ඔබ නින්දේදී දකින සිහින වල තේරුම් – අංක 03

Dream meanings - Part 3

මිනිස්සු එක එක විදියට සිහින දකිනවානේ. සමහරු තමන්ගේ අනාගතේ ගැන සිහින දකිනවා. සමහරු තමන්ගේ පවුලේ කෙනෙක් සාර්ථක වේවා කියලා සිහින දකිනවා. සමහරු තමන්ගේ දරුමල්ලො අනාගතේදී එක එක විදියේ සාර්ථක රැකියාවලට යයි කියලා සිහින දකිනවා. මේ අතරේ සමහරු දවල් සිහින දකිනවා. ඒ අතරේ, අපි හැමෝම වගේ රෑ නින්දට ගියහම නං අනිවාර්යයෙන්ම සිහින දකිනවා. ඇත්තටම මේ ආටිකල් එකට අපි කතා කරන්නේ මේ නින්ද ගියහම දකින සිහින තමයි. අපි කරන්න යන්නේ ඒ දකින සුලභ සිහින වල අර්ථ පහදන්න උත්සාහ කරන එක. එතකොට ඇහැරිලා ඉන්නකොට දකින හීන? ඇහැරලා ඉන්නකොට දකින හීනවල අර්ථ අපිට කියන්න බෑ මිත්‍රයා, අපි කියන්නම් නින්ද ගිහින් දකින හීන වල වෙන්න පුලුවන් අර්ථ මොනවද, අපේ ඇත්ත ජීවිතේට ඒ හීන කොහොමද සම්බන්ධ වෙන්නෙ කියලා.

අපි මීට කලින් නින්දේදී දකින සිහින වල තේරුම් අංක එක, සහ නින්දේදී දකින සිහින වල තේරුම් අංක දෙක කියලා ලිපි දෙකක් අරගෙන ආවා. මේ සිහින පලාඵල ගැන කියන තුන්වෙනි ලිපිය.

01. කුරුල්ලෝ

Dream meanings - Part 3

කුරුල්ලෝ සිහිනයෙන් දකින එකේ විවිධ තේරුම් කිහිපයක් තියෙන්න පුලුවන් කියලා තමයි ඔය සිහින විශ්ලේෂණයේ කියවෙන්නේ. එකක් තමයි කුරුල්ලන්ගෙන් කෙනෙක්ගේ ඉලක්කයන්, අභිලාශයන් සහ බලාපොරොත්තු නිරූපණය කරනවා කියන එක. එතකොට සිහිනයෙන් පොදුවේ කුරුල්ලන්ව දැකීමෙන් ගම්‍ය වෙන්නේ උඩ කියන කාරණා වෙන්න පුලුවන්. එතකොට කුරුල්ලෝ එකට පියාඹනවා සිහිනයෙන් දැක්කොත්, එහෙම නැතිනම් කුරුල්ලෝ එකතු වෙලා සිංදු කියනවා සිහිනයෙන් දැක්කොත්, ඒකෙන් නිරූපණය වෙන්නේ සතුට, සමාදානය, ප්‍රමෝදය, සමබරතාවය වගේ කාරණා. ආදරයත් ඒකෙන් අර්ථ ගන්වන්න පුලුවන්ලු. එතකොට ඒ වගේ හීනයක් දකිනකොට පොදුවේ කියැවෙන්නේ, තමන්ගේ ජීවිතයේ තියෙන අර ප්‍රබෝධවත්, සතුටුදායක බව වෙන්න පුලුවන්. අඩු තරමේ ජීවිතේට එහෙම ඉර පායපු දවසක් එනවා කියලා වෙන්න පුලුවන්.

02. මැරෙන කුරුල්ලෝ

Dream meanings - Part 3

හීනෙන් අපි දකින්නේ මිය යමින් සිටින කුරුල්ලෝ, එහෙම නැතිනම් මැරුණු කුරුල්ලෝ නම්, ඒකෙන් ප්‍රධාන වශයෙන් කියවෙන්නේ අපේක්ෂා භංගත්වයන් ගැන වෙන්න පුලුවන්. විශේෂයෙන්ම නිරන්තරයෙන්ම ඔබේ හිතේ තියෙන ගැටළුවක් සම්බන්ධයෙන් ඔබ සිත් කරදරයෙන් ඉන්නවා නම්, මේ වගේ සිහිනයක් දකින්න පුලුවන්.

03. ආක්‍රමණශීලී කුරුල්ලෝ

Dream meanings - Part 3

කුරුල්ලෝ කිව්වහම ගොඩක් අය ආස හින්දම කුරුල්ලෝ ඉන්න හීනයක් බියකරු හීනයක් වෙන්න තියෙන ඉඩ අඩුයි. හැබැයි කුරුල්ලෝ ඉන්න නරක හීන පේන්නත් ඉඩ තියෙනවා. නිදසුනක් විදියට කිව්වොත්, කාටහරි තර්ජනයක් වෙන විදියට කුරුල්ලෝ ශක්තිමත්ව, එක්ව හැසිරෙනවා සිහිනයෙන් දකින කොට, කුරුල්ලන්ට බයක් තියෙන කෙනෙක්ට ඒක නරක හීනයක් වෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම එහෙම හීනයක අර්ථය වෙන්න පුලුවන්, අපිව යම් කරුණක් හෝ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පැති ගණනාවකට ඇදෙනවා කියන එක වෙන්න පුලුවන්. එහෙම නැතිනම් ඔබේ ආධ්‍යාත්මිකතාවය සම්බන්ධයෙන් ගැටුමක්, අවිනිශ්චිතතාවයක් තියෙනවා කියන එක වෙන්න පුලුවන්. එතකොට, කුරුල්ලෝ නිවසට කඩා පනින්න උත්සාහ කරනවා සිහිනයෙන් දකිනවා නම්, ඒකෙන් කියවෙන්නේ අපි ජීවිතේ අපේක්ෂිත මාර්ගයේ යන්නෙ නැහැයි කියන එක වෙන්න පුලුවන්. ඒ වගේ සිහිනයකින් කියවෙන්නේ, අනෙක් අය හෝ වෙනත් දේවල් අපේ ජීවිතේට ඇඟිලි ගහනවා, මැදිහත් වෙනවා කියන එක, ඒ නිසා අපිට ජීවිතේ අපේක්ෂිත මාර්ගයේ යන්න බැරි වෙලා තියෙනවා කියන එක වෙන්න පුලුවන්.

04. කුරුල්ලෝ සම්බන්ධ දේවල්

Dream meanings - Part 3

අපි සිහිනයෙන් කුරුල්ලෝ සම්බන්ධ විවිධ දේවල් දකින්නත් පුලුවන්. නිදසුනක් විදියට අපි කුරුළු බිත්තර දකින්න පුලුවන්. ගොඩක් වෙලාවට ඒකේ අර්ථය වෙන්නේ ධනය සහ මුදල් කියලා සිහින විශ්ලේෂණයේ කියවෙනවා. හැබැයි අපි සිහිනයෙන් දකින්නේ බිත්තර බිඳිලා පැටව් එළියට එනවා කියන එක නම්, ඒකෙන් කියවෙන්නේ ගොඩක් දුරට අපේ ජීවිතයේ ප්‍රමාද වුණු සාර්ථකත්වයක් කියලා හිතන්න පුලුවන්ලු. කුරුළු කූඩුවකින් දේවල් කිහිපයක් නිරූපණය වෙන්නට පුලුවන්. එකක් ස්වාධීනත්වය. තවත් එකක් ආරක්ෂාව. ඒ වගේම, කෙනෙක්ට ආරක්ෂාස්ථානයක් තියෙනවා කියන හැඟීම, කරදරයක් වුණු වෙලාවට එන්න පුලුවන් තැනක් විදියටත් කුරුළු කූඩුවක් හඳුන්වන්න පුලුවන්. එතකොට, කුරුළු කූඩුවක් සිහිනයෙන් දකින විටකදී අර්ථවත් වෙන්නේ ඒ කාරණා තමයි. ඒ වගේම, නව අවස්ථාවන්, සමෘද්ධිය කරා යන උත්සාහයන් සහ ධන සම්පත්තිය, සෞභාග්‍යය කියන එකත් එහෙම හීනයකින් කියැවෙන්න පුලුවන්.

05. කුකුළෝ

Dream meanings - Part 3

සමහරුන්ට නම් කුකුළා කියන්නේ කුරුල්ලෙක් කියලා මතක් වෙන්නෙත් නෑ. හැබැයි කුකුළා කියන්නෙත් කුරුල්ලෙක් තමයි. එතකොට සිහිනයෙන් කුකුළෙක්ව දකිනකොට, ඒකෙන් කියවෙන්නේ ගොඩක් වෙලාවට බියගුළුකම නැතිනම් ධෛර්යයක් නැති කම වෙන්න පුලුවන්. එතකොට සිහිනයෙන් කුකුල්ලු දකිනවා නම්, ඒකෙන් කියවෙන්නේ සැබෑ ජීවිතේ තියෙන යම් කිසි තත්වයකින් පැනලා යනවා කියන එක වෙන්න පුලුවන්. ඒ වගේම, සම්ප්‍රප්ඵලාප නැතිනම් වල්පල් දෙඩවීම්, ඕපදූප කියවීම් කියන එකත් මේ සිහිනයෙන් අරුත් ගැන්වෙන්න පුලුවන්ලු.

අපි සිහිනයෙන් දකින්නේ රබර් කුකුලෙක් නම්, ඒකෙන් කියන්නේ අපි ජීවිතේ සම්බන්ධයෙන් හෝ මොනවා හරි අවස්ථාවක් සම්බන්ධයෙන් ඕනෑවට වඩා බැරෑරුම්ව හිතනවා කියන එක, ටූ සීරියස් කියන එක වෙන්න පුලුවන්.

06. කොක්කු

Dream meanings - Part 3

ඉගිලෙනකොට තමයි කොකාගේ සුද පේන්නේ කියනවට වඩා අපි ඒ තරම් කොක්කුන්ට තැනක් දෙන්නෙ නෑ. හැබැයි වෙනත් රටවල් තියෙනවා කොක්කුන්ට ඊට වඩා තැනක් දෙන. සාමාන්‍යයෙන් සිහින විශ්ලේෂණයේ විදියට, කොක්කුන්ගෙන් නිරූපණය වෙන්නේ සතුට, මාතෘ ආදරය, සහ ඔබ අනික් අයට හෝ ලෝකෙට යහපතක් කරන්න සිදුකරන දේවල් වෙන්න පුලුවන්. සිහිනයෙන් කොක්කු දකිනවා කියන්නේ, ඔබ සමීපයේ ඉන්න, ඔබ ආදරය කරන අයට ඔබ ආදරය දැක්වීම සහ ඒ අයව බලා කියා ගැනීම වෙන්න පුලුවන්.

මීට අමතරව, කොක්කුන්ගෙන් අමරණීයත්වය, ස්ථානෝචිත ප්‍රඥාව සහ පරීක්ෂාකාරීත්වය අර්ථ දැක්වෙන්නත් පුලුවන්.

07. කපුටෝ

Dream meanings - Part 3

කපුටෝ කියන්නේ සමහරවිට අපිට සුලභවම දකින්න ලැබෙන කුරුල්ලෝ වර්ගය වෙන්නත් පුලුවන්. කොහොම වුණත්, කපුටන්ගෙන් නිරූපණය වෙන්නේ මරණය සහ කෙනෙක්ගේ චරිතයේ තියෙන අඳුරු පැතිකඩ වෙන්න පුලුවන්. කපුටෝ සිහිනයෙන් දකින එකෙන් නිරූපණය වෙන්නෙත් ඒකම වෙන්න පුලුවන්. ඒ හැරෙන්න, ඔබේම තියෙන එපා කරපු ගතිලක්ෂණ ගැනත් එහෙම සිහිනයකින් කියවෙනවා වෙන්න පුලුවන්. සිහිනයෙන් පෙන්නේ තමන් කපුටෙක්ව මරණ බව නම්, ඒකෙන් කියවෙන්නෙ අපිට සමහර විට යම් කිසි පුරුද්දකින් හෝ ඇබ්බැහියකින් මිදෙන්න බැහැ කියන එක වෙන්න පුලුවන්.

08. ලව්බර්ඩ්ස්

Dream meanings - Part 3

ලව්බර්ඩ්ස්ලා කියන්නේ සුරතලයට ඇති කරන තැනක ඇරෙන්න, ලංකාව වගේ රටක අවට පරිසරයේ දකින්න ලැබෙන කුරුල්ලෙක් නෙවෙයි. හැබැයි සිහිනයෙන් අපි ලව්බර්ඩ් කුරුල්ලෙක්ව දකිනවා නම්, ඒකෙන් ගොඩක් වෙලාවට කියවෙන්නේ අපේ සහකරුවා හෝ සහකාරිය නැතුව පාළුයි කියන එක, ඒ අයව දකින්න දැඩි ආශාවකින් පෙළෙනවා කියන එක වෙන්න පුලුවන්. ලව්බර්ඩ්ස්ලා දෙන්නෙක්ව දකිනවා නම්, ඒකෙන් කියවෙන්නේ දෙන්නගේ සම්බන්ධතාවයේ තියෙන වැදගත්කම වෙන්න පුලුවන්. ඒ කියන්නේ දෙන්නම එකිනෙකා කෙරෙහි අවධානය ලබාදෙන්න ඕන කියන එක.

09. පොල්කිච්චෝ

Dream meanings - Part 3

පොල්කිච්චන්ව සිහිනයෙන් දකින එකෙන්, ගොඩක් වෙලාවට අතෘප්තියක් සහ නොඑකඟතාවයක් සංකේතවත් වෙන්න පුලුවන්ලු. පොල්කිච්චෝ සිහිනයෙන් දැක්කොත්, අපි කියන සහ කරන දේවල් සම්බන්ධයෙන් බොහොම පරිස්සම් වෙන්න ඕන කියලා තමයි කියවෙන්නේ. ඊට අමතරව, අපි පොල්කිච්චෝ සිහිනයෙන් දකිනවා නම්, අපි ඉන්න සම්බන්ධතාවය ඇතුළේ අපිට තර්ජනයක් හෝ අනාරක්ෂිත භාවයක් දැනෙනවා කියන එක වෙන්නත් පුලුවන්.

10. කොට්ටෝරුවා

Dream meanings - Part 3

කොට්ටෝරුවෙක්ව සිහිනයෙන් දකිනවා නම්, ගොඩක් වෙලාවට ඒකෙන් කියවෙන්නේ අපේ සැබෑ ජීවිතේ යම් කිසි දෙයක්, යම් සිදුවීමක් හෝ යම් කිසි කාරණයක් සම්බන්ධයෙන් අපිට මඟ හැරිලා තියෙනවා කියන එක, ඒක අපි උඩින් පල්ලෙන් බලලා අතහැරලා තියෙනවා කියන එක වෙන්න පුලුවන්. ඒ වගේම, සිහිනයෙන් දකින කොට්ටෝරුවෙක්ගෙන් කඩිසරකම, උද්‍යෝගය, ප්‍රයත්න දැරීම වගේ කාරණාත් නිරූපණය වෙනවා කියන්න පුලුවන්.

11. වැහිලිහිණියා

Dream meanings - Part 3

සාමාන්‍යයෙන් අපිට වැහිලිහිණි කුරුල්ලෝ ඇත්ත ජීවිතේ ඒ තරම් දකින්න බැරි වුණත්, ගොඩක් ඔය කවි නිසඳැස් ගීත වල නම් වැහිලිහිණියෝ ගැන අහන්න දකින්න ලැබෙනවා, හා නැද්ද? කොහොම වුණත් අපි සිහිනයෙන් වැහිලිහිණියෙක් දකිනවා නම්, ඒකෙන් සංකේතවත් වෙන්නේ පාරිශුද්ධ භාවය, අවසන් නොවෙන සන්තුෂ්ටිය, නව ආරම්භයන් හෝ ජීවිතේ යම් දේවල් පිළිබඳව ප්‍රතිසංස්කරණයන් වෙන්න පුලුවන්.

12. කහ කුරුල්ලා

Dream meanings - Part 3

කහ කුරුල්ලා කියන්නේ සෙසමි ස්ට්‍රීට් එකේ ඉන්න කහ කුරුල්ලා වෙන්නත් පුලුවන්. හැබැයි ඇත්තටම කහ කුරුල්ලා කියලා සතෙක් ඉන්නවානේ. මේ කහ කුරුල්ලෙක්ව සිහිනයෙන් දකින එකෙන් ගොඩක් වෙලාවට අර්ථවත් වෙන්නේ, අපේ වෘත්තිය ජීවිතය සම්බන්ධයෙන් ධනාත්මක පැතිකඩක් කියලා කියන්න පුලුවන්.

ඔබ නින්දේදී දකින සිහින වල තේරුම් – අංක 01

ඔබ නින්දේදී දකින සිහින වල තේරුම් – අංක 02

Leave a Reply

Your email address will not be published. Required fields are marked *