කොල්ලෙක් හිතූ තරං ඉක්මනින් තමුන්ට සෙට් වෙන ලවු එක ගැන ගෙදරට කියන්නෙ නැහැනෙ. ඊට පස්සෙ ගෙදරින් ඕකට අත ගහලා වැඩේ වකූර් වෙන විත්තිය උන් දන්නවා. එනිසා මේං තමුන්ගෙ ජීවන සහකාරිය යැයි කියා සපථ කළ හැකි කෙලි පොඩ්ඩියෙක්ව ගොඩදාගෙන ඒ ගැන ගෙදරට කියද්දි සමහරවිට ගෙදරින් ලවු ගැන හොයනවා වෙන්න පුළුවන්. සමහර විට මේ ගැන ගෙදරට කියන්න ඔයා කලින් වැඩි වෙන්න පුළුවන්. ඒ කොහොම වුනත් අම්මලා ආසා කරන පන්නෙට ගෙදරට ලවු එක ගැන කියන්න ඔයාට මේ ක්රම පාවිච්චි කරන්න පුළුවන්.
1. පොත දෙන්න එන ගෑණු ළමයා

Source – mojly.com
දැන් ඉතිං ලංකාවෙ කොල්ලො කෙල්ලොන්ගෙ හැටියට ඉගෙනගන්න එක නතර වෙන්නෙ නැහැනෙ. ඒක නතර වෙන්නෙ රිටයර් වෙන්න අවුරුදු දෙකක් විතර තියලයි. ඒ කොහොම වුනත් අම්මලා හරියට කැමතියි ඉගෙනගන්න දෝනියැන්දලට. අන්න ඒ අනුහසින් තමයි මහත්තයො මෙයාව අපි ගෙට ගේන්නෙ. අනපේක්ෂිත ලෙස කොල්ලා ඔෆිස් එකේ ඉඳන් අම්මට කියනව ලෙක්චර් නෝට්ස් ඉල්ලගෙන යන්න යාළුවෙක් ඒවි එයාට පොත දෙන්න කියල. ඔන්න බැලින්නං ගේට්ටුවට තට්ටු කරන්නෙ දැරිවියෙක් නිසා අම්ම ෆුල් අවුට්. අම්මට තේරෙනව මුලින්ම මෙතන කොස්සක්. කොල්ලෙක් කොහොමත් පොතක් දෙන්න හරි කෙල්ලෙක් අම්මට මූට්ටු කරන්නෙ නැහැනෙ. අන්න එතන ඉඳන් නැන්දම්මාගේ හොඳ හිත ගන්න ඉදිරියට ගේම ගහන එක කෙල්ල සතු වගකීමක්.
2. අම්මට තියපු ලියුමක්

Source – videoblocks.com
අම්මගෙ අතට අහුවෙන්න පොඩි කේන්ති නෝටිස් එකක් තියන්න පුළුවන්නං වැඩේ ගොඩ. ලියුම ලියවෙන්න ඕන මෙහෙමයි. ඇයි ඔයා කවදාවත් මං කියන දේ අහන්නෙ නැත්තෙ? අඩුම තරමෙ අම්ම කියන දේවත්. රෑ තිස්සට රස්තියාදු ගහනව, සිගරට් බොනවා, ගාණකට යාළුවො එක්ක සෙට් වුනාට මං මොකුත් කියන්නෙ නැහැනෙ. අම්ම පවු! රෑ වෙනකං ඔයාට උයාගෙන බලං ඉන්නව. ඔන්න ඔය ටයිප් එකෙන් ලියපු ලියුම අම්ම අතට අහු වුනාම අම්මට එනව හැඬුම් කඳුළු. බැන්දට පස්සෙ කොච්චර වලි දාගත්තත් පුතාට ගැලපෙනම ගෑණු ළමය තමයි මේ කියල අම්ම තීරණය කරනවා. අම්ම තීරණය කරාට පස්සෙ ඉතිං තාත්තට තියෙන්නෙ ඔලුව වනන්න විතරයිනෙ. අම්ම එතනිං එහා පුතාට වචනෙ දාලා ගේම ගොඩ දායි.
3. සර්ප්රයිස් කෝල්

Source – greatist.com
සාලෙදි එන කෝල් එකකින් සර්ප්රයිස් වෙන්න. බිවුවෙ නෑ කියලා දහ අතේ දිවුරන්න. ඊට පස්සෙ යන්න එළියට. එළියට වෙලා ටිකක් ඉන්න. ඔන්න ඊට පස්සෙ අම්ම පටන් ගනියි දේශනාව. වෙන මොකකටවත් නෙමෙයි. බිවුව කියලයි දේශනාව පටන් ගන්නෙ. ඒ කියන්නෙ අම්ම කතාව ගැන කන්සර්න්. එයාගෙ බැණුම් ටික අහගෙන ඉන්න. අවසානයේ එයා අහයි කඩයිම් ප්රශ්නෙ. කවුද ඒ කෝල් කළේ? ඔන්න ඕකෙන් මහත්තයො ඔයාට පුළුවන් එයා ගැන සියළු විස්තර මවු හමුවේ තබා එයාව තමුන්ට කරකාර බැන්දවීමේ වගකීම මවුට භාරදෙන්න.
4. දැනගන්නයි කියන්නේ

Source – youtube.com
ඩයල් එකක් දම්මලා කෝල් දෙවවන්න. ඔන්න කෙල්ලෙක් එක්ක රවුං ගහන්න පටන් අරගෙන. ඔය විදියට දෙන්න එක්ක එහෙ මෙහෙ ගියොත් නං වැඩේ දෙල් වෙයි වගේ දෙයක්. අම්ම මුලින්ම පුතාව ඩිෆෙන්ඩ් කරයි. හැබැයි ඔය කතා ඔක්කොම ටික අහගෙන, ඒ ටික මතකයේ තියාගෙන ප්රොසෙස් කරලා, ඒවට ගෙදර සිදුවුණු සිදුවීම් සහ අවස්ථා සම්බන්ධ එකතු කරලා, ඔයාගෙන් අහන්න බලාගෙන ඉන්නව. අන්න ඒ මොහොතට සාර්ථකව පිළිතුරු දී නිසි ලෙස ජයගැනීම පුත ඔබ සතු වගකීමකි.
5. ඩෝං!

Source – srilankamirror.com
කෙලින්ම පත්තු කරන්න. ගෙදර අරං එන්න. අම්මටයි තාත්තටයි කලින් දවසෙම ගෙදර ඉන්න කියන්න. යාලුවෙකුට ගෙදර එන්න ඕන කිවුව කියන්න. කෙල්ලව අරං එන්න. එදා ඉඳන් ඒ දෙන්නම කටටම උත්තරේ දීලා හාද හාද? කියලා අහයි. අන්න ඒකට සුවච කීකරු පුතෙක් විදියට හා කියන්න. කෙල්ලට නැන්දම්මට අම්ම කියන්න, තාත්තාට තාත්ත කියන්න ප්රැක්ටිස් කරවන්න. යද්දි වඳින්න, කකුල් පිළිවෙලකට තියාගන්න, කටට අත තියලා හිනාවෙන්න… මේ ඔක්කොම ප්රැක්ටිස් කරවන්න.
6. නව රිද්ම

Source – videoblocks.com
අපි මේ කියන්නෙ සුනිල් එදිරිසිංහ මහත්තයා ගහපු කැසට් එකේ නම නෙමෙයි. ඔයාගෙ රිදම් එක වෙනස් කරන්න. සැහැල්ලු, වගකිවයුතු මිනිහෙක් විදියට පෙන්නන්න ගන්න. කොලු කාලෙ තක්කඩිකං, රස්තියාදු අඩු කරලා ඉස්සරහා ගැන වගකීමෙන් හිතන පිරිමියෙක් බව පෙන්වන්න. එහෙ මෙහෙ යන එක අඩු කරන්න. සැළකිය යුතු ලෙසින් අඩු කරන්න. පිළිවෙළට අඳින්න. බොන කන දෙයක් වුනත් ගෙදරට නොතේරෙන්න ඔකේෂනලි සිද්ධ කරන්න. ඔන්න එතකොට අම්මලටම තේරේවි මූ වෙන පොටකට පැනලා විත්තිය.
7. වහෙන් ඔරෝ

Source – youtube.com
අම්මට බත් එක දෙන්නෙකුට හරියන්න බඳින්න කියන්න. කෙල්ලෙකුට අරං දෙන්න තෑග්ගක් අහන්න. සාක්කුවෙ ගෑණු ලේන්සුවක් දාගෙන එන්න. බොරුවට හිනාවෙවී ෆෝන් එක දිහා බලන්න. අම්ම එතනින් හිතාගන්න ඕන ටික හිතාගෙන බෙල්ල මුලටම හිර කරලා ප්රශ්න අහද්දි, ඔන්න අම්මෙ තාත්තට එහෙම කියන්නෙපා කියලා දෙබස පටන්ගන්න. අම්මගෙ ඉහේ මලක් පිපේවි
Cover Image Source – Youtube.com
Leave a Reply