ලංකාවේ මුදල් ඇමතිවරු – 1 කොටස

මේ  වනකොට මොළ හතක් තියෙන බැසිල් රාජපක්ෂ තමයි ලංකාවේ මුදල් අමාත් ධූරය දරන්නේ. විධායක ආණ්ඩු බලයක් තියාගෙන, තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් තියාගෙන මේ ආණ්ඩුවේම සමහරු බැසිල් රාජපක්ෂ  නැතුව රටේ ආර්ථිකය හරියට කළමනාකරණය බැහැයි කියලා දිනපතා ඇඬුවා. ලංකාවේ ආණ්ඩුක්රම ව්යවස්ථාව පවා වෙනස් කරගෙන තමයි බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් විදියට දිවුරුම් දීලා,  අවසානයේ දී මුදල් අමාත්යවරයා බවට පත්වෙන්නේ. දැනට ලොකු ලකයක් නැති උනත් ඉස්සරහට ලංකාව මොළ හත  එක්ක මොන අතට යයිද කියන එක අපිට දැන්ම කියන්න බැහැ. කතා බතා පැත්තකින් තියලා අපි හිතුවා අපේ ලංකාවේ මුදල්  අමාත්යවරු පිළිබඳව කෙටි සටහනක් ගෙන එන්න.

 

1. ජේ. ආර් ජයවර්ධන

නිදහස්  ලංකාවේ පළවෙනි මුදල් අමාත්යවරයා ලෙස කටයුතු කළේ ජේ. ආර් ජයවර්ධන මහතායි. ලංකාවට සුදුසු ආර්ථික ප්රතිපත්තියක් සකස් කිරීම ඔහුගේ මූලික අභිලාෂයව පැවතුණා. විශේෂයෙන්ම ශ්රී ලංකා මහ බැංකුව ඇති කිරීම සඳහා ඔහු විශාල දායකත්වයක් ලබා දුන්නා. කෙසේ නමුත් අයවැය පරතරය තුනී කිරීම සඳහා ඔහු ගෙනා  ඇතැම් යෝජනා නම් ජනතාව එතරම් ප්රිය කළේ නැහැ. උදාහරණයක් ලෙස සහල් සහනාධාරය නවතා දැමීමට ඔහු ගත් තීරණය හර්තාලයකින්  කෙළවර වුණා පමණක් නොව අග්රාමාත් ඩඩ්ලි සේනානායකට අගමැති ධුරය හැර යෑමට පවා සිදු වුණා.

 

 

2. ඔලිවර් ගුණතිලක

ඩඩ්ලි සේනානායකගේ ඉල්ලා අස්වීමෙන් පසුව අග්රාමාත් ධූරය භාරගත් ශ්රීමත් ජෝන් කොතලාවල, මුදල් අමාත් ධූරය සඳහා ශ්රීමත් ඔලිවර් ගුණතිලක පත්කිරීමට තීරණය කළා. වනවිට සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු කරමින් සිටි ඔලිවර් ගුණතිලක එම තනතුර බාර ගත්තා. කෙසේ නමුත් ඔහුගේ ධුර කාලය වසරක පමණ කාලයකට සීමා  වුණා. එම කාලය තුළ සැලකිය යුතු මට්ටමේ ප්රතිපත්තිමය වෙනස්කමක් කිරීමට ඔහුට හැකියාව ලැබුණේ නැහැ. ඉන් අනතුරුව පළමු ශ්රී ලාංකීය ආණ්ඩුකාරවරයා ලෙස ඔහුට  පත්වීම් ලැබුණා.

 

 

3. එම්. ඩී. එච්. ජයවර්ධන

ශ්රීමත්  ඔලිවර් ගුණතිලක ආණ්ඩුකාර ධූරය භාර ගැනීමත් සමගම එතෙක් නියෝජ් මුදල් අමාත් ධුරයේ කටයුතු කරමින් සිටි එම්. ඩී. එච්  ජයවර්ධන මුදල් අමාත්යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. වන විට ඔහුට වයස අවුරුදු තිස් නමයක් පමණයි. පොදු රාජ් මණ්ඩලීය රටක ලාබාලතම මුදල් අමාත්යවරයා බවට පත්වීමේ වාර්තාවට සමඟම ඔහු හිමිකම් කියනු ලැබුවා. කෙසේ නමුත් ඔහුට එම ධූරය දැරීමට ලැබුණේ වසර දෙකක පමණ කාලයක් පමණයි. මෙම කාලය තුළ වැඩි වශයෙන් තමන් නියෝජනය කළ හොරණ ආසනයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ඔහු වැඩි අවධානයක් යොමු කළා.

 

 

4. ස්ටැන්ලි සොයිසා

බණ්ඩාරනායක රජයේ පළමු මුදල් අමාත්යවරයා ලෙස කටයුතු කළ ස්ටැන්ලි සොයිසා, ධනවාදී  අදහස් වලට නැඹුරු වූ පුද්ගලයෙකු ලෙස ප්රසිද්ධියක් ඉසිලුවා. දේශපාලනයට පිවිසීමට පෙර ව්යාපාරිකයකු ලෙස සාර්ථක වූ ඔහු එවැනි ස්ථාවරයක් ගැනීම පුදුමයක් නොවෙයි. මේ නිසාම රජය තුළ විවිධ ගැටුම් ඇතිවූ බවද කියවෙනවා. කෙසේ නමුත් බණ්ඩාරනායක ඝාතනයට ඔහුගේ නම ඈඳීමත්  සමගම සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඔහුට බලපෑම් එල්ල වුණා.පසුව එම චෝදනාවලින් ඔහුව නිදහස් කරනු ලැබුවා. 

 

 

5. එම්. එම්. මුස්තාපා

ස්ටැන්ලි සොයිසා ඉල්ලා අස්වීමෙන් පසුව එම ධූරය සඳහා අග්රාමාත් විජයානන්ද දහනායක විසින් එම්. එම්. මුස්තාපා පත් කිරීමට කටයුතු කළා. මුදල් අමාත් ධූරය දැරූ පළමු මුස්ලිම් ජාතිකයා ලෙස ඔහුව හැඳින්වීමට පුළුවන්. විජයානන්ද  දහනායක රජය නිශ්චිත ප්රතිපත්තියකින් හෝ දැකීමකින් තොර රජයක් වූ අතර මුදල් අමාත්යාංශය තුළින්ද එම තත්ත්වය පිළිබිඹු වුණා. මෙම තත්ත්වය තුළ සැලකිය යුතු සේවාවක් කිරීමට මුස්තාපාට හැකියාවක් ලැබුණේ නැහැ.

 

 

6. ෆීලීක්ස් ඩයස් බණ්ඩාරනායක

1960 දී පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ පළමු මුදල් අමාත්යවරයා ලෙස ෆීලීක්ස් ඩයස්  බණ්ඩාරනායක පත් වන විට ඔහුට වයස අවුරුදු 29ක් පමණයි. මෙයද  පොදු රාජ් මණ්ඩලය තුළ වාර්තාවක් බවට පත්වුණා. කෙසේ නමුත් මෙම කාලය තුළදී ඔහු  මුදල් අමාත්යවරයා ලෙස නොව හමුදා කුමන්ත්රණය ව්යර්ථ කිරීමට මැතිණියට සහය දුන් ප්රධානියෙකු ලෙස ඉතිහාසගත වෙනවා. පැවති දේශපාලන තත්ත්වය තුළ සැලකිය යුතු තරම් මුල්යමය ප්රතිපත්ති වෙනසක් ගෙන ඒමට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. 

 

 

7. සී. පී. ද සිල්වා

ෆීලීක්ස් බණ්ඩාරනායක සිය අයවැය යෝජනා මගින් සහල් සහනාධාරය ඉවත් කිරීමට යෝජනා කර තිබුණා. මෙයට විරෝධය දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරූ ලක්ෂ්මන් රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා. මෙය ආණ්ඩුව තුළ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය කළ අතර අවසානයේදී ෆීලීක්ස් ඩයස් හටද ඉල්ලා අස්වීමට කරුණු සැලසුණා. ඉන්පසු එම ධූරය සඳහා සභානායක සී. පී. ද සිල්වා මහතාව යෝජනා කෙරුණා. නමුත් ඒ මහතාට මුදල් ඇමති ධුරය දැරීමට ලැබුණේ මාස කීපයක් පමණයි.

 

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර්  කරන්න අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *