මේ ලිපි මාලාවට ඔබගෙන් සුවිශාල ප්‍රතිචාරයක් ලැබෙන නිසා අපි ඒ ලිපි මාලාවට තවත් කොටසක් අද එකතු කරන්න හිතුවා. මේ අද වෙන කොට අපිට කලා නිර්මාණවල තවදුරටත් දකින්න නොලැබෙන තවත් නිළියන් හත්දෙනෙක්.
ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 1 කොටස
ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 2 කොටස
ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 3 කොටස
ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 4 කොටස
ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 5 කොටස
1. බියුලා ඩයස්
“දුලීකා” චිත්‍රපටයේ දුලීකා වුණු බියුලා ඩයස් සිංහල සිනමාවේ අලුත්ම පෙම්වතිය විදිහට දිගු ගමනක් යයි කියල බොහෝ දෙනෙක් විශ්වාස කළා. හැබැයි අවාසනාවකට වගේ ඒක එහෙම වුණේ නැහැ. තමන්ගේ රංගන ජීවිතයේ උපරිම කාලයේදී බියුලා ඩයස් විදේශිකයෙකු සමඟ විවාහ වෙලා රටින් වුණා. ජනප්‍රිය නිළියක් වන නිලන්ති ඩයස් බියුලාගේ ඥාති දියණියක්.
2. ශ්‍යාමි වත්සලා
ශ්‍යාමි වත්සලා පිළිබඳව එක රැයකින් මුලු ලංකාවම දැන ගන්නේ එක චිත්‍රපටි පෝස්ටරයක් නිසා. මේ චිත්‍රපටිය තමයි “මලට නොඑන බඹරු”. ශ්‍යාමි රඟපාන්නේ එම චිත්‍රපටයේ සමලිංගික චර්යාවලට ඇබ්බැහි වුණු අජිත් ජිනදාසගේ බිරිඳගෙ චරිතය. නමුත් ඇය මේ කාලය තුළදීම පෞද්ගලික කටයුත්තක් සඳහා ලංකාව හැර යනවා. චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු සඳහා මෙම චිත්‍රපටයේ රඟපෑම නිසා ශ්‍යාමිට ලංකාව හැර යාමට සිදු වුණු බවට ප්‍රචාරයකුත් පැතිරෙනවා. නමුත් ශ්‍යාමි වත්සලා ඒ කතාව පැහැදිලිවම ප්‍රතික්ෂේප කරනවා.
3. ෆරීනා ලායි
සිංහල සිනමාවේ ගිනි සිළුවක් විදිහට ෆරීනා ලායිව හඳුන්වන්න පුළුවන්. ඇතැම් අය හින්දි සිනමාවේ හෙලන්ට ඇයව සමාන කළා. බොහෝ විට ඇයට රඟපෑමට ලැබුණේ සීමාසහිත චරිත ප්‍රමාණයක්. බොහෝ ප්‍රේක්ෂකයන් ඇගේ රඟපෑම් වලට වඩා ඇගේ නර්තනය රසවිඳීමට ප්‍රිය කළා. සංස්කෘතික බලපෑම්, සමාජ බලපෑම් ආදී බොහෝ බාධක මැඩ ගනිමින් සිනමාවේ ගමනක් පැමිණි ඇය, කාලයත් සමඟ කෙමෙන් නිහඬ වුණා.
4. ජීවරාණි කුරුකුලසූරිය
ජීවරාණි කියන්නෙත් යුගයක් නිර්මාණය කරපු නිළියක්. ඒ කාලයේ ප්‍රසිද්ධ වෙලා තිබ්බ උස් කොණ්ඩා මෝස්තරය ඇගේ මුහුණට එක් කළේ අමුතුම ලස්සනක්. ජීවරාණි මුලින්ම සිනමාවට පිවිසෙන්නේ “සංදේශය” චිත්‍රපටියේ කුඩා දර්ශනයකින්. නමුත් ඇයව ජනප්‍රියත්වයෙන් ජනප්‍රියත්වයට ගෙන යන්නේ “රන්මුතු දූව” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑමත් එක්ක. සිනමා නිළියක් විදිහට ජනප්‍රියත්වයේ ඉහළම තලයේ ඉන්දැද්දී ඇය විවාහ වෙනවා. ඉන් පස්සෙ ඇය ඕස්ට්‍රේලියාව බලා යනවා. නමුත් තවමත් ඇය ලංකාව සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගෙන යනවා.
5. ප්‍රේමා ගනේගොඩ
බොහෝ විචාරකයන් පවසන ආකාරයට එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය ක්ෂේත්රයෙන් බිහිවුණු විශිෂ්ටතම නිළිය විදිහට සැලකෙන්නේ ප්‍රේමා ගනේගොඩව. සුගතපාල ද සිල්වාගේ වේදිකා නාට්‍යවලින් පන්නරය ලබා ගත්ත ප්‍රේමා, චිත්රපටිවලත් රඟපෑම ආරම්භ කළා. නමුත් වේදිකා නාට්‍ය තුළදී වගේ තමන්ගේම අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට නම් චිත්රපටිවලදී ඇයට කාලයක් ලැබුණේ නැහැ. ඒ ඇයත් විවාහයෙන් පසු එංගලන්තයේ පදිංචියට යෑම නිසා.
6. අනූෂා සොනාලි
“ගැහැනු ළමයි” ටෙලි නාට්‍යයෙන් මතක හිටින චරිතයක් බවට පත්වුණු අනූෂා සොනාලී “විසිදැල” චිත්‍රපටයෙන් ඉහළ ප්‍රේක්ෂක සහ විචාරක ආකර්ෂණයක් දිනා ගත්තා. විශේෂයෙන් ම ඇගේ සුන්දරත්වය සමඟ මුසු වුණු රංගන ප්‍රතිභාව ඇයට වාසනාව ගෙන ආවා කිව්වොත් නිවැරදියි. නමුත් නොගැලපෙන විවාහයක් සිදු කර ගැනීම නිසා ඇගේ පෞද්ගලික ජීවිතය වගේම රංගන ජීවිතයත් පසු කාලයක අර්බුදයකට ලක් වුණා. රෝගී තත්ත්වයක් නිසා ඇයට මේ වන විට රෝද පුටුවට සීමා වන්නට සිදු වුණත් ඇය තවමත් රූපලාවණ්‍ය වැඩකටයුතු වැනි දෑ සිදු කරමින් ජීවිතය ගෙන යනවා.
7. නදීකා ගුණසේකර
නදීකා ගුණසේකර සිංහල සිනමාවට පිවිසෙන්නේ තමන්ගේ මව වුණු තලතා ගුණසේකරගේ උරුමයත් සහිතව. හැබැයි නදීකා තලතාට වඩා සිනමාව තුළ ගමනක් ගියා කිව්වොත් වැරැද්දක් නැහැ. ඇය ජනප්‍රිය සිනමාව වගේම සම්භාව්‍ය සිනමාව තුළත් එකසේ රැඳී සිටීමට සමත් වුණා. සාමාන්‍ය ප්‍රේක්ෂක ජනතාව අතර “දන් චූටි” විදිහට ජනප්‍රිය වෙද්දි විචාරකයන් බැද්දේගම වගේ නිර්මාණ වල ඇගේ රංගනය මහ ඉහළින් අගය කළා. කෙසේ වෙතත් විවාහයෙන් පස්සේ තමන්ගේ දියණිය වෙනුවෙන් තමන්ගේ සම්පූර්ණ කාලය වැය කරන්න ඇය කලාවට සමු දුන්නා.
එහෙමනම් ඉතින් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයා කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply