ගුණදායක කුරක්කන් වලින් රසවත් රෙසිපි 7ක්

ඇඟටත් ගුණ කුරක්කන් පිටි වලින් හදාගන්න පුළුවන් රසම රස කෑම ටිකක් බලමුද? ඔන්න අද ගෙනාව රෙසිපි නම් ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මේවා හදලා අපේ පේජ් එකට ෆොටෝ එවන්නත් අමතක කරන්න එපා. 

 

1. කුරක්කන් කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කුරක්කන් පිටි කෝප්ප 1
  2. වතුර කෝප්ප 6
  3. පොල්කිරි 2
  4. ලියාගත් සුදුළූණු බික් 2ක්
  5. ලුණු ටිකක් 

 

  • පෑන් එකකට කුරක්කන් ටික දාලා වතුර දාලා  හැඳිගාන්න. මේක ලිපේ තියලා සුදුළූණු ටික දාගන්න. 
  • ටිකකින් පොල්කිරි ටික දාලා රස අනුව ලුණු දාගන්න. නටනකොට ලිපෙන් බාගන්න. 

 

 

2. කුරක්කන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කුරක්කන් පිටි ග්‍රෑම් 100
  2. බටර් ග්‍රෑම් 250
  3. සීනි ග්‍රෑම් 200
  4. පාන්පිටි ග්‍රෑම් 150
  5. බේකින් පව්ඩර් තේ හැඳි 2
  6. බිත්තර 5
  7. කිරි මේස හැඳි 4

 

  • පාන්පිටි, කුරක්කන් පිටි හා බේකින් පව්ඩර් එකට මික්ස් කරලා හලාගන්න. 
  • බටර් හා සීනි බීට් කරන්න. ඒකට බිත්තර එකින් එක දාලා බීට් කරලා අවසානෙට පිටි මිශ්‍රණය දාගන්න.
  • පත්තකින් කලවම් කරලා කිරි හා වැනිලා දාලා තව ටිකක් කලවම් කරගන්න. 
  • දැන් මේක බේකින් ට්‍රේ එකකට දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 40ක් බේක් කරගන්න. 

 

3. කුරක්කන් ඕට්ස් ඔම්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කුරක්කන් මේස හැඳි 3
  2. ඕට්ස් මේස හැඳි 3
  3. බිත්තර 2
  4. කපාගත් කැරට් කෝප්ප 1/4
  5. කපාගත් ලීක්ස් කෝප්ප 1/4
  6. තෙල් ටිකක් 
  7. ලුණු ටිකක් 

 

  • බෝල් එකකට කුරක්කන් හා ඕට්ස් දාලා ඒකට බිත්තර වෙනම විස්ක් කරලා එකතු කරන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට එළවළු ටික දාලා තෙම්පරාදු කරලා ලුණු ටිකක් දාගන්න. ඒකට වතුර මේස හැඳි 2ක් වගේ දාලා කලවම් කරගන්න. 
  • තෙම්පරාදුව ලිපෙන් බාලා නිවුණම කුරක්කන් හා බිත්තර මිශ්‍රණයට දාල කලවම් කරගන්න.
  • පෑන් එක නැවත රත්වෙන්න තියලා හදාගත්ත මිශ්‍රණය දාලා දෙපැත්ත පුච්චගන්න.

 

4. කුරක්කන් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 3
  2. ටින්කිරි කෝප්ප 1/2
  3. කුරක්කන් පිටි කෝප්ප 1
  4. ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1
  5. සීනි කෝප්ප 1/2
  6. මිටිකිරි කෝප්ප 1/2
  7. වැනිලා තේ හැඳි 2
  8. ඩෙසිකේටඩ් කොකනට් කෝප්ප 1 1/2

 

  • බිත්තර ටික හොඳට බීට් කරගන්න. මේකට ටින්කිරි ටිකත් දාලා බීට් කරන්න. මේකට කුරක්කන් පිටි ටිකත් දාලා විස්ක් කරගන්න. මේකට කිටි ටික ටික දාලා සීනි ටිකත් දාගෙන විස්ක් කරන්න. සීනි දියවෙනකල් විස්ක් කරලා වැනිලා ටික දාගන්න. 
  • මේකට ඩෙසිකේටඩ් කොකනට් ටිකත් දාගන්න. හොඳට විස්ක් උනාම බටර් ගාගත් ට්‍රේ එකකට දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි30ක් බේක් කරගන්න. 

 

5. හැලප

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කුරක්කන් පිටි ග්‍රෑම් 250
  2. ගාගත් පොල් කෝප්ප 1
  3. ලුණු ටිකක් 
  4. හකුරු කෝප්ප 
  5. කරදමුංගු ඇටයක්
  6. වතුර 

 

  • මුලින්ම හකුරු ටික ලිපේ තියලා රත් කරගන්න. දියවෙනකොට කරදමුංගු ඇටය දාලා ඒකටම පොල් ටික දාලා කලවම් කරලා පැණිපොල් එක හදාගන්න. 
  • ඊළඟට මේකට කුරක්කන් පිටි, ලුණු හා වතුර දාලා නොඇලෙන පදමට හැලප මිශ්‍රණය හදාගන්න. 
  • කැන්ද කොළ වල තෙල් ගාලා මිශ්‍රණයෙන් ටික ටික දාලා කොළේ නවලා තුනී කරන් විනාඩි 20-30ක් ස්ටීම් කරගන්න. 

 

6. කුරක්කන් පෑන්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කුරක්කන් පිටි කෝප්ප 1
  2. බිත්තර 1
  3. සීනි කෝප්ප 1/4
  4. කිරි කෝප්ප 1/4
  5. බේකින් පව්ඩර් තේ හැඳි 1
  6. මෙල්ටඩ් බටර් මේස හැඳි 2

 

  • මුලින්ම කුරක්කන් වලට සීනි හා බේකින් පව්ඩර් දාලා මික්ස් කරගන්න. 
  • ඊළඟට ඉතිරි සියල්ලම දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට බැටර් එකෙන් ටිකක් දාලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න. 

 

7. කුරක්කන් කිරි රොටී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කුරක්කන් පිටි කෝප්ප 1
  2. පාන්පිටි කෝප්ප 1
  3. බිත්තර 1
  4. ලුණු

 

තෙම්පරාදුවට

 

  1. ලියාගත් රතුළූණු ගෙඩි 2
  2. කරපිංචා කොළ කිහිපයක් 
  3. අබ ටිකක් 
  4. කෑලිමිරිස් තේ හැඳි 1
  5. තෙල් ටිකක් 

 

  • පාන්පිටි වලට කුරක්කන් පිටි දාලා ලුණු ටිකත් දාලා කලවම් කරගන්න. ඊළඟට වතුර ටික ටික දාලා තික් බැටර් එකක් හදාගන්න. 
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා අබ ටික දාලා පුපුරවගන්න. ටිකකින් අනික් සියල්ලම දාලා තෙම්පරාදුව හදලා ඒක හදාගත්ත බැටර් එකට දාලා කලවම් කරගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් ගාලා බැටර් එකෙන් ටික ටික දාලා රොටී හදාගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *