සම කියන්නෙ අපේ ශරීරයේ තියෙන විශාලම ඉන්ද්රිය කියල අපි පොඩි කාලෙ ඉඳන්ම ඉගෙනගන්න දෙයක්. ඒත් මේ විශාලම ඉන්ද්‍රියට අපි ලබාදෙන්නෙ මොන තරම් පොඩි අවධානයක්ද? අවධානය දෙන්න ඕනෙ මුහුණේ සමට විතරක් නෙවෙයි, මුළු ශරීරයම ආරක්ෂා කරන මේ ආරක්ෂිත වැස්මේ පැවැත්ම ගැන අපි දැනුවත්වෙන්න ඕන. වැස්ලීන් සමඟ එකතු වෙලා අපි අද මේ උත්සාහ කරන්නෙ ඔබේ සම ඔබට දෙන පණිවිඩ වලට නිසි අවධානය දෙන්නෙ කොහොමද කියන එක ගැන කතාබහ කරන්න. එන්න අපි අපේ සම අපිට කියන පණිවිඩ හරියට අහගමු.
අපේ සම අපිට විවිධාකාර පණිවිඩ එවනවා. මුලින්ම ඒ පණිවිඩ කියවන්නෙ කොහොමද කියල දැනගෙනම අපි ඒවට වැස්ලීන් එක්ක පිළිතුරු දෙමු.
1. සම වියළීම
අපිට සමෙන් ලැබෙන පණිවිඩ වලින් ප්‍රධානම සහ අපි ඒ තරම්ම ගණන් නොගන්නම දෙයක් මේ සම වියළීම. සම වියළීම නිසා ඉක්මණින්ම සම රැලි වැටීම සිදු වෙලා වයසටත් කලින් සම වයසට යන්න පුළුවන්. ඔබේ සමේ ඇති වන වියළි බව සම අපිට දෙන අපි අවධානය යොමු කළ යුතුම පණිවිඩයක්. සමේ ඇති වන බොහොමයක් ගැටළු වලට හේතුවෙන්නෙ සමේ වියළි ගතියයි.
2. සම මත ඉරි ඇඳීම
සම වියළීම එතනිනුත් ටිකක් එහාට ගියාම මේ තත්ත්වය ඇතිවෙනව. නියපොත්තෙන් සම මත යන්තමින් ඉරක් ඇන්දොත් සුදු පැහැයෙන් ඉරක් හිටිනවා නම් ඔබේ සමට ඔබ කිසිසේත්ම අවධානය දීල නැහැ. මේ සමෙන් ඔබට ලැබෙන තවත් එක පණිවිඩයක්.
3. සම ඉරිතැලීම සහ පොතු ගැලවීම
මේක ඉතාම නරක තත්ත්වයක්. කාලයක් තිස්සෙ සමට කිසිම අවධානයක් නොදුන්නම සම වියළීම වැඩි වෙලා ඉරි තලන්න ගන්නව. ඉතින් මේ තරම් නරක පණිවිඩයක් ඔබේ සමෙන් ලැබෙනකම් ඔබ බලන් ඉන්නෙ ඇයි? අපි වැස්ලීන් වලින් පිළිතුරු දෙමු.
4. සම වියළීමට නොදී තෙතමනය රැකගන්නෙ කොහොමද?
සුමුදු සිසිනිඳු සමක් හැම යුවතියකගේම පැතුමක්. ඉතින් ඔබේ සමේ තෙතමනය රැක ගන්න එක සමේ සිසිනිඳු බවට ඉතාම වැදගත්. නව වැස්ලීන් වල සමේ තෙතමනය රැකගන්න වැස්ලීන් ජෙල් අඩංගුයි. සම මතුපිටින් විතරක් නෙවෙයි සම ඇතුළතින්ම පෝෂණය කර තෙතමනය ආරක්ෂා කරගන්න වැස්ලීන් ජෙල් උදව් වෙනවා. වැස්ලීන් ජෙල් අඩංගු මොයිස්චරයිසර් මගින් සමට පිටතින් ලබාදෙන තෙතමනයට අමතරව සමේ පවතින තෙතමනය වියළී යෑම වළක්වනවා.
5. මොයිස්චරයිසර් ආලේපය වඩාත් ඵලදායී කරගන්නේ කොහොමද?
ලෝෂන් එක අතට දාල ඇඟ පුරාම ගාගත්තට ඒකෙන් නියම ප්‍රතිඵලයක් ලබාගන්න බැහැ. මොයිස්චරයිසින් බොඩි ලෝෂන් එකක් හරි විදියට ආලේප කරන්න ඕන. ලෝෂන් අවශ්‍ය තරම් ප්‍රමාණයක් අල්ලට දාගෙන මුලින්ම තප්පර 5ක් 10ක් අල්ල මත ලෝෂන් ටික අතුල්ලන්න මදක් උණුසුම් වෙනකම්. ඊට පස්සෙ සම මත ආලේප කරල රවුමට හෙමින් සම්බාහනය කරන්න. මේ විදියට ආලේප කරාම මොයිස්චරයිසර් එක සමට හොඳින් උරාගෙන උපරිම ප්‍රතිඵල ඉක්මණින්ම ලබා දෙනවා.
6. මොයිස්චරයිසර් දවසකට කී වතාවක් යෙදිය යුතුද?
සමට තෙතමනය සපයන්න සහ සමේ තෙතමනය රැකගන්න නම් අනිවාර්යයෙන් දවසට දෙවරක් මොයිස්චරයිසර් ආලේප කළ යුතුයි. උදෑසන ඇඟ සෝදාගත් පසු සම්පූර්ණ කකුල් වලත්, සම්පූර්ණ අත් වලත් ශරීරයේ උඩ කොටසේත් මොයිස්චරයිසර් ආලේප කරන්න. රාත්‍රී නින්දට පෙරත් මේ ලෙසම ආලේප කරන්න. ඇඟ සේදීමෙන් පසු සමට උරාගන්නා තෙතමනය රැකගන්නත්, දවස පුරා සම වියළීමට නොදී ආරක්ෂා කරගන්නත් මේ විදියට දවසට දෙවරක් වැස්ලීන් බොඩිලෝෂන් ආලේපය ඔබට උදව් වෙනවා.
මොයිස්චරයිසින් බොඩි ලෝෂන් එකක් හරි විදියට භාවිතා කිරීමේ වාසි
කලිනුත් කිව්ව වගේ බොඩි ලෝෂන් එකක ප්‍රධාන අරමුණ සමේ තෙතමනය රැකගෙන සමට පෝෂණය සැපයීම. ඒකට වැස්ලීන් වගේ විශ්වාසනීය නිෂ්පාදනයක් පාවිච්චි කරන එක ඉතාම වැදගත්. සමේ තෙතමනය රැකගැනීම නිසාම සම දීප්තිමත් වීම, සමේ රුධිර සංසරණය හොඳින් සිදු වීම, සම මෘදු වීම, සිනිඳු වීම, අකලට රැලි වැටීම නවත්තන්න වගේම සමට තරුණ පෙනුමක් ලබා දෙන්නත් සමේ තෙතමනය රැක ගැනීම හේතු වෙනවා.
ඉතින් ඔබේ සම ඔබට දෙන පුංචි පුංචි පණිවිඩ වලට ඇහුම්කන් දෙන එකේ වැදගත්කම තේරුණා නේද? ඉතින් වැස්ලීන් අපේ මේ උත්සාහය ඒ පණිවිඩ වලට පිළිතුරු සපයන එකයි. එහෙනම් ඔබත් අදම නොපමාව බලන්න සම ඔබට දුන් පණිවිඩ මගඇරිල තියෙනවද කියල. එහෙම නම් උත්තරේ දන්නවනෙ.
Leave a Reply