ප්‍රේමාලිංගනයෙන් මිදී ගෙවන ඔබේ ජීවිතේට වෙන්න පුළුවන් හානි

Disadvantages of not having sex

දන්න කෙටි හැඳින්වීමෙන් කිවුවොත් අපි මේ කතාව කියන්නෙ සෙක්ස් ගැන. හැබැයි මේ කතාව අරමුණු කරන්නෙ සෙක්ස් නොකිරීම ගැන. මේ සටහන කියවන ඔබ වැඩුණු පිරිමියෙක් හෝ ගැහැණියක් නම් ඔබේ ජීවිතයට, ඔබේ සිතට අවශ්‍ය පමණට සෙක්ස් නොලැබෙනවානම් ඔබට එය යම් තාක් දුරකට හෝ අර්බුදයක් ලෙසින් බලපෑ හැකි ආකාරය මෙලෙසින් දක්වනවා. එනිසාම ඔබ ප්‍රේම කරන්නට අයෙකු නැති නිසා, ජීවන සහකරුවෙකු හෝ සහකාරියක නැති නිසා, සහකරු හෝ සහකාරිය ආලිංගනයේ යෙදෙන්නට අකමැති නිසා සෙක්ස් නොකරන අයෙකු නම් මෙය කියැවීම ඔබට ප්‍රයෝජනවත් වේවි.

1. පිරිමින්ගේ අර්බුදය

Disadvantages of not having sex

Source – Ilovemylyf.com

දිගු කාලයක් කාම සම්භෝග සම්පත්ති නොලැබීමෙන් පිරිමින්ට විශාල අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවීමට ඉඩ තිබෙනවා. එය බොහෝ පිරිමින් බිය වන කාරණයක්. එය පිරිමින්ට මහත්සේ මනසට වද දෙන කාරණයක්. බොහෝවිට තමන්ගේ ලිංගේන්ද්‍රය ප්‍රාණවත් නොවේවි යන බිය නිසාමත් බොහෝ පිරිමි විවිධ වූ බෙහෙත් වර්ග භාවිතා කරනවා. කෙසේ හෝ මේ බිය සත්‍යයක් කරවිය හැකි දෙයක් විදියට පිරිමින් ලිංගික ක්‍රියාවල නොයෙදීම දැක්විය හැකියි. ඒ වගේම ලිංගික කටයුත්තේ නොයෙදෙන පිරිමින්ගේ පුරස්ථිතයේ පිළිකා ඇතිවීමේ අවදානමකුත් පවතිනවා.

 

2. ප්‍රතිශක්තිය ගිලිහී යාම

Disadvantages of not having sex

Source – healthbeat.spectrumhealth.org

ලිංගිකව එක්වීම ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට හොඳ හේතුවක් ලෙසින් දැක්වෙනවා. මේ නිසාම ප්‍රතිශක්තිය ගිලිහෙන්නට වන ප්‍රධානම හේතුවක් විදියට ලිංගිකව එක් නොවීම නිතරඟයෙන් තේරෙනවා. කාන්තාවන් තුළත් ගැබ් ගැනීමට ඇති ඉඩ වැඩි වන්නට මෙම ප්‍රතිශක්තිය වැඩිවී‌ම හේතුවක් බවට පත්වෙනවා. කෙසේ හෝ ඔබ දිගින් දිගටම කාර්යබහුල වීම නිසා ඔබට ලිංගික සතුට ගිලිහේනම්, එය ඔබේ සෞඛ්‍ය තත්ත්වයට නරක අතට බලපා නැවත වක්‍රාකාරව ඔබේ වැඩකටයුතු ගිලිහෙන්නට හේතුවක් වේවි.

 

3. අනුරාගී ආශා

Disadvantages of not having sex

Source – twitter.com

මුලදිම කියපු ලිංගේන්ද්‍රය ප්‍රාණවත් නොවීම හා බැඳෙන තවත් දෙයක් විදියට විශේෂඥයින් පවසන දෙයක් තමයි ගැහැණුන්ටත් පිරිමින්ටත් බලපෑ හැකි ඔවුන්ගේ කාමාශාව ඉස්මතු නොවීමේ ප්‍රශ්නය. මෙය ඉතාම බරපතල තත්ත්වයක් විදියට දැක්වුනත්, ඒ පිළිබඳ නිශ්චිත අදහසක් තවමත් ප්‍රධාන ධාරාවේ කතාබහකට ඇවිත් නැහැ. එහිදී සිදුවේ යැයි පැවසෙන්නේ කාලයක් තිස්සේ ලිංගික ක්‍රියාකාරකමින් බැහැරව සිටීමේදී, ඇතිවන හෝමෝන ප්‍රතික්‍රියාවලට සිරුරෙන්ම පිළිතුරු දී අඩපණ කරන බවයි.

 

4. ස්ට්‍රෙස් සහ දුක්

Disadvantages of not having sex

Source – chobirdocan.com

ස්ට්‍රෙස් කියන්නෙත් ඉතිං හතුරෙකුටවත් හැදෙන්න හොඳ නැති ලෙඩක්. ඒ තරමට ස්ට්‍රෙස් කියන දේ අමාරුයි. වැඩි වශයෙන් ලිංගිකව එක්වීම ස්ට්‍රෙස් දුරු කරන්නට ප්‍රධානම හේතුවක් වගේම එහි ප්‍රතිලෝමය ගත්තම ලිංගිකව එක්වීම දුරස් වෙන්න වෙන්න මානසික වියවුල ඔබව ආක්‍රමණය කරන්නට ඇති ඉඩත් වැඩියි. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ ඔබට ඇතිවන කලබලකාරී ගැටළුවලින් ඔබ වැඩි පීඩාවකට පත්වීමට මෙය හේතු වෙනවා. ඔබ කාලයකට පෙරාතුව ලිංගිකව එක්වීම දැඩිව ආශ්වාදනය කළ අයෙකු නම් මෙම තත්ත්වය ඉහළ යන්නටත් ඉඩ තියෙනවා.

 

5. පරණ හදවත

Disadvantages of not having sex

Source – prolong.info

හෘදවාහිනීවලට හොඳින් ලේ ගමනාගමනය වෙන හේතුවක් විදියටත් ලිංගික කටයුත්තේ යෙදීම දක්වන්න පුළුවන්. කො‌හොමත් සෙක්ස් කියන්නෙ හොඳ ව්‍යායාමයක්. එ් නිසා ඔබ ට්‍රෙඩ්මිල් එකෙන් සිරුරට ලබා දෙන දෙයම ලිංගිකව එක්වීමකිනුත් ලබාගන්නට පුළුවන්, ලිංගිකව නොහැසිරී සිටීම වෙනත් ව්‍යායාමයක් නොකරන අයෙකුගේ හදවතට කිසිසේත් සුබදායී නැති බව නම් කිව යුතුයි.

 

6. මොළේ

Disadvantages of not having sex

Source – maxim.com

නිතර සෙක්ස් කරන එක මොළේ පෑදෙන්න හොඳ හේතුවක් කියලයි කියන්නෙ. එය සිද්ධ වෙන අයුරු පැහැදිලි කරන්නේ ලිංගිකව හැසිරීමේදී මොළයේ නියුරෝන වර්ධනය වන බවක් පෙන්වීමෙනුයි. ලිංගිකව එක් නොවීම නිසා මොළය වර්ධනය වන බවකුත් පෙර කල කාන්තාවන් අතරේ ප්‍රසිද්ධව තිබුනත් මේ වන විට එය අසත්‍යක් බව ඔප්පු වී තිබෙනවා. මේ සම්බන්ධව වැඩිදුරටත් පැවසෙන්නේ මෙම නියුරෝන වර්ධනය සිදුවන්නේ දිගු කාලීන මතකය සම්බන්ධයෙන් ක්‍රියාකරන මොළය තුළ වෙන්වූ ‌කොටසේ බවයි.

 

7. මරාගමු

Disadvantages of not having sex

Source – huffpost.com

සාමාන්‍ය පරිදි ‌ඔබේ සහකාරිය‌ හෝ සහකරුවා සමග සෙක්ස් නොකිරීම ඔබ දෙදෙන අතරේ අඬදබර ඉහළ යන්නටද හේතුවක් විය හැකි බවයි පැවසෙන්නේ. නිතරම තමන්ට යමක් අහිමි වූ සෙයක් හැඟෙන නිසාත්, නොලැබෙන මොහොතේ පටන් ලැබුනු කාලයේ වින්දනය සිහිපත් වන නිසාත්, ඒ හරහා වැඩි දුරටත් මානසික ආතතිය ඉහළ ගොස් දෙදෙනා අතර අඬදබර සිදු වන බවයි බොහෝ දෙනෙකුගේ අත්දැකීම වන්නේ.

 
Cover Image Source – newspt.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *