අලුත් අවුරුද්දේ ලොකු වැඩ කොටසක් කරන්න ප්ලෑනක් ගහමු!

අලුත් අවුරුද්දේ මාසෙකුත් ගෙවුණට පස්සෙද අවුරුද්ද ප්ලෑන් කරන්නේ? එහෙම අහන්න එපා. දැන් ගොඩක් අය ෆේස්බුක් එකේ එහෙම ෂෙයාර් කළේ අර අවුරුද්දේ ජනවාරි මාසේ ට්‍රයල්ය, පෙබරවාරි මාසේ ඉඳලා තමයි ගේම පටන් ගන්නේ කියලා පෝස්ටරයක් එහෙම! ආන්න ඒ නිසා මේ අවුරුද්දේත් මාසයක් ගත වෙලා කියන කාරණේ ගැන සැලෙන්න එපා. අවුරුද්ද ප්ලෑන් කරමු දැන්මම. ඉන් පස්සේ පෙබරවාරි මාසේ ඉඳලා දෙමු ගේම. පුළුවන් වුනොත් බිල් ගේට්ස් ගෙන් මාර්ක් සකර්බර්ග් ගෙන් එහෙමත් ගේම ඉල්ලන ලෙවල් එකටම සාර්ථක වෙමු!

හරිද? සාර්ථක වෙන්න හිතට ගත්තද? එහෙම නම් වැඩෙන් සියේට දහයක් ඉවරයි. දැන් තියෙන්නේ ප්ලෑන් එක හදන්න. හරියට ප්ලෑන් එකට අනුව වැඩ කළොත් සාර්ථකත්වය අපි ගාවට එන්නේ දණගාගෙන! අරි!!

 

1. පරණ අවුරුද්දේ කෂිලි බිසිලි!

Image Source – accountable2you.com

අනිවාර්යයෙන්ම අපි හැමෝටම ඕන කරන්නේ කලින් අවුරුද්දට වඩා එල කිරි, ඵලදායක අලුත් අවුරුද්දක් ගත කරන්නනේ. ඒක කරන්න නම් මුලින්ම පරණ අවුරුද්දේ තිබුණු අප්සෙට්, අසාර්ථක වීම්, ගැටළු ගැන හිතන්න වෙනවා. හිතනවට වඩා ලේසියි ලියන එක. අපි පහුගිය අවුරුද්දේත් කරන්න වැඩ එහෙම හිතාගෙන ඉන්න ඇතිනේ. ඒවලින් සමහර ඒවා සාර්ථක කරගන්න පුලුවන් වුණාට, තව ඒවා කරගන්න බැරි වෙන්නත් ඇතිනේ. දැන් ලියන්න එහෙම සම්පූර්ණ කරගන්න බැරිවුණු වැඩ මොනවද කියන එක. ඒ එක්කම තමන් හිතන විදියට එහෙම වැඩ සම්පූර්ණ කරගන්න බැරි වෙන්න හේතු මොනවද කියලත් ලියන්න. ඒ හේතු කම්මැලිකමේ ඉඳලා බහුකාර්ය හැකියාවන් නොමැති වීම දක්වා විවිධ දේවල් වෙන්න පුලුවන්.

දැන් මෙහෙම පහුගිය අවුරුද්දේ අප්සෙට් තැන් අහුවුණාට පස්සේ, මේ අවුරුද්දේ ඒ අප්සෙට් තැන් හදාගන්න අවස්ථාවක් ඔන්න තියෙනවා.

 

2. මේ අවුරුද්දේ ටාගට්ස්!

Image Source – kendaturner.blogspot.com

ඔන්න දැන් ලියාගන්න ඕන මේ අවුරුද්දේ අපිට කරන්න වුවමනා වැඩ කටයුතු. හැබැයි කරුණාකරලා ‘රටට වැඩදායී හොඳ පුරවැසියෙක් වීම’ වගේ මැන්ටල් කතා නං මේ ටාගට් ලිස්ට් එකට ලියන්න එපා. මැනේජ්මන්ට් ඩිප්ලෝමා එක අවසාන කිරීම, ‍රැකියාවේ අහවල් ප්‍රොජෙක්ට් එක ගොඩ දැමීම, පොතක් ලිවීම, ගිටාර් ගහන්නට ඉගෙන ගැනීම, රුපියල් ලක්ෂ දෙකක් ඉතුරු කිරීම වගේ ඕනෑම තමන්ට හෝ අනුන්ට වැඩක් වෙන ටාගට් එකක් මේ ලිස්ට් එකට දාගන්න පුලුවන්. හැබැයි අවුරුද්දේ ටාගට් වලට එන්න ඕන අවුරුද්ද ඇතුළේ ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේවල්. උදාහරණ විදියට කිවුවොත් ලක්ෂ දෙකක් ඉතුරු කිරීම ප්‍රැක්ටිකල් ටාගට් එකක් වෙන්න පුලුවන්. හැබැයි අවුරුද්දට ලක්ෂ දහයක් ඉතුරු කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නොවෙන්න පුලුවන්. මැනේජ්මන්ට් ඩිග්‍රියේ දෙවෙනි අවුරුද්ද රිපීට් නොවැදී ගොඩදාගැනීම කියන එක ප්‍රැක්ටිකල් ටාගට් එකක්. මැනේජ්මන්ට් ඩිග්‍රිය ගොඩදැමීම කියලා 2019 අවුරුදු සැලසුමේ ලියන එක ප්‍රායෝගික නෑ!

 

3. හැමදේමත් කරන්න බැහැනේ!

Image Source – today.com

බුදු බණේ කියන්නෙත් අතෑරීම ප්‍රගුණ කරන්න කියලනේ. ඒකම නොවුණත්, ඉයර් ප්ලෑන් එකේදීත් අපිට අත් හැරීම ප්‍රගුණ කරන්න වෙනවා. තේරුණේ නැද්ද? සාමාන්‍යයෙන් ප්ලෑන් එකක් හදන එක හරිම ලේසියි. ඒ විතරක් නෙවෙයි, ප්ලෑන් එකක් හදන කොට අපිට කරන්න වැඩ ගොඩාක් තියෙනවා දැක්කහම මාර ආසයි. හිත පිනා යනවා. දැන් ඔය නිසා ප්ලෑන් හදන අයියලා අක්කලා කරන්නේ මැරෙනකල් කරන්න තියෙන වැඩ ඔක්කොම එක අවුරුද්දක ප්ලෑන් එකකට දාන්න උත්සාහ කරන එක. හැබැයි ඒකෙන් සිද්ධ වෙන්නේ අවුරුද්ද ඇතුළත කරන්න පුලුවන් වැඩ ටිකත් කරගන්න බැරි වෙන එක. ආන්න ඒ නිසා අවංකව, තමන්ට කරන්න පුලුවන් වැඩ මොනවද, ඒවා කරන්න යතාර්ථවාදීව කොයි තරම් කාලයක් යනවද කියන එක හිතලා බලන්න. ඉන් පස්සේ අවුරුද්ද ඇතුළේ කරලා ඉවර කරන්න පුලුවන් වැඩ ටික විතරක් ලිස්ට් එකට දාගන්න.

 

4. ටයිම් ටේබල්!

Image Source – 123rf.com

ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපිට අම්මලා බල කරනවා කාල සටහනකට වැඩ කරන්න කියලා. අපි කොහෙද දොරේ කාලසටහන් වලට අනුව වැඩ කරන්නේ? අන්තිමට අපිට අනුව කාල සටහන් වැඩ කිරීම තමයි වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ කාලේ අපි ඔය පිළිවෙලට කාලසටහනකට වැඩ කරන එවුන්ට කෝචොක් දානවත් එක්ක.

ඒ කාලේ එහෙම තමා. හැබැයි ඇත්තම කතාව, අවුරුද්දේ ප්ලෑන් එක ගොඩදාගන්න ඕනෑ නම් කාලසටහනකට වැඩ කරන්න වෙනවාය කියන එක. මේ කියන්නේ ටීවී බලන්න පැය බාගයයි, බුදුන් වඳින්න පැය කාලයි වගේ සීන් එකක් නෙවෙයි. හැබැයි අපි කාලසටහනකට අනුගත වෙන්න ඕන. උදේ නැගිටලා සිරුරු කිස කරලා හය වෙනකොට එක්සයිස් පාරක් දාන්න යනවා. ඇවිත් නාලා කරලා, කාලා බීලා වැඩට යන්න රෙඩි වෙනවා. පුලුවන් තරම් දවසේ වැඩ පහට හෝ හයට කලින් ඉවර කරන්න ට්‍රයි කරනවා. ඉන් පස්සේ මොන මගුල් නැ‍ටුවත් එකොළහ වෙනකොටවත් නිදාගන්නවා. ඔන්න ඔය විදියේ කාලසටහනක්. මේක වෙනස් වෙන්න පුලුවන්. මෙතන තියෙන විශේෂත්වය තමයි, මේ විදියේ පිළිවෙලකට වැඩ කිරීමෙන් අපේ කාර්යක්ෂමතාවය දියුණු වෙන එක. ඒ වගේම අවුරුද්දේ කරන්න තියෙන වැඩ අපිට දවස් පතා ප්ලෑන් කරගන්නත් පුලුවන්.

 

5. මාස, සති, දවස් ප්ලෑන්!

Image Source – youtube.com

අවුරුද්ද ප්ලෑන් කරන සමහරුන්ට වෙන්නේ අන්තිමට අවුරුද්දේ මෙහෙම වැඩ කොටසක් කරන්න හිතුවද කියලා වත් මතක නැති වෙන එකනේ. හැබැයි මේ අවුරුදු ප්ලෑන් එක මාස, සති, දින වලට වෙනකල්ම විස්තරාත්මක සැලසුමක් විදියට හැදුවොත්, අපි දිනපතා ප්ලෑන් එකත් එක්කම දුවනවා. ඒකෙන් අවුරුද්දේ වැඩ අත ඇරෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව අඩු වෙනවා.

මේක හිතන තරම් අමාරු නෑ. දැන් අපි අවුරුද්දේ කරන්න තියෙන වැඩ වගේම, දිනපතා කරන්න තියෙන වැඩත් තියෙනවනේ. අවුරුද්දේ කරන්න තියෙන ප්‍රොජෙක්ට් එකක් අපිට මාස වලට වෙන් කරගන්න පුලුවන්. ඒ කියන්නේ රිසර්ච් එකක් නම් මාස දෙකක් රිසර්ච් එකට. තව මාසයක් රිපෝට් එක ලියන්න. ඔන්න ඔය විදියට. ඉන් පස්සේ අපිට පුලුවන් හැම සතියකම ඉදිරි සතියේ කරන්න තියෙන වැඩ සමාලෝචනය කරන්න. එතකොට දිනපතා කරන්න තියෙන වැඩත් ‍ටු ඩූ ලිස්ට් එකකට දාගන්න ඕන. එතකොට සතියේ යම් දිනයක හෝ දින කීපයක යම් පැය ගාණක් අර රිසර්ච් එකේ වැඩ වලට වෙන් කරලා නම්, ඒකත් ‍ටු ඩූ ලිස්ට් එකට එන්න ඕන. ආන්න ඔය විදියට සක්‍රියව ප්ලෑන් එකත් එක්ක වැඩ කරනකොට, අවුරුද්දේ කරන්න හිතපු වැඩ සාර්ථක වෙන්නේ බලාගෙන ඉන්දැද්දී!

 

6. නෙගටිව් සිතුවිලි ඈත් කරමු!

Image Source – colettebaronreid.com

සාමාන්‍යයෙන් අපේ ජීවිත වල කොහෙන් හරි සෘණාත්මක සිතුවිලි රිංගගෙන එන්න පුලුවන් හිල් තියෙනවා. එක්කෝ අපි උපතින්ම සෘණාත්මකයි. එහෙම නම් ඉතින් අපි අපේ ආකල්ප වෙනස් කරගන්න ෆුල් ගේමක් දෙන්න ඕන. සමහර වෙලාවට වටේ ඉන්න එවුන් අර දොස්තර හොඳ හිත එකේ චවු චවු වගේ. කටේ තියෙන්නේම ඕක හරියන්නෙ නෑ කියලා. ආන්න ඒ වගේ එවුන්ව හලලම දාන්න ඕන. සමහර වෙලාවට යාලුවෙලා ඉන්න කොල්ලගෙන් හරි කෙල්ලගෙන් හරි බර බරේ ලව් කරන්නවත් වෙලාවක් නෑ කියලා. ආන්න එතකොට ඌව හරි ඒකිව හරි හලන්න හිතන්නේ නැතුව, ඩේලි ප්ලෑන් එක පොඩ්ඩක් ඇජස්ට් කරගෙන ලව් එකටත් වෙලාවක් දෙන්න ඕන. හැබැයි කොල්ලා, කෙල්ල, සැමියා, බිරිඳ, පවුලේ වෙනත් අය සීරියස් විදියටම අවුරුදු ප්ලෑන් එකට කෙලවන්න හදනවා නම්, අන්න එතකොට ඒ අයත් එක්ක කතා කරලා ඇක්ෂන් එකක් ගන්න ඕන. ගොඩක් වෙලාවට වෙන්නේ අපේ අවුරුදු ප්ලෑන් එකේ තියෙන ප්‍රොජෙක්ට්ස් වලට වඩා ප්‍රමුඛතාවය ළමයෙක් හදන්න, කාර් එකක් ගන්න වගේ දේකට දෙන්න ඕන කියලා ඒ අය හිතනවා. සමහර වෙලාවට ඒ අය හරි වෙන්න පුලුවන්. හැබැයි වෙන කෙනෙක් වෙනුවෙන් තමන්ගේ අවුරුද්දේ ප්ලෑන් එක වෙනස් කරන්න කලින් තව දෙතුන් පාරක් හිතලා බලන්න. හැඟීම් වලින් නැතුව බුද්ධියෙන් හිතලා බලන්න.

 

7. කැපවීම, ජීවිතේ ආතල් එක සහ ආයෙමත් කැපවීම!

Image Source – colettebaronreid.com

අවසානයට කියන්න තියෙන්නේ මේක තමයි. ප්ලෑන්ස් හදන්න ඕනම පුතයෙක්ට පුලුවන්. හැබැයි ප්ලෑන්ස් ක්‍රියාත්මක කරන්න හැමෝටම බෑ. ඒක නිසා තමයි ලෝකේ හැමතැනම බිල් ගේට්ස්ලා නැත්තේ. හැබැයි ලෝකේ හැමතැනම බිල් ගේට්ස්ලා නැති වුණත්, ලයි‍ෆි කියවන රීඩර්ස්ලා අතරේ ලෝකේ වෙනස් කරන, ලෝකෙට දෙයක් කරන කෙල්ලො කොල්ලෝ ටිකක් ඉන්නවා කියලා අපිට ෂුවර්. ඒ නිසා අපි ආයෙමත් කියනවා. හදන්න 2019 අවුරුද්දට සුපිරි ප්ලෑන් එකක්. දැන් මාස, සති, දවස් වෙනකල්ම අවුරුද්ද ඉස්සරහට යනකොට ප්ලෑන් කරන්න. කැප වෙලා, මහන්සි වෙලා, කම්මැලිකම් පැත්තක තියලා වැඩ කරන්න. ඒ අතරේ ජීවිතේ ගන්න තියෙන ආතල් එකත් ගන්න. ආතල් ඉවර වෙලා තව කැපවීමෙන් වැඩ කරන්න.

2020 අවුරුද්ද වෙනකොට අපි අද ඉන්න තැනින් අඩි කීපයක් උඩට එන්න එක් හිත් හිතාගෙන වැඩ කරන්න. එච්චරයි!

Cover Image Source – xldent.com/ pinterest.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *