නම මෙක්සිකන් උනාට ලංකාවේ ඈයෝ කෑම ටේස්ට් කරන හැටියට මේ කෑම නොකා තියෙන්න විදියක් නෑ. හැබැයි ඉතින් ගෙදරදිම මේ වගේ රස රස රෙසිපි ටිකක් ට්‍රයි කරන්න තියනවා නම් නියමයි නේද? මේ කාලේ ගෙදරටම වෙලා ඉන්න එකේ අපි එහෙනම් හදමු මෙක්සිකන් කෑම ටිකක්. මේ ගොඩක් කෑම වලට ඕන ටෝටියා රොටිය නම් සුපර්මාර්කට් වල පැකට්ස් ගන්න තියෙනව. එහෙම නැත්නම් අපිට ලේසියෙන්ම ගෙදර හදාගන්නත් ක්‍රම කීපයක්ම තියෙනව. එක ක්‍රමයක් අපි කියල දෙන්නම්.
1. ටෝටියා රොටිය
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කප් 1
- ඔලිව් තෙල් මේස හැඳි 1 ½
- බේකින් පව්ඩර් තේ හැඳි 1/4
- ලුණු
- අවශ්‍ය තරම් වතුර
- වතුර ඇර අනික් සේරම එකට කලවම් කරගෙන වතුර ටික ටික දාල අතේ නොඇලෙන සොෆ්ට් ඩෝ එකක් අනාගන්න.
- ඩෝ එක විනාඩි 20ක් වහල තියලා කොටස් තුනකට කඩලා පිටි ඉසගත්ත ලෑල්ලක රෝලින් පින් එකකින් රවුමට තුනී කරගන්න.
- රත් කරගත් පෑන් එකක දාල දෙපැත්තම පුළුස්සගන්න.
2. ග්වාකමෝලි (Guacamole)
අවශ්‍ය ද්‍රව්‍ය
- ඉදුණු අලිගැටපේර ගෙඩි 2
- චොප්කරගත් ළූණු ගෙඩි 1/4
- චොප්කරගත් තක්කාලි ගෙඩි 1/2
- දෙහි යුෂ ටිකක්
- චොප්කරගත් කොත්තමල්ලි කොළ කෝප්ප 1/4
- චොප්කරගත් මිරිස් කරලක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- අලිගැටපේර ටික කෝප්පයකට දාලා පොඩි කරගන්න.
- මේකට අනික් සියල්ලම දාලා කලවම් කරලා ෆ්‍රිජ් එකේ තියන්න. අවශ්‍ය වෙලාවට එළියට ගන්න.
3. චිලකිලෙස් විත් එග්ස් (Chilaquiles with eggs)
අවශ්‍ය ද්‍රව්‍ය
- අඟල් 1/2 තීරු කපාගත් ටෝටියා 6ක්
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- ඔලිව්තෙල් මේස හැඳි 2
- බිත්තර 5ක්
- කිරි කෝප්ප 1/4
- චිලී සෝස් ටිකක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- ග්‍රේට් කරගත් චෙඩාර් චීස් කෝප්ප 1/4
- ගානිශ් කරගන්න සවර් ක්‍රීම් ටිකක් හෝ කපාගත් රාබු හා තක්කාලි
- පෑන් එකක් ලිපේ තියලා ටෝටියා ටික දාගන්න. මේවා ටිකක් ක්‍රිස්පි වෙනකල් බැදෙනකොට චොප්කරගත් ළූණු එකතු කරන්න. ටෝටියා ටික ක්‍රිස්පි ගාණට ආවම ගින්දර අඩු කරන්න.
- බිත්තර ටිකට කිරි ටිකත් දාලා වෙනම බෝල් එකක හොඳට බීට් කරගන්න.
- මේක ටෝටියා එකට දාලා ස්ක්‍රැම්බල් කරගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න.
- ඊළඟට චිලී සෝස් හා චීස් ටික දාගන්න. චීස් ටික මෙල්ට් වෙනකල් හැඳි ගාලා ලිපෙන් බාන්න. කැමති විදියකට ගානිශ් කරගන්න.
4. කෙටෝ ටාකෝ සුප් (Keto Taco Soup)
අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් මේස හැඳි 2
- චොප්කරගත් බෙල්පෙපර් කෝප්ප 1
- ඔරිගානෝ තේ හැඳි 1
- තුනපහකුඩු තේ හැඳි 1
- සුදුළූණු බික් 2
- මිරිස්කුඩු තේ හැඳි 1
- ටොමැටෝ පියුරි කෝප්ප 1/2
- චිකන් ස්ටොක් කෝප්ප 2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- ග්‍රේට් කරගත් චීස් ටිකක්
- අලිගැටපේර ගෙඩි 1/2
- තම්බාගත් චිකන් කෝප්ප 1
- කුඩුකරගත් කොත්තමල්ලි තේ හැඳි 3
- සවර් ක්‍රීම් මේස හැඳි 3
- පෑන් එකකට බටර් ටික දාලා මෙල්ට් වෙනකොට චොප්කරගත් සුදුළූණු හා බෙල්පෙපර් ටික දාගන්න. කලවම් කරන ගමන් මේකට ඔරිගානෝ, තුනපහකුඩු, මිරිස්කුඩු දාලා විනාඩි 2ක් විතර හැඳිගාන්න.
- ඊළඟට ටොමැටො පියුරි එක දාලා චිකන් ස්ටොක් හා චිකන් ටික එකතු කරන්න. මේක වහලා ටිකක් වෙලා තියන්න.
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න. හොඳට උතුරන කොට ලිපෙන් බාලා සුප්බෝල් වලට දාලා චීස්, අලිගැටපේර හා සවර් ක්‍රීම් වලින් ගානිශ් කරන්න.
5. ඇරොස් මෙහිකානෝ (Arroz Mexicano)
අවශ්‍ය ද්‍රව්‍ය
- චිකන් බ්‍රොත් කෝප්ප 2
- හාල් කෝප්ප 1
- ඔලිව්තෙල් තේ හැඳි 2
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- බේකන් ස්ලයිස් 2
- චොප්කරගත් ළූණු බික් 4
- තුනපහකුඩු ටිකක්
- කොත්තමල්ලි කුඩු ටිකක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- චික් බ්‍රොත් එකෙන් බත් එක පිසගන්න. වෙනම පෑන් එකකට ඔලිව්තෙල් ටිකක් දාලා තීරු කපාගත් බේකන් ටික ෆ්‍රයි කරගන්න.
- ඒ ටික අයින් කරලා මේකට තව ඔලිව්තෙල් ටිකක් දාලා චොප්කරගත් ළූණු ටික තෙම්පරාදු කරගන්න. ටිකකින් චොප්කරගත් සුදුළූණු, තුනපහකුඩු, කොත්තමල්ලිකුඩු හා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
- මේක තවත් තප්පර 30ක් වගේ හැඳි ගාලා බේකන් තීරු ටික දාගන්න. ඊළඟට බත් ටිකත් දාලා කලවම් කරන්න.
6. පීසන්ට් ෆහීටාස් (Pheasant Fajitas)
අවශ්‍ය ද්‍රව්‍ය
- ටෝටියා 6
- ඔරිගානෝ ටිකක්
- චොප්කරගත් සුදුළූණු බික් 3
- කුඩුකරගත් සූදුරු තේ හැඳි 1/2
- සීනි තේ හැඳි 1/4
- මිරිස්කුඩු තේ හැඳි 1/2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කපාගත් චිකන් බ්‍රෙස්ට් කෝප්ප 1
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- තීරු කපාගත් බෙල්පෙපර් ගෙඩි 1/2 බැඟින් (පාට දෙකකින්)
- දෙහි යුෂ ටිකක්
- බෝල් එකකට දෙහි යුෂ, ඔරිගානෝ, චොප්කරගත් සුදුළූණු, මිරිස්කුඩු, සීනි, සූදුරු කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා හොඳට කලවම් කරන්න.
- මේකට චිකන් කෑලි ටික දාලා හොඳට කෝට් කරගෙන පැය 2ක් ෆ්‍රිජ් එකේ තියන්න.
- පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට කපාගත් ළූණු හා බෙල්පෙපර් දාලා විනාඩි 5ක් වගේ අඩිය අල්ලන්න නොදී කලවම් කරගන්න. මේකට චිකන් ටිකත් දාලා හොඳට කලවම් කරලා චිකන් තැම්බෙනකල් වහලා විනාඩි 3ක් වගේ තියාගන්න.
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා ලිපෙන් බාගන්න. මේකෙන් හැන්ද බැඟින් ටෝටියා රොටිය මැදින් තියලා නවාගන්න.
7. චිකන් මෙක්සිකන් ටාකෝස් (Chicken Mexican Tacos)
අවශ්‍ය ද්‍රව්‍ය
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- කපාගත් බෙල්පෙපර් ගෙඩි 1/2 බැඟින් පාට 3කින්
- අඹරාගත් චිකන් කෝප්ප 1
- මිරිස්කුඩු තේ හැඳි 1
- චොප්කරගත් සුදුළූණු බික් 3
- ටාකෝ ශෙල්ස් 12 පමණ
- තෙල් ටිකක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
Salsa එකට
- චොප්කරගත් ළූණු ගෙඩි 1/2
- චොප්කරගත් තක්කාලි ගෙඩි 1/2
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් පාස්ලි ටිකක්
- දෙහි බෑයක යුෂ
- ලුණු හා ගම්මිරිස්කුඩු
Guacamole එකට
- අලිගැටපේර ගෙඩි 1
- ෆ්‍රෙශ් ක්‍රීම්
- දෙහි යුෂ ටිකක්
- ලියාගත් ගෝවා ගෙඩි ½
- පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා චොප්කරගත් ළූණු දාගන්න. මේකට කපාගත් බෙල්පෙපර් සියල්ලම දාලා කලවම් කරන්න. විනාඩි 3කින් විතර අඹරාගත් චිකන් ටික දාගන්න.
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා විනාඩි 5ක් විතර ගින්දර වැඩි කරලා තෙම්පරාදු කරගන්න. මිරිස්කුඩු ටිකත් දාගන්න.
- ඊළඟට චොප්කරගත් සුදුළූණු ටිකත් දාලා තෙම්පරාදු කරගන්න. චිකන් ටික හොඳට තැම්බුනාම උනාම ලිපෙන් බාගන්න.
- සල්සා එක හදන්න චොප්කරගත් ළූණු, තක්කාලි, අමුමිරිස් හා පාස්ලි වෙනම බෝල් එකකට දාගන්න.
- මේකට ලුණු හා දෙහි යුෂ එකතු කරන්න. ගම්මිරිස්කුඩු දාලා හොඳට කලවම් කරන්න.
- ග්වාකමෝලි එක හදන්න වෙනම බෝල් එකකට අලිගැටපේර ගෙඩිය කොටුවට කපල දාගන්න. මේකට ෆ්‍රෙශ් ක්‍රීම් හා රස අනුව ලුණු දාගන්න. දෙහි බෑයක යුෂ දාල හොඳට පොඩි කරගන්න.
- ටාකෝ ශෙල්ස් අරගෙන මුලින්ම ලියාගත් ගෝවා ටිකක් දාලා ඊට උඩින් චිකන් ටිකක් දාගන්න. ඊළඟට සල්සා මික්ස් එකෙන් හැන්දක් දාලා ග්වාකමෝලි ටිකක් උඩින් දාගන්න.
8. වෙජිටබල් කේසඩියා (Vegetable Quesadilla)
අවශ්‍ය ද්‍රව්‍ය
- ඔලිව්තෙල් ටිකක්
- කපාගත් මශෲම් ටිකක්
- කපාගත් රෙඩ් පෙපර් කෝප්ප 1
- කපාගත් ග්‍රීන් පෙපර් කෝප්ප 1
- කෝර්න් කෝප්ප 1
- චොප්කරගත් සුදුළූණු බික් 3
- ලුණු හා ගම්මිරිස්කුඩු
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- ටෝටියා 4-5
- ග්‍රේට් කරගත් මොසරැල්ල චීස් කෝප්ප 1/2
- බටර් මේස හැඳි 3
- පෑන් එකට තෙල් ටිකක් දාලා චොප්කරගත් මශෲම් හා පෙපර් ටික එකතු කරන්න.
- මේ ටික මැලවුනාම චොප්කරගත් සුදුළූණු හා අමුමිරිස් ටික දාගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
- ටෝටියා එකක් පෑන් එකට දාලා රත්කරගන්න. මේකට හදාගත්තු මිශ්‍රණය රොටිය භාගයක් වැහෙන්න දාලා මොසරැල්ලා චීස් ටිකක් උඩින් දාලා අනික් පැත්තෙන් වහගන්න.
- දැන් මේක උඩින් බටර් ටිකක් ගාලා නැවත දෙපැත්ත බැදගන්න.
Leave a Reply