දැක්කම නොකා බැරිවෙන චයිනීස් කෑම ටිකක් අරගෙනයි අද ආවේ. රට රටවල් වල උයන ක්‍රම, දාන රසකාරක වෙනස් උනාම වෙනස් රස වලින් අපිට කෑම රස විඳින්න පුළුවන්. ඒ රටවල් වල දාන දේවල්ම නැති උනත් ආදේශක පාවිච්චි කරලා අපිට ඒ රසටම හදාගන්න පුළුවන්. අද අපි ගෙනාවේ චයිනීස් විදියට හදන එළවළු ටිකක්. අපි හැමදාම එකම විදියට හදන් කන මේ එළවළු ටික චයිනීස් විදියට හදලා රස බලලා අපිටත් කියන්න එහෙනම්.
1. චයිනීස් ක්‍රමයට වම්බටු
අවශ්‍ය ද්‍රව්‍ය
- දික් අතට කපාගත් වම්බටු කරල් 3
- තෙල් ස්වල්පයක්
- චොප්කරගත් ඉදුණු මිරිස් කරල් 4
- ඉඟුරු, සුදුළූණු පේස්ට් තේ හැඳි 1
- චොප්කරගත් ළූණු කොළ ස්වල්පයක්
- සෝයාසෝස් මේස හැඳි 2
- විනාකිරි මේස හැඳි 1
- සීනි තේ හැඳි 2
- පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න. ඒකට කපාගත් වම්බටු ටික දාලා ස්ටර් ෆ්‍රයි කරගන්න.
- වම්බටු ටික පෑන් එකේ අයිනකට කරල ඒ පෑන් එකටම තව තෙල් ටිකක් දාලා චොප්කරගත් ළූණු කොළ, මිරිස් හා ඉඟුරු, සුදුළූණු පේස්ට් එක දාගන්න.
- හොඳට කලවම් කරලා සෝයාසෝස් හා විනාකිරි ටික දාගන්න. ටිකකින් සීනි ටික දාලා හොඳට කලවම් කරගන්න. වම්බටු ටිකත් මේ ටිකටම කලවම් කරගෙන ටිකකින් ලිප නිවාගන්න.
2. චයිනීස් ක්‍රමයට බණ්ඩක්කා (Garlic Stir Fried Okra)
අවශ්‍ය ද්‍රව්‍ය
- ඔලිව්තෙල් මේස හැඳි 2
- සුදුළූණු බික් 5
- ලපටි බණ්ඩක්කා කරල් 5 පමණ
- ලුණු ස්වල්පයක්
- ඔයිස්ටර් සෝස් මේස හැඳි 1
- තල තෙල් තේ හැඳි 1
- භාජනයකට වතුර ටිකක් දාලා ලුණු ටිකක් දාලා කපාගත් බණ්ඩක්කා ටික දාලා විනාඩි 2ක් තම්බගන්න.
- වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් සුදුළූණු ටික දාගන්න. දැන් මේකට තම්බලා පෙරාගත්ත බණ්ඩක්කා ටික දාලා හොඳට කලවම් කරගන්න.
- රස අනුව ලුණු දාලා ඔයිස්ටර් සෝස් දාලා විනාඩි 2ක් හොඳට කලවම් කරමින් පිසගන්න. අන්තිමට තල තෙල් ටික දාලා කලවම් කරලා තප්පර 30කින් විතර ලිප නිවාගන්න.
3. චයිනීස් ස්ටයිල් කැබේජ්
අවශ්‍ය ද්‍රව්‍ය
- චයිනීස් කැබේජ් ගෙඩි 1 (සාමාන්‍ය ගෝවා ගෙඩියක් උනත් ගන්න පුළුවන්)
- එළවළු තෙල් ස්වල්පයක්
- චොප්කරගත් සුදුළූණු බික් 3
- කොටුවට කපාගත් කැරට් අල 1
- ඔයිස්ටර් සෝස් මේස හැඳි 1
- සෝයා සෝස් තේ හැඳි 2
- කෝන්ෆ්ලා තේ හැඳි 1
- තල තෙල් තේ හැඳි 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- ගෝවා තරමක කෑලි කපාගන්න. පෑන් එකක් ලිපේ තියලා තරමක් ගින්දර වැඩි කරගන්න. තෙල් ටික දාගන්න. තෙල් රත් වෙනකොට මේකට ගෝවා හා කැරට් ටික දාලා විනාඩි 4ක් ෆ්‍රයි කරගන්න.
- ඒකට ඔයිස්ටර් සෝස්, සෝයාසෝස් එකතු කරලා චොප්කරගත් සුදුළූණු ටික දාගන්න. කෝන්ෆ්ලා වතුර මේස හැඳි 1ක දිය කරලා මේකට එකතු කරන්න. ටිකකින් තික් සෝස් එකක් හැදෙයි.
- ඒකට තල තෙල් ටික දාලා කලවම් කරලා ටිකකින් ලිප නිවාගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න.
4. පෑන් ෆ්‍රයිඩ් චයිනීස් පම්කින් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- පොතු ඉවත් කල වට්ටක්කා ග්‍රෑම් 250
- සීනි ග්‍රෑම් 40
- හාල්පිටි ග්‍රෑම් 120
- සුදු තල ඇට කෝප්ප 1
- තෙල් ස්වල්පයක්
- වට්ටක්කා ටික පෙති කපාගෙන ස්ටීම් කරගන්න. හොඳට ස්ටීම් උනාම සීනි ටික දාලා වට්ටක්කා පොඩි කරගන්න. ඒකට හාල්පිටි එකතු කරන්න. හොඳට කලවම් කරලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
- දැන් මේක හොඳට අනාගෙන පොඩි බෝල හදලා අතින් පැතලි කරගන්න. පැතලි කරගත් බෝල දෙපැත්තෙම තල ඇට තවරගන්න.
- පෑන් එකට තෙල් ටිකක් දාලා මේ කේක් ටික ගෝල්ඩන් බ්‍රවුන් වෙනකල් දෙපැත්තම බැදගන්න.
5. චයිනීස් මික්ස් වෙජි කරි
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් බේබි කෝන් 3-4
- කපාගත් ගෝවාමල් කෝප්ප 1
- කපාගත් කැරට් කෝප්ප 1
- කපාගත් බෝංචි කරල් 4-5
- කපාගත් බ්රොකොලි කෝප්ප 1
- කපාගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් සුදුළූණු බික් 10
- වියළි මිරිස් කරල් 2
- මී පැණි තේ හැඳි 1
- සෝයාසෝස් මේස හැඳි 1
- කෝන්ෆ්ලා මේස හැඳි 2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- චොප්කරගත් ළූණු කොළ ස්වල්පයක්
- බ්රොකොලි හා කෝලිෆ්ලවර් ටික ලුණු හා කහකුඩු ටිකක් දාලා වතුර දාලා විනාඩි 4ක් තම්බගන්න.
- වතුර කෝප්ප 1/2ක් අරගෙන ඒකට කෝන්ෆ්ලා, මී පැණි හා සෝයාසෝස් දාලා කලවම් කරලා සෝස් එක හදාගන්න.
- පෑන් එකකට තෙල් ටිකක් දාලා ළූණු, සුදුළූණු හා වියළි මිරිස් එකතු කරන් තෙම්පරාදු කරගන්න. දැන් මේකට එළවළු ඔක්කොම දාලා වතුර ටිකක් දාලා ලුණු ටිකක් දාගන්න.
- එළවළු තැම්බෙනකල් වහලා පිසගන්න. ගම්මිරිස්කුඩු ටිකක් ඉසගන්න. දැන් හදාගත්තු සෝස් එක දාලා කලවම් කරන ගමන් මද ගින්නෙ විනාඩි 3ක් පිසගන්න. උඩින් කපාගත් ළූණු කොළ ටික දාගන්න. ලිපෙන් බාගෙන රස අනුව ලුණු තව අවශ්‍ය නම් එකතු කරගන්න.
Leave a Reply