ලව් එකට කෙළ වුණත් ෆිට් එක තියන් හිටපු සෙලිබ්‍රෙටි ජෝඩු

සෙලිබ්‍රෙටි ලෝකයේ එක ලව් එකක් ජීවිත කාලෙටම තියන් ඉන්න අය ව අල්ලලා වෙන ම සම්මාන ටිකක් දීලා දැම්මත් පාඩු නෑ. ඒ කතන්දර කොයි කොහොම වෙතත් දෙයියනේ කියලා යාළුවෝ වගේ දිගටම ඉන්න හිත හදාගත්තු අයත් ඔය අස්සේ හම්බ වෙනවා. මේ එහෙම යාළුවෝ කීප දෙනෙක්.



1. ජෙනිෆර් ලෝපෙස් සහ මාර්ක් ඇන්තනී


මේ දෙන්නම අපේ ළමා කාලයෙ අහපු ලස්සන සංගීතයට සහ මතකවලට වග කියන්න ඕනි ජෝඩුවක්. දෙන්නා සංගීත ලෝකයේ මොන තරම් වැඩ්ඩෝ වුණත් පවුල් අවුල් ගියා. ඒ වුණාට දැන් දෙන්නා හොඳ ම යාළුවෝ. ජෙනිෆර් මාර්ක්ව හඳුන්වන්නෙත් හොඳ ම යාළුවා කියලා. මේ දෙන්නට ම විවාහයෙන් ළමයි ඉන්නවා. මේ මිත්‍ර සම්බන්ධයට හේතුව දරුවන්ට ආදර්ශවත් මව්පිය යුවළක් වීම වෙන්නත් පුළුවන්.



2. දීපිකා පදුකෝන් සහ රන්බීර් කපූර්


අසල්වැසි රටේ අපි ආස ම කරපු ජෝඩුවක්නේ. අද හෙට බඳී කියලා හිතුවට වැඩේ අන්තිම මොහොතේ සවුත්තු වෙලා ගියා. මොකක් හෝ හේතුවකට ප්‍රේම සම්බන්ධතාව පවත්වාගන්න බැරි වුණාට දෙන්නා මිත්‍ර සම්බන්ධතාවේ නම් හොඳට ම කරගෙන යනවා. වෙන්වීමෙන් පස්සෙත් දෙන්නා එකට ෆිල්ම් කරා, ඒ වගේ ම ෆැෂන් ෂෝවලට එකට ඉදිරිපත් වුනා, ටීවි ෂෝවල දී දෙන්නට දෙන්නා ගැන තියෙන ආදරේ ගැන කතා වුණා. අන්තිමේ දීපිකා කිව්වා එයාගේ අවසරයක් නැතුව රන්බීර්ට බඳින්න පවා තහනම් කියලා.



3. එමා ස්ටෝන් සහ ඇන්ඩෲ ගාෆීල්ඩ්


හොලිවුඩයේ කාලයක් තිස්සේ ම නිතර කියවුණ ආදරණීයයන් දෙන්නෙක් තමයි මේ. මොන තරම් කෙමිස්ට්‍රියක් දෙන්නා අතරේ තිබ්බත් අන්තිමේ වෙන් වෙන්න තීරණය කරලා තිබ්බා. නමුත් එහෙමයි කියලා සම්පූර්ණයෙන් ආගන්තුකයන් නොවී ඉන්න දෙන්නා හිතාගෙන. කලින් වගේ ම ඩිනර් අවුට්වලට යන්න, එකට පාර්ටි කරන්න සෙට්. එයාලගේ ළඟම හිතවතුන් කියන්නේ නම් ඒ දෙන්නා කවදාවත් එකිනෙකා ගැන හොයා බලන එක නැවැත්තුවේ නෑ කියලයි.



4. බිපාෂා බාසු සහ ඩීනෝ මොරෙයා


බිපාෂාගේ තිබුණ ලව් හුටපටවලින් ගොඩක් ප්‍රසිද්ධ වුණේ ජෝන් ඒබ්‍රහම් එක්ක තිබ්බ එක. නමුත් දෙන්නගේ වෙන්වීමෙන් පස්සේ යාළුකමක් දකින්න තිබ්බේ නෑ. ඒත් 90 ගණන්වල ක්ෂේත්‍රයට අලුත් කාලේ බිපාෂා සහ ඩීනෝ දෙන්නා සම්බන්ධතාවක් පවත්වාගෙන ගිහින් තියනවා. එතකොට දෙන්නම ක්ෂේත්‍රයට අලුත්. එකට රාස් චිත්‍රපටයේ රඟපෑවා මතක ඇති. කොහොම හරි වෙන්වීමෙන් පස්සේ දෙන්නා යාළුවෝ වගේ ඉඳලා තියනවා. අවුරුදු කීපෙකට කලින් තිබුණ බිපාෂාගේ වෙඩිමටත් ඇවිත් කපල් එක එක්ක ඩීනෝ ලස්සන පොටෝ එකක් අරන් තිබ්බා.



5. කැමරන් ඩයස් සහ ජස්ටින් ටිම්බර්ලේක්


හොලිවුඩ්වල හිටපු සෙස්සි ම කපල් එකක් වෙච්චි. අනේ ඒත් වෙච්චි දේට මක් කොරන්න ද? අවුරුදු 4කට ආසන්න කාලයක් එකට ඉඳලා වෙන් වෙන්න තීරණය කරනවා. නමුත් දෙන්නට දෙන්නා හොඳම යාළුවන් බව ‘Bad Teacher’ චිත්‍රපටය එක්ක ලෝකයාට අවබෝධ වුණා. අදටත් කිසිම ආගන්තුක නුහුරු බවකින් තොරව යාළුකම තියාගෙන ඉන්න බවටයි ආරංචි.



6. රන්වීර් සින්ග් සහ අනුෂ්කා ෂර්මා


දෙන්නම දැන් පවුල් පන්සල් වෙලා සැපේ ඉන්නවා. ඉන්නවා කියලා අපි හිතනවා ඉතින්. රන්වීර් සින්ග්ගේ පළවෙනි සිනමා ආගමනය වන Band Baaja Baarat චිත්‍රපටයේ දෙන්නගේ මාර ම ගැලපීමක් තිබ්බා. ඒ ගැලපීම ඇත්ත ජීවිතේටත් හරි යයි කියලා හිතුවට හරි ගියේ නැහැ. ඒ සිදුවීමෙන් ටික කලක් යනකන් දෙන්නා ගැන මොන ම විදියේවත් අප්ඩේට් එකක් ලැබුණේ නෑ. පස්සේ Dil Dhadakne Do චිත්‍රපටයේ දෙන්නගේ අතිශය සමීප රඟපෑම් නිසා මේ යාළුකම තවමත් පවතින බවට ඉඟි බිඟි ලැබුණා.



7. ජෙනිෆර් ඇනිස්ටන් සහ බ්‍රැඩ් පිට්


වයසට යන්නැති ජෙනිෆර් සහ බ්‍රැඩ්ගේ යාළුකම ගැන ළඟදි ඉඳන් ආය කතා කරන්න පටන් ගැනුණේ SAG සම්මාන උළලේ දෙන්නටම සම්මාන ලැබුණට පස්සේ. කැමරා කාචවලට සෑහෙන කියුට් කතන්දර ගොඩක් අහු වෙලා තිබ්බා. ඒ වගේ ම මේ දෙන්නා අවුරුද්දකට අධික කාලයක් තිස්සේ එක ම රූපලාවණ්‍ය ශිල්පියාගෙන් තමයි වැඩ අරගෙන තියෙන්නෙත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *