යෝජනා කරලා කෙරෙන විවාහයක් ඇත්තටම ආතල් නැද්ද? නැහැ කියලා හිතෙනවා නම් දිගටම කියවලා බලන්න!
තාමත් ලංකාවේ ඔය යෝජිත විවාහ සිද්ධ වෙනවනේ. හැබැයි ඉතින් දහ දෙනෙක්ගෙන් ඇහුවොත් ඔයා කැමති යෝජිත විවාහයකටද, ආදර විවාහයකටද කියලා, ඒකෙන් අට දෙනෙක්ම කියන්නේ ආදර විවාහ තමයි මරු අනේ කියලා! හැබැයි සමහරු කියනවා යෝජිත විවාහයකට කැමති වෙලා වැඩේ අල වුනොත් අම්මට තාත්තට හරි බැණ බැණ ඉන්න පුළුවන්, ඒත් ලව් කරලා බැන්දොත් බැණ ගන්න වෙන්නේ තමන්ටමයි, ඒ හින්දා කතා කරලා දෙන මංගල්ලෙක වැඩේට තමයි කැමති කියලා!! හරි. අපි මේ කියන්න හදන්නේ යෝජිත විවාහයද හොඳ නැත්නම් ආදර විවාහයද කියන එක ගැන නෙවෙයි. අපි පෙන්නලා දෙන්න හදන්නේ යෝජිත විවාහයක තියෙන ආතල් ගැන. ඕන නං ආටිකල් එකට යන්න කලින් නිකමට මේ වීඩියෝ එකත් බලල එන්නකෝ!
1. ලේසියයි පහසුවයි!
සාමාන්‍යයෙන් ඔය මංගල යෝජනා වැඩේ හැන්ඩ්ල් කරන්නේ ගෙදර වැඩිහිටියොනේ. එතකොට ආයෙ අපිට තියෙන්නේ ඒ ගොල්ලෝ කේන්දර බලලා, අරව මේවා බලලා ඔක්කොම කරලා අපිට දෙන ඩේට් එකට නිවාඩුවක් දාලා ගෙදර ඉන්න එක විතරයි. ඒ පැත්තෙන් කට්ටිය ආවොත් බිම බලාගෙන බුලත් හෙප්පුව අරං එනවා, මේ පැත්තෙන් එහේට කට්ටිය යනවා නං සෙට් එකත් එක්කම ගිහිල්ලා බිම බලාගෙන ඉඳලා හෙප්පුව අරගෙන ආවහම හිනාවෙලා හෙප්පුව අතට ගන්නවා. ඔච්චරයි කරන්න තියෙන්නේ! හැබැයි ලව් ස්ටෝරි එකක ගිහිල්ලා ගෙදරට වැඩේ කියන්නම කොයි තරම් රවුමේ ගිහිල්ලා, ගෙදර හැමෝමව ෂේප් කරගෙන, සමහර වෙලාවට වඩිග පටුනත් නටලා මොන ගේමක් දෙන්න වෙනවද!
2. බූට් නැති ආතල් එකම මදෑ!
දැන් ඔය කෙල්ලෙක්ව කොල්ලෙක්ව ෆේස්බුක් එකෙන් හරි, බස් එකේ යන එක කොට හරි, වෙන ක්‍රමේකට හරි හොයාගෙන, ඉන් පස්සේ දන්න දහංගැට ඔක්කොම දාලා සෙට් කරගත්තා කියමුකෝ. ඕක හැමදාමත් ඔහොමම නොකැඩී පවතිනවා කියලා කිසිම ගැරන්ටි එකක් නෑ නොවෑ! ඕවා කැඩෙනකොට ඉතින් ලව් කරන්න පටන් අරගෙනනේ. ආන්න එතකොට ඉතින් විරහ වේදනාවෙන් විරවා ගෙන, දුක් ගීයක් කියාගෙන, කඳුලු බීගෙන තමයි ඉන්න වෙන්නේ. හැබැයි ඉතින් ඔය මංගල යෝජනා සීන් එකේදී හරි ගියා හෝ වැරදුනා හෝ අපිට ඔය විරහ ප්‍රශ්න නැතුව ආතල් එකේ ඉන්න පුළුවන්. ඇයි හත්වලාමේ, මගුල බලන්න ඇවිත් දැක්ක හැටීයේ ආදරෙන් බැඳිලා මෙව්වා වෙන්නෙ නෑ නොවැ. ආයෙ ඒ පැත්තෙන් වැඩේ කෙරෙන්නෙ නෑ කිව්වත් හිතට අමුතු දුකක් එන්නෙ නෑ. ඊලඟ යෝජනාව බලන්න තමයි තියෙන්නේ!
3. නොදන්නම කෙනෙක් හෙමි හෙමිහිට අඳුනගන්න කොට
මේක ඇත්තටම යෝජිත විවාහයක තියෙන ආතල්ම කෑල්ල කියලා කියන එක නිවැරදියි අපි හිතන්නේ. දැන් ඔන්න යෝජනාවක් ඇවිල්ලා දෙපැත්තේම අය කියනවනේ දැන අඳුනගෙන බලන්න කියලා. කෙනෙක්ට හිත ගිහිල්ලා දැන අඳුනා ගන්නවට වැඩියේ මේකේ වෙනම ආතල් එකක් තියෙනවා. මුලින් මුලින් කතා කරන්න ලැජ්ජයි. ඉන් පස්සේ හෙමිහිට යාලු පිට් එක වැඩි වෙනවා. ටිකෙන් ටික තමයි ගමන යන්නේ. ගොඩක් දුරට තමන්ට විවාහ වෙන්න හැකියාව තියෙන කෙනෙක්ව මුල ඉඳලම අඳුනගන්න එක, හෙමිහිට හෙමිහිට ආදරේ වැඩෙන්න ඉඩ දෙන එක මාරයි කියලා යෝජිත විවාහයකින් කසාද බැඳලා දැන් ආතල් එකේ ඉන්න අය කියයි.
4. කොහෙවත් යන්න කාගෙන්වත් ලයිසන් ඕන නෑ!
දැන් හිතන්න අපි කෙල්ලෙක්ව හරි කොල්ලෙක්ව හරි අඳුනගෙන, ලව් එකක් ඇතිවෙලා, අමාරුවෙන් හරි සෙට් කරගත්තට පස්සේ දෙන්නට කොහේ හරි යන්න තියෙන අමාරුව. ගෙදරට තාම ලව් එක ගැන කියලා නැතිනම් ප්‍රශ්නේ අතිශයින්ම දරුණුයි. විශේෂයෙන්ම ගෙදර අය නොවුණත්, අහල පහල උන්දෑ කෙනෙක්ගේ රබර් ඇහැට හරි අහුවෙන්න පුළුවන්. එතකොට ඉතින් ගෙදර එනකොටම රොයිටර් නිව්ස් එක ඇවිත් ‘කෙලී සැවෝයි එක ගාව කොල්ලෙක් එක්ක මුකුළු කර කර හිටියා’ කියලා. හැබැයි ඉතින් මංගල යෝජනාවකින් දැන අඳුනගෙන ඉන්න දෙන්නෙක් ගැන අම්මලා තාත්තලා තියා අහල පහල උන්දැලාවත් ඒ තරම් වපර ඇහැකින් බලන්නෙ නෑ. මොකද මංගල යෝජනාවකින් අඳුනගන්නවා කියන එකේ තියෙනවනේ ලව් එකෙන් අඳුනගන්නවා කියන එකට වඩා සීරියස් කමක් සහ ෂුවර් එකක්. ආන්න ඒකයි!
5. වෙඩිමට මැරෙන්න වෙන්නෑ
මේක නම් ඉතින් මාරම ආතල් එකක් නෙවෙයි. හැබැයි ඔය අම්මලා තාත්තලා ඇරේන්ජ් කරපු මැරේජ් එකකදී වෙඩිමේ බරෙන් සෑහෙන කොටසකුත් ඒ අයම අදිනවා කියන එක දැකලා නැද්ද? මේක සියේට සීයක් හරි නොවෙන්න පුළුවන්. හැබැයි ඉතින් වෙඩිමක් ගන්නවා කියන යම යුද්දේ සලකලා බලනකොට, තමන් හොයාගෙන ලව් කරලා බඳින්න යන දෙන්නෙක්ට වෙඩිමේ බර අදින්න වෙන ප්‍රමාණයෙන් සියේට දහයක් පහළොවක් හරි යෝජිත විවාහෙකින් බඳින්න යන දෙන්නෙක්ගේ දෙපාර්ශවයෙන් කරට ගන්නවා කියන්නෙම අප්‍රමාණ ආතල් එකක්!
6. අලුත් කපල් එකක ආතල් එක මෙහෙමයි!
දැන් ලව් කරලා කසාද බඳින එක සාමාන්‍යයෙන් වෙන්නේ සෑහෙන කාලයක් ලව් එක ඇදගෙන ගියාට පස්සෙනේ. හැබැයි ඔය යෝජිත විවාහයක තියෙන එක ගුණයක් තමයි ඉතාම ඉක්මනින් වෙඩිම ගන්න එක. දෙන්නට දැන අඳුන ගන්න කියලා අවුරුදු ගණන් ඕක කල් දදා තියෙන්නෙ නෑ. එතකොට ඔය අවුරුදු ගණන් ලව් කරන කපල් එකක් කසාද බඳිනකොටම දෙන්නට දෙන්නා හෙනටම හුරු වෙලා, ලව් එකේ ෆ්‍රෙෂ් එක ගිහින්. එහෙම නැතුව හැමදාමත් අලුත් පිට වගේ ලව් එකේ ඉන්නේ එහෙමත් කපල් එකක් තමයි. හැබැයි යෝජිත විවාහයකදී දෙන්නා කසාදෙට එන්ටර් වෙන්නේ අර ලව් එක දළුදාගෙන එන කාලෙදීම තමයි. ඉතින් කසාදෙන් පස්සෙත් කුරුල්ලයි කිරිල්ලියි වගේ ෆුල් ආතල් එකේ ඉන්න පුළුවන්!
7. වැරදුනොත්, වැරදිකාරයෝ අපි නෙවෙයි!
මේක නං ඉතින් ආතල් එකක්ම කියන්න බෑ. මොකද අපි ප්‍රාර්ථනා කරන්නේ ඕනම විවාහයක් හැමදාම හොඳින් පවතින්න කියලා මිසක් මගින් හැරෙන්න කියලා නෙවෙයි. හැබැයි ඉතින් බැරිවෙලාම හරි විවාහ ජීවිතේ හැලහැප්පීම් ඇති වුනොත් දෙන්නට දෙන්නා දැනගන්න ඕන ඒවා විසඳගෙන, ලව් එකත් තියාගෙන ජීවිතේ ගාණට ට්‍රැක් එකට ගන්න. හැබැයි ඉතින් එහෙම වෙලාවක අපිට අම්මලා තාත්තලාගෙන් “උඹ හොයාගත්තු මිනිහනේ/ගෑණිනේ” වගේ කතන්දර අහන්න ඕන නෑ. ඒ වෙනුවට “ඕන්න අම්මලා එකතුවෙලා හොයල දීපු එක” කියලා ඒ අයගේ පිටේම තියලා ඒක කපලා, ගෙදර ඇවිත් මිනිහා හරි ගෑණි හරි එක්ක ප්‍රශ්න අමතක කරලා ආතල් එකේ ඉන්න පුළුවන්!
Leave a Reply