කට්ටිය තමුන්ගෙ ලයිෆ් එක ගැන පොර ටෝක් දීම නවත්තවන්නෙ නෑ. ඒ පොර ටෝක් දීම ගැන අනිත් මිනිස්සුන්ගෙ හිතේ අප්‍රසාදයක් තියෙන බවවත් ඒ අදාළ මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ. ඒ නොදැනීම නිසාම එයාලගෙ පොර ටෝක් නයා, කර්වුඩ් ටීවී එක ලඟට ගිහින් නොනැවතී ගේමින් ලැප්ටොප්ස්, ඇන්ටීක් ලෑම්ප්ෂේඩ්ස් සහ ඩිසයිනර් වෙයාස් පුරෝපු වෝඩ්රෝබ් එක ගාවටත් යනවා. මේ විදියට නයා වැඩි වෙන අවස්ථාවක් ගැනයි අපි මේ කියන්න යන්නෙ. ඒ තමයි බොන වෙලාව. මේ විදියට පොර ටෝක් දෙන ඩයල්ස් බීපු වෙලාවට වැඩේ වන කරන්නවා.
1. ඔෆිස් පොර

Source – falkslisten.blogspot.com
ඇත්තටම ඔෆිස් එක සම්බන්ධයෙන් හිතේ හීනයක් තියෙන මිනිස්සුන්ට ඒ වගේ දේවල් එළියට දාගන්න පුළුවන් අවස්ථාවක් වෙන්නෙ මේ විදියට අඩියක් ගහන මේස. ඒත් එතන ඉන්න කිසිම මිනිහෙකුට මේ මනුස්සයගෙ ඔෆිස් පොරත්වය වැඩක් නැති බව එයා තේරුං ගන්නෙ නෑ. මං ගිය සතියෙ හොඳ ඔෆර් එකක් ඇවිල්ල යන්න හැදුවෙ බං. ලොක්කට රෙසිග්නේෂන් දුන්න විතරයි ලියුම කියවල ඇඬුවෙ නැති ටික විතරයි බං. මගේ සැලරි වැඩි කරලා ඔක්කොම ගොඩ දාලා යන්නෙපා කිවුවා.
2. සල්ලි සහ බඩු

Source – funnyjunk.com
තමුන්ට තියෙන සල්ලි ගැන පොර ටෝක් දෙන මිනිස්සු ඒක කරන්නෙ වෙනස් විදියකට. ඒ තමයි සල්ලි කියවන්නෙ කිසිසේත්ම ගණං නොගන්න කාරණක් කියල පෙන්වන එක. මං ඒත් වයිෆ්ට කිවුව බං තෑග්ග ගන්න සල්ලි ගාන ගැන නොහිතා තෑග්ගෙ කොලිටිය බලන්න කියලා. තෑග්ගක් දේදදි රුපියල් පන්දාහකට ලෝබ කරල බැහැනෙ මචං. ගෑණු ඔවුව තේරුං ගන්නෙ නෑ. වගේ කතාවකින් හීනියට තමුන්ගෙ සල්ලි ගැන මතය ජනගත කරන්නට පුළුවන්.
3. ජීවන උපදෙස්

Source – Espreso.rs
මේක නං වාතම කේස් එකක්. අමුවෙන් ඉන්නකොටත් ජීවන උපදෙස් දෙන ඩයල් ඉන්නවා. එහෙම එවුන් වාතයක් විත්තිය දන්න එකේ බිවුවම ඒ තත්ත්වෙ තියෙන අමාරුව හිතාගන්නකො. මල්ලි, උඹ ඔහොම ඉඳල හරියන්නෙ නෑ. උඹ ජොබකට කැමති නැත්තං පටන් ගනිං පොඩියට බිස්නස් එකක්. අඩුම තරමෙ ඔන්ලයින්වත් මොනවහරි කරන්න පටන් ගනිං. යූටියුබ් එකට වීඩියෝ ලොග් එකක්, ෆේස්බුක් එකට ක්‍රියේටිව් පේජ් එකක්, වගේ දෙයක්වත් ගොඩ දාගත්තනං මේ ගේම ලේසියෙන්ම ගහන්න පුළුවන්.
4. ක්‍රියේටිවිටි

Source – disney.wikia.com
මං ඒ දවස්වල අපේ මුළු පන්තියෙම එවුන්ට කවි ලිවුව බං. මුං ඔක්කොම කෙල්ලෙක් සෙට් වෙච්ච ගමන් ලියුමක් ලියාගන්න, කවියක් ගහගෙන යන්න එන්නෙ මං ගාවට. අකුරුත් ලස්සනයි, ඒ ඒ කෙල්ලට හරියන්න කවිය ලියලත් දෙනවනෙ. සමහර කෙල්ලො ඇත්ත දැනගත්තට පස්සෙ මාත් එක්ක හොරෙනුත් සෙට් වෙන්න හදලා තියෙනවා. තාමත් යන්නෙ ඒ වැඩ ටික තමයි.
5. තවතව බොමු

Source – thebadgerharold.com
මොකද්ද බං මේ අපි තුන්දෙනා බෝතල් දෙකක් ගහල තියෙන සෙතේ. එකා එකක් ගහන්නම ඕන. නැතුව වැඩක් තියෙනවද? ඇඟට වෙරියක්වත් දැනෙන්නෙ නැහැනෙ. යකෝ ඉස්සර පස්දෙනා බෝතල් හතක් බීලත් අවුලක් නැතුව ගෙදර ගියා අපි. මෙහෙම බීලා මොකටද බං ගෑණු වගේ. මගේ ගෑණි බොනව උඹලට වඩා. මොකද්ද බං ඔච්චර ෂැන්ඩි දාගන්නෙ. ඕක පැණි බීම එකක් වගේනෙ. බොන ගමන් ඔච්චර කරන්නෙපා බං ඇඟට ඔච්චර තෙල් හොඳ නෑ.
6. අපි චණ්ඩි

Source – gieronimo.davientart.com
අඩෝ මේ, උඹට සද්දෙ දැම්මෙ කවුද කියහං. ගල්කිස්සෙන් යන්න නෙමෙයි ඕකුන්. ඇඟේ කෑලි ගලෝනව. යකෝ මට මෙච්චර කට්ටිය ඉඳල මොකටද, මගේ යාලුවෙකුට එක එකා සද්දෙ දානවනං? නම්බර් එක දීපං. උඹ ගේමටම කතා කරහං. උඹේ කෙල්ලගෙ අයියයි කියල උන් මහ එවුන්ද බං? මොකද උඹේ කෙල්ලට කොල්ලෙක් ඉන්න හොඳ නැද්ද? උඹ මට නම්බර් එක දීපං අපි දෙමු ගේමක්.
7. ගර්ල්ස්

Source – redproductioncompany.com
දැන් නං මචං බැඳලා හින්දා ෂේප්. ඉස්සර මේ විදියට ඩ්‍රින්ක් එකක් දාද්දි කෝල්ස් එස්එම්එස් ඇවිල්ලා ඵල බරවෙන්න. ඇයි යකෝ හිටපු කෙල්ලො ගොඩ. තාම දුකයි මචං බැඳපු එක ගැන. දැන් මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං කියන සින්දුව මටම හදපු එකක්ද කොහෙද බං. උඹල නං ඒ කාලෙ ඉඳන්ම එකකට ලවු කරගෙන ඉඳලා ඒකම බැඳල චාටර් කනවනෙ. එහෙමද අපි?
Cover Image Source – storles.info
Leave a Reply