බස් එකකට ගොඩ වුණු ගමන් ඔයා හොයන්නෙ බස් එකේ කොයි හරියෙ සීට් එකක්ද? බහින තැන ෂුවර් නැති අය හොයන්නෙ ඉස්සරහම සීට් එකක්. මහ හයියෙන් යන බස් රූට්වල ගැස්සිල්ල අඩුවෙන් යන්න කැමති අය හොයන්නෙ මැද සීට් එකක්. ඒත් අපි කියන්නෙ බස් එකේ පිටිපස්සෙම පේළිය තමයි වාසිම කියල. ඒ ඇයි කියල ඕගොල්ලො හිතනවනං මේ සටහන තියෙන්නෙ ඒ ගැන. බස් එකක අන්තිම සීට් එකේ වාසිය දන්නෙ අවුරුදු ගාණක් විශ්වාසෙන්ම ඒ සීට් එකම හොයාගෙන යන ඈයො විතරයි.
1. ළඟින් බහින්න

Image Source – youtube.com
කෙටි දුරක් යන මනුස්සයෙක් වාඩි වෙන්න උත්සාහ කරන තැන් අතරේ මුලින්ම තෝරගන්නෙ පිටිපස්සෙ සීට් එක. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඉස්සරහා දොර කුඩා වීම, එංජිම නිසා දොර දක්වා යන මාර්ගයේ අවහිර වීම් සිදු වීම, බොහෝවිට වයස්ගත පිරිස් සහ ආබාධිත අය බස්රියෙන් බැසීමට ඉදිරි දොර භාවිතා කිරීම නිසා කල්ගත වීම, බොහෝදෙනෙකු බසයට ඉදිරිදොරෙන් ගොඩවෙන්නට උත්සාහ කිරීම වගේ හේතු රැසක් දක්වන්න පුළුවන්. ඉතිං හදිස්සියෙන් කෙටි දුරකට බස් එකේ යන මනුස්සයෙක් බහින්න තියෙන පහසුවට වාඩිවෙන්න ඕන පිටිපස්සෙ සීට් එකෙන් නෙමෙයිද?
2. ලවු කරන්න

Image Source – youtube.com
ආදරේ ස්මාට්ෆෝන් එකේ චැට් ටිකකින් කාමරේකට ලඝු වෙන්න කලින්, දෙදෙනාට මහා ඉඩක් නොලැබෙන නිසාම ලැබෙන කෙටි ඉඩක් ප්‍රේම පාරාදීසයක් කරගන්න පෙම්වත් ජෝඩු මීට කාලෙකට කලින් හිටියා. එහෙම අය තාමත් නැතුවම නෙමෙයි. කාලෙකට පස්සෙ මුණගැහෙන දෙදෙනා අතරේ කොයිතරම් කාලයක් කිටිකිටියේ වෙළිලා ගෙවුනත් ඒක හිතට මදිබවක් දැනෙන නිසාම, ගමන් කරන්නට ගොඩ වෙන වාහනයත් ප්‍රේමයටම සින්න වෙන සොඳුරුකම් තාමත් දකින්න පුළුවන්. එහෙම ජෝඩුවකට බස් එකේ පිටිපස්සෙ සීට් කොන් දෙකෙන් එකක ඉතුරු වෙන පෙම්මුල්ල තරම් තවත් සම්පතක් නැති තරම්.
3. මහත වැඩි ඈයො

Image Source – aircraftinteriorsinternational.com
මහත වැඩි මිනිස්සුන්ට මේ දවස්වල බස්වලින් හරි අපලයි. ඉන්දියාවෙන් ගේන බස් එක ලංකාවෙ බස් හදන තැන්වලට දානව. දාලා ඒවට බෆල් හයිකරලා විතරක් නිකං ඉන්නෙ නෑ. පිටිපස්සෙ දොරේ ෆුට්බෝඩ් එක ලොකු කරනවා, සීට්වල පළල අඩු කරනවා, සීට් අතර ඉඩ කෙටි කරනවා වගේ වෙනස්කම් කරලා, නොවැඩුණු අවුරුදු 8ට අඩු දරුවන්ට පමණක් පහසුවෙන් ගමන් කරන්නට හැකි වෙන ලෙසින් බස් රථය සකසනවා. ඉතිං මහත මනුස්සයෙක් මේ බස් එකක වාඩි වුනොත් ඒ මනුස්සය හිර වෙලා මැරෙන්න ළංවෙනවා වගේම, ඒ විදියට මැරෙනකංම අහලපහළ බුවාලගෙන් බැනුම් අහන්නත් සිද්ධ වෙනවා. අන්න ඒකට විසඳුම් විදියට මහත බුවෙකුට කකුල් ටිකක් පළල් කරගෙන, ඇඟපතට ඉඩ අරගෙන ඉන්න පුළුවන් තැනක් විදියට පිටිපස්සෙ සීට් එක නම් කරන්න පුළුවන්.
4. නැගිටින්න ඕන නෑ

Image Source – tesco-baby.com
දුර ගමනක් කෙසේවෙතත් පැයක දෙකක ගමනක් හෝ යන්න සූදානමින් බසයට ගොඩවෙලා, සීට් එකක් අල්ලගෙන සනීපෙට හීන් සුළං වැදි වැදි යන ගමනකට අකුල් හෙලන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ තමයි ආබාධිත, පූජ්‍ය හෝ ගැබිණි පක්ෂය බසයට ගොඩවීම. එහෙම මොහොතක නොපැකිළිව තමුන්ගෙ අසුන පිළිගන්වන්න ඕන වුනත්, නිදහසේ යන්න හිතාගෙන බසයට ගොඩ වුණු කෙනෙකුගෙ හිතට පොඩි අවුලක් මේ නිසා ඇති වෙන්න පුළුවන්. අන්න ඒ නිසාම තමුන්ගෙ සීට් එක තෝරාගනිද්දි මේ අයට බොහෝවිට ඉඩ වෙන්වෙන ඉදිරිපස සීට් එකක් නැතුව පසුපස සීට් එක තෝරාගන්න එක වාසියක්.
5. දිග ඇදිලා නිදාගන්න

Image Source – videoblocks.com
කාර්යබහුල මිනිස්සු ඉන්නව. තමුන්ගෙ වැඩකටයුතු වෙනුවෙන් දවසේ බොහෝ කාලයක් වැය කරන පිරිස. එහෙවු මිනිසුන් බොහෝවෙලාවට තමුන්ගේ දෑස් පියාගන්න, කෙටි විවේකයක් ලබාගන්න පාවිච්චි කරන්නෙ ගමනාගමනයේ යෙදෙන වෙලාව. අන්න ඒ නිසාම ඒ අයට බස් එකකදි නින්ද වැදගත්. හිර කරපු සීට් අස්සෙ ඉන්නෙ නැතුව ඒ වෙනුවෙන් පිටිපස්සෙ සීට් එකක, කකුල් දිගෑරගෙන නිදියන්න තියෙනවනං තියෙන සැප ආයෙ කියල වැඩක් නැහැ නේද?
6. පවුල් පිටින් ගමන් කරද්දි

Image Source – youtube.com
පවුල් පිටින් ගමනක් යද්දිත් පිටිපස්සෙ සීට් එක තෝරාගන්න එකේ නොහිතන වාසි කිහිපයක්ම තියෙනවා. ළමයින්ට අනිත් අයගෙ උරිස්වල නින්ද යන එක අනෙකුත් මගීන්ට කරදරයක් වෙන්නට පුළුවන්. දරුවෙකුට හදිස්සියෙ වතුර ටිකක් ඕන වුනත් ඉල්ලන්න විදියක් නැතිවෙන්න පුළුවන්. අන්න ඒ නිසාම පවුල පිටින් බස් එකේ ගමනක් යද්දි පිටිපස්සෙ සීට් එක තෝරාගන්න එකේ ලොකු වාසියක් තියෙනවා.
7. ලොකු බඩු මළු ගෙනියන්න

Image Source – youtube.com
සාමාන්‍යයෙන් ව්‍යාපාර කටයුතු වෙනුවෙන් වගේම ගෙදරදොර වැඩකටයුතු වෙනුවෙනුත් බස් රථයක ගමන් කරද්දි තරමක් විශාල බඩු මළු ප්‍රවාහනය කරන්නට සිදුවිය හැකියි. එය තමන් සමගම තබාගෙන යන්නට කැමැත්තක් දරණ උදවියට ඒ වෙනුවෙන් අනිත් අයට අවහිරයක් නොවෙන විදියට ගමන් ආසන දෙකකට ප්‍රවේශ පත්‍ර අරගෙන, තමුන්ගෙ බඩුත් තියාගෙන පහසුවෙන් ගමන යන්නට හැකියාව තියෙනවා. එය බස් රථය මැද අසුනක කරන්නට පහසු කාර්යයක් නෙමෙයි. ඒ වෙනුවෙන් ගැලපෙන්නේ බසයේ පසුපස අසුනයි.
Cover Image Source – .picture.lk/landtransportguru.net
Leave a Reply