යාළුවෙක් නැද්ද? එහෙනම් ඔයත් මේ චරිත ලක්ෂණවලින් ඈත් වෙන්න

තනියෙන් ඉන්නයි කියලා කවුරු කොහොම ලොරි ටෝක් දුන්නත් ඒක කරන්න බැරි වැඩක්. මේ සිස්ටම් එකේ ජීවත් වෙන්න නම් මනුස්සයෙක්ට එක යාලුවෙක්වත් ඉන්න ඕනි. ඒ සපෝර්ට් එක නැතුව ඉන්න හරි අමාරුයි. ඒත් එහෙම අයත් ඉන්නවා. ඒ යාලුවෝ එක්ක ඉන්න අකමැත්තකින් නෙවේ, ඒත් තවත් මනුස්සයෙක් එක්ක මනුස්ස විදියට ඉන්න නොහැකියාව නිසයි. එහෙම වෙලා තියෙන්නේ චරිත ලක්ෂණ නිසා. මිනිස්සු වතුර වගේ වෙන්න ඕනි කියන්නේ මෙන්න මේකයි. භාජනේ හැඩේ අනුව වතුරත් වෙනස් වෙනවා වගේ මිනිස්සු ආශ්‍රය කරද්දී පොඩ්ඩක් ඇජස්ට් වෙන්න සිද්ධ වෙනවා. ඒක තමන් කවුද කියන අනන්‍යතාව වෙනස් කරන එක නෙවෙයි. හැබැයි තමන් මොන විදියේ යාලුවෙක් ද කියන එක වෙනස් කරන ක්‍රමයක්. යාළුවෙක් නැත්තම් මේ චරිත ලක්ෂණ වලින් ඈත් වෙලා ඉන්න බලන්න. යාළුවො එයි මේම මේම.

 

1. සීරියස් පොරක් වීම

No friend

Image Source – giphy.com

විහිළුවලට කවුරුත් ආසයි. යාළුවෙක් දාගන්න විතරක් නෙවෙයි කෙල්ලෙක් දාගන්න වුනත් ගොඩක් වෙලාවට අනුගමනය කරන පියවරක් තමයි කොමිකල් ජීවිතයක් වෙන එක. හැබැයි ඔතන දී බලපෑම වැඩි යාළුවො සෙට් කරගන්න තැනදී තමයි. මොකද යාළුවො කියන්නේ ජීවිතේ හිනා වෙලා ආතල් එකේ ඉන්න කැමති සමූහයක්නේ. උන් ටික එක්ක ඉද්දි මහමෙර ඔලුව උඩ තියන් ඉන්නවා වගේ සිරා පිට ඉන්න ගියොත් හැලෙනවා. අපෝ ඌ එක්ක විහිළු කරන්න බැහැ මෙලෝ රහක් නැති එකෙක් වගේ පට්ටමක් වැදුණොත් ආය ඒ හංවඩුව මකන්න බැහැ. තමන් විහිළු කරනවා වගේම අනික් අය කරන පොඩි පොඩි විහිළු මොන තරම් ගොන් පාර්ට් වුණත් ඒවත් අගය කරන්න පුරුදු වෙන්න. අඩුම ගාණේ ඒ ටික දෙනා හරි එකෙන් ම සෙට් වෙනවා.

 

2. චීත්තයක් වීම

No friend

Image Source – giphy.com

චීත්ත වැඩ කියලා කියන්නේ සාමාන්‍යයෙන් කොල්ලන් අතරේ ජනප්‍රිය ටර්ම් එකක් නේ. ඒ කියන්නේ ඔය එකාට එකා කොටවන විදියේ අන්තිම පහත් වැඩ. කවුරුත් ඔයාට කැමති නැත්නම් සමහරවිට නොදැනුවත්ව ම ඔයත් මේ කියන විදියේ චීත්තයක් වෙන්න ඇති. ගැහැණු පාර්ශ්වය කියලා වෙනසක් නැහැ. දැන් කවුරුත් චීත්ත හැබැහින් අඳින්නේ නැති නිසා මේ වගේ අජපල් වැඩ කරොත් චීත්තයක් විදියට බෞතීස්ම කරන්න පුළුවන්. සාමන්‍යයෙන් කීප දෙනෙක් අතරේ මේ වගේ චාටර් මනුස්සයෙක් වුණාම ඕක වසංගතේ වගේ තමයි. යාළුවො නෙවෙයි බල්ලෝ පූසොවත් ළඟට එන්නේ නැහැ.

 

3. ආත්මාර්ථකාමියෙක් වීම

No friend

Image Source – giphy.com

වැඩවලින් වගේම කතාවෙනුත් තමන්ගේ ජීවිතේ සුබසිද්ධිය ගැන විතරක් හිතනවා නම් එහෙම කෙනෙක්ට යාළුවො සෙට් වෙන්නේ නැහැ. මොකද යාළුකම කියන්නෙම බොක්ක වුණත් අනික් එකා වෙනුවෙන් දෙන එකට. හැමෝ ළඟම පුංචිම හරි ආත්මාර්ථයක් තියෙනවා තමයි. ඒක ඕනවට වඩා කරන්න ගියාම තමයි කවුරුත් ගණන් ගන්නේ නැත්තේ. විභාගයක දී උත්තරේ බන්දේසියක දාලා දෙන්න පුළුවන්කම තියෙද්දී නෑ බෑ වගේ ඉන්න නම් හිතන්නවත් එපා ආයේ.

 

4. අතිශය දේශපාලනික වීම

No friend

Image Source – giphy.com

මිනිස්සු හැමෝම දේශපාලනික සත්තු තමයි. එහෙමයි කියලා සත්ව ගති අම්බානෙකට පෙන්නන්න යන්න ගියාමත් ලෙලි පොල් වෙලා යනවා. මොනම විදියකටවත් එකම විදියට හිතන, එක මතයක් තියන පුද්ගලයන් හම්බ වෙන්නේ නැහැ. දේශපාලන පක්ෂයක් ගැන තමන්ගේ මතේ කියන එක තවත් දෙයක්, ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන ටයිප් එකේ වදන් කියන එක තවත් එකක්. එහෙම වුණාම පහර ගැහෙන්නේ අපෝ ඕකා කුණු යූ ඇන් පී කාරයා, ශ්‍රී ලංකා කාරයා, ජේ වී පි කාරයා වගේ මිසක් හොඳ යාළුවෙක් විදියට නෙවේ.

 

5. අනන්‍යතා අර්බුදය (Identity Crisis)

No friend

Image Source – giphy.com

එක වෙලාවකට කියන දෙයක් ආය ටිකකින් සම්පුර්ණයෙන්ම වෙනස් කරලා මැරිලා ඉපදුණ ගාණට ඉන්න අය ඕනි තරම් ඇති. එහෙම අයට යාළුවො තියා කනබොන දෙයක්වත් දිරවනවද කියන එක ප්‍රශ්නයක්. මොකක් හරි සම්බන්ධයෙන් මතභේදයක් තියෙන වෙලාවට තමන්ට වාසි විදියට ආකල්ප වෙනස් කරගන්න කටුසු කුලයේ අයට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. යාළුකම් කරද්දී කොයිම වෙලාවකත් තමන් කවුද කියන එක අමතක කරන්න නරකයි. අනික් අය එක්ක පෑහෙන්න කියලා සමහරු වෙනස් වෙනවා. හැබැයි තියෙන සම්බන්ධකමුත් නැති වෙන්නේ මේ විදියට වෙනස් වුණාම තමයි.

 

6. පසුගාමී වීම

No friend

Image Source – giphy.com

මොකක් හරි කරන්න සෙට් වුණාම පස්ස ගහන, ජීවිතේට ඉදිරිපත් වෙන්නේ නැති, ජීවත්වෙන එකේ අරමුණ මොකද්ද කියලා පැහැදිලි නැති ලයින් එකක් ඔයාගෙන් අනික් අය දකිනවා නම් යාළුවෙක් විදියට පිළිගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මෙලෝ රහක් නැති එකෙක් කියන කාඩ් එක වැදුණා කියන්නේ එතන යාළුකමට ඉඩක් ආයේ නැහැ කියන එකයි. ලැජ්ජකාරයොන්ට යාළුවො නැහැ. ඉන්නවා නම් ඉන්නේ තවත් ඒ වගේම අය තමයි.

 

7. වැඩ බැරි ටාසන් කෙනෙකු වීම

No friend

Image Source – giphy.com

ගොඩින් බැරි නම් දියෙන් වගේ ලොකු සීන් දුන්නට ඇත්තට ම ඉඳිකට්ටට නූලක් දාගන්න බැරි තරමේ කෙනෙක් නම් එතනත් යාළුවො නැහැ. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් තමන්ට කරන්න බැරි දේවල් ගැන ඕනිවට වඩා කියවලා අනික් මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන්න ගියාම. එහෙම කරලා අන්තිම මොහොතේ පොල්ල තිබ්බම කයිවාරුකාරයෙක් විතරයි කියන සීමාවෙන් එහාට දකින්නේ නැහැ.

Cover Image Source – thoughtcatalog.com / straitstimes .com

 

 

Leave a Reply

Your email address will not be published.