ශරීරයේ වැවෙන අනවශ්‍ය රෝම කියන්නෙ කාටත් හිසරදයක්. විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට. මේ රෝම වැවෙන්නෙ ඉතින් මතුපිට හම ආරක්ෂා කරගන්න කියන ශරීරයේම අවශ්‍යතාවයකට උනාට ඒකෙන් එන අවලස්සන ගතිය නැති කරගන්න බහුතරයක් කාන්තාවො කරන්නෙ මොනම හරි ක්‍රමයකට මේ රෝම ඉවත් කරගන්න එකයි. මේ වැඩේට සැලූන් එකකට යන කෙනෙකුටනම් එතන ඉන්න වෘත්තීයමය රූපලාවන්‍ය ශිල්පීන්ගෙන් පහසුවෙන්ම වැඩෙත් කරගෙන අවශ්‍ය උපදෙස් ඔක්කොමත් ලබාගන්න පුළුවන්. හැබැයි එහෙම නොයා ගෙදරදී මේ අනවශ්‍ය රෝම ඉවත් කරන අය දැනගෙන ඉන්නම ඕන දේවල් ටිකක් තමයි අපි කතා කරන්න යන්නෙ. කාන්තාවන්ට විතරක් නෙමෙයි. රැවුල් කරදරේ විඳින පිරිමින්ටත් වැදගත් ටිප්ස් මෙතන තියෙනවා.
1. මුලින්ම නෑම
රැවුල, නැත්තම් ශරීරයේ වෙන ඕනම තැනක වැවෙන අනවශ්‍ය රෝම ඉවත් කරන්න කලින් කරන්නම ඕන වැඩක් තමයි නෑම එහෙමත් නැත්තම් ස්නානය කරන එක. ඒකෙන් වෙන්නෙ හමේ වියලි බව අඩු කරල හම මෘදු කරන එකයි. එහෙම නැතුව තෙතමනයක් නොරැඳුන වියලි හම මතුපිට රේසරයකින් රෝම ඉවත් කරන්න උත්සහ කළෝතින් වෙන්නෙ මතුපිට වියලි හමත් මේ රේසර් එකටම හීරෙන එකයි. දීර්ඝ කාලීනව මෙහෙම උනහම හම ඉක්මනින්ම අවපැහැ වෙන්න වගේම ගොරෝසු ගතියක් ඇතිවෙන්නත් පුළුවන්. ඒ නිසා හිටිගමන් හිතුන වෙලාවක ගිහිල්ල අතපය රේසර් කරන්න යන්නෙ නැතුව ඒ වැඩේ නාන වෙලාවටම දාගන්න. විශේෂයෙන්ම මද උණුසුම් වතුරෙන් නාලා shave කරන්න පටන් ගන්න පුළුවන්නම් හම හොඳින් මෘදු බවට පත්වෙනවා.
2. හොඳ scrub එකක්
ඊළඟ ක්‍රමය තමයි ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන එක. මුහුණේ, අත්, කකුල් වල කියල වෙනසක් නැහැ. කෙලින්ම රේසර් ඒකෙන් වියලි හම ඉවත් වෙනව කියන්නෙ හමට හානිවෙලා ඉක්මනින්ම හම රෝගී වෙන්න පුළුවන්. ඒ නිසා නාල හොඳ ස්ක්‍රබ් එකකුත් පාවිච්චි කරලම shave කරන්න පටන් ගන්න. රේසර් එකට වියලි හම එකතුවෙලා රෝම කැපෙන්නෙ නැතුව යන ගැටලුවටත් හොඳ විසඳුමක් මේක. ඒ වගේම මඳ උණුසුම් වතුරෙන් හොඳින් පෙඟිලා තියෙන හම ස්ක්‍රබ් කරන එකෙන් හමට හොඳ නිරෝගී පෙනුමකුත් ලැබෙනවා.
3. සීතල වතුර
කලින් අපි කිව්වනෙ මද උණුසුම් වතුරෙන් නාල තමයි shave කරන්න පටන් ගන්න ඕන කියල. එතකොට මොකක්ද මේ සීතල වතුරක් ගැන කියන්න යන්නෙ? මේ කියන්නෙ shave කළාට පස්සෙ කරන්න ඕන දෙයක් ගැනයි. ඔන්න දැන් මද උණුසුම් වතුරෙන් හම පොඟවලා, ස්ක්‍රබ් එකකින් හොඳට මැරුණු හම ඉවත් කරල, shave කරලත් ඉවර උනානෙ. හැබැයි තාම වැඩේනම් ඉවර නැහැ. මේ කරපු ඔක්කොගෙන්ම දැන් හම මතුපිට රෝම කූප ඔක්කොම විවෘත වෙලා තමයි තියෙන්නේ. ඉතින් එහෙම්මම පිහදාගෙන එලියට ගියෝතින් ඒ විවෘත වුණ රෝම කූප ඇතුලේ දූවිලි, විසබීජ රැඳිලා හමේ අසාදන, අවපැහැ වීම් වගේ හුඟක් ගැටළු ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා shave කරලා ඉවර වුණ ගමන් හොඳ cool වතුර එකකින් ඒ shave කරපු හම මතුපිට සෝදන්න ඕන. එතකොට තමයි අර අරුණු රෝමකූප ඔක්කොම වැහෙන්නෙ. ඊට පස්සේ කලින් ගාල පුරුදු ඕනම moisturising cream වර්ගයක් මතුපිටින් ආලේප කරන්න.
4. Shaving Cream
මේක අපි හුඟක් දෙනෙක් නොසලකා හරින කාරණයක්. අපි හැමෝම හිතන්නෙ shaving cream එකක් කියන්නෙ අනවශ්‍ය වෙළඳ භාණ්ඩයක් කියලා. ඒ නිසාම බහුතරයක් දෙනා shave කරද්දි පහසුවෙන් රේසරය පාවිච්චි කරන්න හම මතුපිටට සබන් වර්ගයක් තමයි පාවිච්චි කරන්නෙ. හැබැයි මේ සබන් වලින් හම තවත් වියලි බවට පත් කරන පුළුවන්. පසුකාලීනව හම වියලිලා, අවපැහැ වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් හැම වෙලාවෙම shave කරනකොට shaving cream එකක් පාවිච්චි කරන්න. වැඩි මුදලක් වෙන්නෙත් නැහැ.
5. Razor එක
මේ රේසර් එක ගැනනම් කියන්න දේවල් ගොඩයි.
මුල්ම කාරණේ තමයි ගෙදර සැමියයි, බිරිඳයි දෙන්නම එකම රෙසරේ පාවිච්චි කරන එක. දෙගොල්ලන්ගෙ වැවෙන රෝම වල ඝනකම වගේම මතුපිට හමේ සංවේදීභාවයත් එකිනෙකට වෙනස්. ඒ නිසා අනිවාර්යයෙන්ම වෙන වෙනම ගැහැණු සහ පිරිමි රේසර් පාවිච්චි කරන්නම ඕන.
රේසර් එකක් කියන්නේ නිතරම මාරු කරන්න ඕන මෙවලමක්. පුංචිම හරි මළකඩ කෑමක් තිබුනත් shave කරද්දී විවෘත වෙන රෝම කූප වලින් ශරීරයට විෂබීජ ඇතුල්වෙන්න පුළුවන්. ඒ නිසා නිතරම පරීක්ෂාවෙන් බලලා රේසරය මාරු කරන්න. තාම කැපෙනවනෙ කියල දිගටම පාවිච්චි කරන්නනම් එපා.
ඒ වගේම රේසර් එක පාවිච්චි කරන්නෙ නාන කාමරේ ඇතුළෙදි උනාට ඒ වගේ තෙතමනය රැඳෙන වටපිටාවක රේසරය අරන් තියන්න එපා. එහෙම කරන එකෙන් රේසර් තලය මළකඩ කන්න බලනව වගේම රේසර් තලය මතුපිට හැදෙන බැක්ටීරියා වලින් භාවිතා කරන කෙනාව ආසාදනයට ලක්වෙන්නත් පුළුවන්. ඒ නිසා රේසරය පාවිච්චි කළාට පස්සෙ පිරිසිඳු වතුරෙන් හෝදල පිරිසිඳු ටවල් එකකින් හොඳින් වියලෙන්න පිහදාල තෙතමනය නොරැඳෙන තැනක අරන් තියන්න.
6. ආපහු වැවෙන ගණකම රෝම
මෙන්න මේ කතාව තමයි shave කීරීම ගැන අපි අහල තියෙන ලොකුම බොරු කතාව. Shave කළහම ආපහු වැවෙන රෝම ඝනකමට වැවෙනවා කියන එක. ඒක මිත්‍යා මතයක්. Shave කරන එක නරක දෙයක් කියන අදහසින් හරි එහෙමත් නැත්තම් body waxing වගේ වෙනත් ක්‍රම වලට උනන්දු කරන්න හරි කට්ටිය මෙහෙම කතා කියන්න පුළුවන්. Waxing වගේ ක්‍රම වලදි හමට වෙන හානිය අඩු බව, ආපහු රෝම වැවෙන්න යන කාලය වැඩිවීම වගේ වාසි තියෙන්න පුළුවන්. හැබැයි අපි කියපු විදිහට හරියට කළෝතින් මේ shave කිරිමේදී සමට වෙන හානියත් වළක්වා ගන්න පුළුවන්.
7. ඉර අව්වෙන් ආරක්ෂාව
ඔන්න ඉතින් මේ ඔක්කොම ටික කියවලා හරිම විදිහට shave කළා කියමුකෝ. හැබැයි අපි මුලදිම කිව්ව වගේ මේ ශරීරයේ රෝම වැවෙන්නෙ හමේ මතුපිට ස්ථරය බාහිර පරිසරයෙන් එන්න පුළුවන් තර්ජන වලින් ආරක්ෂා කරන්නයි. අපිට කරදරයක් උනාට මේ රෝම වලින් ශරීරයට කරන්නෙ යහපතක්. ඉතින් අපේ උවමනාවට කපලා අයින් කළා වගේ නෙමෙයි. රෝම වලින් ශරීරයට කරපු රාජකාරිය කරන්න වෙන ක්‍රමයක් හොයාගන්න ඕන. ඒ කිව්වේ අව්වට යනකොට හොඳ වර්ගයක sunscreen එකක් පාවිච්චි කරන්න.
Leave a Reply