ආයෙමත් දවසක – 22 කොටස

පළවෙනි කොටස මෙතනින් කියවන්න

21 වෙනි කොටස මෙතනින් කියවන්න

22 කොටස

සෙනසුරාදා රෑ මධුවිතට වෙන්වෙලා තිබුනත් පළමු ෂොට් එකටත් කලින් සියුමිගෙ ෆෝන් එකෙන් කෝල් එකක් ආවා. ඒ පැත්තෙන් කතා කළේ අංකල්. ඒ කතාවෙ සාරාංශය මෙච්චරයි. දුව එයාට ඒ දෙන්නගෙ අෆෙයා එක ගැන කියපු බවත්, තමුන් ඒක තමුන්ගෙ නෝනත් එක්ක කතා කරපු බවත්, තමුන් ඒ තීරණයට කැමති බවත්, ඒ ගැන කතා කරන්න හෙට දිනයේ දිවා ආහාරයට නිවසට එන ලෙසත් තමයි කතාව ගියේ. මේ කතාව යන අතරෙ නදිකට හිනා ගියේ සතුටට නෙමෙයි. තමුන් තාම බඳින්නවත් නොහිතපු කෙනෙක් ගැන මෙහෙම කතාවක් කියන නිසායි නදිකට හිනා ගියේ. නදික යාළුවොන්ටවත් ඒ ගැන කිසිත් නොකියා හිතේ සනීපෙන් බිවුවා. මේක හෙට උදේ හිතන්න ඕන ප්‍රශ්නයක් නිසා ඉරිදා උදේ දහයට එලාම් එකකුත් තියලා නදික මධු රස විඳින්න පටන්ගත්තා.

පසුදා උදේ වෙද්දිත් නදිකගෙ මතකයේ තිබුනේ එක දෙයයි. ඒ තමයි වෙන කවරදාකත් නොඇසුණු රිදම් එකකට ගැයුණු මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ කියන සින්දුව. පළවෙනි පාරට නදිකට හිතුනා මේක මිල්ටන් කියනවට වඩා ගති කියලා. නදික උදේ වෙනකංම ඒ සිහියෙන් හිටියෙ. උදේ නමයට ඇහැරිලා බිත්තර ආප්ප කාපු නදික බිත්තර ආප්ප හතරක් කෑවට පස්සෙ හිතුවා දවසකට බිත්තර හතරක් ඇති විත්තිය. කෝපි බිබී ඉද්දි තමයි දහයට තියපු එලාම් එක වැදුනෙ. ඒ එලාම් එකේ තියෙන්නෙ දවල් වෙද්දි තමුන්ට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්නෙ ගැන. තමුන් මේකට හොඳ විදියකට මුහුණ දෙන්න නදික හිතාගත්තා.

ඇත්තටම නදික සියුමිට කැමති නිසාත්, සියුමිත් පවුල් පසුබිමින්ම පෝසත් චරිතයක් නිසා තමුන්ව රවටන්නට හෝ මුදල් ඩැහැගැනීමේ උත්සාහයක් ඒ පාර්ශවයේ ඇතියි කියලා නදික නොහිතන නිසාත් නදිකට මේක ගැන අවුලක් නෑ. නදිකට ප්‍රශ්නෙකට තියෙන්නෙ නදිකට මෙහෙම කසාද ජීවිතේකට පුරුදු වෙන්න පුළුවන් වෙයිද කියලයි. කොහොමවුනත් ඩිමෙල් අංකල්ට කෙලින් කතා කරන්න හිතාගත්තු නදික ගමන යන්න ලෑස්ති වුනා.

දවල් දොළහ වෙද්දි සියුමිගෙන් කෝල් එකක් ආවා.

“කීයටද එන්නෙ?”

“තව ටිකකින් ගෙදරින් එනව”

“ඔයා මගෙත් එක්ක කේන්තියෙන්ද ඉන්නෙ?”

“නෑ”

“පුදුමයි”

“ඇයි?”

“ඇයි ඔයා පිටරට හිටපු කෙල්ලෙක්නෙ”

“ඉතිං”

“පළවෙනි කොල්ලා ගැන ගෙදරට කියනවද එහෙම?”

“ඔයා මගේ පළවෙනි කොල්ලා නෙමෙයි?”

“එහෙනං ගෙදරට කිවුවෙ?”

“ඔයාව තමයි මට මුලින්ම බඳින්න හිතුනෙ”

“ඒ ඇයි?”

“අනේ මන්දා…”

“ඉතිං ඔයා ඒක මට කිවුවද?”

“මං මෙසේජ් එකක් දැම්මෙ”

“ඒකට මගේ කැමැත්ත ඇහුවද?”

“ඕන නෑ… මං දන්නව කැමතියි කියල”

“මං ඔයාට කැමති නෑ සියුමි”

“මොනව? එතකොට අද එන්නෙ?”

“ඒක ඔයාලගෙ තාත්තට කියන්න මම එන්නෙ”

ඒ ගෙදරට යද්දි සියුමිගෙ මූණ මළගෙයක් වගේ වුනාට ඒ ගෙදර මගුල් ගෙදරක සිරි ගත්තා. සියුමි ඇරෙන්න අනිත් හැමෝම සතුටින් ඉන්නව දැකලා නදිකට හිනා ගියා. නදික වාඩි වුනාට පස්සෙ සියුමි එයාගෙ මළගෙදර වගේ මූණත් අරගෙන කාමරේට ගියා. අංකල් හරිබරි ගැහිලා කතාබහට වාඩි වෙද්දි සියුමිගෙ අම්මත් නදික ගාවින් වාඩි වුනා.

“ඉතිං පුතා!”

“අංකල් මං සියුමිට කැමතියි”

“ඔවු එයා අපිට කිවුව”

“එයා කියන්න විදියක් නෑ අංකල්”

“ඇයි?”

“මං එයාට කැමතියි කියල එයා දන්නෙ නෑ”

“අපිට කිවුවනෙ”

“අංකල්ලට හරිනං කියන්න ඕන එයා මට කැමතියි කියල විතරයි”

“හ්ම්ම්ම්…”

“මම දැනුයි මේ එයාට කැමතියි කියල කියන්නෙ.”

“අපිත් පුතා අපේ දුවව බඳිනවනං කැමතියි”

“මම එයාව බඳින්නත් කැමතියි”

“හදිස්සි වෙන්න ඕන නෑ පුතා”

“නෑ අංකල්… මම තව කල් ගන්නව ඒකට”

“ඒක හොඳයි…”

“අංකල් සියුමිට එන්න කියන්න. එයා තාම දන්නෙ නෑ මේ ගැන”

“ඒ හින්දා ​වෙන්නැති කෙල්ල අඬ අඬ හිටියෙ”

ඒ වචනෙ දැම්මෙ සියුමිගෙ අම්මා. එතකොටම සියුමි ආව. කඳුළු පිහ දදා. කඳුළු පිටින්ම ඇවිත් සියුමි නදිකව බදාගත්තා. ඒ මොහොතෙ ගෙදරට ඇඳපු ස්කිනී එකට යටින් ලස්සන දෙතන නදිකගෙ ඇඟේ ගැටුනා. නදිකට අම්ම තාත්තලා ඉන්න තැනම සෝෆා එකට පෙරලගන්න හිතෙන තරම් ඒ බදාගැනීම ආකර්ෂණීය වුනා. කාලෙකට පස්සෙ කෑම මේසෙක වාඩි වෙලා කාපු කෑමෙන් පස්සෙ නදිකත් සියුමිත් ෆෘට් සැලඩ් එක්ක විශාල උයනෙ තනි වුනා.

“ඇයි මට බොරු කිවුවෙ?”

“කොයි වෙලේද?”

“ඇයි මට කැමති නෑ කිවුවෙ?”

“ඔවු ඉතිං කැමති නෑ තමයි”

“එහෙනං බඳින්නං කිවුවෙ”

“ඔවු ඉතිං බඳිනව”

“ඒ මොකද?”

“කැමති නැති කෙල්ලව බැන්දම ලේසියි”

“ඒ මොකටද?”

“එතකොට කැමති කෙල්ලො එක්ක පිට යන්න පුළුවන්නෙ”

“ඔයා හිතනවද මගෙත් එක්ක ඒව ලේසි වෙයි කියලා”

“ඔයා හිතනවද මාව නවත්තන්න ලේසි වෙයි කියලා”

“බලමුකො”

“හරි බලමු”

“ඔයා මට චැලේන්ජ් කරනවද?”

“ඔවු… ඔයාට මාව නවත්තන්න පුළුවන් විදියක් තියෙනව”

“ඒ මොකද්ද?”

“මට පිට යන්න නොදී ළඟට කරගන්නකො”

නදික හැදුවෙ එහෙම කියල සියුමිව කිස් කරන්න. සියුමි කිස් කරන්න දුන්නෙ නෑ. ඊට මොහොතකට පස්සෙ සියුමිම නදිකව කිස් කරා. සියුමිගෙ මහා විශාල ගෙදර වට වෙලා තිබුණු මහා විශාල වත්තෙ බංකුවක් උඩදි නදිකත් සියුමිත් මුල්ම ලිංගික අත්දැකීම අත්වින්දා.

“මං හොඳයිද?”

“සමහරුන්ට වඩා නං හොඳයි”

“අශිනිට වඩා?”

“ඒ තරම්ම නෑ”

“හපෝ ඔයානං…”

“ඉතිං ඔයාමනෙ ඇහුවෙ”

“හරි දැන් මොනවද මගෙ අඩු”

“අඩු මොනවද කියන්න මම තියෙන්නෙ මොනවද කියල දැක්කෙ නැහැනෙ”

“ඉතිං”

“ගෙදරට බොරුවක් කියල අද එළියට යංකො”

“කොහෙද?”

“හොටෙල් රූම් එකකට තමයි”

“මොකද්ද කියන්නෙ?”

“ඩිනර් අවුට් එකකට යනව කියමු”

හිතපු විදියටම ඩිනර් අවුට් එකකට යනව කියපු දෙන්නා කොටු කාමරයක් ඇතුළෙ තනි වුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *