දැන් ඔය වට්ස්ඇප්, වයිබර් එහෙම වගේ මැසෙන්ජර් ඇප්ස් තියෙනවනේ. මේවා සන්නිවේදනය සඳහා දැන් කාලේ අතිබහුල විදියට පාවිච්චි වෙනවනේ. අපි සමහර වෙලාවට ඩිරෙක්ට් ෆෝන් කෝල්ස් ගන්නවට වඩා වට්‍ස්ඇප් කෝල්ස්, වයිබර් කෝල්ස් ගන්නවා ඇති. එස්.එම්.එස් ගහනවාට නං වඩා අනිවා වට්ස්ඇප්, වයිබර් චැට් කරනවා. හරි. දැං ඔය වට්ස්ඇප්, වයිබර් වගේ ඇප්ස් බොහොම සුලභව පාවිච්චි වෙන්න ගත්තු එකත් එක්ක නිර්මාණය වෙලා තියෙන තව ආතල් එකක් තමයි වට්ස්ඇප්, වයිබර් ගෘප්ස්. මෙන්න නියම ආතල් එක. ආයෙ ඉස්කෝලෙ බැජ් එකේ හිටපු එවුන්ට ඔෆීෂියල් එක ගෘප් එකයි. ඉස්කෝලෙ බැජ් එකේම ආතල් ගන්න ෆන් එකට එක ගෘප් එකයි, පවුලේ අයට විස්තර හුවමාරු කරගන්න එක ගෘප් එකයි, ලීක් වෙන වැල අරවා මෙව්වා ෂෙයාර් කරගන්න බොක්කවල් සෙට් වෙලා ඉන්න එක ගෘප් එකයි, කොන්සෝල් ගේම් ගහන එවුන් එක ගෘප් එකයි, එක එකාට බණින්න හදාගත්ත එක ගෘප් එකයි, මීම්ස් ෂෙයාර් කරගන්න එක ගෘප් එකයි, ඔෆිස් එකේ ඔෆීෂියල් වැඩ වලට එක ගෘප් එකයි, ඔෆිස් එකේ බොක්කේ ෆිට් එවුන් සෙට් වෙලා බොසාට බණින්න එක සීක්‍රට් ගෘප් එකයි… ඉවරයි කියලද හිතුවේ? නෑ. අපේ ඕනම ඇවරේජ් කෙල්ලෙක්ගේ කොල්ලෙක්ගේ වට්ස්ඇප් එක, වයිබර් එක බැලුවොත් සමහර වෙලාවට ඔයිටත් එහා දහාටදාහක් විතර ගෘප්ස් හොයාගන්න පුළුවන්.
හරි, ගෘප්ස් වලට ජොයින් වෙලා ඉන්න එක අවුලක් නෙවෙයි. හැබැයි මේ ගෘප්ස් වලින් සෙට් වෙන වාත ඩයල්? ආන්න ඒ පව නං ඉතින් ගෙවන්න ටිකක් අමාරුයි. මොකද, මේ සමහර ගෘප් වලින් ලීව් වෙන්නත් බෑ. ඔය වාත ඩයල් වලට සමහර වෙලාවට ජාතිය අමතන්නත් බෑ. එහෙම වෙලාවට ඉතින් කරන්න වෙන්නේ, ඔය වාත ඩයල් වලට බණින්න වෙනම ගෘප් එකක් අටෝගන්න තමයි. අන්න ඒකට ලේසි වෙන්න අපි එහෙම වාත ඩයල් වල ලිස්ට් එකකුත් හැදුවා!
1. ගෑණු කෑගහන වීඩියෝ එවන ඩයල්!
මෙන්න ඉන්නවා ඔක්කොටම කලින් නැවක පටෝගෙන ගිහිල්ලා ලෝක ගැට්ටෙන් පල්ලෙහාට තල්ලු කරන්න ඕන ඩයල්ස්. මුන් කරන්නේ ගෘප් එකේ ඉන්න එවුන්ගේ විස්වාසවන්ත කමෙන් ප්‍රයෝජන ගන්න එක. ඔන්න එවනවා බ්‍රේකින් නිව්ස් කියලා ක්ලිප් එකක්. එහෙම නැතිනම් ජනාධිපතිගේ හදිසි ප්‍රකාශය කියලා එකක්. අපි ඉතින් ඔෆිස් වල ඉන්නකොට ටීවී බල බල ඉන්නවද. නෑනේ. අන්න ඒ නිසා අපි පුරවැසියෝ විදියට සෙනිකව අප්ඩේට් වෙන්න කියලා හිතලා වීඩියෝ එක ප්ලේ කරනවා. මෙන්න නිව්ස් ෆර්ස්ට් වීඩියෝ එකක් දාලා, ඒකේ සවුන්ඩ් එක වෙනුවට මනුස්සයත් එක්ක බෙඩ් රගර් ගහන ගෑණු කෙනෙක් වහලේ උළු උඩයන්න, ඇඳ පොළු ගැලවෙන්න කෑ ගහන ඕඩියෝ එකක් ප්ලේ වෙනවා. රෙදි නෑ ඉතින් ඔෆිස් එකේ.
ඒ විතරක්ද, අපි ගෙදර ඉන්න වෙලාවකත් වැදගත් ක්ලිප් එකක් වෙන්නැති කියලා ඕක ප්ලේ කරනවා. කරුමෙට නැන්දලා, මාමලාගේ ඉඳන් සනුහරේම අපි වටේ ඉන්න වෙලාවක්. පොඩි එවුන් ඇවිත් අහනවා “ඇයි මාමේ ඒ ඇන්ටි කෑ ගහන්නේ?” කියලා!!
2. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ඩයල්!
දැන් සාමාන්‍යයෙන් ඔය වට්ස්ඇප්, වයිබර් ගෘප්ස් වල හිටු කියලා මීම්ස් ෂෙයාර් කරගන්නවනේ. ඒක ඉතින් විශේෂ දෙයක් නෙවෙයි. සමහර වෙලාවට ඉතින් කිතිකවාගෙනවත් හිනායන්නෙ නැති මීම්ස් එවන කොට, ඒවාත් ගැලරියේ පිරෙන කොට නං වාතයි තමයි.
හැබැයි හිතලා බලන්න, උදේ ඉඳන් හැමතැනම ෂෙයාර් වෙන මීම් එකක් කට්ටිය හිනාවෙලා ඉවර කරලා, අමතකත් කරලා තියෙන කොට, පහුවෙනිදා උදේ ආයෙමත් ඒක ගෘප් එකට ෂෙයාර් කරන ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ලෙවල් එකේ ස්ලෝ ඩයල් ගැන! ඒ විතරක්ද, සමහර මේ විදියේ උන් පරක්කු වෙලා පරණ මීම්ස් එවනවා මදිවට, ඒක ආයෙමත් ඊලඟ දවසෙත් එවනවා අමතක වෙලා!
3. ප්‍රයිවට් මැසේජ් ඩයල්!
මේ නං ඉතින් එකෙන්ම කුපාඩි ඩයල් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හැබැයි ඉතින් මේ වාත ඩයල් සෙට් වෙන්නේ කෙල්ලන්ට විතරක් නෙවෙයි, කොල්ලන්ටත් සෙට් වෙනවා
දැන් ඔය වට්ස්ඇප්, වයිබර් වගේ මැසෙන්ජර් ජාලෙක ගෘප් එකක ඉන්න එකෙක් මොකක් හරි වැඩකට ප්‍රයිවට් මැසේජ් එවන එක ලෝක පුදුමයක් නෙවෙයි. හැබැයි එහෙම වැඩකට කතා කරන එවුන් තමන් කවුද කියලා අඳුන්වලා දුන්නා, වැඩේ කිව්වා, ඉවරයි. හැබැයි ගෘප් වල තව සමහරු ඉන්නවා ප්‍රයිවට් මැසේජ් එකට ඇවිත් ඔන්න හුරතල් වෙන්න පටන් ගන්නවා. එක්කෝ අපිව හුරතල් කරන්න එනවා. අපි එක මෙසේජ් එකකට රිප්ලයි කරනවද නැද්ද කියලා හිතනකොට මෙසේජ් තිහක් විතර ඇවිත් ඉවරයි. අන්තිමට අහනවා “ඇයි ඔයා මැසේජ් සීන් කරලා කතා නොකර ඉන්නෙ” කියලත්! මෙහෙම වාත ඩයල් වලට වට්ස්ඇප්, වයිබර් තහනං කරන්නෝනේ. අම්මපා!!
4. රට ජාතිය ආගම බේරගන්න ආපු ඩයල්!
මෙන්න නියම “මේ අපේ ඩර්මය මැට්ටෝ” ජාතියේ ඩයල්! ආයෙ ගෘප් එකේ ඉන්න සීමන් ඩයල් එකක් අර නැවේ සුක්කානම අල්ලගෙන සෙල්ෆියක් ගහලා ගෘප් එකට දැම්මත්, ධර්මචක්‍රය එක්ක සෙල්ෆි ගහන්න තෝ කවුදෞ** කියලා පටං අරගෙන අරුන්දැ මුහුදට පනින කල් කුණුහරුප පලනවා මේ රට ජාතිය ආගම බේරගන්න ආපු අක්කලා අයියලා! ඇත්තම කිවුවොත් මේ රට ජාතිය ආගම සීන් එකේ ඉන්න ගොඩක් එවුන් එක්කෝ අම්මගෙන් සල්ලි ඉල්ලගෙන ඩේටා කාඩ් දාගන්න පොඩි ඇච්චො බැච්චො. එහෙම නැතිනම් කුරුවල් වෙලා වලකජු ගහන්න ඉන්න වයසෙදි ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් ෆෝන් එකට දාගත්තු ඇන්ටිලා අංකල්ලා. මුන් ඔක්කොටම ගොඩක් දුරට පොදු කාරණයක් තමයි මොකක් හරි දේශපාලන පක්ෂයක් ලෙවකාගෙන ඉන්න එක. ආයෙ ඉතින් මුන්දැලා රට ජාතිය ආගම බේරගන්න ගේමෙන් ඉන්න හැටියට ඔය ආතල් ජෝක් මීම් එකක්වත් ෂෙයාර් කරන්න බෑ ගෘප් එකක. ආයෙ ජේසුස් වහන්සේ ගෘප් එකට ලොග් වෙලා “අසල්වැසියාට ප්‍රේම කරන්න” කිවුවත් ගල් ගහලා එලවන ලෙවල්.
ඒ විතරක්ද, මේ රට ජාතිය ආගම බේරගන්න ආපු ඩයල්ස් එක දිගට රට ජාතිය ආගම බේරගන්න එක ගැන, අහවල් එකෙන් රැස් විහිදුණු හැටි ගැන, සුනාමියෙන් අහවල් එව්වා බේරුණු හැටි ගැන එහෙම මීම්ස් දාන්න ගත්තහම නැවතිල්ලකුත් නෑ. අපි උන්ට ගෘප් එක දීලා යනවා ඇරෙන්න වෙන විකල්පෙකුත් නෑ!
5. ඩ්‍රාමා ක්වීන් ඩයල්!
මේ කට්ටිය වාත වෙන්නේ ඇටෙන්ෂන් ඉල්ලලා. ඔන්න ගෘප් එකක ඉන්නවා. කොහේ හරි අහක යන කතන්දරේකට ට්‍රිගර් වෙනවා. ඊට පස්සේ මම තොපේ භූමියෙන් ඉවත් වෙනවා කියාගෙන ගෘප් එකෙන් ලීව් වෙනවා. ඔහොම වෙන පළවෙනි හෝ දෙවෙනි වතාවට ඉතින් ගෘප් එකේ ඩයල් එකක් ඉන්බොක්ස් ගිහින්, දුක අහලා, කඳුළු පිහිදලා ආයෙ ගෘප් එකට ඇඩ් කරනවා. හැබැයි ඉතින් ගෘප් එකේ එකෙක් හයියෙන් හිනාවුනත් ගස්සගෙන ගෘප් එකෙන් ලීව් වෙන්න ගත්තට පස්සේ අනික් එවුන් නොදැක්කා වගේ ඉන්නවා. එතකොට අපේ ඩ්‍රාමා ක්වීන් ඩයල් එක ගිහින් ගෘප් එකේ අනික් කාට හරි වාත වෙනවා, එයාව ඇඩ් කරන්න කියලා. ඕක ඉතින් ලෝක විනාසේ දක්වාම ඔය විදියට යනවා. ඔව්වා වාත නෙවෙයි වට්ස්ඇප්, වයිබර් මරගාත!
6. සුභ උදෑසනක්, සුභ රාත්‍රියක් ඩයල්!
මේ හාදයෝ හාදියෝ නං එක්කෝ ඇත්තටම හෙන අහිංසක ඩයල්. එහෙම නැතිනම් කොල්ලෙක් කෙල්ලෙක් අල්ලගන්න සාස්තරේ අත්පොත් කරලා නැති, ගෘප් එකටම ගුඩ් මෝනින් ගුඩ් නයිට් පාරක් දැම්මහම අහක බලාගෙන එන එකක් හරි සෙට් වෙයි කියලා හිතාගෙන ඉන්න ඩයල්. සොරි. මේ අය ගුඩ් මෝනින් කියලා නෙවෙයි කියන්නේ. සුබ උදෑසනක් මිතුරනේ, සුබ රාත්‍රියක් වේවා මගේ යාලුවනේ කියලා තමයි කියන්නේ. ඒකත් කෙලින්ම ඔය පොඩි එකෙක්ගේ, මලක, ගලාගෙන යන ගඟක වගේ ෆොටෝ එකකට ෆොටෝෂොප් කරලා තමයි එවන්නේ. මාසයක් යනකොට ගැලරිය පිරිලා සුබ උදෑසනක්, සුබ රාත්‍රියක් ඒවෑයින්ම!
7. මාකටින් ඩයල්!
ඇත්තටම වට්ස්ඇප්, වයිබර් ගෘප් එකක මාකටින් පාරක් දාලා, තමන්ගේ හරි අනුන්ගේ හරි බිස්නස් එකක් නග්ගලා ගන්න හාදයෙක් ගැන අපිට කිසිම අහිතක් නෑ. අපි ඒවට සපෝට්. මොකද, ඒකෙන් අපිට අවශ්‍ය දෙයක් ලබාගන්න පුළුවන් තැනක් ගැන දැනගන්න ලැබෙනවා, බිස්නස් එක කරන එකාටත් වාසියක් වෙනවා. හැබැයි ඉතින් ඔය අතරේ ඉන්නවා, එකම සැනිටයිසර් බ්‍රෑන්ඩ් එක ගැන දවසට පෝස්ට් පහළොවක් එකම ගෘප් එකේ ෂෙයාර් කරන. ගෘප් එකේ මොකුත් සීරියස් කතාවක් කරන්න බෑ. එකෙක්ගේ රිප්ලයි එකෙන් පස්සේ ඇඩ් එක බලලා තමයි ඊලඟ රිප්ලයි එකට යන්න වෙන්නේ. හරියට ටීවී එකේ මෙගා ටෙලිඩ්‍රාමා එකක් වගේ. කතාව විනාඩි තුනයි, ඇඩ් විනාඩි හතයි, ආයෙ කතාව විනාඩි තුනයි, ඇඩ් විනාඩි හතයි! වැඩේ තියෙන්නේ මේ ඇඩ් පහළොව ඇත්තටම බැක්ග්‍රවුන්ඩ් ෆොටෝ පහළොවකට අර එකම විස්තර ටික කොපි පේස්ට් කරලා තමයි තියෙන්නේ. ඔහොම ගිහින් එක වෙලාවක් එනවා, මාකටින් ඩයල් එක අල්ලලා සැනිටයිසර් පොවන්න හිතෙන!!
Leave a Reply