සෙක්ස් කරන්න තියෙන ආසාව නැති වෙලා ගිහිල්ලද? එහෙමනම් ඒකට කරන්න ඕන මොනවද?

සෙක්ස් ඩ්‍රයිව් එක ඈලියාවට යන එක ඉතින් වෙන්න බැරි දෙයක් නෙවෙයිනේ. ගොඩක් අය ලැජ්ජාවට කියන්නේ නැති වුනාට, ජීවිතේ එක එක කාලසීමාවන් වල, විවිධ හේතු නිසා මේ ලිංගික ආසාව නැතිවෙලා යන්න පුළුවන්. හැබැයි ඉතින් මනුස්සයෙක්ගේ -විශේෂයෙන්ම ඔය විවාහයක් කාරිය කරගෙන ඉන්න මනුස්සයෙක්ගේ- ලිංගික ආසාව නැතිවෙලා යන එක ප්‍රශ්නයක්. ඒක පවුල් ප්‍රශ්න වලටත් හේතුවක් වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා තමයි අපි මේ උපදෙස් මාලාව ඉදිරිපත් කරන්නේ. මේ ස්වභාවික දේවල් ජීවිතේට එකතු කරගෙන, ඈලි මෑලි වෙලා තියෙන සෙක්ස් ලයිෆ් එක ගොඩගන්න ගොඩක් දුරට පුළුවන් වෙයි.

 

1. දෙන්නගේ ප්‍රශ්න විසඳාගන්න

දැන් පවුලක් ගත්තහම දෙන්න දෙමාල්ලෝ අතරත්, පවුලෙන් බාහිර අය සහ පවුල අතරත් නොයෙකුත් ප්‍රශ්න ගැටළු තියෙනවනේ. ඔය විදියේ ප්‍රශ්න ගැටළු එන එක සක්කර මුත්තටවත් නවත්තන්නත් බෑ වගේම, ඔය වගේ ප්‍රශ්න ගැටළු ආවහම ජීවිතේ පොඩ්ඩක් අවුල් වෙන එකත් නවත්තන්න බැරි දෙයක්. හැබයි අපිට මේ ප්‍රශ්න ගැටළු කළමනාකරණය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දෙන්නා එක ටීම් එකක් විදියට වැඩ කරනවා නම්, බාහිරින් එන ප්‍රශ්න දෙන්නගේ ජීවිතේ දේවලට අනවශ්‍ය බාධාවක් වෙන්නෙ නෑ. එතකොට දෙන්නා අතර ප්‍රශ්නයක් ඇති වෙනවා නම්, ඒක ඒ දවසේම හෝ හැකිතාක් ඉක්මනට විසඳාගන්න එක තමයි හොඳ. ඒක ඇඟටත් ගුණයි, සෙක්ස් ලයිෆ් එකටත් ගුණයි.

පුළුවන් නම් ප්‍රශ්නයක් ඇවිත් දෙන්නගේ හිත් නොහොඳ වුනා කියලා අනික් පැත්ත හැරිලා නිදාගන්නේ නැතුව, කතා නොකර හරි සෙක්ස් කරන්න උත්සාහ කළොත්, සමහර වෙලාවට සෙක්ස් කරලා ඉවර වෙනකොට ප්‍රශ්නෙත් ඉවර වෙලා තියෙයි!

 

2. ලයිෆ්ස්ටයිල් වෙනසක් කරන්න

මෙන්න මේක ඉතාම වැදගත්. අපි ගොඩක් දෙනෙක්ට කාර්ය බහුල ජීවිතත් එක්ක තියෙන්නේ අතිශයින්ම නරක ජීවන රටාවන්. වෙලාවට කන්නෙ නෑ, වෙලාවට නිදාගන්නෙ නෑ, වෙලාවට එක්සයිස් එකක් නෑ, හරි දේවල් කන්නෙ නෑ. ඔය වගේ නරක ජීවන රටාවකට වග කියන දහසකුත් එකක් දේවල් අපේ ජීවිත වල තියෙනවා. එතකොට ඔය ඇබ්බැහි වීම් – ඒ කියන්නේ දුම් පානය, ඇල්කොහොල් භාවිතය, සූදුව සහ තවත් දේවල්- වුනත් නිරෝගී ජීවන රටාවකට හානිකරයි. ආන්න ඒ දේවල් වෙනස් කරන එක සෙක්ස් ඩ්‍රයිව් එක ඇතිකරගන්න විතරක් නෙවෙයි, පොදුවේ නීරෝගී ජීවිතයක් ගත කරන්න අත්‍යාවශ්‍යයි. අන්න එහෙම ජීවිතේත්, ජීවන රටාවත් නීරෝගී වෙනකොට සෙක්ස් ඩ්‍රයිව් එකත් ආයෙමත් එනවා සත්තයි!

 

3. ගෙදර වැඩ වැඩියිද? වැඩ බෙදාගන්න

දැන් දෙන්නෙක් ඔය කසාද බැන්ද කාලේ කුරුල්ලයි කිරිල්ලියි වගේ ඉන්නවනේ. ඒ කාලේ ගෙදර දොරේ වැඩපල වුනත් ලොකුවට නෑ. හැබැයි ඉතින් ළමයි බමයි එක්කෙනා දෙන්නා වෙනකොට, ගෙදර දොරේ වගකීම් වැඩිවෙනකොට ඔය දවසේ වැඩපල එහෙම සෑහෙන්න වැඩි වෙනවා. දැන් ඔය වැඩ පල වල බර තනි කෙනෙක්ට, ගොඩක් වෙලාවට ගැහැණු මනුස්සයාට පැටවෙනවා කියන්නේ රෑට ඇඳට එන්නේ හෙම්බත් වෙලා. ඉතින් මොන සෙක්ස්ද? අන්න ඒකට හොඳ වැඩක් තමයි, දෙන්නත් එක්ක වැඩ පල බෙදාගන්න එක. අන්න එතකොට එක්කෙනෙක් හෙම්බත් වෙන්නෙත් නෑ. වැඩ වැඩියි කියලා හිත නොහොඳ වෙන්නෙත් නෑ. සෙක්ස් ලයිෆ් එකට බාධාවක් වෙන්නෙත් නෑ.

ඒ වගේම ඔෆිස් වැඩ නිසා හෙම්බත් වෙලා ගෙදර එන නිසා සෙක්ස් ලයිෆ් එක කචල් නම්, ඔෆිස් එක ඔෆිස් එකේ තියලා එන්න ඉගෙන ගන්න.

 

4. එක්සයිස් පටන් ගන්න

මේක අනිවාර්ය දෙයක්. දැන් අපේ තියෙන ජීවන රටාවන් එක්ක අපේ ඇඟවල් වලට එක්සයිස් ලැබෙන්නේ බොහොම කළාතුරකින්. ඒ නිසා තමයි ඔය බැඳලා ළමයෙක් දෙන්නෙක් හම්බුවෙනකොට නෝනා පීච් ගෙඩියක හැඩේට එනකොට, මහත්තයා ඇපල් ගෙඩියක හැඩේට එනවා. මෙතන තියෙන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි තරබාරු වීම, අලස ශරීරයක් තිබීම නිසා සෙක්ස් ලයිෆ් එකට ප්‍රශ්න එන එක. තරබාරු කමත් එක්ක ලිංගය ප්‍රාණවත් වීමේ ගැටළු වගේම, සක්‍රියව ලිංගිකව හැසිරෙන්න තියෙන ප්‍රායෝගික අපහසුතා පවා එනවා. එතකොට තරබාරුකම එක්ක ඇතිවෙන අලස ගතියත් සෙක්ස් ලයිෆ් එකට ලොකු ප්‍රශ්නයක්. දෙවෙනි කාරණාව තමයි ඔය විදියට හතර අතේ මහත් වෙලා, ටයර් පැනලා ආවහම දැකුමට ප්‍රිය ශරීරයක් නොමැති වීම. සෙක්ස් ලයිෆ් එකට ඕවත් බලපානවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අන්න ඒ නිසා දිගටම එක්සයිස් කරන්න. හොඳ, දැකුම්කලු ශරීරයක් තියාගන්න.

 

5. සෙක්සි ඇඳුම් ටිකක් මිලදී ගන්න

හැමදාම අඳින නයිටිය ඇඳගෙන, හැමදාම අඳින සරම නැතිනම් ෂෝට ඇඳගෙන සෙක්ස් කරන්න ඇඳට එනවා කියන්නේ පාපයක්. එතකොට හැමදාම අඳින නයිටිය හරි සරම හරි දවල් දවසටත් එහෙමම ඇඳගෙන ඉන්නවා කියන්නේ ඩබල් පාපයක්. අන්න ඒ නිසා පොඩ්ඩක් තමන්ගේ සෙක්ස් ලයිෆ් එකට අවශ්‍ය බාහිර දේවල් ගැනත් හිතන්න ඕන. ඇඳට යන්නම සෙක්සි ඇඳුම් ටිකක් මිලදී ගත්තට කමක් නෑ. හැබැයි ගන්න කලින් හස්බන්ඩ්ගෙන් හරි වයිෆ්ගෙන් හරි අහලා බලන්න මොන විදියේ ඇඳුම් ඇඳලා ඇඳට එනවටද කැමති කියලා. ඔය සෙක්සි ඇඳුම් නයිට් ඩ්‍රෙස්ම වෙන්න ඕන නෑ. තව එක එක විදියේ එව්වා තියෙනවා!

 

6. බර්ත් කොන්ට්‍රෝල් මාරු කරන්න

ඔය සමහර උපත් පාලන පෙති තියෙනවනේ. අන්න ඒවල අතුරු ප්‍රතිඵලයක් විදියට සමහර වෙලාවට ලිංගික ආශාව නැතිවෙනවා. ආන්න එහෙම ප්‍රශ්නයක් නම් තියෙන්නේ, ඒක වෛද්‍යවරයා මුණගැහිලා සාකච්ඡා කරන්න ඕන දෙයක්. විශේෂයෙන්ම දිගටම උපත් පාලනය අවශ්‍ය නම්, සුදුසු වෙනත් උපත් පාලන විදියක් එතකොට වෛද්‍යවරයා නියම කරයි. ඒ ඇරෙන්න සමහරුන්ට -විශේෂයෙන්ම පිරිමින්ට- තියෙනවා කොන්ඩම් දාලා සෙක්ස් කරනකොට ෆීලින්ග්ස් එන්නෙ නෑ වගේ අප්සෙට්. ඒවා ගොඩක් වෙලාවට ඉතින් හිතේ ලෙඩ. ඒත් හිතේ ලෙඩේ වුනත් හොඳ වෙන්නෙ නැතිනම් වෙන ක්‍රමේකට ගිහින් බලන්න වෙනවනේ.

 

7. අලුත් අලුත් දේ ගැනත් බය නැතුව හිතන්න

ඔය ඔක්කොම එක්ක මෙන්න මේ කාරණාවත් වැදගත්. ඒ තමයි සෙක්ස් ලයිෆ් එක බෝරින් කර නොගැනීම. බෝරින් සෙක්ස් ලයිෆ් එකක් ගත කරනවා කියන්නේම, කාලයක් යනකොට සෙක්ස් කරන්න තියෙන ආසාව හීන වෙලා යනවයි කියන එක. ආන්න ඒ නිසා පොඩ්ඩක් සෙක්ස් ලයිෆ් එක ඇක්ටිව් කරලා, නග්ගලා ගන්න නම් පොඩ්ඩක් අලුත් දේවල් ගැනත් හිතන්න වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් දෙන්නත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් දෙන්නගේ හිතේ තියෙන සෙක්ස් ෆැන්ටසීස් ගැන. වයිෆ් සමහර වෙලාවට ආස වෙන්න පුළුවන් හස්බන්ඩ් තමන්ගේ යට ඇඳුමක් අඳිනවට. හස්බන්ඩ් සමහර වෙලාවට ආස වෙන්න පුළුවන් බීච් එකේ තියාගෙන සෙක්ස් කරන්න, එහෙම නැතිනම් පොඩි බොන්ඩේජ් පාරක් දාන්න. හැබැයි එකක්. මේ වගේ අලුත් දේවල් සාකච්ඡා කරනවා නම්, දෙන්නට දෙන්නා බොහොම විවෘත මනසකින් යුක්ත වෙන්නත් ඕන. නැතුව බෑ. ඉතින් එහෙම කතා බහ කරාට පස්සේ, ප්‍රායෝගිකව කරන්න පුළුවන් අලුත් දේවල් සෙක්ස් ලයිෆ් එකට එකතු කරගන්නයි තියෙන්නේ. අන්න එතකොට පෙනෙයි පට ගාලා සෙක්ස් ලයිෆ් එක බූස්ට් වෙලා එන හැටි!

 

මේ එක දෙයක්වත් කරලා හරියන්නෙ නැතිනම් මොකද කරන්නේ? තපස් රකින්න හිමාලෙට යනවද ගිහිගෙය දාලා? නෑ. එහෙම නම් කරන්න ඕන මේ සම්බන්ධ වෛද්‍යවරයෙක්ව මුණගැහෙන එක. උඩ කියපු එකක්වත් සාර්ථක වුනේ නැතිනම්, වෛද්‍යවරයා අදාළ ප්‍රතිකර්ම නියම කරලා, වැඩේ ගොඩදාලා දෙයි!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *