ආදරේ කරද්දී ඔහු ගැන අහන්නම ඕන ප්‍රශ්න ටිකක්… උත්තර හොඳයි නම් Love එක ගොඩ

Questions to ask from boy friend

ජීවිත කාලේ පුරාවට ආදර කතා නම් කීයක් ලියන්න ඇත්ද? එත් ඉතින් ඒවා බොහොමයක් ලියවෙන්නේ බාගෙට. ඇයි ඉතින් ටික දුරක් එද්දී මොකක් හරි කොස්සක්. එක්කෝ අහු වෙලා තියෙන්නේ බොරුකාරයෙකුට, එක්කෝ වංචාකාරයෙකුට, එහෙමත් නැත්තන් දරු පවුල් කාරයෙකුට. නැත්තන් වෙන මොකක්ම හරි අවුලක්. ඒ නිසා ඉතින් ආදර කතාවක් සම්පුර්ණ කර ගන්නවා කියන්නෙත් සෑහෙන්න ගේමක්. විශ්වාසවන්ත, තමන්ට හරියනම මිනිහා කොහෙන් නම් හොයා ගන්නද කියලා අනන්තවත් හිතෙනවා. මොකද කොල්ලෝ විශ්වාසය කියන දේ හරි ඉක්මනට බිඳලා දානවනේ.

විශ්වාසේත් රැක ගෙන, කැප කිරීම් කරන ගමන් අවංකවම ආදරේ කරන කොල්ලෙක් හොයා ගන්න එක ඇත්තටම අමාරු වැඩක් තමයි. ඊට කලින් බලමුකෝ හොයාගෙන ඉන්න කොල්ලා ඒ වගේද නැත්තම් අර කලින් කිව්ව වගේ කෙනෙක්ද කියලා? ඔහු ගැන මේ අහන ප්‍රශ්න වලට ඔයා දෙන උත්තර වලින් වැඩි ප්‍රමාණයක් ධනාත්මකයි නම් කලබල වෙන්න දෙයක් නෑ. ගොඩ දාගන්න පුළුවන්. උත්තර ටිකක් අවුල් වගෙයි නම් ඔන්න කෙල්ලේ දෙපාරක් හිතන්න වෙනවා…

 

1. පොඩි දේටත් ඇඟට කඩාගෙන පනිනවද?

Questions to ask from boy friend

Source – capitalfmkenya.com

යකාගේ හැටියටයි විමානේ කියනවනේ. දැන්ම ඔහොම නම් කසාද බැන්ද කාලෙක කොහොමට තියෙයිද? ආදරේ කරද්දී වගේම විවාහ ජීවිතයේදී ඔබ අතින් වෙන පුංචි පුංචි වැරදි, අතපසුවීම් වලට ඔහු තරහ ගන්නේ නැත්නම් ඔබ ඇත්තටම වාසනාවන්තයි. එහෙම නැති කෙනෙක් එක්ක පවුල් කන්න නම් ඉවසීම කියන දේ සෑහෙන්න පුරුදු පුහුණු කරන්න වෙනවා.

 

2. අද නෙවෙයි බැඳපු කාලෙක ද?

Questions to ask from boy friend

Source – newstatesman.com

මොනවා හරි දෙයක් කිව්වම ඒක පස්සට කල් දානවද? ඔය කසාද බැඳපු කාලෙක කරන්නම් කියන දේවල් ගැන නම් විශ්වාස කරන්න එපා. මෙහෙම හිතන්නකෝ. නිතරම බොන්න පුරුදු වුනු කොල්ලෙක්ට බොන්න එපා, අඩු කරන්න කිව්වම එයාල කියන දෙයක් තමයි “හරි …හරි… ඉතින් යාලුවෝ එක්ක Set වුණාම Fun එකක් ගන්න බොනවා තමයි. බැඳපු කාලෙක අඩු කරන්නම් ඉතින්” මොන පිස්සුද? ඕව බොරු කතා. දැන් කෙරෙන්නේ නැති දේවල් කසාද බැන්දම කොහෙත්ම වෙන්නේ නැහැ.

 

3. එයා කරන වැරදි වලට ඔයාට බනිනවද?

Questions to ask from boy friend

Source – ravishly.com

වැරැද්දක්, අතපසු වීමක් සිදුවුනාම තමන්ගෙන් වුනු වැරැද්ද පිළිගන්න තරම් ඔහු නම්‍යශීලි නම් ඔන්න දෙයියනේ කියලා ලැබිලා තියෙන්නේ හොඳ කොල්ලෙක්. කවදාවත් ඇත්තටම ආදරය කරන කෙනෙක් තමන්ගෙන් වන වැරදි වලට ඔයාව පටලන්නෙ නැහැ. හැබැයි ඔයාට දැන් වෙලා තියෙන්නේ ඒකෙ අනිත් පැත්ත නම් ඔහු වැරදි කරන තාක්කල් ඔයා වැරදිකාරියක් වෙනවා. කොල්ලෝ කවද්ද අනේ වැරදි නොකර ජීවත් වුනේ? දෙපාරක් හිතන්න ඕන කාරණාවක්.

 

4. අගය කරන්න ඕන තැන අගය කරනවාද?

Questions to ask from boy friend

Source – simplylivingtips.com

මේක නම් ඉතින් හැම ගෑණු ළමයෙක්ම ගොඩක් කැමති දෙයක්. ඔහු වෙනුවෙන් ඔබ කරන්නේ පුංචි දෙයක් වුනත් ඒ දෙය ඔහු වචනයෙන්, ක්‍රියාවෙන් අගය කරනවානම් ඔයා ගැන එයාගේ හිතේ ඇත්තටම ආදරණීය හැඟීමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද මේකත් ආදරේ ප්‍රකාශ වෙන තවත් අවස්ථාවක්.

 

5. ඔයාගේ පවුලේ අයටත් ගරු කරනවද?

Questions to ask from boy friend

Source – huffpost.com

ආදරය, ගෞරවය කියන දේවල් ලැබෙන්න ඕන ඔයාට විතරක් නෙවෙයි. ආදරේ කරන කොල්ලා තමන්ගේ පවුලේ අයව ගණන් ගන්නේ නැත්තන්, නිකරුණේ ඒ අයව හෑල්ලු කරලා කතා කරනවා නම් තමන්ට විතරක් ඔහුගෙන් ලැබෙන ආදරයෙන් වැඩක් නැතිවේවි. අනික කිසිම කෙල්ලෙක් එහෙම කරනවට කැමති වෙන්නෙත් නැහැ.

 

6. තැනක් නොතැනක් නැතුව ඔයාට කෑ ගහනවද?

Questions to ask from boy friend

Source – mikeandsusandawson.com

වැරදි නම් හැමෝම අතින් වෙනවා තමයි. මොකද අපි රහත් වෙලා ඉන්නවද? එත් ඉතින් ඒවා ගැන කතාබහ කරන, විසඳගන්න විදියක් තියෙනවා. ඒත් ගොඩක් කොල්ලෝ ඒ ගැන හිතනවා අඩුයි. ඉන්නේ කොහෙද? වටේ පිටේ කවුද ඉන්නේ? මේ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව කෑ ගහනවා. මොන විලි ලජ්ජාවක්ද ඒක? කෙල්ලන්ටත් කියලා ආත්ම ගරුත්වයක් තියෙනවා කියන එක කොල්ලෝ මතක තියා ගන්නවා නම් වඩා හොඳයි.

 

7. ඔයාටත් වඩා කාලය වෙන් කරන්නේ යාලුවන්ටද?

Questions to ask from boy friend

Source – gqindia.com

ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. කොල්ලෝ නම් ඔහොමමයි. යාලුවෝ එක්ක ඉද්දි කෙල්ලෙක් ඉන්නවද කියලාවත් මතක නෑ. කෝල් එකක් දෙනවා තියා ගන්න කෝල් එකකටවත් ආන්සර් නෑ. මුළු දවසෙම යාලුවෝ සෙට් එකත් එක්ක රවුම් ගහලා ගහලා දවස ගෙවිලා ඉවර වෙන්න විනාඩියක් දෙකක් තියලා තමයි කෙල්ල ඉන්නවද කියලා බලන්නේ. සමහර අය එහෙම කරන්නෙත් නෑ. කෙල්ල වෙනුවෙන් දේවල් කරන්නේ නැති වුණාට යාළුවන්ට නම් පණ වුණත් දෙයි. දැනුත් මෙහෙම නම් කසාද බැඳලා කාලයක් යද්දී කොහොමට තියෙයිද? කොකාට වාරයක් අවොත් තිත්තයාටත් වාරයක් එනවා කියලා ඔය යාලුවෝ ලොකු කරන්න ඉන්න කොල්ලෝ දැන ගත්ත නම් හොඳයි.

ප්‍රශ්න ටික නම් අහලා ඉවරයි. දැන් ඉතින් ඔයාගේ කොල්ල ගැන ඔයාගේ හිතෙන්ම මේ ටික අහලා බලන්න. ප්‍රශ්නයට අනුව උත්තරය ධනාත්මකයි නම් හොඳයි. නිදහසේ හුස්මක් ගන්න පුළුවන්. එහෙම නැහැ කියලා දුක් වෙන්න එපා. එයත් එක්ක කතාබහ කරලා අඩුපාඩු හරිගස්වාගන්න, හරියනම කෙනා හොයා ගන්න Try එකක් දෙන්න. අනික කාන්තාවක් පිරිමියෙක් මතම යැපෙන්න ඕන කියලා දෙයක් නැහැනේ. පිරිමි දහදෙනෙක් ළඟ නැති ආත්ම ශක්තියක් ගෑණු ළඟ තියෙනවා කියනවා. අපිට පුළුවන් තනියම වුනත් අපේ ගමන යන්න.

 
Cover Image Source – pixels.com / intouchweekly.com / bravotv.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *