නත්තල සමරන්න ගෙදරට එන අමුත්තන්ව පිනවන්න නත්තල් ස්නැක්ස් හදාගමු

අවුරුද්දේ ලස්සනම කාලේ ඉස්සරහට උදා වෙන එකේ කුස්සියෙ අපිත් ඒකට රෙඩි වෙන්න ඕනෙනෙ. පාටි, ෆැමිලි ගැදරින් ඔය ඔක්කොම ටික ඉස්සරහට සෙට් වෙනවනේ. ඔන්න නත්තල් කාලෙට හදන්නම වටින රසම රස ස්වීට්ස් රෙසිපි ගොන්නක් එක්කයි අද අපි ආවේ. බලන්න මේ අයිඩියාස් ඔයාලට ප්‍රයෝජනවත් වෙනවද කියලා.

 

1. ස්නෝ මෑන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මෙල්ට් කරගත් වයිට් චොක්ලට් ග්‍රෑම් 200
  2. මෙල්ට් කරගත් බටර් කෝප්ප 1/2
  3. පොල් තෙල් මේස හැඳි 2
  4. මිල්ක්මේඩ් කෝප්ප 1/2
  5. ඩෙසිකේටඩ් කොකනට් කෝප්ප 1 1/2

 

  • මේවා ඔක්කොම හොඳට කලවම් කරලා ෆ්‍රිජ් එකට දාගන්න.පැය 2කින් එලියට අරන් හැන්දකින් හුරලා අරන් කුඩා බෝල හදාගන්න.ඒවා ඩෙසිකේටඩ් කොකනට් වල දවටගන්න.
  • බෝල 3ක් ටූත් පීක් එකකින් සෙට් කරන්න.දැන් ඇස් දෙකට පොඩි බෝල දෙකක් තියලා, නහය හදලා ෆොන්ඩන්ට් වලින් ලේන්සුවක් කපලා බෙල්ල වටේ ඔතන්න.

 

 

2. මිනි ක්‍රිස්මස් රීත්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මාශ්මෙලෝස් ග්‍රෑම් 200
  2. බටර් මේස හැඳි 2
  3. කොළ පාට කලරින්
  4. කෝන්ෆ්ලේක්ස් කෝප්ප 2
  5. ස්ප්‍රින්කල්ස්

 

  • මාශ්මෙලෝස්, බටර් මයික්‍රොවේව් කරගන්න. දැන් මේකට කොළ පාට කලරින් දාලා කලවම් කරගන්න. ඉන්පස්​සේ මේකට කෝන්ෆ්ලෙක්ස් ටික දාලා කලවම් කරගන්න.
  • ට්‍රේ එකක් අරගෙන බේකින් ශීට් එකක් දාලා මේ මිශ්‍රණයෙන් පොඩි කෝප්ප 1 ගාණේ දාලා මැද්දෙන් හිලක් හදාගන්න.දැන් මේකට ස්ප්‍රින්කල්ස් එක එක විදිහෙන් දාගන්න. දැන් මේක ෆ්‍රිජ් දාගන්න.

 

3. ක්‍රිස්මස් චොකෝ බෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඔරියෝ බිස්කට් ග්‍රෑම් 200
  2. ක්‍රීම් චීස් ග්‍රෑම් 200
  3. චොක්ලට් ග්‍රෑම් 100

 

  • ඔරියෝ වල මැද ක්‍රීම් එක අයින් කරලා බිස්කට් එක කුඩු කරගන්න. දැන් ඒකට ක්‍රීම් චීස් දාලා කලවම් කරලා බෝල හදාගන්න. දැන් මේකට මෙල්ට් කරගත් චොක්ලට් වක්කරන්න.
  • උඩින් ස්ප්‍රින්කල්ස් ඉසගෙන ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියල කෑමට ගන්න.

 

4. එග් වයිට් ස්නෝ මෑන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර සුදු මද 2
  2. සීනි ග්‍රෑම් 120
  3. සැරසීමට ස්ප්‍රින්කල්ස් හා ෂුගර් බීඩ්ස්

 

  • බිත්තර සුදුමද දෙක බීට් කරගන්න. සාමාන්‍ය තරමින් බීට් කරගෙන සීනි ටික එකතු කරගෙන බීට් කරන්න. හොඳටම බීට් කරලා හිම වගේ මිදෙන තරමට වෙනකල් බීට් කරල පයිපින් බෑග් එකකට දාලා බේකින් ට්‍රේ එකකට ස්නෝ මෑන් වගේ පයිප් කරගන්න.
  • දැන් මේ ටික  180°C ට විනාඩි 20ක් බේක් කරගන්න. මෙල්ටඩ් චොක්ලට් වලින් ඇස් කට නාසය ඩොට් තියාගෙන බීඩ්ස් දාගන්න. අයිසින් වලින් කටක් ඇ​ඳගන්න.

 

 

5. ක්‍රිස්මස් බ්‍රෙඩ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කජු ග්‍රෑම් 100
  2. චෙරි ග්‍රෑම් 100
  3. සුල්තානා ග්‍රෑම් 100
  4. කැන්ඩිඩ් පීල් ග්‍රෑම් 100
  5. දෙහි ලෙලි තේ හැඳි 1
  6. බටර් ග්‍රෑම් 175
  7. සීනි තේ හැඳි 8
  8. බිත්තර 1
  9. පාන්පිටි ග්‍රෑම් 500
  10. ලුණු පින්ච් එකක්
  11. ඊස්ට් තේ හැඳි 4
  12. උණු වතුර ටිකක්
  13. සරසාගැනීමට අයිසින් ෂු​ගර් තේ හැඳි 8

 

  • මුලින්ම ඊස්ට් වලට උණු වතුර මේස හැඳි 6ක් හා සීනි තේ හැඳි 2ක් දාලා කලවම් කරලා වහලා තියන්න. විනාඩි 10කින් වගේ ඊස්ට් ටික හොඳට පිපිලා ආවම පාන්පිටි, ඉතිරි සීනි සහ ලුණු එකතු කරලා අනාගන්න.
  • බිත්තරයක් එකතු කරලා ඩෝ එක හදන ගමන් ලා රස්නේ වතුර ටිකකුත් දාලා බටර් ටිකත් එකතු කරලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. දැන් මේකට දෙහි ලෙලි ඇතුළු කපාගත් පළතුරු ටික එකතු කරන්න.
  • ට්‍රේ එකකට බටර් තවරා ඩෝ එක දමා පිපෙන්න මිනිත්තු 20ක් වගේ තියාගන්න. දැන් මේක 140°C ට විනාඩි 30ක් බේක් කරන්න.
  • නිවුනු පසු අයිසින් ෂුගර් වලින් සරසාගන්න.

 

6. කැන්ඩි කේන් චීස්කේක් බාර්ස් (Candi Cane Cheesecake Bars)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඔරියෝ බිස්කට් 15-20
  2. මෙල්ට් කරගත් බටර් මේස හැඳි 6
  3. ක්‍රීම් චීස් ග්‍රෑම් 300
  4. සීනි මේස හැඳි 6
  5. Sour Cream මේස හැඳි 6
  6. වැනිලා තේ හැඳි 1
  7. ලුණු පින්ච් එකක්
  8. බිත්තර 2
  9. පින්ක් කලරින්
  10. සරසා ගැනීමට කැන්ඩි කේන්ස්

 

  • ඔරියෝ ටික බ්ලෙන්ඩ් කරලා ඒකට මෙල්ට් කරගත් බටර් ටික දාගන්න. දැන් බේකින් ට්‍රේ එකක් අරගෙන මේ ටික දාලා හොඳට තද කරන්න. විනාඩි 10ක් වගේ බේක් කරගන්න.
  • ක්‍රීම් චීස් ටික හොඳට බීට් කරගන්න. ඒකට සීනි ටික දාලා ආයෙ බීට් කරගන්න. දැන් මේකට sour cream, වැනිලා හා ලුණු එකතු කරලා හොඳට බීට් කරගන්න. බිත්තර 2ක් එකතු කරගන්න.
  • දැන් මේ හදාගත්තු මිශ්‍රණය දෙකට බෙදලා එකකට පින්ක් කලරින් එකතු කරන්න. දැන් වයිට් මික්ස්​චර් එක දාලා ඊට උඩින් පින්ක් එක දාලා 180°C ට විනාඩි 40ක් බේක් කරගන්න. එළියට අරන් Candy Canes තරමක කෑලි කඩලා උඩින් ඉසගන්න.

 

7. පේස්ට්‍රි ක්‍රිස්මස් ට්‍රී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පේස්ට්‍රි ඩෝ එක
  2. නුටෙල්ලා හෝ චොක්ලට් සෝස්
  3. කෑලි කරගත් ආමන්ඩ් ටිකක්
  4. බිත්තර කහමද ටිකක්
  5. අයිසින් ෂුගර්

 

  • පේස්ට්‍රි ඩෝ එක තුනී කරලා එක හා සමාන ත්‍රිකෝණ හැඩැති නත්තල් ගස් 2ක් කපාගන්න. දැන් එකක් අරගෙන නුටෙල්ලා හෝ චොක්ලට් සෝස් උඩින් තවරගෙන ආමන්ඩ් ටික ඉසගන්න.
  • දැන් අනික් නත්තල් ගස හැඩැති ඩෝ එකෙන් මේක වහගෙන උඩ ඉඳන් හරහට තීරු කපන් එන්න දෙපැත්ත වෙන් නොවෙන විදියට. දැන් මේකෙ අතු වගේ කොටස් ටික ටික අඹරලා තියාගන්න.
  • බිත්තර කහමද ටිකක් උඩින් බ්‍රශ් කරලා 180°C ට විනාඩි 20ක් බේක් කරගන්න. උඩින් අයිසින් ෂුගර් ටිකක් ඉහලා කෑමට ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *