හෝටලෙන් කන චයිනීස් ප්‍රෝන්ස් ගෙදර හදාගන්න රෙසිපි 5ක්

කටට රසට සැරට කන්න චයිනීස් ක්‍රමයට හදපු ඉස්සො රෙසිපි ටිකක් අද ගෙනාවා. බයිට් එකක් විදියට හදාගන්නත් පුළුවන් මේ රෙසිපීස්  කියවලා විතරක් මදි. හදන්න ට්‍රයි කරන්නම ඕනෙ. 

 

 

1. ජින්ජර් ගාලික් ප්‍රෝන්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුද්ද කර සෝදාගත් ඉස්සන් ග්‍රෑම් 200
  2. හීනියට ලියාගත් ළූණු කොළ කෝප්ප  1/2
  3. තලාගත් සුදුළූණු බික් 3
  4. තලාගත් ඉඟුරු තේ හැඳි 1
  5. කෝන්ෆ්ලා මේස හැඳි 2
  6. සෝයාසෝස් මේස හැඳි 1
  7. ඔයිස්ටර් සෝස් මේස හැඳි 1

 

  • ඉස්සො වල තෙත ගතිය කිචන් ටවල් එකකින් තෙතමාත්තු කරලා ඒකට කෝන්ෆ්ලා දාල කලවම් කරගන්න.
  • සෝයාසෝස් හා ඔයිස්ටර් සෝස් එකට කලවම් කරගන්න. පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉස්සො ටික දාලා හොඳට බැදගෙන පෑන් එකෙන් අයින් කරගන්න.
  • දැන් ඒ පෑන් එකටම ළූණු කොළ, ඉඟුරු හා සුදුළූණු එක්කර තෙම්පරාදු කරගන්න. මේකට සෝස් මිශ්‍රණය දාගන්න. 
  • අන්තිමට ඉස්සො ටිකත් දාලා කලවම් කරගන්න.

 

 

2. චයිනීස් හනී ප්‍රෝන්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. සුද්දකරගත් ඉස්සන් ග්‍රෑම් 200
  2. ලුණු හා ගම්මිරිස්කුඩු
  3. ගාලික් පව්ඩර් තේ හැඳි 1

 

සෝස් එකට

 

  1. සීනි මේස හැඳි 2
  2. මී පැණි මේස හැඳි 3
  3. ටොමැටෝ ​කෙචප් මේස හැඳි 2
  4. වතුර මේස හැඳි 2

 

බැටර් එකට

 

  1. බිත්තර 1
  2. ලුණු ස්වල්පයක්
  3. ගාලික් පව්ඩර් තේ හැඳි 2
  4. වතුර කෝප්ප 1/4
  5. සුදු ගම්මිරිස්කුඩු ස්වල්පයක්
  6. කෝන්ෆ්ලා මේස හැඳි 2
  7. පාන්පිටි මේස හැඳි 3
  8. තෙල් මේස හැඳි 2
  9. බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  10. තල ඇට ස්වල්පයක්

 

  • ඉස්සො වලට ලුණු, ගම්මිරිස්කුඩු හා ගාලික් පව්ඩර් දාලා පැයක් සීසන් කරගන්න.
  • සෝස් එකට අදා​ළ ඔක්කොම දාලා කලවම් කරන් සෝස් එක හදලා පැත්තකින් තියාගන්න.
  • බිත්තරය කඩලා ඒකට ලුණු, ගාලික් පව්ඩර් හා වතුර කෝප්ප කාලක් වගේ දාගන්න. මේකට සුදු ගම්මිරිස්කුඩු, තෙල්, කෝන්ෆ්ලා, පාන්පිටි හා බේකින් පව්ඩර් දාලා උකු බැටර් එකක් හදාගන්න.
  • බැටර් එකට ඉස්සො ටික දාලා කෝට් කරලා ගැඹුරු තෙලේ බැදගන්න. 
  • පෑන් එකකට සෝස් මිශ්‍රණය දාලා රත්වෙනකොට ෆ්‍රයි කරගත් ඉස්සො ටික දාගන්න. උඩින් තල ඇට ටිකක් ඉසගන්න.

 

 

3. ක්‍රීමි ගාලික් පාමසාන් ප්‍රෝන්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඉස්සො ග්‍රෑම් 200
  2. ලුණු හා ගම්මිරිස්කුඩු
  3. තලාගත් සුදුළූණු මේස හැඳි 2
  4. වයිට් වයින් මේස හැඳි 3
  5. ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1
  6. පාමසාන් චීස් කුඩු කෝප්ප 1/2
  7. චොප්කරගත් පාස්ලි ටිකක්
  8. බටර් ස්වල්පයක්

 

  • ඉස්සන්ට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා පැයක් සීසන් කරගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා ඉස්සො ටික බැදගන්න. ඉස්සො ටික පෑන් එකෙන් අයින් කරලා ඒකට බටර් ටිකක් දාලා තලාගත්  සුදුළූණු ටික දාගන්න. 
  • වයිට් වයින්, ෆ්‍රෙශ් ක්‍රීම් ටික දාලා ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. උතුරනකොට පාමසාන් චීස් ටික දාලා ටිකකින් ඉස්සො ටික දාලා කලවම් කරගන්න.

 

 

4. ප්‍රෝන්ස් මැන්චූරියන්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඉස්සො ග්‍රෑම් 200
  2. බිත්තර සුදුමද මේස හැඳි 2
  3. කෝන්ෆ්ලා මේස හැඳි 3
  4. චොප්කරගත් අමුමිරිස් මේස හැඳි 1
  5. තලාගත් ඉඟුරු මේස හැඳි 1
  6. තලාගත් සුදුළූණු මේස හැඳි 1
  7. චොප්කරගත් ළූණු මේස හැඳි 2
  8. ටොමැටෝ කේචප් මේස හැඳි 1
  9. ඩාක් සෝයාසෝස් මේස හැඳි 1
  10. සීනි ස්වල්පයක්
  11. සුදු ගම්මිරිස්කුඩු
  12. ලුණු
  13. කපාගත් ළූණු කොළ ස්වල්පයක්

 

  • ඉස්සො වලට වතුර මේස හැන්දක් බිත්තර සුදුමද හා කෝන්ෆ්ලා දාලා කලවම් කරලා ඉස්සො ටික දාලා කෝට් කරගන්න. 
  •  ඉස්සො ටික රන්වන්පාට වෙනකල් ගැඹුරු තෙලේ බැදගන්න. 
  • පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට  අමුමිරිස්, ඉඟුරු, සුදුළූණු, ළූණු දාලා තෙම්පරාදු කරගන්න. 
  • මේකට ​කෙචප්, සෝයාසෝස් හා සීනි ටික දාගන්න. හොඳට කලවම් කරගෙන වතුර කෝප්ප කාලක්, ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. ටිකක් හිඳෙනකම් ලිපේ තියලා බැදගත් ඉස්සො ටික දාගන්න. අන්තිමට උඩින් චොප්කරගත් ළූණු කොළ ටික ඉසගෙන ලිප නිවාගන්න.

 

5. ප්‍රෝන්ස් ​ටෙම්පුරා

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඉස්සො ග්‍රෑම් 200
  2. පාන්පිටි කෝප්ප 1
  3. කෝන්ෆ්ලා කෝප්ප 1
  4. ගම්මිරිස්කුඩු හා ලුණු
  5. බිත්තර 1
  6. සෝඩා වතුර කෝප්ප 1
  7. කෝන්ෆ්ලා කෝප්ප 1/2

 

  • පාන්පිටි වලට කෝන්ෆ්ලා මේස හැඳි 2ක්, ගම්මිරිස්කුඩු, ලුණ හා බිත්තරය දාගන්න. මේකටම සෝඩා වතුර ටික දාලා තික් බැටර් එකක් හදාගන්න.
  • ඉස්සො ටික සුද්ද කරලා සෝදලා, තෙත ගතිය පිහිදල අයින් කරලා, ඉතුරු කෝන්ෆ්ලා වල කෝට් කරලා, සාදාගත් බැටර් එකේ දාලා ගැඹුරු තෙලේ බැදගන්න. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *