ගණිකා වෘත්තිය කියන්නේ ආන්දෝලනාත්මක මාතෘකාවක්. ලොව වෘත්තියක් ලෙස විශේෂීකරණය වූ මුල්ම වෘත්තීන් අතර ගණිකා වෘත්තිය ද වේ. වසර 2500කට එපිට අප බුදුන් වහන්සේ විසූ බුද්ධ කාලයේ පවා ගණිකාවන් නගර සෝභිනියන් විසූ බව සාහිත්‍යයේ වේ. බොහෝ පුද්ගලයින් ඒ අදාළ කාලයට ගණිකාව වෙන් කරගෙන ඒ ස්ත්‍රියක සමග රති සුව විඳගැනීමෙන් පසු ඒ ගනුදෙනුව අවසන්ය. මානව සබඳතා වල යම් ගැටුමක් ඒ තුළ තිබුනත් සමාජයට අති විශාල හානියක් කරන මත් උවදුර, සොරකම වැනි විශාලතර ව්‍යසනයක් ලෙස ගණිකාවකගේ වෘත්තිය දකින්නට අපහසු බව බොහෝ විද්වතුන්ගේද මතය වේ. තායිලන්තය කම්සැප, රති සුව විඳිනු පිණිස ඇදෙන සංචාරකයින් අතර ප්‍රකටම තිප්පලකි. ලොව වටා සංචාරකයෝ ආසියානු යුවතියන්ගේ සුදු මුදු කොමල පහස විඳගැනීමට තායිලන්තය කරා ඇදේ. එහෙත් තායි රටේද ගණිකා වෘත්තිය නීතියෙන් තහනම්. “හෑ… ඒනම් කෝමද තායි වල මෙච්චර ඒ සර්විස් එක තියෙන්නේ? ” එහෙනම් අපි ඒ මොන ආකාරවලට තායි වගේ ගණිකා වෘත්තිය තහනම් රටවල ඒ වෘත්තිය කෙරනවාද කියලා සොයා බලමු.
1. මසාජ් ++ ලෙස

Source – moneyshareforum.com
ශරීර සම්බාහනය යනු සිරුර සම්පූර්ණයෙන්ම නිරුවත් කර සිරුර තෙරපීමෙන් සිදුකරන ක්‍රියාවලියක්. සිරුර සම්බාහනය කිරීම ඉතා ඉහළ වැටුප් තලයක තිබෙන රැකියාවක් ලෙස යුරෝපා රටවල දැක්වෙන අතර ඔවුන්ට බොහෝවිට හොඳ පුහුණුවක්ද අනිවාර්යය. තායි වැනි අග්නිදිග ආසියානු රටවල ලිංගික සුව ඉලක්ක කරගත් මසාජ් ආකාර බහුලව තිබේ. ඇතැම්විට මසාජ් කරන තෙරපිවරියට වැඩිපුර මුදලක් දීමෙන් ඇය ලිංගික කාර්යය කරා පොළඹවා ගත හැකිය. ‘බොඩි ටු බොඩි’ නමින් හැඳින්වෙන සිරුරට සිරුර තබා ස්පර්ශයෙන් සිදුකරන මසාජ් ක්‍රමවේද බොහෝවිට අවසාන වන්නේ ලිංගික සුව ලබාදීමෙනි.
2. බාර් වල සිටින ගෑණු ළමෝ

Source – wordpress.com
වීදියක ඇවිද යන විට ගැහැණු ළමෝ වැඩිපුර සිටින මත් පාන උත්සව පැවැත්වෙන තැන්ය. ඒවාට ගොඩ වී මද වේලාවකින්ම විවිධ මාදිලියේ ගෑණු ළමෝ පැමිණ සම්බන්ධ වෙති. ඒ අතුරින් තමුන්ට කැමති ලලනාව තෝරාගත හැකිය. සමාජ ශාලා කැරෝකේ හරහා පැමිණ, මද වේලාවකින් හොඳට කතාබහ කරගෙන, ඉන් පසු සයනයක් වෙත යෑම මොවුන්ගේ ක්‍රියාවලිය වේ. තායි වැනි රටවලදී නම් ඒ ආකාරයෙන් ගැහැණු ළමයකු බාර් එකකදී සොයාගැනීමට විශේෂ හැකියාවක් අවශ්‍ය නොවන අතර, මුදල් හදල් වියදම් කල හැකි බව හැඟුනොත් ගැහැණු ළමුන් බලෙන්ම වාගේ පැමිණ ඇඟට ගොඩ වෙන අවස්ථාද බහුල වේ.
3. ටැක්සි රියදුරන් මගින්

Source – wordpress.com
ටැක්සි රියදුරන් යනු විවිධාකාර විෂමාචාර ගැන, ඇතැම්විට ඒ ගැන පර්යේෂණ කරන සමාජ විද්‍යාඥයින්ටත් වඩා පුළුල් අවබෝධයක් ඇති අය වේ. ඔවුන් තම රියට තනිකඩ එහෙත් ගැහැණු සොයන පිරිමියෙකු ගොඩ වූ කල ඉවෙන් මෙන් ඔවුන්ට අවශ්‍ය දේ දැනගනී. එසේ දැනගෙන ඡායාරූප ඇල්බම, ෆෝන් එකේ වූ ඡායාරූප වැනි මාර්ග වලින් ඇයගේ රුව ගුණ විස්තර කරති. ඒ සඳහා ඔවුනට ට්‍රැෆික් ලයිට් එකක රථය නවත්වන ඒ ඇසිල්ලක කාලය ප්රමාණවත්ය. ඒ අකාරයට ටැක්සි රියදුරන් කපුකම කර සෙට් කරන ගණිකාවන් සඳහා ටැක්සි රියදුරාට ආදායම් කිහිපයකි. එක් පසෙකින් ගණිකාවගෙන් තීරු බද්දක් වැනි කොටසක් ගනී. අනෙක් පසින් ඒ යොමුවන හෝටලයෙන්ද ගණනක් ටැක්සි රියදුරු අතේය. ටැක්සියට ගොඩ වූ පාරිභෝගිකයාගෙන්ද ගමනට වඩා වැඩි මුදලක් ලබාගැනීමට එවැනි අවස්ථාවලදී ටැක්සි රියදුරෝ සැදී පැහැදී සිටිති.
4. ඔන්ලයින් සහ ඇප්ස් මගින්

Source – bkk-lifestyle.com
ගැහැණු ළමුන් සෙයාගන්නා ඇප්ස් විවිධාකාර නම් වලින් අන්තර්ජාලයේ වේ. ඒවා වෙබ් අඩවි සහ ඇප්ස් යන ආකාරවලින් වේ. පිංතූර සහ විස්තර, රුචි අරුචි කම් සපයන සේවාවන් ගැන පුළුල් ලෙස දැනගත හැකි එම ඇප්වලට යම් මුදලක් ගෙවීමෙන් පසු අවශ්‍ය අය තෝරාගත හැකිය. මෙහිදී හමුවන යුවතියන් හෝ ස්ත්‍රියන් තරමක් මිල අධික වුවත් මගට බැස ගණිකාවන් සොයනවාට වඩා සාර්ථකව, අවුල් අඩුවෙන්, කැමති අයෙකු සොයාගෙන කතාබහ කරගත හැකි නිසා, මෙම ඇප් හරහා ගණිකාවන් සොයා යෑම ගණිකා වෘත්තිය නීතිගත මෙන්ම නීතිගත නොවූ රටවලද කෙටි ඇසුරකට ඉක්මනින් ස්ත්‍රියාවක සොයාගත හැකි ප්‍රකට ක්රමයකි.
5. වීදි ගණිකාවන්

Source – boltonnews.com
ගණිකාවන් අතරින් වැඩියෙන්ම දුක් කම්කටොළු විඳින, වැඩියෙන්ම ගැරහුම් ලබන කාන්තාවන් ලෙස වීදි ගණිකාවන් දැක්විය හැකිය. කළුවර වැටී පැය දෙක තුනක් ගිය තැන තායිලන්තයේ නාගරික වීදි වල පහන් කණු ආසන්නයේ ටිකක් වැඩිපුර මේකප් කරන ලද කාන්තාවන් සිටී. වර්තමානයේ නම් ලංකාවේද බම්බලපිටිය කොල්ලුපිටිය දිසාවේ ද ඇතැම් තැන්වල එසේ තායි සහ චීන මුහුණු සහිත මේකප් වැඩිපුර උලාගත් කාන්තාවන් හමුවන බැව් ඇතමුන් පවසති. ඔවුන් දුටු විට ස්ලෝකරන රිය මදක් දුර ගොස් නවතා ඇයට සන් කරයි. ඉන් පසු කාර් රිය අසළට එන ඇය සහ ගනුදෙනුකරු අදාළ විස්තර කතාබහ කරගනී. ඉන් පසු ඒ අනුව අවශ්‍ය තැනකදී සිය කාර්යය කරගැනීමට පාරිභෝගිකයාට හැකි වේ. ඇතැම් විට මෙම වීදි ගණිකාවන් ප්රචණ්ඩය, රැවටිලිකාරය, අවදානම් සහගතය. කෙසේ වුවත් ඔවුන්ගෙන්ද සැනහෙන පිරිසක් සමාජයේ සිටී.
6. පිම්පියන් මගින්

Source – torantostar.com
විශ්වාසය ගොඩනගාගත් පසු දුරකථනය හරහා කෙලින්ම ගණිකාවන් සම්බන්ධ කරගත හැකිය. එහෙත් නීතිමය සහ අනෙකුත් අංශවලින් ලැබිය හැකි අනතුරු හේතුවෙන් ගණිකාවෝ පිරිසක් පිම්පියන් හරහා ගනුදෙනු කරති. එතැනදී කෙලින්ම දුරකථනයට පිළිතුරු දෙන්නේ අතරමැදියෙකි. ඒ අතරමැදියා ළඟ ගැහැණු කිහිප දෙනෙකුගේ කන්ටැක්ස් තිබේ.ගෙවිය හැකි මුදල රුචිකත්වය අනුව කතාබහ කරගෙන පිම්ප් වරයා මගින් අදාළ ගනුදෙනුව සිදු වේ. ඇතැම් ප්‍රකට සහ සමාජයේ ඉහළ පෙළේ අයට රුචිකත්වය අනුව ගණිකාවන් සැපයීමට වෙනමම පිම්පියන් සිටින බවක්ද ඉඳහිට එන ආරංචි මාර්ග වලින් කියැවේ.
7. ඒ ගැලපෙන ඉසව්ව තෝරාගැනීමෙන්

Source – vishwagujarat.com
ඉන්දියාවේ සෝනගාචි යනු කල්කටාවේ පළාතකි. එහි වෙසෙන ගණිකාවන් ප්‍රමාණය දස දහස් ගණනකි. එහෙත් ඉන්දියාව ගණිකා වෘත්තිය තහනම් රටකි. දිල්ලියේද GB වීදිය එසේ ගණිකාවන් සොයායන අඩු ආදායම් ලාභීන් අතර ජනප්‍රිය තැනකි. තායි රටේද ෆුකට් දිවයින වැනි තැන් ගණිකාවන්ම සොයන ඉහළ සංචාරකයින් අතර හොඳ තිප්පලවල් වේ. ගණිකාවත නීතියෙන් තහනම් රට වලද ඇතැම් වීදි සහ පළාත් වල ගණිකා වෘත්තිය කෙරෙන්නේ නීති රීති පැමිණීමටත් බොහෝ අනාදිමත් කාලයක පටන්ය. ඇතැම්විට නාටිකාංගනාවන්, නිරූපිකාවන් ආදී ලෙසින් පෙනීසිටිමින් මෙම වීදිවල කෙරෙන දේ බොහෝවිට ඒ රටේ පොලිසිය වැනි බලධාරී අංශද සක්සුදක් සේ දනී. එහෙත් ඒ පළාත්වල ඒ කටයුතු බාධාවකින් තොරව කෙරේ.
නීතියෙන් තහනම් ගණිකා වෘත්තියම ඇතැම් තැනෙක ඉතාම පහසුවෙන් සොයාගත හැකි ලෙස පැවතීම යනු එකිනෙක පරස්පර සංසිද්ධියකි. එකම සමාජයේ පිරිසක් ගණිකා වෘත්තිය නීතිගත කිරීමට දැඩි සේ විරුද්ධ අතර ඒ වෙනුවෙන් ඔවුන් අතර පැහැදිලි තර්කද තිබේ. එයින් ප්‍රබලම තර්කයක් නම් ගණිකා වෘත්තිය නීතිගත වුවහොත් අඩු ආදායම්ලාභී යුවතියන් මේ වෘත්තිය කරා පිවිසීම වැඩි වී යුවතියන් වැඩි පිරිසක් ගණිකාවන් බවට පරිවර්තනය විය හැකි බවය. එහිද ප්‍රමාණික සත්‍යයක් පවතී. ලිංගික සම්ප්‍රේෂණ රෝග ආදිය අඩුකරගැනීමටත් සේවාව විධිමත් කිරීමටත් ගණිකා වෘත්තිය නීතිගත කල යුතු බව ප්රගතිශීලී පාර්ශව වල අදහසක් වේ. ගණිකාව තහනම් වුවත් ඒ අවශ්‍යතාවය මිනිසුන්ට පහසුවෙන් තහනම් කරගත නොහේ. එමනිසා කෙතරම් දැඩි ලෙස කොටුකරන ලද නීතිමය රාමු ඇති තැනක වුව කවර ආකාරයකින් හෝ ගණිකා වෘත්තිය මතු වේ
එසේම කොතැනක ගියත් එතනෝල්ම සොයන යාලුවන් මෙන්ම කොහේ ගියත් ස්ත්රීන්ම සොයන ස්ත්‍රී ලෝලයන්ද අපගේ මිතුරන් අතරද සිටී. අපේ හෝමෝන මට්ටම් ශක්‍රයාට හෝ පාලනය කල නොහේ. එවැනි ස්ත්‍රීන් ම සොයායන මිතුරන් ගේ දැනුම තකා ඔවුනට මේ පෝස්ටුව දැකගන්නට සැලැස්වීම ඔබට ඔවුන් වෙනුවෙන් කල හැකි මහත් පිනකි.
Cover Image Source – conatusnews.com / huffpost.com / nycprostpast.com
Leave a Reply