතකොට මොකද කරන්නේ?

හරි, හෙඩින් එක කියවපු ගමන් අපිට තේරෙනවා ප්‍රශ්නේ මොකද්ද කියලා. එයාට ඕන සෙක්ස් විතරයි, හැබැයි අපිට ඕන ආදරේ. ආදරේ එක්ක සෙක්ස් ලැබෙනකොට එපා කියන්නෙ නෑ ඉතින්. ඒත් සෙක්ස් විතරක් නම් අපිට වැඩේ බැලන්ස් කරගන්න අමාරුයි. ඇත්තටම මේ වගේ ප්‍රශ්නයක් මතුවෙන්නේ කෙල්ලන්ට විතරක් නෙවෙයි. කොල්ලෙක්ට වුනත්, ඔය සෙක්ස් විතරක් තියෙන රිලේෂන්ශිප් එකකට සෙට් වෙලා එයාට ලව් කරන්න ගත්තහම ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන්. අනික් අතට ඕක සුලභව දකින්න පුළුවන්, සෙක්ස් ඕනෑකමට ලව් කියලා පෙන්නගෙන, අනික් කෙනාව රවට්ටලා තමන්ගේ ඕන කම ඉෂ්ට කරගන්න හදන අය එක්කත්. එතකොට දෙන්නම මේක ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් විතරයි කියලා පටන් අරගෙන, පස්සෙන් පහු අනික් කෙනා ගැන ආදරයක් ඇති වෙලා, ඒත් අනික් කෙනාට තාමත් තියෙන්නේ යාළුකම සහ ලිංගික ආකර්ෂණය විතරයි කියලා දැනගත්තු තැනකදීත් මේ ප්‍රශ්නේ එන්න පුළුවන්.

 

හරි, දැන් අපි ප්‍රශ්නේ දන්නවා. හැබැයි මොකද්ද උත්තරේ? මේකට ඔව්, නෑ, බෑ ලෙවල් එකේ තනි උත්තරයක් තියෙනවද? ඇත්තටම අපි මේකට උත්තර දෙන්න යන්නෙ නෑ. හැබැයි තමන්ටම තමන්ගේ උත්තරයක් හොයාගන්න පුළුවන් වෙන විදියේ ටිප්ස් ටිකක් දෙන්න තමයි යන්නේ.

 

1. වෙලාව ගන්න ඕන

මේක තමයි පළවෙනිම කාරණාව. සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක ගැන හොඳින් අවබෝධ කර ගැනීම. විශේෂයෙන්ම තමන් සම්බන්ධතාවයකට යනකොට, ඒක ඇත්තටම ආදර සම්බන්ධතාවයක්ද, එහෙම නැතිනම් හුදු ලිංගික ආකර්ෂණයක්ද කියන එක තේරුම් බේරුම් කරගැනීම ඇත්තම කිවුවොත් දෙන්නාටම වැදගත්. ඉතින් ඒක තේරුම් ගන්න නම් කරන්න තියෙන්නේ අතීතේ ඉඳලම ආදරේ ගැන උපදේශකයෝ දෙන උපදෙස තමයි. ඒ තමයි කාලය අරගෙන එකිනෙකාව සහ එකිනෙකා අතර තියෙන බැඳීම තේරුම් ගන්න එක. විශේෂයෙන්ම දැන් ඔය ආදර කතන්දර පටන් ගන්නේ සයිබර් අවකාශයෙන් කියන එක සැලකිල්ලට ගත්තහමත්, මේ කාලය ගැනීම සහ සම්බන්ධතාවය සැබෑ ලෝකෙට අරගෙන ඒම කියන පියවර අත්‍යාවශ්‍ය වෙනවා, ඇත්තටම දෙන්නා අතරේ තියෙන්නේ මොන වගේ බැඳීමක්ද, ආදරයක්ද නැතිනම් සෙක්ස් වලින් පස්සේ දියවෙලා යන ආකර්ෂණයක්ද කියන එක තේරුම් ගන්න.

 

2. ඇත්ත ආදරේද, බොරු ආදරේද?

මේක ටිකක් හිතලා බලන්න ඕන කාරණාවක්. විශේෂයෙන්ම කාන්තා පාර්ශවය. ඇයි? අපි ඕන තරම් අහනවා සෙක්ස් ඕන නිසා, කෙල්ලව ඇඳට ගෙනියන්න ඕන නිසා දහ අතේ දිවුරලා ආදරෙයි කියන කොල්ලෝ. මේක අනික් පැත්තටත් වෙනවා ඇති. හැබැයි අපි ගොඩක් වෙලාවට දකින්නේ එහෙම සෙක්ස් සඳහා මායම් පාන කොල්ලෝ. ආන්න ඒ වලට තමන් අහුවෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ, තමන්ගේ දුරදිග හිතන්න පුළුවන් ප්‍රමාණය අනුව තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, ඇත්තටම ආදරයක් තියෙන මනුස්සයෙක් තමන්ගේ කෙල්ලට දෙන ගෞරවය, බොරු ආදරයක් පාන මනුස්සයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ආන්න එතකොට මේක ඇත්ත ආදරයක් නෙවෙයි කියන අනතුරු සංඥා එක දෙක ලැබෙන කොට ආදරේ නාමයෙන් ඕක දිගටම කරගෙන යන්නෙ නැතුව, අර පළවෙනියෙන් කියපු තැනට ගිහින් හිතලා බලන එක තමයි වැදගත් වෙන්නේ.

 

3. ආදරේට මායම් දාන කෙල්ලෝ?

ඇත්තටම කතාව තමයි, අර උඩින් කියපු එකේ විලෝමය කෙල්ලෝ සම්බන්ධයෙන් සිද්ධ වෙන්න පුළුවන් කියන එක. ඒ කිව්වේ කොල්ලෝ කෙල්ලව ඇඳට ගන්න ආදර මායම් පානවා වගේම, කෙල්ල කොල්ලගේ හිතට රිංගන්න සෙක්ස් මායම් පාන්න පුළුවන්. ඇත්තටම තමන් හොඳින්ම ආදරේ කරන, තමන්ටත් හොඳටම ආදරෙයි කියලා දන්න කොල්ලෙක් එක්ක මොන දේ කරත් ඒක ගැටළුවක් කියලා කියන්න අපිට බෑ. හැබැයි ඉතින් සෙක්ස් දීලා ආදරේ ගන්න හිතනවා නම්, පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න වෙනවා. මොකද, එකක්, ඒක සාර්ථක නොවෙන්න පුළුවන්. තමන්ට ලැබුණත් ලැබෙන්නේ ඇත්ත ආදරයක් නොවෙන්න පුළුවන්. දෙක, කොල්ලට හිතෙන්න පුළුවන් කෙල්ල තමන්ව සෙක්ස් පෙන්නලා අන්දනවා කියලා, තමන්ව ඉමෝෂනලි බ්ලැක්මේල් කරලා සම්බන්ධතාවයකට, කසාදයකට බැඳලා තියාගන්න වුවමනාවට.  

 

4. තමන්ට ඇත්තටම ඕන මොනවද?

මේක තමයි ඇත්තටම කොල්ලෝ කෙල්ලෝ ඇඳට යන්න කලින් වුනත්, පාක් එකට යන්න කලින් වුනත්, අයි ලව් යූ කියන්න කලින් වුනත් හිතලා බලන්න ඕන දේ. ආන්න එතකොට අපි මේ හෙඩින් එකේ කියපු ප්‍රශ්නේ තමන්ට මතුවෙන්න කලින් වැඩේ ගොඩ දාගන්න පුළුවන්.

දෙක, හෙඩින් එකේ කියපු ප්‍රශ්නේ මතු වුනාට පස්සෙත් කරන්න ඕන දේ තීරණය කරන්න පුළුවන් මේ ප්‍රශ්නේ තමන්ගෙන්ම ඇහුවොත්. හරි, එයාට ඕන සෙක්ස්. මට ඕන ලව්. දෙන්නට එතකොට සම්බන්ධතාවය ගැන තීරණයකට එන්න බැහැනේ. අන්න ඒ නිසා හොඳම විසඳුම දෙන්නා වෙන් වෙන එක. අමාරුයි තමයි. හැබැයි වැඩේ දුර දිග යන්න කලින් වෙන් වුණහම හිත් අමාරුකම් අඩුයි.

හැබැයි එහෙම නැතුව තමන්ට හිතෙනවා නම්, හරි, මටත් ආදරේ එපා, සෙක්ස් ඕකේ කියලා, අන්න එතකොට ඒ අවබෝධය තියාගෙන වැඩේ කරගෙන යන්න පුළුවන්. 

 

5. ආදරෙන් නම්ම ගන්නද හිතුවේ? 

හැබැයි පුතෝ උඩ පොයින්ට් එකේ අන්තිම වාක්‍යයේ කියපු විදියට හරි, මටත් ආදරේ එපා, සෙක්ස් ඕකේ කියලා, රහසින් හිතාගන්න එපා, “ මම අර ඇනස්ටාෂියා ක්‍රිස්ටියන් ග්‍රේව නමා ගත්තා වගේ, මේ කොල්ලවත් මගේ පරම පිවිතුරු ආදරෙන්නම්ම ගන්නවා නම්ම ගන්නවාමයි” කියලා. ආදරේට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා, බැරි දේවලුත් තියෙනවා. සමහර වෙලාවට දෙන්නා සෙක්ස් විතරයි කියලා ඉන්නකොට, කාලයාගේ ඇවෑමෙන් ආදරයක් හට ගන්නත් පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්. ආන්න ඒ නිසා, තමන්ට ඒ අවදානම ගන්න ශක්තියක් තියෙනවා නම් මිසක් ඔය වගේ ආදර දෙව්දුවක් වෙන්න යන්න එපා කියලා තමයි අපි කියන්නේ.

 

6. සීමාව නං සීමාව

මේක අදාළ වෙන්නේ ඔය ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්, ඕපන් රිලේෂන්ෂිප් වගේ සම්බන්ධතා ගැන වඩාත් විවෘත තැනකින් පටන් ගන්න  යනකොට. අර ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට් ෆිල්ම් එකේ වගේම ඔන්න දෙන්නත් එක්ක පටන් ගන්න පුළුවන්, මේක සෙක්ස් විතරයි කියලා. හැබැයි ඔය යාළුපිට් එකයි, ආතල් සෙක්ස් සම්බන්ධෙයි එක්ක හැමදේම ලස්සනට ගලාගෙන යනවා එක්කෙනෙක් වෙන රිලේෂන්ශිප් එකකට යන්න තීරණය කරනකල්. ඇත්තටම තමන් යාලුකම එක්ක යන සෙක්ස් විතරක් නැතුව වෙන දෙයක් යටි හිතින් හරි බලාපොරොත්තු වෙලා හිටියා නම්, ආන්න එතකොට පටන් ගන්නවා ගිණිකෙලි. අන්න ඒ නිසා දෙන්නත් එක්කම හොඳට කතා බහ කරලා, තමන් ඉන්න සීමාවන් මොනවද කියලා හරියටම තීරණය කරගෙන මිසක් ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්, ඕපන් රිලේෂන්ශිප් වගේ එව්වලට යන්න එපා කියලා තමයි අපි කියන්නේ. 

 

7. මේ තරම් දුර නෑවිත්, මගින් හැරෙන්නට තිබුණා!

මේකත් ඉතින් ගෑණු ළමයින්ට ගතානුගතික සමාජයේ විදියට මූණ දෙන්න වෙන ප්‍රශ්නයක්. දැන් ඔය කන්‍යාභාවය වගේ කතන්දර සමහරු තඹ සතේකට ගණන් ගන්නෙ නෑ. සමහරු නම් තාමත් කරේ තියාගෙන ඉන්නවා. දැන් අපි කියමු කවුරු හරි ගෑණු ළමයෙක් තමන්ගේ කන්‍යාභාවය ගැන හිතනවා, ඒක විවාහ වෙන කෙනා එක්ක සෙක්ස් කරනකල් රැකගෙන ඉන්න උත්සාහ කරනවා කියලා. ආන්න එහෙමනම්, “එයාට සෙක්ස් විතරක් ඕන, මට ලව් එක තමයි ඕන” වගේ අවස්ථාවක් ගැන සෑහෙන්න හිතන්න වෙනවා. විශේෂයෙන්ම සෙක්ස් දීලා නම්මාගන්න, එයත් එක්ක දැනට සෙක්ස් කර කර ඉඳලා, පස්සේ මගේ ආදරෙන් එයාගේ හිත ගන්නවා වගේ උපාය උපක්‍රම අනුගමනය කරන්න හිතනවා නම්, සෑහෙන්න දුරට හිතන්න වෙනවා. 

 

8. තමන්ගේ ආරක්ෂාව

අවසානයට මේ කාරණයත් අපි කොහොමත් කියන්න ඕන දෙයක්. තමන් තීරණය කරන්නේ මොන දේ වුනත්, තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න දැනගන්න ඕන ගෑණු ළමයෙක් වගේම පිරිමි ළමයෙක් වුනත්. ඒ කියන්නේ තමන්ට සෙක්ස් කරන කෙනා කොයි තරම් විශ්වාසවන්ත වුනත්, තමන් පණ ඇරලා ආදරේ වුනත්, තමන් දෙන්නා එක්ස්ක්ලූසිව් කපල් එකක් වෙනකල් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග සම්බන්ධයෙන් පවා පරිස්සම් වෙන එක හොඳයි.

ඒ ඇරෙන්න සෙක්ස් කරනවා නම්, කාන්තාවෝ විශේෂයෙන්ම උපත් පාලන ක්‍රමවේදයන් ගැන එහෙම හොඳට දැනුවත් වෙලා සෙක්ස් කරන්න යන එක තමයි හොඳම දේ.

 

දැන් උත්තරේ පැහැදිලියිනේ. තමන්ට ඇත්තටම අවශ්‍ය නිකම්ම සෙක්ස් විතරක් නෙවෙයි නම්, තමන්ට ආදරෙත් අවශ්‍ය නම්, හැබැයි එයා ආදරේ කරන්න හෝ ස්ථාවර ආදර සම්බන්ධතාවයකට යන්න සූදානමක් නෑ කියලා පේනවා නම්, වෙන් වෙන්න. ඒක දෙන්නාටම හොඳයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *