මස් වෙනුවට ආහාරයට එකතු කරගත හැකි හොඳම ආදේශක

අද වෙනකොට ලෝකය පුරා නිර්මාංශ වීමේ රැල්ලක් ගොඩනැඟිලා තියෙනවා. විශේෂයෙන්ම බටහිර රටවල නිර්මාංශ ආහාර සඳහා වැඩි ඉල්ලුමක් මතුවෙලා තියෙනවා. සඳහා ආගමික හේතු වගේම පරිසරය පිළිබඳව මිනිසා සංවේදී වීමේ හේතුවත් බලපාලා තියෙනවා. කෙසේ නමුත් ආසියානු රටවල් සියවස් ගණනාවක් තිස්සේ නිර්මාංශ වීම යහපත් ගතිගුණයක් ලෙස සලකනු ලැබුවා. අදටත් ලංකාවේ බෞද්ධ දර්ශනයට අනුව නිර්මාංශ වීම හොඳයි නැද්ද යන්න පිළිබඳව විශාල සංවාදයක් පවතිනවා. නමුත් බොහෝ දෙනෙක්  සීයට සීයක් නිර්මාංශ නොවුණත් ඇතැම් අවස්ථානුකූලව නිර්මාංශ වීමට පෙළඹෙනවා. අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ මස් මාංශ ආහාර වෙනුවට භාවිතා කරන්න පුළුවන් අතිරේක ආහාර කිහිපයක් පිළිබඳවයි.

 

 

1. මල් ගෝවා

බටහිර ජාතිකයන් මෙරටට සංක්රමණය වීමෙන් පසුව අපේ රටේ කෑම වේලට එකතු වුණු මල් ගෝවා මේ වෙනකොට අපිට නැතිවම බැරි ආහාරයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ඊට සාපේක්ෂව මල් ගෝවා ආහාරයට ගැනීම තවමත් ජනප්රිය වෙලා නැහැ. මේ වන විට බටහිර රටවල කුකුළු මස් වලට ආදේශකයක් විදිහට මල් ගෝවා භාවිතා කෙරෙනවා. විශේෂයෙන්ම මල් ගෝවා බේක්  කිරීම මගින් රෝස්ට් කරන ලද කුකුළු මස්වලට සමාන පෙනීම සහ රසය ලබා ගැනීම සිදු කරනු ලබනවා. එසේම මෙම මල්ගෝවා පෝෂණ ගුණයෙන්ද ඉතාම ඉහළ අගයක් ගනු ලබනවා

 

 

2. කෘත්‍රිම මස

 අද වෙනකොට සත්ව පටක වැඩිදියුණු කිරීම මගින් මස් වලට ආදේශකයක් සොයා ගැනීමට  විද්යාඥයන් සමත් වී තිබෙනවා. නමුත් ගැටළුව වී ඇත්තේ මේ සඳහා වැය වන අති විශාල මුදලයි. මේ කෙසේ නමුත් මේ වන විට මෙම පර්යේෂණ සඳහා වැඩි වැඩියෙන් ආයෝජන අවස්ථා විවෘත වී ඇති අතර ඉදිරියේ දී මේ සඳහා වැය වන මුදල සැලකිය යුතු මට්ටමෙන් පහළ දැමිය හැකි බවට විශ්වාස කෙරෙනවා. ඇතැම්   විද්යාඥයන් පුරෝකතනය කරන්නේ මේ හරහා ලෝකයේ සමස්ත අනාගතයම වෙනස් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

 

 

3. පනීර්

චීස් වලට සමාන ස්වභාවයක් ගන්නා මෙම ආහාරය සකස් කරනු ලබන්නේ එළකිරි මගිනුයි. ඉන්දියානු උප මහාද්වීපයේ ආහාර වේල් සඳහා නැතුවම බැරි ආහාරයක් වී තිබෙන මෙය මේ වන විට කෙමෙන් කෙමෙන් ලංකාවේද ජනප්රිය වෙමින් පවතිනවා. කල් තබා ගැනීමට හැකි වීම මෙන්ම මෙහි ඇති සුවිශේෂී රසය නිසාද  නිර්මාංශ ආහාර වේලක් සඳහා ප්රිය කරන අයෙක්ට ලබාගත හැකි සාර්ථක ආදේශකයක් බවට පනීර් පත් වී තිබෙනවා.

 

 

4. හතු වර්ග

  අතීතයේ පටන් හතු වර්ග ශ්රී ලංකාවේ අතිශයින් ජනප්රිය ආහාරයක්ව පැවතුණා. විශේෂයෙන්ම  ලේන් හතු, වැලි හතු ආදී පාරම්පරික හතු වර්ග රැසක් ගැමි ගෙදර මුළුතැන්ගෙයි පිසුණා. බටහිර  ආහාෂය මත වැඩි දියුණු කරනු ලැබූ හතු වර්ග දැන් දැන් ජනප්රිය වී පවතින අතර ඒවා ඉහළ පෝෂණ ගුණයෙන් මෙන්ම මිලෙන් පහල අගයක් ගන්නවා. මේ නිසා ඕනෑම අයෙකුට තමන්ගේ ආහාර වේලේ මස්මාළු කොටස් වෙනුවට අඩු මිලෙන් යුතු හතු ව්යාංජනයක් හෝ බැදුමක් එකතු කරගන්න පුළුවන්

 

 

5. කොස්, පොළොස්

 අතීතයේ පටන් පන්සල්වල සිල් ගන්නා දිනවල උවැසු උවැසියන් සඳහා මස් මාංශ වෙනුවට පොළොස් වෑංජනයක් සෑදීම සිංහල ගැමියාගේ සිරිතක් බවට පත්ව තිබුණා. එහිදී ඔවුන්ස් ව්යංජනයක් සාදන ආකාරයට ඇතැම් විට ඊටත් වඩා රසයෙන් අනූන ආකාරයට මෙම ආහාරය සකස් කරනු ලැබුවා. අද වන විට පොළොස් පමණක් නොව ඉදුණු කොස් පවා මස් මාංශ උයන ආකාරයට සකස් කරන හැටි පිළිබඳව විවිධ සූපවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් සිදු කොට තිබෙනවා

 

 

6. මුං බීජ

මුං බීජ යනු ඉතාමත් අඩු වියදමකින් මස් වෙනුවට නිවසේදීම සකස් කරගත හැකි බෝගයක්. නිවසට ගෙන එන මුං ඇට ස්වල්පයක් වතුර භාජනයක දමා දින කීපයක් තැබීමෙන් පසුව එම බීජ දළු දැමීම සිදු වෙනවා. ඉන් දින කීපයකට පසුව පොත්ත ඉවත් කර නිසි පරිදි සකස් කිරීම මගින් මස් මාළු වලට සමාන රසක් සහ පෝෂණයක් ලබා ගැනීමට පුළුවන්

 

 

7. සෝයා බෝංචි

 අද වෙනකොට ලංකාවේ මස් මාළු වෙනුවට ජනප්රියතම ආදේශකය වන සෝයා බෝංචි පිළිබඳව සඳහන් නොකළොත් මේ ලිපිය සම්පූර්ණ වන්නේ නැහැ. සෝයාමීට් වෙළඳ නාමයෙන් ප්රචලිත මෙම ආහාරය අද වෙනකොට සෑම නිවසකම මස් මාළු වෙනුවට ජනප්රිය ආහාරයක් බවට පත්වෙලා තියෙනවා. කෙසේ නමුත් ඇතැම් පෝෂණවේදීන් නම් අදහස් පළ කරන්නේ  සකස් කරන ලද සෝයාමීට් වෙනුවට වෙනත් ස්වභාවික ආදේශක භාවිතා කිරීම සිදුකළ යුතු බවයි.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *