පළමු පෙම් හමුවට එහෙමත් නැත්නම් සිංහලෙන් කිව්වොත් ඩේට් එකට යන එක බටහිර රටවල අනිවා වෙන වැඩක්. දැන් දැන් ඕක සිරි ලංකාවෙත් ජනප්‍රිය වේගෙන යනවා. ප්‍රේමවන්තයෝ වෙන්න කලින් දෙන්නා තව ටිකක් අඳුරගන්නයි සමීප වෙන්නයි කියලා හිතාන කෑමකට එළියට යනවා. මෙතැනදී පොඩ්ඩ ගැස්සුනොතින් හෙම ඔක්කොම හබක් වෙලා යන්න පුළුවන්. එහෙම නොවෙන්න නම් දෙන්නම යම් යම් දේවල් කරන්න ඕනි. ඔයා ප්‍රේමවන්තිය වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා නම් මේ දේවල් කරලා බලන්න.
1. සුවපහසු ඇඳුමකින් සැරසෙන්න

Image Source – glamour.com
ඇඳුමකින් විළිවහගන්න එක සිද්ධ වෙනවා තමයි. ඊට අමතරව ඒකෙන් තව දේවල් කියවෙනවා. පෙම් හමුවක් කියන්නේ ජීවිතයේ සාමාන්‍ය සිද්ධියක්. ඉතින් එතනට යනවා කියලා වෙඩිමකට වගේ යන්න අවශ්‍යතාවක් නැහැ. අනික තොරොම්බල් කරත්තයක් වගේ ගිහින් පුංචි දෙගිඩියාවක් හිත යට තියන ඒ වගේ මොහොතක අපහසුවෙන් ඉන්න ඕනි නැහැ. හැබැයි ඒ වගේ ඇඳුමක් තමන්ට පහසු නම් ඒක එහෙම ම වෙච්චාවේ. මේ පෙම් හමුව ප්‍රේම සම්බන්ධයකින් ම ඉවර වෙනව ද නැද්ද කියන එක තීරණය කරන එක්තරා සාධකයක් වෙනවා ඒක. තමන්ට රිසි පරිදි චාම් වෙන්න පුළුවන් නැත්තම් බකින්හැම්වලින් බැස්සා වගේ යන්න පුළුවන්. ඔය මොන දේ කළත් ඒක කරන්න ඕනි එයා මොනා හිතයිද කියන එක අනුව නෙවේ තමන්ට හිතෙන විදියට. නැත්තන් ඇඳුමේ අමාරුව මූණෙන් පේන්න ගත්තම ඒක හෙන කැතයි.
2. ඔහුට සවන් දෙන්න

Image Source – blueoceanstrategy.com
මෙතන දී එකිනෙකාව වඩාත් හොඳින් හඳුනාගැනීමක් වෙනවනේ. සමහරවිට ඒ ඔයාගේ හොඳම යාළුවා වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් ම අමුත්තෙක් වෙන්නත් පුළුවන්. මේ දෙපාර්ශ්වයට ම අදාළ දෙයක් තමයි මේ. මිනිස්සු හරි කැමතියි තමන් කියවන් යන දේවල් අගය කරමින් කවුරු හරි අහගෙන ඉන්නවා නම්. එයා රටේ නැති පල් හෑලි කියවන්න පටන් ගනීවි. ආස ම ක්‍රීඩකයෙක් ගැන, ඉස්කෝලේ කාලේ කරපු වැඩ, අහං ඉන්න එපාවෙන කිසි ම අදාළත්වයක් නැති වැඩක් වෙන්නත් පුළුවන්. ඒ මොකක් වුණත් ඒක අහන්න තමන්ට ආසාවක් තියනවා කියලා ඔහුට පෙන්වන්න. අතුරු ප්‍රශ්න අහන්න.
3. බිල ගැන ඒ තරම් නොසිතන්න

Image Source – twitter.com
ඔන්න දැන් කොල්ලෙක් ඉන්නවා. මනුස්සයා ඩේට් එකකට යමුදැයි අහනවා. ඉතින් මනුස්සයාගේ තුන් හිතකවත් නැහැ ඒකේ ගාණ ඔයාගෙන් කඩාගන්න. ඩේට් එකකට යනවා නම් පොඩ්ඩක් මේ ගැන හිතලා එයා කැමැත්තෙන් කරන්න යන දේට ඉඩදෙන්න. බැරිම නම් ඉතින් එක ම එක පාරක් අහලා බලන්න බිල් එක බෙදාගනිමු ද කියලා. බෑ කීවොතින් ඔහුට බිල ගෙවන්න ඉඩ දීලා ස්තුති කරන්න.
4. දුරකථනයෙන් ඈත් වෙන්න

Image Source – independent.co.uk
ෆෝන් එක ඇබ්බැහියක්. ඒත් මෙතන දී ඒ ඇබ්බැහිකමෙන් මිදෙන්න වෙනවා. එයා පැත්තක ඉඳන් කතා කරද්දී ඔයා ෆෝන් එක ඔබ ඔබා ප්‍රතිචාර දුන්නොතින් ඒක මොන තරම් නම් කැත වැඩක් ද. කෑම මේසෙට ආවාම ඉවක් බවක් නැතුව ඒකෙ ෆොටෝ ගහලා දාන්න කලබල වෙන්න ඕනි නෑ. මේ මොහොත මතක තියාගන්න නැත්නම් තමන් ෆුඩ් පොටෝග්‍රැපිවලට ආසා කරන බව කියලා ඒ දේ කරන්න. මේ වගේ මොහොතක සෝෂල් මීඩියාවල උඩ පහළ යන්න නම් හිතන්නවත් එපා.
5. සිනහව අමතක නොකරන්න

Image Source – theconversation.com
කොහොමත් ප්‍රියමනාපව හිනා කටෙන් ඉන්න වෙනවා තමයි. හැබැයි විශේෂයෙන් ම කියන්න ඕනි කාරණාවක් තියෙනවා. සාමාන්‍යයෙන් පිරිමි අයගේ පුරුද්දක් තමයි විහිළු කරන එක. සමහරවිට ඒවා මෙලෝ යකෙකුට හිනා යන්නේ නැති පට්ට ම බොළඳ ගොන් ජෝක්ස් වෙන්න පුළුවනි. ඒත් ඒ වගේ දේකට සිනහවෙන් ප්‍රතිචාර ලැබෙනවා කියන්නේ වෙන මුකුත් ඕනි නෑ ඉතින්.
6. ඔහුට ඔහු වෙන්න අවස්ථාවක් දෙන්න

Image Source – dating.lovetoknow.com
මේ වෙලාවට දෙන්න ම ඉන්නේ පොඩ්ඩක් අවුල් ගිහින්. ඒ කියන්නේ මොනවයින් මොනවා වෙයි ද කියලා දෙන්නම දන්නේ නැහැ. අන්න ඒ වෙලාවේ ඒ පීඩනය එයාගේ ඔළුවට ම ගහන්න දෙන්න නරකයි. සමහරවිට එයාගේ වචන ගොතගැහෙයි, ඔළුව කහයි, කකුල් දෙක වේගයෙන් එහේ මෙහේ කරයි, අතොරක් නැතුව කියවයි, දාඩිය පිහදායි. ඔය මොකක් කරත් ඒ දේවලින් තමන්ගේ හිතේ අප්‍රසාදයක් මතු වුණා කියලා පෙන්වන්න නරකයි. තමන්ට තනියම වුණත් කරගන්න පුළුවන් දෙයක් ඔහුගේ උදව්ව අරගෙන කරන්න. මේසේ එහා කොණේ තියන කෑම දීසිය ගන්න තමන්ට පුළුවන් වුණාට ඔහු බොහොම ආසාවෙන් ඒක කරලා දේවි.
7. තමන්ම වෙන්න

Image Source – wikihow.com
හඳුනාගැනීමේ පෙරට්ටුවක් වගේ තමයි මේ පළමු හමුව. එතන දී තමන් නොවන කෙනෙක් විදියට හැසිරීමෙන් අනාගතයේ දවසක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මිනිස්සු හොයාගන්නවා වගේ නෙවෙයි ඔයා කවුද කියන එක සම්බන්ධයෙන් ඔයාව පිළිගන්න කෙනා එක්කයි ඔයා අනාගතයක් ගැන හිතන්න ඕනි. අවස්ථාවට ගැලපෙන්න ඕනි කියලා හිතලා තමන්ව පාවා දෙන්න නම් එපා.
Leave a Reply