නඩුහබ නැතුව ආදරෙන් පවුල් කන සිනමා තරු

කලාකාරයොන්ට විවාහ හරියනවා සෑහෙන අඩුයි නේ. විවාහ කතන්දරේ පැත්තකට දාලා එක ගෑනියෙක් මිනිහෙක් එක්ක ඉන්න එක ගැන කතා කරොත් ඒත් එච්චරයිනේ. සමහරවිට එහෙම වෙන්නේ කලාකාරයා කියන රාමුව අස්සේ ඉඳන් ඒ මිනිස්සු අමුතු වල්බූරු නිදහසක් හොයන නිසා වෙන්න ඇති. ඒ මොනම විකාරයක්වත් නැතුව ආදරෙන් පවුල් කන එතෙර සිනමා තරු කීපයක් තමයි මේ.



1. අයිෂ්වර්‍යා-අභිෂේක් 


2007 අවුරුද්දේ විවාහ ජීවිතේට ඇතුළත් වුණ මේ දෙන්නා තාමත් මේ ඊයේ පෙරේදා බැඳපු ජෝඩුවක් තරමට ආදරෙනුයි ඉන්නේ. වයස් පරතරය අතින් ගත්තත් අයිෂ් අභිෂේක්ට වඩා වයස අවුරුදු 2ක් වැඩිමල්. වැදගත් සිනමා පවුලකින් පැවත එන අභිෂේක් තමන්ගේ ඉරණම්කාරිය අයිෂ්වර්‍යා බව තීරණය කරන්නේ ඒ වැදගත්කමේ ජාමේ බේරගන්න නම් නෙවෙයි. අදටත් වදින පැපරාසි ෂොටක වුණත් දෙන්නගේ ආදරේ බේරෙනවා. ආරාධ්‍යා කියන ලස්සන ම ලස්සන දුව තමයි මේ දෙන්නගේ ආදරණීය බැඳීමේ ප්‍රතිඵලය.



2. රයන්-බ්ලේක්


රයන් රෙනොල්ඩ්ස් සහ බ්ලේක් ලයිව්ලි හොලිවුඩයේ අයිකන් එකක්. ඇයි ඉතින් මේ ආසියාකරයේ වගේ නෙවේ අර කිව්ව වල්බූරු නිදහසේ පීනන මිනිස්සු ඉන්න සමාජෙක නේ මේ දෙන්නා මෙහෙම ඉන්නේ. රයන් ව රයන්ටත් වඩා ජනප්‍රිය ඩෙඩ්පූල් කියලා හැඳින්වූවාමයි. ස්කාලට් ජොහැන්සන් එක්ක තිබුණ අසාර්ථක විවාහ දිවියට තිත තියලා මොහු බ්ලේක් ව තමන්ගේ කරගන්නේ 2012 අවුරුද්දේ. ඒ ඉඳන් අද වෙනකන් ලොවෙත් නැති ආදර කතාවක මේ දෙන්නා චරිත වෙලා. සෝෂල් මීඩියාවල එකිනෙකා නැති කරගන්න මඩ ගහගන්න ආතල් එකේ ඉන්න ෆැමිලියක්.



3. සූර්‍යා-ජ්‍යෝතිකා


අපට ඉතාම ළඟ කොලිවුඩයේ ආදරණීයයන් දෙදෙනෙක් තමයි මේ. සූර්‍යා වෙනුවෙන් මේ අපි වුණත් පණ දෙන්න කැමතියි. ඉතින් එහෙම එකේ ඔවුට ජ්‍යෝතිකා හමුවීම ගැන අමුතුවෙන් දිග රචනා ලියන්න අවශ්‍ය නෑ. 2006 අවුරුද්දේ තමයි දෙන්නා විවාහ වෙලා තියෙන්නේ. මේ දෙන්නා ආදරේ කරන්න පටන් අරන් තියෙන්නෙත් 2001 අවුරුද්දේ වගේ. ඒ වෙනකොට ජ්‍යෝතිකා තරුවක්. සූර්‍යා ඊට පහළින් හිටි තරුවක්. ඒ පිහිටීම් මොකවත් නැතුව මේ දෙන්නා දරුවන් එක්ක ආදරෙන් ඉන්න හැටි ඇත්තට ම අදහන්න වටිනවා.



4. අජේ-කාජල්


ඔහෙලා ගැන නම් කියන්න දන්නේ නෑ ඒත් අපි නම් හිතාන හිටියේ කාජල් කියන්නේ ෂාරුක්ගේ කසාද ගෑනි කියලා. පස්සේ තමයි දන්නේ නෑ මේ ඉන්නේ අජේ දේව්ගන්ගේ ආදරණීය බිරිඳ කියලා. 1999 වසරේ විවාහ දිවියට එළඹිලා අද වෙනකොටත් ආදරෙන් ජීවත් වෙන මේ දෙන්නගේ රහස තමන්ගේ පෞද්ගලික ජීවිතය පෞද්ගලික වන්නට ඉඩ තැබීම කියලා බොහෝ දෙනා කියනවා. අජේ කියන්නේ කොහොමත් නිහඬ චරිතයක්. කාජල්ට අනුව කිසිම රොමෑන්ටික් ගතියක් නැති හැබැයි හැම වෙලේ ම ඈ ගැන හිතන අමුතු ආදරවන්තයෙක්. ඉන්නවා දෙන්නට දුවෙකුයි පුතෙකුයිත්.



5. විල්-ජාඩා


විල්ජාඩා කිව්වම නිකන් දෙමටගොඩ චමින්ද වගේ මැර නමක ලයින් එකක් ආවට මේ ඊට හාත්පසින් වෙනස් දෙන්නෙක්ගේ නම් දෙකක එකතුවක්. විල් ස්මිත් කියන අපේ පරම්පරාවේ ලෙජන්ඩ් එකයි ඔහුගේ බිරිඳයි ගැනයි මේ කතාව. 1997 යුග දිවියට එළඹෙන විල් සහ ජාඩා එතැන් පටන් අද වෙනකොට එකිනෙකාට හැම අතින් ම සහයෝගය දක්වමින් එකට ආපු ලෝකෙට පූර්වාදර්ශයක් වුණ යුවළක් වෙලා. විල් ස්මිත් බුකියට දාන වීඩියෝවලින් පවා පේනවා දෙන්නගේ ආදරේ මොන තරම් ආතල් ද කියලා.



6. ෆාහඩ්-නස්රියා


මලයාලම් සිනමා පිස්සොන්ට මේ නම් අලුත් ඒවා නෙවේ. හැරුණත් රංගනය තියන ෆාහඩ් සහ සුරූපී නස්රියා යුග දිවියට එළඹිලා තියෙන්නේ 2014 අවුරුද්දේ. ඉතින් අවුරුදු 5ක ආදරේ බලලා තක්සේරුවකට එන්න කල් වැඩියි වගේ හිතෙනවා නම් මේ දෙන්නගේ ඉන්ටර්වීව්ස් බලන්න වෙනවා. එකක දී ෆාහඩ් කියනවා ඉස්සෙල්ලා ම මේ යෝජනාව එහෙමත් නැත්තම් සිංහලෙන් කිව්වොත් ප්‍රොපෝස් කරලා තියෙන්නේ නස්රියා කියලා. ඒ විතරක් නෙවේ ෆාහඩ් ඇයට වඩා අවුරුදු 11කින් වැඩිමල්.



7. ජෙනීලියා-දේශ්මුක්


බොලිවුඩයේ ඉන්න කියුට් සීන් එකේ කපල් එකක් තමයි මේ. ජෙනීලියා නම් කොහොමත් කියුට් තමයි. කොහොමහරි ඒ කියුට් එකට උපරිම සාධාරණයක් දෙන්න පුළුවන් හාදයෙක් ව කසාද බැන්දා. 2012 වසරේ විවාහ ජීවිතේට ඇතුළත් වූ මොවුන් දෙදෙනාට මේ වෙනකොට දරුවන් දෙන්නෙක් ඉන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *