විසිවන සියවසේ ජීවත් වී මියගිය අයෙකු යම් කාල තරණයකින් හෝ මේ වර්තමානයට පැමිණියොත් වඩාත්ම පුදුමයට පත් වන උපාංගය වන්නේ ජංගම දුරකථනය වේ. 1990 ගණන් වල අගභාගයේ ඇරඹි මොබයිල් ෆෝනයේ දියුණුව මේ වනවිට යම් ස්ථාවර තත්ත්වයකට පැමිණ තිබේ. දැන් දැන් ස්මාට්ෆෝන වල තිබෙන ෆීචර්ස් තවත් තියුණු වී දියුණු වෙනු විනා අලුතින් එකතුවෙන ෆීචර්ස් අඩුය. එහෙත් 2000-2015 කාල වකවානුව ෆෝන් ලෝකය යනු වසර දෙකක් අතරදී සෑහෙන වෙනස්කම් රැසක් ඇති වූ, වේගවත් වෙනසක් තිබූ තාක්ෂණික ක්ෂේත්‍රයකි. වේගයෙන් වෙනස් වූ ෆෝන් ලෝකයේ ඒ ඒ කාලයේ නමගිය, අප අතර ජනප්‍රිය වූ ෆෝන් කිහිපයක් ගැන මදක් දැනගමු.
1. මෝටරෝලා මුල් කාලේ ෆෝන්

Source – youtube.com
2000 ට පෙර ලංකාවේ මෙන්ම ලොව මොබයිල් ෆෝන් ක්ෂේත්‍රයේ කිරුළු පලන් නාමය මෝටරෝලා විය. මුල්ම සාර්ථක සෙලියුලර් දුරකථනයද මෝටරෝලා සමාගමේ නිමැවුමකි. එය එදා පෑ 10ක් ආරෝපණය කර තබා පෑ බාගයක් වැඩ ගන්නට හැකියාව සහිත එකක් විය. අද එහි අනික් පැත්තය. අද පෑ බාගයක් ස්මාට්ෆෝනය ආරෝපණය කොට ගෙන පෑ 10ක කාලයක් භාවිතා කළ හැකිය. Motorola StarTAC යනු මුලින්ම එස් එම් එස් පහසුව මොබයිල් ෆෝන් එකට ආ ෆෝනය වේ. එයට පෙර පේජර් නැමැති ටෙක්ස්ට් මැසේජ් පමණක් යැවිය හැකි මෙවලමක් විය. සෙල් ෆෝනයට එස් එම් එස් පැමිණීමත් සමග පේජර් අභාවයට ගියේය.
2. Nokia 1100

Source – priceprice.com
දැනට ලොව වැඩිම අලෙවියක් වාර්තා කර ඇති ෆෝනය වන්නේ නොකියා 1100 ය. නොකියා සමාගම ෆෝන් ක්ෂේත්‍රයේ මුල් කාලයේ පටන්ම කිරුළ දිනාගැනීමට ප්‍රබලම හේතුවක් වූයේ නොකියා හි වූ කල්පැවැත්මය. එවකට පැවති මෝටරෝලා සහ අනෙකුත් නොයක් අලුත් අලුත් වර්ගයේ ෆෝන වලට වඩා නොකියා සැබැවින්ම කල්පවතින ෆෝනයක් විය. අද කාලයේ බේසික් ස්මාට්ෆෝනයකට වියදම් වන මුදලේ වටිනාකම එදා 2002-2006 කාලයේ නොකියා 1100 ෆෝන් එක වෙනුවෙන් වියදම් විය. ඊට පෙර පැමිණි නොකියා 3310 වලට වඩා අතට හුරුබුහුටි වූ 1100 අපේ රටේද බොහෝ සෙයින්ම ජනප්‍රිය වූ ෆෝන් මාදිලියක් විය.
3. Nokia 3310

Source – thesun.co.uk
1100 ලෙසින් පසුව වඩාත් හුරුබුහුටි වුවද බේසික් ස්මාට්ෆෝන් එකක් මේ වැනි යැයි මූලිකම හැඩය වඩාත්ම පතල වූයේ 3310 මොබයිල් ෆෝන් එකෙනි. එහි පැවති ගේම් පහසුව, එලාම තැබීමට හැකිවීම සහ එස් එම් එස් එවකට පැවති තත්ත්වය අනුව විශාල පහසුකම් විය. පසුකාලීනව 2016 දී නොකියා සමාගම නැවතත් නොකියා 3310 අලුත් ආකාරයට නිපදවන්නට පටන් ගත්තේද මේ පැරණි නොකියා 3310 වලට තිබූ ජනතා කැමැත්ත නිසාය.
4. Motorola Razr

Source – youtube.com
2004 වර්ෂය වනවිට වඩාත් සිහින් නිමාවකින් ෆ්ලිප් ආකාරයට ඇරීමට හැකි මෝටරේසර් ජනප්‍රිය මාදිලියක් විය. එහි ජනප්‍රියත්වයට හේතු වූ ප්‍රධාන සාධකයක් වූයේ සිහින් වීමත් එහි අලංකාර නිමාවක් තිබීමත් වේ. ඒ කාලය සැලකූ කළ වර්ණවත් තිරයකින් සහ හැඩකාර පහසු අංක පද්ධතියකින් මෝටරේසර් සමන්විත විය. මෙම ෆෝන් මාදිලියේ රේසර් ෆෝන් 2007-2008 දක්වාම නිපදවූ අතර 2004 සීමාවේ දී වැඩියෙන්ම අලවි වූ ෆෝන් වර්ග අතර මෝටරේසර් ඉදිරියෙන්ම සිටී.
5. Sony Ericsson K 800i

Source – youtube.com
මල්ටිමීඩියා වැඩකිඩ වලට කැමති අය අතර වේගයෙන් ජනප්‍රිය වූ ෆෝන් වර්ගයක් ලෙස සෝනි එරික්සන් දැක්විය හැකිවිය. මුලින්ම සාර්ථක පැහැදිලි ඡායාරූප ලබාදෙන ෆෝන්ද සෝනි එරික්සන් නමින් වෙළඳපොළට එන ලදී. 2006 ආසන්නයේදී පැමිණි මෙම සෝනි එරික්සන් මාදිලි ද නොකියා ෆෝන් මෙන්ම හොඳ කල්පැවැත්මකින් යුක්ත විය. මෙමරි කාඩ් භාවිතයෙන් ගීත ඇසීමේ හැකියාවද සෝනි එරික්සන් මිලදී ගත්තවුන්ට ලැබුණි.
6. Apple iPhone

Source – popularmechanics.com
2007 දී අයිෆෝන් හඳුන්වාදෙමින් එවකට ඇපල් අධිපති ස්ටීව් ජොබ්ස් ප්‍රකාශ කර සිටියේ ‘අපි ෆෝන් එක වෙනස් කළෙමු’ යනුවෙනි. සැබැවින්ම කවර විවාදාපන්න මතවාද තිබුණද මුලින්ම වාණීජමය අතින් සාර්ථක ස්මාට්ෆෝනයේ ස්වරූපය ඇපල් අයිෆෝන් සතු වේ. සම්පූර්ණයෙන්ම ටච් ස්ක්‍රීන් සහිත වීම, ඇප් ස්ටෝ එකකින් ඇප්ස් දැමිය හැකි වීම, පැහැදිලි කැමරාවක් සහිත වීම මෙන්ම විශේෂ ෆෝන් සොෆ්ට්වෙයාර් එකක් තිබීම ඇපල් අයිෆෝන් ජනප්‍රිය වන්නට හේතු විය. එවකට පැවති බ්ලැක්බෙරි සහ විවිධ වර්ගයේ පාම්ටොප් වැනි වර්ග වෙනුවට පසුකාලීනව ඇපල් හැඩයේ ඩිවයිස් ජනයා අතර ජනප්‍රිය විය.
7. Samsung Galaxy S 3

Source – thedroidguy.com
ෆෝන් මාදිලියක් ලෙස සැලකුවොත් ලොව වැඩිම භාවිතයක් ඇති ස්මාට්ෆෝනය අවිවාදයෙන්ම සැම්සුන් ගැලක්සි වේ. එයින් ගැලක්සි එස් යනු සැම්සුන් සමාගමේ ඒ කාලයේ තිබෙන ඉහළම මට්ටමේ ස්මාට්ෆෝනය වන හෙයින් එය බොහෝවිට එවකට ලොව පවතින සුපිරිම පහසුකම් වලින් සමන්විත වේ. වසරක් ගිය පසු ඇපල් ෆෝන් වලට වඩා මිල අඩු වෙන හෙයින් බොහෝ දෙනාට ගැලක්සි එස් ෆෝනයක් මිලදී ගැනීමට හැකියාව ලැබේ. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සුමට කොට වඩාත් පහසු ආකාරයෙන් පාරිභෝගිකයින්ට ලබා දෙන්නට සැම්සුන් ගැලක්සි එස් කාණ්ඩයේ එස් 3 සහ එස් 2 ක්‍රියාකළේය. සැම්සුන් ගැලක්සි එස් 2-3 ෆෝන් 2012-2013 කාලයේ ලොව ජනප්‍රියම ෆෝන් විය.
නූතන යුගයේ නම් තවමත් ඇපල් අයිෆෝන්, සැම්සුන් ගැලක්සි කරළියේ වැජඹෙමින් පවතී. ඊට අමතරව ඔවුන්ට අභියෝග ලෙස හුවාවේ, වන්ප්ලස්, සයෝමි ආදී චීන මාදිලිද වෙළඳපොළට පැමිණ සිටී. කෙසේ වෙතත් අතීතයේ එක්තරා කාලසීමාවක අප අත අවුරුදු දෙක තුනක් තිබූ පැරණි ෆෝන් එක අපට අද ස්මාට්ෆෝනය සේම වටිනා උපකරණයක් විය. ඇතැම් පැරණි ෆෝන් වල මතකය දශකයක හමාරක කාලයක් ගෙවී ගියද අපගේ මතකයෙන් ඈත් වන්නේ නැත.
Cover Image Source – pxhere.com
Leave a Reply